ep 131

764 103 7
                                    

Ep 131
"ඒක ලේ පැල්ලමක්"
"කොයි වෙලේද මේක උනේ?"
"අනේ දන්නෙ නෑ තත්තී....වෙහිකල් එකේ එද්දි බඩ රිදුනා....බහින කොට පෑන්ටිය තෙතයි වගේ දැනුනා"
"අනේ මන්දා මොනවා කරන්නද කියලා....ශිට් අදම ඩ්‍රයිවර් එක්ක ඔයාව යවන්න උනනේ....ඕනෙම වෙලාවෙ ආයත් නෑ ආච්චිත් නෑ...ශික් ...."
මාව හොදටම පැනික් වෙලා මොනව කරනන්ද මන්දා
අම්මා කෙනෙක් නැතුව දුවෙක් හදන තාත්තා කෙනෙක් ගොඩක් ම අසර්ණ වෙන වෙලාව
දූ අට වසරට පාස් උනා විතරයි
මට මීට වඩා හිතන්න තිබුනා
අඩුම ගානෙ අම්මගෙන් මුකුත් අහගත්තෙත් නෑ

මොනවද කරනෙනෙ ...ඇදුම් ගලවනවාද...ඔහොම තියනවද
නාවනවද එපාද?...ඕවයෙ චාරිත්‍ර ගොඩක් තියෙනවා
අම්මට කෝල් එකක් දෙන්න ඕනි
"මොකද්ද අම්මේ හදිස්සියක් උනාම ෆෝන් එක ගන්න මෙච්චර ලේට් වෙන්නේ"
"මම් දන්නවද උබ හදිස්සිවෙලා කතා කරන්වද නැද්ද කියලා..මේ නාකි මට ලේසි නෑ දැන් දුවලා පැනලා ඇවිදින්න..වැටිලා කොන්ද කැඩුනොත් නොකම්ම උබලට බරක්...""
"අනේ අම්මේ විකාර කියවන්න එපා...මම ලොකු ප්‍රශෙනක"
"මොකෝ උබේ ගේ ගිනි අරන්ද?"
"අම්මේ ...දෝනි ලොකු ලමයෙක් වෙලා මම හිතන්නේ....නැත්තන් වෙන ලෙඩක්ද මන්දා...ගවුමෙ ලේ පැල්ලමක්"

""ඔහේ පලයන් මේ අල්ල පනල්ලෙ මේකි මල්වර උනාද?...අද ආයත් නෑනෙ...ගෙදර ගෑනු පුලුටක් නෑ...මම ආවත් පැයක් 6ක් වත් යනවනේ...අනේ ද කියන්නේ...පිරිමි උබලා මේ දූලා හදන්න යනවා ...බලපන්කෝ දැන්...මේකි පිරිමි විතරක් ඉන්න ගෙදරක""
"අනේ අම්මේ දෝනි හැමදාම මේ ගෙදර හිටියේ...කිසි ප්‍රශනයක් උනාද මේ බොරුවට කෑගහන්න එපා"
"වෙනද වගේ ද පොල් බූරුවො අද?....දැන් කෝ කෙල්ල"
"මට මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ...මම කාමරේට යන්න කියුවා...ඇදුම් ගලවනවද නැද්ද...නාවන්න ඕනෙද ...මොනවද කරන්න ඕනි "
"ආඅ...දැන් කෙල්ල තනියෙම කාමරේ...බූරුවො මේ වෙලාවෙ කෙල්ල තනි කරනවද?...යකඩයක්වත් අතට දුන්නද?..."
"ඒ මොකටද?"

"කෙල්ලට පෙරේත බැල්මක් වත් වැටුනොත්...දැන් ඉක්මන් කරපන්...දෝනිගෙ කාමරේට පාලයන්කෝ...ආඅ ඒත් අනේ මන්දා බන් පිරිමියෙක් එක්ක කෙල්ල තනියෙම තියන්නත් හොද නෑ"
"මොකද්ද අම්මේ පිරිමියෙක් කියන්නේ මම දූගෙ තාත්තා...මට වැඩිය කවුද දූගෙ ආරක්ශාවට හරියන්නේ"
"ඔවූ බන් ඒ වෙන වෙලාවටනේ...මේ වෙලාවෙදි උබත් පිරිමියෙක් තමයි....කමක් නෑ කෙල්ල තනියෙම තියෙනවට වඩා උබවත් ඉන්න එක හොදයි...කෙල්ලගෙ අතට යකඩයක් දීපන්"
"අපේ ගෙදර යකඩ හොයන්න පුලුවන්ද මන්ද ස්ටේලස් ස්ටීල් හැන්දක් දෙන්නද?"
"එපා එපා...සුදු යකඩ දිලි සෙන ඒවා "

HatharawaramWhere stories live. Discover now