ep 02

2.1K 318 67
                                    

2nd  episod
මේක රියල් මෝඩ්ඩයො හතර දෙනෙක් ගෙ කතාවක්.....
ම්ම්ම්ම්...සමහරවිට හතරදෙනාම මෝඩයෝ කියන්නත් පුලුවන්
වැදලා කියන්නම් කතාව යන්නම කලින් මොනවිදියෙ කතාවක්ද මගේ කතාව කියලා හිතන්න එපා
ඉපදිච්ච නැති දරුවන්ට කේන්දර හදන්න යන්නා එපා ඕඕඕඔ
මුල හරියෙ පොඩි විස්තර ටිකක් වැඩී
බෝරින් කිය කිය වැලපෙන්න නම හදන්න එපා
මොකද පිච් එක හරියට හදන්නේ නැතුව මැච් එක හරියට ගහන්න බෑ
මුලදිම මම අපි හතරදෙනා ම කවුද කියලා හරියටම කියන්නම්

මට ඇමනිච්ච මේ මෝඩයෝ තුන්දෙනාගෙන් මට ටිකක් හරි ෆිට් එකා..... ඩස්පියා
ඩස්පියා අපේ පන්තියෙ හිටපු විසාලම එකා
ඕන වලියකදි රයිනෝ සිරස් වගේ ඉස්සරහටම දාන්නේ මූ
පින්ගොනා වගේ හොදට ගුටිකන්න මූට පුලුවන්
ජීවිතේ දුකයි ගලන්නේ කදුලු බිදු තමයි
වෙන එකෙක් උනා නම් හූ තියලා අඩන්න ඕන සිටුවේශන් එකක් මුගේ පවුලෙ තිබුනෙ
ඒත් මූ හැම කෙලවීමක හොදම කොටස ගැන විතරක් හිතපු නිසා
නැවගිලුනත් බෑන් චූන් වගේ කොයි වෙලෙත් ෆන් එකේ හිටියේ
තාත්තා බහුදින ධීවරයෙක්...ඒ කියන්නේ මාසෙ එකහමාර මුහුදෙ ඉන්න
ටැන්කි බෝට්ටු යන මාලු කාරයෙක්
බෝට්ටුවත් එක්කම තාත්තව අතුරු දහන් උනේ අපි හයවසරෙ ඉද්දි

අපේ පන්තියෙ ටීචර්ස්ලා කම්මුලට අතතියන්
හනේ අප්පා නැති කොල්ලා කියල දුක් උනත්
ඩස්පියා හිතෙවෙ තාත්තා නැති එක හොදයි
දැන් බීලා ඇවිල්ලා ගෙදර වලන් පොඩි කරන්න කෙනෙක් නෑ කියපු එකයි
ආදායමක් නැති නිසා අම්මා රට ගියා
එයා එහේදි පකිස්තාන මිනිහෙක් එක්ක සෙට් වෙලාලු
ගියාට පස්සේම ආවේ නෑ
ඩස්පියාට ඒක ප්‍රශ්නයක් නෙමයි මාසෙ අන්තිමට ආච්චිගෙ පොතට හොද ගානක් වැටෙනවා අම්මගෙන්
මූව බලාගන්න හිටියෙ අද හෙට මැරෙයි කියලා හිතෙන තරමේ වයසක ආච්චි විතරයි
ඩස්පියා කොයිවෙලෙත් කල්පනා කරේ ආච්චිගෙ තන්ගල්ලෙ බැන්කුව කඩලා කීයක් හරි අතේ ගුලිකරග්න්නේ කොහොමද කියන එකයි

ඩස්පියා කියලා නම වැටුනෙ නම් ඩස්පින් එකක් වගේ කුනු ගොඩක් නිසා
මොන සුදු ඇදුම අලුතෙන් ඇන්දුවත් පැයක් යන්න කලින් කලු දුබුරු පාට කරගන්නවා මූ
දවස් ගානක් හෝදන්නේ නැතුව අදින ඇදුම් වල කලු දුබුරු පාට ඉ රි කොලර් එක පුරා
මුලු කලිසම පුරාම කලු ත්ති තිත් පුස් පිරිලා
ඇදුම් කලු උනාට අපේ උන්ගෙන් හිත සුදුම එකා මූ
කාට කරදරයක් උනත් බැහැලම උදවු කරනවා
කීයක් හරි අතේ තියේනම් පන්තියෙ ඉන්න කෙල්ලො කොල්ලො ඔක්කොටම අයිස් අරන් දෙන්වා ස්කෝලෙ ලග පෙට්ටි කඩෙන්
මගේ පුටාර් එකේ අල්ලපු එල් ඊඩී බල්බ් වල සම්පූර්න බර පැන දරලා කරාපු ආලෝක පූජාව නිසා මම ඌට වැඩිපුර කැමති උනා

HatharawaramWhere stories live. Discover now