ep 36

802 144 1
                                    

Ep 36
ම්ල්ලී මේ ඔයාව මුම ගැහෙන්න කවුද ඇවිත්
මුලින්ම මම හිටපු කාමරේට ආවේ වයසක මනුස්සයෙක්
සුදු සරමයි ශර්ට් එකයි ඇදලා ගමක අහින්සක ගොවියෙක් වගේ මනුස්සයෙක්
අම්මෝ...මුන් පුතාට ගහලා තියෙන්නේ මරන්නමනේ
මම දැකලා ඒ අන්කල් කම්මුලේ අතගහගෙන බලන් ඉන්නවා
අන්කල් කවුද?
"අනේ පුතා මම ආවේ මේ අපේ මෝඩයා කරපු දේවල්වලට පුතාගෙන් සමාව ගන්න
ඒ එක්කම කාමරේට ආවේ බෝල්ට් "
මට දැකපු ගමන් ලොකු තරහක් ආවත් මම ඒක ඒ තරම් පෙන්නුවේ නෑ...අහින්සක තාත්තා ඉස්සරහා බෝල්ට් බනින්න මට හුතුනේ නෑ
"මල්ලී මට සමාවෙයන් උබට කරපුවට...ඒත් මම උබට ගහපු එක ගැනනම් කිසි දෙයක් දන්නේ නෑ"
මේ වගේ වෙලාවට මොනවිදියට ප්‍රතිචාර දක්වන්නද කියලා මම දන්නේ නෑ...කකුල් දෙක පනතිබුනනම් මම මෙතැනින් යනවා...ගිහාන් අයියාට ඕනෙ එකක් බෝල්ට්ලා එක්ක කතා කරගන්න කියලා...ඒත් දැන් මට මේකට මූන්දෙන්නම් එපැයි
"දැන් කතාකරලා වැඩක් නෑ....මට කොහොමත් ඔය ජරා රැග් එක දිරවන්නෙත් නෑ...මම අයෙ කැම්පස් එන්නේ නෑ...ප්‍රශ්නෙ ඉවරයිනේ"
"නෑ මල්ලී..උබ කැම්පස් නාවොත් තමයි ප්‍රශ්නේ....එකක් උබේ අද්‍යපනේ අපරාදෙ...අනික අනික...උබ නාවොත් මාව සස්පෙන්ඩ් කරයි කැමප්ස් එකෙන්"
"බලනකො පුතේ මේ නොසන්ඩාලයා කරගන්න දේවල්...අපි දහදුක් විදලා මුන්ව විශ්වවිද්‍යලෙ එවනවා...මුන් විකාර කරලා අහින්සක ලමයිනුත් අමාරුවෙ දාලා මුනුත් අමාරුවෙ වැටෙනවා"
"මල්ලියා....ඔයා පිලිගනීද මන්දා...මම කාටවත් කියුවෙ නෑ බන් උබට ගහන්න කියලා....ඔයත් දැක්කනේ මම හිටියේ කැන්ටිමේ ...මැඩම් එක්ක....මේක ඉ ල්ලන එක අසාදාරනයි....පුලුවන්නම් පැමිනිල්ල අයින් කරගනින් ...නැත්තන් මට ඩිග්‍රිය නැතුව ගෙදර යන්න වෙන්නේ...ගිය අවුරුද්දම මහන්සිවෙලා ගත්ත ක්ලාස් එකෙනුත් වැඩක් නැති වෙනවා"
"අනේ මන්දා...මට ඒව ගැන මුකුත් කියන්න දනෙනෙ නෑ...මම දන්නේ මට ආයේ කැම්පස් එන්න ඕනි නෑ කියන එක විතරයි"
"එහෙම කරන්න එපා මල්ලී...මම ආයෙ උබට රැග් කරන්නෙත් නෑ...කාටවත් රැග් කරන්න දෙන්නෙත් නෑ...මම බලාගන්නම් උබව බය නැතුව කැම්පස් වරෙන්කෝ"
මට එපා වෙනකන් කෙලවලා...අන්තිමේ ඌ අමාරුවෙ වැටුන නිසා බොරුවට මෙතැන බබාවගේ රගපානවා මට හිතෙනවා මූට බැනලා එලවන්න....ඒත් අර අහින්සක මනුස්සයා ඉස්සරහා මුකුත් කියන්න බෑනේ
මම් මගේ තරහා ලොකු කැස්සකින් පිටකරා

HatharawaramWhere stories live. Discover now