ep 15

1.2K 178 12
                                    

Episod 15
හැමතැනම පුදුම නිශ්ශබ්ද බවක්
ඉදලා හිටලා කෑගහන ලේනෙක් ගිරා මලිත්තෙක් ඇරුනාම හැමදේම මරනීය නිශ්ශබ්දතාවක ගිලිලා වගේ
පාසල් දවස්ස්කට එහේමෙහේ දුවන සුදු ඇදුම් සිය ගනනක් නැතුව ඉස්කෝලේ පාලු සුසානබූමියක් වගේ
පන්සලක් සන්සුන්ව තියෙද්දි එතැන අමුතු ලස්ස්නක් ශාන්තගතියක් තියෙනවා
ඒත් පාසැලක් නිහඩව තියෙද්දි දැනේනේ පාලු මූසල ගතියක්
නිවාඩු දවසේ කන්ද උඩ ඉස්කෝලෙ ඇතුල්වෙන තැනම පුටාර් එක නැවැත්තුවොත් කන්ද පහල ඉන්න අයටත් පේනවා කවුරු හරි ඉස්කෝලෙ ඉන්න බව
ඒ නිසා මම රුකත්තන මල් පදුරු අතරෙ බයිසිකලේ හැන්ගුවා
නමයයි වෙලාව හරියටම
නිල් පාට යකඩ බන්කු පිරිච්ච් 12A2 පන්තියට ඇතුල් උනා
දකුනු අත පැත්තේ 4 වෙනි පේලියේ තුන් එනි ඩෙස්ක් එක
අර ලොකුවට රතු පෑනෙන් S+V කියලා ගහපු එක් තමයි

කට්ටිය හිතන්නේ ඒ සච්නි + විනෝද් කියලා
ඇත්තටම ඒ සචිනි නෙමයි ඒ සූකිරි
පරිසමට බැලුවොත් එහෙන් මෙහෙන් ලියපු සින්දු කෑලි ආදර වැකි කුනුහරුප දෙක තුනකුත් හොයාගන්න පුලුවන්
ඒ මේසේ උඩ වෙනදා නැති විශේශයක් රතුපාට පීත්තපටියකින් බැදපු අලුපාට පෙට්ටියක්
ආ...මේකයි මගේ තෑග්ග වැඩිය ලොකු නෑනේ
මම වටපිට බැලුවේ සූකිරි කොහෙද හෙන්ගිලා ඉන්නේ කියලා දැනගන්න
ඒයි ඒයි ඒයි ...සූකිරි සූකිරි සූකිරි
මම කෑගහපු වචනම දෝන්කාර දීලා මටම ඇහුනා තුන් හතර පාරක්
මම කැමති අනෙම් දේ පාලු ඉස්කෝලවල කටහඩවල් දෝන්කාරදෙනවා හොල්මන් වගේ

සෙනග ඉන්නදාට ශබ්ද කම්පන තරන්ගා එයාලගේ ඇගේ වැදිලා ඒවට උරාගන්න නිසා දෝන්කාරේ ඇහෙන්නෑ
ඒත් නිවාඩු දවසට හිස් අවකාශය දිගේ යන ශබ්ද තරන්ග බිත්තිවල හැපිලා දෝන්කාර දෙනවා
සූකිරියා තෑග්ග දාලා ගිහින්ද....... පිම්පියා...මම එනකන් ඉන්න එපැයි...තෑග්ගට වඩා ඕනි උනේ සුදු මූන බලලා ටිකක් කතාකරලා යන්න
ගිෆ්ට් බොක්ස් එක බැලුවාම ඒ කෙ ගහලා තියෙනවා ....ඇරලා බලන්න දැම්ම ආසාහිතෙයි.....
අනේ පකෝ ආසා වෙන්නම වැඩේ
මම රැපින් පේපර් කඩලා බැලුවා ලොකු පෙට්ටියක් ඇතුලේ පොඩි පෙට්ටියක්
මුදක්වත්ද?
පොඩි පෙට්ටියේ චිට් එකක්
මැරිච්ච නිල්පාට පිලිහුඩුවයි කහකුරුලයි වහපු තැන කියපු රහස් සැගවිලා

HatharawaramWhere stories live. Discover now