Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 95

656 101 3
By ShiranSuneth

Ep 95
අපේ තාප්පෙන් ඇතුලේ ලොකු රවුමක් වගේ සයිකල් ට්‍රැක් එකක් හැදුවේ එලියට යන්න බැරි දාට එක සයිස් එකට පදින්න
දැන් නම් පොඩ්ඩිත් එයාගෙ චූටි බයික්කෙ අරන් එනවා පැදගෙන අපේ පස්සෙන්

මම එක දිගට සයිකල් පැදලා පැය දෙකකට විතර පස්සේ ගෙට යනකොට චූටි දුව ඇහැ ඇරිලා සූකිරි එක්ක කෑම මේසේ ලග

කාමරේ ඔක්කොම තිතට ක්ලීන් කරලා...සූකිරි එයාගෙ බෑග් එකත් පැක් කරලා පැත්තකින් තියලා

රෑට කෑමත්න් ලෑස්තිකරලා...බොයිල් වෙජිටබල්...ටෝස්ට් පාන්...ඔම්ලට්...සොසේජස් බැදලා..වෝටර් මෙලන් ඩ්‍රින්ක්ස් හදලා රතු පාටට

"ඔන්න ආවා අපේ චීන පටස්...පොඩ්ඩ ඇත්තන් පිපිරෙනවා"

"තාත්තී මම අප්පච්චිට් පොරොන්දු උනා ඔයාව බලා ගන්න....මම උදේට ඔයට ජෑම් ගලා පාන් හදලා දෙන්නම්...දවල්ට මැගි නූඩ්ල්ස් කමූ....රෑට සීරියල් හරි සමපෝශ හරි....මම දැන් දන්නවා වොශින් මැශින් එකේ රෙදි හෝදන්න දන්නවා...සෝමා නැන්දි මට කියලා දුන්න්නා...මම් රෑට කවි කියලා තත්ති දොයි කරන්නම් හරිනේ"

මට දුවගේ කතාව අහලා හරියට දුකයි සතුටයි දැනුනා

ඇත්තටම එයා ලොකු වෙලා මාවයි සූකිරී හොදට බලා ගනී

"තත්තී ඔයා හොදට හිටියොත් මම සැටර්ඩේ මගේ කැටේ කඩලා ඔයාට අයිස්ක්‍රීම් අරන් දෙනවා"

"ම්ම්, මගේ දෝනි මාව මේ තරම් හොදට බලාගන්නවනම් මම් මේ අප්පච්චි තඩියව ගෙදරින් එලවලාම දාලා අපි දෙන්නා ජොලියෙ ඉන්නවා...දැන් අපිට අපේ ඉඩත් මදිවෙ ගෙන ඉන්නේ "

"ඒක හරියන්නේ නෑ තාත්තී අපිට අප්පච්චී තියාගන්න වෙනවා...මට තාම ඔයාගෙ රැවුල ශේවු කරන්නයි ටයි එක දාන්නයි තේරෙන්නෙ නෑ නෙ...ඒක මම ඉගන ගත්තාම අපි බලමු"

"හාඅ මරු ඩබල...තාත්තයි දුවයි එකතුවෙලා දැන් මාව එලවන්න හදන්නේ නේ...මම ඉන්දියාවෙ ගිහින් මහනවෙලා එහෙම ඉන්නවා...අනගාරික ධර්මපාල තුමා වගේ ...සිරි ස්වේතක ...දේව මිත්ත...හාමුදුරුවෝ...හොදයිනේ"

මම තම්බපු ලොකූ බ්‍රොකලී කෑල්ලක් සූකිරිගේ කටේ එබුවා ඇබයක් ගැහුවා වගේ එයට කතා කරගන්න බැරි වෙන්න

එයා බබ්බ්බ්බ් කිය කිය ගොලුවා වගේ කතා කරන්න හදනවා

මම තම්බපු ලොකූ බ්‍රොකලී කෑල්ලක් සූකිරිගේ කටේ එබුවා ඇබයක් ගැහුවා වගේ එයට කතා කරගන්න බැරි වෙන්න

එයා බබ්බ්බ්බ් කිය කිය ගොලුවා වගේ කතා කරන්න හදනවා

"ඕයි ...ඒකනම් පට්ට අසාධාරනයි අද කියලා අදම යන්නේ...දැන් මම ඔයා නැතුව සති දෙක්ක ඉන්න ඕනෙ මුකුත් නැතුව ...ඔයා එක පාරටම යනවා...ඉන්නවකෝ බාබාව එහෙට මෙහෙට වෙනකන්...මොනව හරි කරලා යන්න

කරන්න තියෙනවනම් ඔයත් එක්ක නවතිනවා මම හැමදාම...ඒත් ප්‍රශෙනේ මගේ ෆලෛට් එකට තව පැයදෙකයි

"හරි හරි තමුසේයනවකෝ...මම නම් වේලි වේලි ඉන්නේ නෑ....ග්‍රයින්ඩර් ඇප් එක තියෙනවනේ...මම ඩවුන් ලෝඩ් කරගෙන බලන්න ඕනේ දව්ස් දාහතරට දාහතර දෙනෙක් වත් හොයගන්න"

"ආආ...මිස්ට ඔයා ග්‍රයින්ඩර් ගැන දන්නේ මම කියපු නිසානේ...දැන් ඒකෙන්ම මට ගහන්න ලේස්තිවෙන්න එපා...මොනව උනත් මට ඔයා ශුවර්...මම දන්නවනේ මම ඔය දේවල් මොනව හරි කරත් ඔයා එහෙම දෙයක් කරන්නෙ නෑ...විශේශයෙන්ම දූ තනියෙම ඉද්දි"

"බූරුවා...මාව දාලා යන්නේ කිසිම ගනක් නැතුව"

සූකිරි මගේ තොල් දෙක වේගෙන් උරාගෙන උරාගෙන ගියේ දුව ෆෝනෙ එක ගේන්න සාලෙට ගිය ටිකට...

"උබ නැතුව ම්ටත් ඉන්න අමරුයි මචාන් .... නොකරම බැරි නිසා යන්නේ..සති දෙකක් ඉවසපන් මගෙ වස්තුව
මගෙ අමල් බිසෝ දොර අරින්නෙපා හොද පරිස්සමෙන් ඉදපන්
මම් දීපන්කරේ ලතැවුලෙන් ඉමී නුබ මෙහා ඉමේ තනියෙන් "

"බෑ අප්පච්චී තාත්තිට විතරක් රහසින් අමල් බිසෝ කතව කියලා දෙන්නේ මටත් කියන්න ඕනි"

සූකිරි මගේ නලලාට නලල තියාගෙන මගේ ඇස් දිහා ආදරෙන් බලාගෙන අමල්බිසෝගෙ සින්දුව කියනවා දුව දැක්කා

"".පුංචි පැංචි මට නම් දැන් හොදටම ලේට් වෙලා තියෙන්නෙ....කිට් එකක් දාගෙන එන්න...අපි වාහනේ එයාපෝට් යනගමන් කතාව කියන්නම්""

සූකිරිව අරගෙන අපි එයා පෝට් එකට යනකොට එයාගෙ ටීම් එකේ අනික් අය ඇවිත් තිබුනා...තවත් ඇමතිලා දෙතුන් දෙනෙක් ඇමති බිරියන් එක්ක ඇවිත් තිබුනේ

"මටත් වයිෆ් කෙනෙක් නැතුව හස්බන්ඩ් කෙනෙක් හිටියනම් හොදයි කියලා ...හිතෙනවා...පොඩ්ඩ ඇත්නම් මොනවා හරි කියලා බනින්න විතරයි අපේ වයිෆ්ලා දන්නේ...මේ වගේ කරන වැඩකට හෙල්ප් එකක් දෙන්න එයාලා දන්නෙ නෑනේ...විනෝද් මහත්තයා ..අපේ ගේ රයිට් ඇක්ට් එක ගොඩ දාන්න දීපු හෙල්ප් එක අපි හැමෝම කතාකරනවා...ඒකනම් නියම ගේමක් "

සූකිරි වෙන් වෙලා යන වෙලාවේ මට ලොකු ලිප් කිස් එකක් දීලා දුව වැන්දාම දුවවත් අල්ලගෙන ඉබලා ආයේ ආයේ මත් දූව පරිස්සමෙන් බලා ගන්න කියලා

"ඒයි මූන එල්ලන් ඉන්න ඔට්ටු නෑ...හරිද බෙයිබේ....ඔයා කම්මැලි කමෙන් ඉන්න එපා...මේ සති දෙකටම මම ඇති වෙන්න සර්ප්‍රයිස් සෙට් කරලා තියෙන්නේ ඔයාට සතුටු වෙන්න...කෝ හිනාවෙන්න...චූටී තාත්තිට කියන්න කෝ හිනාවෙන්න කියලා....ආආඅ හරි මම ආසම හිනාව..උම්මා උමම උමමා"

"අප්පච්චී" සූකිරි හැරිලා යන්න හදදි පොඩ්ඩි කෑ ගැහුවා

"මගේ පොඩ්ඩි මට යන්න දෙන්නෙම නෑ නේ" සූකිරි ආයෙම හැරිලා ආවා

"ආඅ...මෙයා ගෙනියන්න....මම් තාත්තිව බලා ගන්නවා...මෙයා අප්පච්චිව බලා ගනී" පොඩ්ඩි අතේ තුරුලුකරගෙන හිටපු පුන්න සෝමව සූකිරිට දික්කරා

සූකිරි උන්න සෝම වඩාගෙන ලොකු කිස්ස් එකක් දුන්නා

"මෙයා ගෙනිහින් දුව පාලුවෙන්නේ ඉන්නේ...මම සති දෙකෙන් එනවනේ...මෙයා දූ තියාගන්න...මම ඔයාලගැන නිතර මතක් කරන නිසා මට පාලු නෑ"

"නෑ අප්පච්චි ගෙනියන්න...මෙයාව...එයා ඔයා එක්ක කතාකරයි පාලු වෙලවට...අප්පච්චිව දොයි කරයි රෑට...අනික මෙයා ආසයිලු ප්ලේන් එකක් යන්න...මෙයාව ශීට් එකේ වාඩි කරාම සේෆ්ටි බෙල්ට් එක දාන්න වෙයි මෙයාට නිතරම ඒක අමතක වෙනවා" මම වඩාගෙන හිටපු දෝනී ගොඩක් වැදගත් රහසක් කියනවා වගේ චූටි අත් දෙකෙන් සූකිරිගෙ කන්දෙක බදාගෙන මුනු මුනු ගානවා

"හරි හරි සුට්ටන් බට්ටිත්තා මම පුන්න සෝම එක්ක යනවා...හැබැයි ඔයා දග නොකර තාත්තිව බලා ගන්න ඕනේ..එයාට නිකන් කල්පනා කර කර ඉන්න දෙන්න එපා....එයා කල්පනා කරනකොට දුක හිතිලා අඩනවා"

"හරී අප්පච්චී මම තාත්තිව හොදට බලගන්නම්"

"මම මොනවද මගේ පැන්චිට ගේන්නේ"

"මුකුත් එපා...ආඅ.... බැදපු කජු ගේන්න ...තත්තී ආසයිනේ"

සූකිරි හෑන්ඩ් ලැගේජ් එකක් අරගෙන නොපෙනී යනකන්ම අතවන වන යන හැටි දෙක්කාම මට මාර දුකක් හිතුනා

එයා නොපෙනී යන්න ගිහිල්ලා ආයේ දුවලා ඇවිත් චොකලට් පාර්සලයක් දුන්නා ඩියුටි ෆ්‍රේ එකෙන් අරගෙන

ඒක මල විකාරයක් වගේ
අනික් අයත් බලන් ඉන්න ඇති අපේ මල විකාර

අපි පිට වෙලා එන්න හදද්දී ඇමති බිරියන් කීප දෙනෙක්ම මම එක්ක ඇවිත් කතා කරලා දුවත් හුර්තල් කරලා ගියා...

"අනේ ස්වේතක ඇමති තුමාගෙ පුන්චි ෆැමිලි එක හරීම කියුට්...අපි බලන් හිටියේ ඔයාල ගෙ ආදරෙ..අපිටත් හියියනම් ඒවගේ කියුට් හස්බන්ඩ් කේනෙක්...කොච්චර රොමෑන්ටික්ද...මටනම් පිස්සු හැදෙනවා එයාගෙහිනාවට...ඔයයි දුවයි හරිම ලකී...ඒවගේම එයත් ලකී ඔයාවගේ හොට්ම හොට් හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න...මේ දෙන්නා එක්ක පාලුවෙන්නම් ඇවිත් යන්න අපේ බන්ග්ලෝ එක පැත්තේ...

ඔවූ අපේ පාටියකුත් තියෙනවා...අපේ බබාලා එක්ක සෆාරියකුත් යනවා...එන්න ඕනේ """

මමත් දැන් සමජෙ ටිකක් ලොකු ලොකු පොරවල් අදුනන කෙනෙක් වෙලා

වැදගත් වගේ නෝනලා මැද්දේ මහ ජරා ගෑනු සෙට් එකකුත්හිටියා මට මතක් උනේ නිර්වානිව.

ඔයා කලබ් යනවද කියලනම් දන්නේ නෑ ඒත් වයිට් ලයන් එක පැත්තේ එනවනම් ඔහාගෙ හස්බන්ඩ් නැති එකේ පාලුව නැතිවෙලා යනවා ඒක ශුවර් ...ලස්ස්න ගර්ල්ස්ලාත් ඉන්නවා බෝයිස් ලත් ඉන්නවා...ඔයා මීට් වෙන්න ගොඩක් කලින් ස්වේතකත් එතැනට යනවා නිතරම....එතැන ලස්ස්න කොල්ලනට ප්‍රසිද්ද නිසා...නිර්වානීත් මට එතැනදි මුන ගැහිලා තියෙනවා ..සමහර් විට හස්බන්ඩැන්ඩ් වයිෆ් දෙන්නම එකම කොල්ලව පාවිච්චි කරලත් ඇති.....හ..හාහා .ඉස්සර අපි ඔක්කොම එකම ඉස්කෝලවලට ගිය යාලුවෝ දැන් මේ ඈත් වෙලා හිටියට...ඒනිසා අපිත් ගොඩක් දේවල් දන්නවා...ඔයා ආවොත් කලබ් එකට අපිට පුලුවන් වෙයි පරන පවුල් අතර තිබුන බැදිම් අලුත් කරන්න""

"ඔවූ මෙයා ඔයා වගේ හොට් සෙක්සි කොල්ලෙක් මේ දව්ස් ටිකේ තනියෙම ඉන්නව කියුවාම අපිටත් අප්සට් ...මෙන්න මගේ කාඩ් එක....කෝල් එකක් දෙන්න හොදේ....තනියෙම ඉන්න එපා...මිස්ටර් විනෝද්...නමේ හැටියට හොදට විනෝදවෙලා ඉන්න ඕනි ...හොදේ"

මේ ඇමති බිරියන් අතරේ හිටපු මහ සන්කර වගේ ගෑනියෙක් ඒකිගේ කොටම කොට ඇගට ඇලුන ප්ලාස්ටික් ගවුම අස්සට අතදාලා අල්මරියට අහුවුන මිනි ස්කර්ට් කොන එලියට අදින ගමන් කියනවා

ඒ ගෑනිගෙ දොග නියපොතුයි රතු ත්ලොයි නිර්වානිගේ වගේ නිසා පොඩි දූ බය වෙලා මගේ කකුල් දෙක අස්සේ හැන්ගුනා

"ඩාලින් ඔයා දන්නවනේ අපේ ගවර්මන්ට් එකෙන් පුරන් කුබුරු අස්වද්ද්න්න කියලා තියෙනවා...මේ දව්ස් ටිකට අපිත් පුරන් කුබුරු තමයි ඔයවගේ ෆෝ ස්ට්‍රෝක් ඩබල් සිලින්ඩර් ට්‍රැක්ටරයක් එනවනම් අස්වද්දන්න දෙනවා ....අත් ට්‍රැක්ටර් එක පද්ද පද්ද ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇවිත් ෆන් එකේ ඉදලා යන්න...මේ තරුණකාලෙ බබාලා ඇගේ බැදගෙන ඉන්න එපා...ඒකට තව කල් ට්ජියෙනවා"""
තවත් මහ වලත්ත ගෑනියෙක් ඒ කිගෙ උල් තන් දෙක මගේ වැරදිලා ගෑවෙනවා වගේ උලන ගමන් කියුවා

ඒකිත් නිර්වානිලා වගේම හැපිනක් දුරස් වෙලා ඉන්න එක ඇගට ගුනයි වගේ දැනුන නිසා නෝන්ජල් හිනාවක් දාගෙන දූවත් වඩාගෙන මම එතැනින් කැපිලා ආවා

"තෑන්ක්ස් ෆොර් ද ඉන්විටේශන් නෝනලා....තුන් වේලට්ම අයිසින් කේක් කාලා පුරුදු මට පුස් කපු පාන් කලා පුරුදු නෑ ...ස්ටේ සේෆ්"

නිකම්ම ඔලුව නමන් යන එක මහ බයගුලු කමක් කියලා හුතුන නිසා...වල් කිකිලියන්ගේ කරමලේ ඇදවෙන්න නොතේරෙන ගාන්ට හින්ට් එකක් පාස් කරගෙන ආවා

උන් ටික මම දිහා ඔරවගෙන බලා ඉද්දී ...වැදගත් නෝනලා ටිකක් සද්දේට හිනා උනා...පොශ් කෙල්ලන්ට කම්මුලට ගහනවා වගේ

මගේ අම්මා ගොඩේ දුප්පත් ගෑනියක්..හැමදාම දරුවො වෙනුවෙනුයි පවුල වෙනුවෙනුයි කැප උන...ඒත් මේ ගෑනුන්ගේ උගත්කමෙන් පොශ් ගතියෙන් රෑපෙන් තියෙන වටින කම මොකද්ද...මිනිහා රට ගිය ගමන් අරවගේ ගුබ්බේයකට රින්ගනවනම්....උන් ගෑනු නෙමෙයි
ගූ කන ඊරියෝ..නිකන් ඊරියෝ නෙමෙයි වල්ම වල් ඊරියෝ
මම ගෑනිහෙක් නෙමෙයි..ඒත් මට පුලුවන් මිනිහෙක් පිරිමියෙක් විදියට ඉදගෙන හොද පවිලක් හදන්න...අර දහ ජරා වේසාවියෝ වගේ නෙමෙයි..මගේ රත්තරන් අම්මාවගේ වැඩ කරලා...ලස්ස්න පවුලක් හදන්න ඕනේ

අපි දෙන්නගේම පාලුවයි දුකයි අමතක වෙන්න අපි දෙන්නා වාහනේ එන ගමන් සින්දු කියුවා

දුව පවූ එයා හිතන් ඉන්නේ සූකිරි ගිය නිසා මම ලොකු අවුලකින් ඉන්නෙ කියලයි..එයා මාව සතුටෙන් තියන්න එක එක දේවල් කරනවා

""අප්පච්චි කියුවා තාත්තිට රෑට ඩ්‍රයිවු කරද්දි නින්ද යන නිසා මට දිගටම තාත්තී එක්ක කතා කර කර එන්න කියලා"

"අනේ මගේ පැහිච්ච ආච්චී...දොයිමතනම් පුතා දොයිය ගන්න...තාත්තී නිදාගන්නේ නෑ"

කෙල්ල පවු නිදිමතේ ඔලුව දස අතේ වදිදී අමරුවෙන් නැගිටලා අප්පච්චිට උන පොරොන්දුව ඉශ්ඨකරන්න මාත් එක්ක කතා කර කර යනවා..මම වාහනේ අයිනක නවත්තලා දූව නිදිකරවලා පිටිපසේ ශීට් එකේ දිගාකරලා බෙල්ට් එක දාගෙන එන්න හැදුවත් එයා කැමති නෑ..එයාට අවදියෙන් එන්නම ඕනෙලු...

මම ගෙදර ආව ගමන්ම දූව නිදි කෙරෙවුවා
සුකිරි නැතුව මට හරිම පාලුවක් දෙනුනා

ෆ්ලයිට් එකනම් වැඩිවෙලා යන්නේ නෑ විනඩි 35 න් 40න් එයා ලෑන්ඩ් කරයි වැඩිදුර නෑනේ සවුත් ඉන්ඩියා වලට

"මෙන්න දැන් ලැබුනු පුවතක් ඉන්ඩියා කින්ග් ෆිශර් ආයතනයට අයත් කේ එෆ් 345 දරන ගුවන් යානය එහි පැවති කාර්මික දෝශයක් හෙතුවෙන් දකුනු මුහුදේ නාවික සැතපුම් 56ක් උතුරින් මුහුදට කඩා වැටී තිබෙනවා..දැනට ලැබෙන තොරතුරු අනුව එහිසිට් ගුවන් මගීන් 187 දෙනාම මියයන්නට ඇතැයි විශ්වාස කරනවා "

මට ඇදේ බාගෙට නින්දෙන් එද්දී ඇහුන ප්‍රවෘතිය නිසා මම ගැස්සිලා ඇහැ ඇරුනා

ඒක කේ එෆ් 187...සූකිරි ගිය ෆලයිට් එක නේද

මට දැනුනා ඔය ගමන ගැන කියද්දිම මොකද්ද මූසිල ගතියක් ...අයෝ දැන් මොකද කරන්නේ

මාව ඇද උඩ ගැහෙනවා

සූකිරි ඔයාට මේ මොකද උනේ...ශිට් අපි හරියට ජීවත් වෙන්න හැදුව විතරයි...ඔයාට මොනව හරි උනොත්නම් මමත් ගිහින් මුහුදට පනිනවා...මට බලන්න බෑ ඔයාගෙ මිනීය වටේට මේ ගෙදර ගෙනත් තියෙනවා...බෑ එහෙම වෙන්න බෑ...මම දෙන්නෙ නෑ එහෙම වෙන්න

මොකද්ද කරන්නේ...එයා පෝට් එකට කතා කරනවද...ආආ..සූකිරි ටිකක්ට් එක බුක් කරපු තැන නම්බර් එක තියෙනවා කෝල් එකක් දුන්නා

"හලෝ ඔයාලගෙ කේ එෆ් 187 ක්ලෑශ් වෙලාද...ඉන්ඩියන් ඕශන් එකට"

"එහෙම එකක් වෙලාද සර්"

"මොනවද අයිසේ මේ අහන්නේ ...තමුසෙලා වග කීමෙන් කතාකරනවා...අපේ මිනිස්සුන්ගේ ජීවිත ගැන ප්‍රශනයක් මේක"

"හෝල්ඩ් ඔන් සෙකන්ඩ් ...සර් මට චෙක් කරලා බලන්න දෙන්න"

"ගොඩක් බෙලා ගන්න එපා ඉක්මන් කරනවා"

"සර් හරියටම බලලද කතා කලේ...අපේ රෙකෝඩ්ස් වලට අනුවනම් දැන් ෆ්ලයිට් එක තියෙන්නේ චෙන්නයි එයා පෝට් එකේ ලෑන්ඩ් කරලා...ඒක ආයෙ ලන්කාවට එනවා අද හවස 4ට"

"සොරි මම බලන්නනම්...වෙරි සොරි" මම අන්ද මන්ද උනා

ෆෝන් එකේ අන් රීඩ් මැසේජ් කීපයක්....මම් කියෙවුවා....

"බබා මම ලෑන්ඩ් කරා...අපි පොන්ඩිචරි වලට යනවා...මෙහේ සිග්නල් මදි කෝල් ගන්න...ඔයයි දුවයි ගෙදර ගියානේද ...පොඩ්ඩි නිදිද...ඔයා මම ගැන හිත හිත දුක් වෙන්න එපා...මේ සති දෙක ෆුල් එන්ජෝයි කරලා ඉන්න ආදරෙයි පැලෙන්න...මට ඔයාව ගොඩක් මතක් වෙනවා...ඔයව දෙකටනමලා ලගේජ් එකටවත් දාගෙන ආවනම් කියලා හිතෙනවා...හොටෙල් කාමරේ ලොකුයි...ඒක ලොකු වැඩී...ඔයයි දුවයි නැති නිසා පාලුව වැඩී...මට ඔයාව ඕනී...ඔයා නිදී වගේ නේ...සතුටින් ඉන්න හොදේ"

මට නම් පිස්සු මගේ හිතේ මනෝ විකාර...නින්දෙන් ඇහැරිලා පිස්සු කරනවා

මගේ හිතේ බය ගිහින් මගේ ගොන් කම ගැන මටම හිනා

මම ඊලගටාඑද පුරා අත යැවුවේ පොඩ්ඩි හොයන්න

කෝ එයා නෑ...

ආයෙ ,අගේ හිත අවිලුනා...කෙල්ල කොහෙ ගියාද ඇදෙන් බැහැලා...මගේ පපුව කීන් ගෑවා

චෝටි හාමිනේ....කෝ ඔයා

මම වොශ් රූම් එකට දුවලා බැලුවා....එයගෙ සෙල්ලම් ගේ ඇතුලෙ බැලුවා

දඩ බඩ ගාලා පහලට දුවලා ගියා

මෙන්න මෙයා ඩයිනින් රූම් එකේ ආයා එක්ක

මොනවද සුද්දී කරන්නේ...මම බය උනා ඔයා නෙගිටුනානනම් තාත්තිව ඇහැඇරවන්න එපයි

ගුඩ් මෝනින් තාත්තී....තව නිදා ගන්න...මම තව ටිකක්කින් කතාකරන්නම

"ලොකු අම්මා මොකද මේ කරන්නේ"

"මමයි ආයයි තත්තිට කෑම හදනවා ...අපි පාන් ටෝස් කරලා...ක්ලබ් සැන්විච් හදනවා"

"ඔප්ප්ප්...මයේ බාබී...ඔයා මහන්සිවෙලානේ...ඒත් තනියෙම ඇදෙන් බැහැලා ආපු එකනම් නෝටී හොදේ"

"නෑ තාත්තී මම දෙන් ලොකුයිනේ....මම තත්තිව බලාගන්නේ මේ දව්ස් ටිකට"

මම කට හෝදනෙත් ඇතුවම බබා මට කවපු සැන්විච් එක කැවා

යමූ අපි නෙට්ෆ්ලික්ස් එකේ කොෆූ අයිකන්ඩ් බලමූ

කොෆූ අයිලන්ඩ් මමයි සූකිරී චූටී තුන්දෙනාම ආසාවෙන් බලන ටීවී සීරීස් එක

සූකිරි ඒකෙ කතා පොත කියවලා තිබුනා ඩැරල් ජෙරල්ඩ් ගේ මයි ෆැමිලි ඇන්ඩ් ඇනිමල්

දෙවෙනි ලෝක යුද්දේ කාලේ ඉන්දියාවෙ සේවය කරපු හමුදාප්‍රදානියෙක් ගෙ වැන්දබු බිරිද සැමියා නැති උනාට පස්සෙර් එයාගෙ පුතාලා තුන්දෙනයි දුවයි එක්ක ග්‍රීසියේ ග්‍රාමීය පරිසරයක් තියෙන පුන්චි දූපතක නවතිනවා. ඒ දූපත කොෆූ....ඒ පවිලේ පොඩිම දරුවා ඩැරල් කියන විදියට කතාව යන්නේ....වැඩිපුරම තියෙන්නේ සත්තු ඒසත්තු ඉන්න පරිසරයන් ගැන..මේ මැරෑටි කොල්ලා පත්තෑයන්ගෙ ඉදලා වල් බලල්ලු වෙනකන් එක එක ජාතියෙ සත්තු ගෙදර උස්සන් එනවා. ඒ ගෙදර ඉන්නනොක්කොටම පිස්සු හැමෝම එක එක විදියෙ පිස්සු කරනවා...එයාල ජේවත් උන ගමේ මිනිස්සුන්ටත් පිස්සු ....හරිම විකාරයි වගේම හරිම ලස්ස්නයි...අපි තුන්දෙනාටම ඕනි උනා ඒවගේ දූපතක ජේවත් වෙන්න....අපි අද උඩ ඉඩ ගෙන ඒක බලන ගමන් පෙන්වන ලස්ස්න ඩර්ශන පෝස් කරලා අපි තුන්දෙනා එතැන හිටියනම් කොනවා කරයිද කියලා කල්පනා කරනවා.

දවල් වෙනකන් ඒක බල බල ඉද්දී හිටිය එකම සිකියුරිටි කාරයා ගෙදර ඉන්ටකොම් එකට කතා කරා

"සර් ...ගිෆ්ට් පැක් එකක් ඇවිත් ...කුරියර් සර්විස් එකකින්"

"කවුද එවලා තියෙනෙනේ...."

"අපේ ලොකු සර්"

ආආ...සූකිරියා කියලා ගියානේ සර්ප්‍රයිස් සෙට් කරලා තියනවා කියලා

"සුනිල්....ගිෆ්ට් එක දොරගාවින් තියන්න මම ගන්නම් "
මාම් ඉන්ටකොම් එක කට් කරලා බබාට කතා කරා

"සුදූ අප්පච්හ්cඊ තෑග්ගක් එවලා"

බාත් රූම් එකේ වතුර වැටෙන සද්දේ මේකි කතා කරන්නෙ නනෙ ...මම ඇතුලට එබිලා බැලුවා

"ඒයි මොකද ඔය....කලුපාට නාලා..අගුරු කුමාරි වගේ"

"ඈ....ඈ..තාත්තී මට බනින්න එපා...ඈ..ඈ.."

"ඒයි මේ මොකද අඩන්නේ....අපි කවදාවත් ඔයාට බනින්නේ නෑනේ....මොකද උනේ කියලනේ ඇහුවේ සුදු දෝනී"

"මම තත්තිගේ සපත්තු පොලිශ් කරන්න හැදුවේ ....ඒකේ තිබුන කලු වතුර වගේ මගේ ඇගට වැටුනා"

"හහා...ඉතින් ....ඕක අඩන්න දෙයක්ද...මගේ සුද්දී හොද වැඩක් කරරන්න ගිහින්නේ පොඩ්ඩක් වැරදුනේ...එහෙනම් එන්න අපි දෙන්නම ශූ එක පොලිශ් කරලා....මේ කලු පාට හෝදලා පහලට ගිහින් තෑග්ග බලමු...හරිද"

මම දූව නාවලා පිරිසිදු කරලා මාත් නාගෙන පහලට ආවා ගිෆ්ට් එක බලන්න

"මම නම් හිතන්නේ ඔයාට බග්ස් බනී කෙනෙක් හරි...ඊස්ටර් එග් වගේ හදපු මේකප් සෙට් එකක් හරි....අප්පචි කිය කිය හිටියේ දුවට අරන්දෙනවා කියලා"

අපි ගිහින් ගිෆ්ට් බොක්ස් එක ඇරලා බැලුවා

රෝස පාට රිබන් පේපර් වලින් ගැටගහපු පෙට්ටියේ ඇතුලේ

මුකුත් නෑ පෙට්ටිය හිස්

සූකිරිගෙ අතින් කලබලැන් ලියපු ලියුමක් තිබුනා

මම කියුවනේ සර්ප්‍රයිස් දෙනවා කියලා තාත්තිටයි දුවටටෛ...පෙට්ටිය කලින් එයුවා තෑග්ග පස්සෙ එවන්නම් හ හ හා..හිනා මූනු ටිකක් ඇදලා

""ඔයාගෙ අප්පච්චිනම් මහ විකාර පිස්සෙක් මේ වගේ මෝඩ වැඩ කරනවද...පොඩි ලමයිත් අප්සට් යනවනේ...මොනවා හරි ගිෆ්ට් එකක් දාන්න එපැයි පෙට්ටියට"" මම් පෙට්ටියටපයින් ගහන ගමන් කියුවා

"තාත්තී තරහවෙන්න එපා...අපිට ලෙටර් එකක් හරි ආවනේ...අප්පච්චී පස්සේ හොද ගිෆ්ට් එකක් දෙයි දූටයි තාත්තිටයි"

පොඩ්ඩි මගේ හිත හදන්න හදනවා

මම සූකිරිට බැනලා බැනලා මැසේජ් එකක් යැවුවා

දවල් ට අපි කන්න මැරයින් ඩ්‍රයිවු පැත්තේ ගියා .... චොප්ස් ටික් බඩීස් ..... අපි කොහොමත් කැමති චයිනීස් ෆූඩ් අවුට්ලට් එක එතැනින් කාලා එක්සෙල් වර්ල්ඩ් ගිහින් දෙන්නා එක්ක ඇති වෙනකන් කම්පුටර් ගේම ගහලා ගෙදර ආවා හවස් වෙලා

අපේ අම්මා දැක්කනම් ඕනෙ තරම් බනී දූව නරක් කරනවා කියලා ...ඒත් හැමදාම නෑනෙ...අපි දෙන්නම ශර්ට් වල අත් උඩට නවාගෙන අත්වල පච්ච ස්ටිකර් ගහලා ඔලුව වටේ රස්තා ලේන්සු බැදලා ගෙදර ආවේ

දෙනගෙ සෙල්ෆි ටිකක් ගහලා සූකිරියට යැවුවා ඉ රිසියා හිතෙන්න

හවස් වරුවේ දුවගේ චෝටි බබා පත්තර දෙක තුනක් ම ඉවරකරා
පාට කරන්න..යා කරන්න...ඉ රිඋඩ අදින්න...ගනන් කරන්න...මට මොන්ටෙසෝරි සර් කෙනෙක් වෙන්න උනා...කෙල්ලට මේ පත්තර සිමපල් වැඩී...ඒකී හරකා තනකොල කනවා වගේ වැඩේ දීපු සැනින් කරලා ඉවරයි කියනවා...ඒනිසා මට එයාගෙ වැඩ මේසේ ගාවින් හෙලෙන්න් උනේ නෑ....

"දරුවෝ ඔය වැඩ ටික්ක හෙමින් කරන්න තරගයක් නෑනේ"

"ඒ උනාට මේවා ලේසීනේ තාත්තේ වෙලා යන්නේ නෑ"

"පාට කරන ඒවයේ සුදු හිස් තිත් තිබුනොත් හරි...රූපවල අවුට් ලයින් වලින් පාට පැනලා තිබුනෳත් හරි..පාට උඩ පාට ඕව ලැප් උනොත් හරි මකල ආයෙත් කරන්න ඕනි"

යක්ස වැඩේ කියන්නේ අනික් පොඩි උන් කරන කොමන් මිස්ටේක් කිසි දෙයක් මේකි කරලා නෑ..ඒ නිසා මට නිකම්ම කට වහන් ඉන්න උනා

..හෙටනම් දෙකේ තුනේ විතර පත්තර ටිකක් ගෙනත් දෙනවා..නැත්තන් එයා හිතයි මේ ඉගන ගන්න වැඩ ඕනවට වඩා ලේසී කියලා

මම කොහොමත් හිතාගෙන හිටියෙ මේ සති දෙකේ මගේ වැඩ මුකුත් කරන්නෙ නෑ දූගෙ වැඩ විතරයි

හවස අපි මල් පූජා කරලා ගතා කියුවා....බුඩිස්ට් චැනල් එකේ ලමයින්ගේ භක්තිගීත වැඩසටහනක් තිබිලා ඒක පොඩ්ඩක් බැලුවා....අපි ආගම දහමට ලැදි උනේ නැතුවට දූව වත් එහෙම හදන්න එපැයි...එයා එක වසරට දාද්දි ...දහම් පාසලටත් දාන්න ඕනි

ඊට පහුවෙනිදා අපි වත්තෙ වැඩ කරා. අපි දෙන්නා එක්ක ජපන් රෝස මල් හිටෙවුවා එක එක හැඩේට

"සර් මෙන්න අදත් තෑග්ගක් ඇවිත් අදනම් නියම තෑග්ගක් ලැබිලා තියෙනේ"

අපි වැඩ කර කර ඉද්දි ගාඩ් ඇවිත් කියුවා.

ආවූ ලස්ස්න සූටිම සූටි පග් පැටියෙ
සූකිරිට මතක ඇති මම එදා වහ කැවිලා මැරිලා හිටපු බලු පැටියා දැකලා දුක් උනා
එයා ඒ නිසාම ඒවගේම ලස්ස්න හුරතල් බ්ලු පැටියෙක් අපිට එවලා
පවූ මෙයා පෙට්ටියක දාලා එවපු නිසාද මන්දා පොඩ්ඩක් මැලවිලා ව්ගේ
මටයි දූටයි ඕනි උනේ චූටි බලු පැටියව ගේ ඇතුලට අරගෙන ගිහින්හුරතල් කරන්න

අපි යන්න හදද්දි නොහිතපු දෙයක් උනා....වහල උඩ තියල තිබුන වෝටර් ප්‍රෙශෙර් ටෑන්ක් එක හිල් වෙල වතුර එනවා.....එනවා නෙමෙයි වතුර විදිනවා....මම ඕව ගැන හොයනෙම නෙ වෙනද..මොකද සූකිරි එයාගෙ මේන්ටේන් සර්විස් වලට කියලා කරවනවා....මෝඩ වෙඩේ කියන්නේ මම ඒ අයගෙ නම්බර් එකක් දනෙත් නෑ

අපේ ගාඩ් බලු පැටියව ඌ දාලා හිටපු කූඩුවට දාලා ආවා ටැන්කිය බ්ලන්න

ටික වෙලාවකට අපිට බලු පැටියා අමතක උනා....වහලෙන් දිය ඇල්ල වගේ වැටෙනටවතුරට ඔලුව අල්ලා අල්ලා දුව් නටනවා සිහිය නැතුව

සිකියුරිටි ඉනිමග අල්ලගෙන ඉද්දි මම වහලට නැග්ගා

වතිර ටැන්කිය සුද්ද කරද්දි වතුර අස් කරන්න තියෙන පහල කරාමේ ඇරිලා

ගොඩල් කලකින් අපි බැලුවෙත් නෑ ඇතැනින් බුරුල්වාඅ ඇති...වතුර ටැන්කියෙන් ගලාගෙන යනකන් ඉදලස් මම පුලුවන් විදියට ටැන්කිය හැදුවා

දුවත් ඉනිමග දිගේ පොඩ්ඩක් නගිනවා සිකියුරිටිගෙ අතට පනිනවා...ඕවර් ෆ්ලෝ වෙන වතුරට අත අල්ලනවා ආයෙ නගිනවා

අපි වතුර ටැන්කිය හදලා බළුපැටියාබලන්න එනකොට

ඌදාල හිටපු කූඩුව ඇරිලා බලු පැටියා එලිට ඇවිත්...ඒ අස්සේ අපේ මග බිශාල බර ගේට්ටුවත් ඇරිලා

අයියෝ බලුපැටියා පාරේ ගිහින් වහනේක් හැපෙයිද ...නැත්තන් ලොකු බල්ලෙක් ඇවිල කාලා යයිද අපි කානුවලයි පාරදිගෙයි බැලුවා...ඌ හිටියේ නෑ

අපේ සී සී ටීවී කැමරාත් ගේට්ටුව දිහාවට හරවල නෑ අනික් පැත්තට හර්වලා තියෙන්නේ...ඒවයෙන් බලු පැටියා ගිය අතක් හොයාගනත් බැරි උනා

දැන් සූකිරි ආවම දුල හිතෙයි එයා එවපු බලු පැටියා අපි නැති කරගත්තා කියලා

දුවත් එක්ක ගිහින් ඒ ජාතියෙම බලු පැටියෙක් අරගෙන එනවා සූකිරි දැනගන්න එකක් නෑ ....දුවට හෙමින් සැරේ කියන්න ඕනෙ මේ ගැන සූකිරිට කියන එපා කියලා

මට හිතට හරිම නේ උන දේට දුවටත් එහෙමයි

එයා බබ ගින්නේ එලියේ ඇතිද?.....වැස්සට තෙමෙයිද?...එයාගෙ තාත්තා නැති නිසා එයා බලා ගන්නෙ කවුද...ඔයවගේ ප්‍රශන කෝටියක්

අපේ සිකියුරිටි කාරයටත් පිස්සු නේ කැඩිච්ච වතුර ටැන්කිය් බලන්න ආවා හරියට ගේට් එක වහලත් නෑ කූඩුව වහලත් නෑ...වෙනදා ඉන්න් ආමි සිකියුරිටි එක හරි පොලිස් නිලධාරී හරි හිටියනම් මෙහෙම මිස්ටේක් එකක් වෙන්නේ නෑ...දැන් මටත් මීට වඩා ගෙදර ආරක්ශාව ගැනත් හිතන්න වෙලා ....මේ මිනිහා ගැන ශුවර්ම නෑ නේ...

මගේ හිතට පොඩි සැහැල්ලුවක් ආවේ හවස අපේ ගෙදර ඩියුටි එසයින්ග් කරලා තිබුන සෝල්ජර්ස්ලා හතර දෙනෙක් ආයෙමත් ආවා

ඒකත් සූකිරිගෙ සර්ප්‍රයිස් එකක් ,..එයා කියුවේ මේ සති හතරටම අපිට කවුරුත් සෝල්ජර්ස්ලා ලැබෙන එකක නෑ කියලා...බොරු කාරයා මේ අපිට පුරුදු අය හතර දෙනාම එවලා තියෙන්නේ

මම් එයාලට කියුවා ආයෙමත් අපේ සී සී ටීවී කැමරා චෙක් කරන්න...ඒවා හරියට වැඩකරන්නේ නැත්ත රෙපෙයාර් කරන්න යවන්න කියලා

මම් අපේ මෝඩ සික්කත් දාගෙන දූත් එක්ක එලියට ආවේ බලු පැටියෙක් තෝරන්න...අපේ සිකියුරිටි අන්කල් දනවාලු අදුනන කෙනෙක්ගේ පෙට් ශොප් එකක්

ඒ අස්සේ ආයත් අපි එක්කම සෙට් උනා එයාට ගෙදරට සල්ලිවගයක් දානයි තව පොඩි පොඩි වැඩ වගයක් කරගනයි

අපි ගිහින් පෙට් ශොප් එකේ බැලුවා...අපෝ එකේ ඉන්නේ ලොන් හැලිච්ච ක්‍රොස් බ්‍රේඩ්...පියෝ බ්‍රේඩ් එකෙක් වත් නෑ...පග්ස් ලා නම් හිටියෙම නෑ......බීගල්ලා...ඩැශන් හවුන්ඩ්ලා හිටියේ

තවත් තැන් කීපෙකට ගියත් අපිට ඕනෙ සයිස් එකේ මාස 5ක් 6ක් වෙන පැටියෙක් හොයාගන්න හිටියේම නෑ...එකෙක් හිටියා පග් මෝරපු බැල්ලියෙක් ලිටර් කීපයක් ඩිලිවර් කරලා (කීප සැරක් පැටවු දාපු නාකි බැල්ලියෙක්) කිසි හුරු බුහුටින්ගතියක් නෑ...එල්ලෙන ලොකු තන් එක්ක
තව තැනක හිටිය පැටවු මීපැටවු සයිස්....තාමා වීනින් කරලා නෑ (කිරි වරලා නෑ...කිරි බොන වයසෙ පොඩි පැටවු) උන්ව ගෙනිහින් හදන්න බෑ

අන්තිමේට දූටම ඇතිවෙලා...ඕනෙ නෑ තාත්තී අපි අප්පච්චි ආවාම එයාට කියලාම තව එකෙක් හොයාගමු කියුවා

දැන් ආයෙ ගිහින් උයනත් කම්මැලී....ආයත් අපි එක්ක ආව නිසා...අපි රෙස්ටුරන්ට් එකකට ගිහින් වාඩිවෙලාම කාලා ආවා

ගෙදර පෙනෙද්දි මට තරහයි...ඒක මහ කලුවරේ බූත බන්ගලාව වගේ

වෙනදා හමුදාවෙ අය අපි නැතත් තාප්පේ වටේ ලයිට් දානවා...ගෙදර ඉස්සරහා දොරලගත් හයහ මාරවෙනකොට ලයිට් දානවා අද තම ලයිට් නැත්තෙ ඇයි...කරන්ට් එක නැද්ද ..ජෙන රේටර් එජත් කැඩිලද?

මේවා හිත හිත එද්දි ගේට් එකේ නෝටිස් එකක් ගහලා ගිහින් රාජ්‍ය ලාන්චනෙයි හමුදා ලාන්චනෙයි එක්ක..ඔබ ගේ නිල නිවස සදහා මේ දින සිට මේ දින දක්වා අනියුක්ත කර ඇති නිලදාරීන් වෙනත් රාජකාරියක් සදහා යෙදවීම්ට සිදුවන බව කනගාටුවෙන් දන්වමු. අවශ්‍යනම් පෞද්ගලික ආරක්ශාව ලබා ගැනීමට මේ ආයතවලට අමතන්න.

මොකා මාර මිනිස්සු...එයාල මයි එවුවේ එයාලමයි එක්කගෙන ගිහින් තියෙන්නෙත්

එක්කෝ අපි එනකන් එන්න ඕනි...මල විකාර
උන් කියන්න ඕනිද මට ප්‍රයිවට් සිකියුරිටි ෆර්ම් වලින් සික්කෝ ගෙන්න්වන්න...සූකිරි ආවම මේකනම් කියන්න ඕනි

ඒ තරම් හිත හොද නැති නිසා අපි බෙඩ් ටයිම් ස්ටෝරි සීඩී එක හයියෙන් දාලා නිදාගත්තා

අපට හරි ආරක්ශාවක් නැති නිසා මගේ හිත චන්චල වෙලාද මන්දා මට නිතරම වහලේ කවුරු හරි ඉන්නවා වගේ දැනෙනවා

නිකන් ඇවිදිනවා වගේ

සමහරවෙලාවට මමයි දුවයි ඉන්න කාමරේ බැල්කනියේ ඉදලා කවුරු හරි බලන් ඉදලා ඉඩට නගිනව වගේ දැනුනා

හිත එකලස් කරගෙන නිදා ගන්නත් බෑ...ආයයි දුවයි ඇහ ඇරවලා එයාලව් බොරුවට බය් කරන්නත් බෑ...රෑ කොහොම හරි ගෙවලා හෙට උදේ වහලට නැගලා බලනවා

මම කෝක වෙතත් සූකිරිගෙ ලයිසන් තියෙන පිස්තෝලෙ මගේ ලගින් තියාගත්තා

ඒකත් බයඉ ඕයි කොකා ගැසෙයිද මන්දා...අපි සූකිරිල වගේ ආයුද අල්ලලා පුරුදු අය නෙමෙයි

පොඩි එකා ඕක අරන් සෙල්ලම් කරොත් ...තාත්තලගෙ තුවක්කු පත්තු වෙලා ලමයි මැරිච්ච කතා මට මතක් උනා...එකම පාරක් සූක්‍රිරි මාව දියතලාව කෑම්ප් එක ලග තියෙන ප්‍රයිවට් අවි පුහුනු ,කරන තැනකට ගිහින් වෙඩිතියන්න කියලා දුන්නා...ඒත් එදයින් පස්සේ මම මෙයින් එකක් එල්ලුවෙ වත් නෑ...ඒක ලග තියන් ඉද්දි මට හිතෙන්නෙම දෙන් නෙතුවට දෙන් ඒක පිපිරෙයි කියලා...ඒ නිසා මම පිස්තෝලෙ ආයෙ අල්මරියෙ හැන්ගුවා

සූකිරිට දාස් සැරයක් විතර කෝල් ගත්තා

ආන්සර් කරන්නේ නැති නිසා...වට්ස් ඇප් ...ඊ මේල් ෆේස් බුක් හැම එකෙන්ම මැසේජ් දැම්මා කෝල් ගන්න කියලා

එයාගෙන් කෝල් නැතුව බලන් ඉද්දි මට පිස්සු වැටෙනවා....ඒනිසා සමනලීට කෝල් එකක් ගත්තා ......හිත වෙනස් කරගන්න

"ආඅ හාමු මහත්තයා අපිවත් මතක් වෙනවා එහෙනම්....කොහොමද වාස දේසේ...දූ සුට්ට හොදින් ඉන්නවනේ...මොකෝ උබේ ගස්බන්ඩා...නිදිද?"

"කවද කතාකරත් සමනලී අහගෙන අහගෙන යන ප්‍රශන ටික...."

"අවුලක් නෑ බන්...දූ නිදි....සූකිරි ඉන්දියා ගියා....ස්ටේට් විසිට් එකක්"

"".ආඅ...ඒකයි මේ අපිව මතක් වෙන්නේ...තොපේ පාලු කපන්න""

"නෑ බන් හින්නට කතා කලේ නැ....හරි නෑනෙ දැන් පොඩි එක එකාගෙ වැඩත් ඇතිනේ"

"බබෝ...මේ මම උයාට කියනම හිටියේ මාර වැඩේනේ....හිනගේ පොඩි එකා උබවගේ බන්....තාම මාස තුනක් නිසා හරියටම මනුස්ස පාටට හැදිලා නැ....නියැන්ඩතාල් වගේ ප්‍රග් අයිතිහාසික මූනක් තියෙන්නේ..ඒත් මට බුදු ශුවර් ඕකා ලොකු වෙනකොට උගේ අම්ම් වගේ වත් අප්පා වගේවත් නෙමෙයි උබේ ඩයල් එකටමයි හැදෙන්නේ"

"අනේ මේ සමනලී...මේ තෝ එක්ක කතා කරා මට කම්මැලි නිසා...උබ වදුරු කුණුහරුපනේ බන් කියනේ..මම ෆෝන් එක තියනවා"

"හෝව් හෝව් ....මල මනින මුදියන්සේ උබ ෆෝන් එක තියන්න එපා....මම කyඋවෙ මට පෙනුන දේ...හැබැයි මගේ සැකේ වරදින විදියක් නෑ....ඒක නිකන් සච්නිත් දන්නවා වගේ...ඒවා වැඩක් නෑ....උබේ හොර මිනිහා මාර පොරක් නෑ බන්"

"මොන හොර මිනිහද යකෝ...උබ පටන් ගත්ත වෙලේ ඉදලම මට අපහාස කරනවානේ"

"උබට හොර මිනිස්සු ගොඩක් ඇති ඒකනේ මොන හොර මිනිහද කියලා ඇහුවේ...උබේ මල් යායෙන් මම දන්නේ එකම මලයි....අර බෝල්ට් ඇනේ"

"ඇයි බොල්ට්ට මොකද වෙලා තියේනේ" මම් නොවිව සිලිමත් හඩකින් හැහුවා

"ආආ...බෝල්ට් ගැන ඇහෙද්දී උබේ නට්ස් තද වෙනවා නේ....කොල්ලගෙ තදියම....බෙඩ් ශීට් එකට යටින් කොනත් මිරික මිරිකද ඕක අහන්නේ.....පොඩි එකා නිදියන ඇදේ ලවු ජූස් හලන්න එපා"

"බෑ බන් උබ එක්ක කතා කරන්න...අපේ අම්ම එක්කයි උබ එකයි කතා කරලා වැඩක් නෑ...දෙන්නම මට අපහාසකරලා තරහවෙලා තමයි ෆෝන් එක තියනේ"

"මේ ඒකා සුපිරි බ්‍රයිටෙක් ඕයි....මේ දව්ස්වල ප්‍රන්ශ ඉ ලෙක්ශන් එක ඒකේ ජනාධිපතී අනෙක් ඇමතිලා එක්ක යුනිවසිටි ස්ටුඩන්ට්ලා තර්ක කරන වැඩ සටහනක් තියෙනවා....ඒකේ ලොකු ලොකු යුනිවසිටි වලින් එයාලගෙ දක්ශම අය එවුවාම ඒ අය අතරින් කීප දෙනෙක් තෝරලා තමයි වැඩ සටහනට ගන්නේ....මේ පාර පලවෙනි පාරට ලන්කාවේ ස්ටුඩන්ට් කෙනෙක් තේරිලා කියලා....ප්‍රන්ස් ශ්‍රීලන්කා වෙබ් සයිට් වලයි යූ ටුබ් චැනල් වලයි දානවා....ඒ නිසා මමත් ඩිබෙට් එක බැලුවා...අප්පට හුඩු බෝල්ට් කරයා බන් .....මාර ලස්ස්නයි ඕයි කැමරවට...හැමෝම කතා කරා හැන්ඩියා ගැන....සමහරවිට ඌව ගනී ෆ්‍රාන්ස් 24 එකේ ඉකොනොමික් රිවිව් වැඩ සටහන් කරන්න...උගේ ප්‍රන්ශ....ලුවී රජ්ජුරුවන්ගේ ප්‍රන්ශ භාෂාව පරාදයි...මම මේ තරම් කල් මෙහේ ඉදලත් තාම කතා කරනෙ සින්ග්ලිශ් ඇක්සන්ට් එකක් මික්ස් වෙච්ච මහ ගොඩේ ප්‍රන්ශයක්...අරූ දීලා ඇරෙයෙ නැතෑ ශුද්ද ප්‍රන්ශයෙන්ම බස බස ගාලා"

පස්සේ දව්ස් කීපයක්ම මෙහේ පත්තරවලත් බෝල්ට් ගැන ගියා විස්තර
මම්ත් පොරට කතා කරලා විශ්කරා අපේ ඩස්පිනම් දව්ස් දෙක තුනක්ම මීට් වෙලත් තිබුනා..මට වැඩ නිස යන්න බැරි උනා
"නියමයිනේ....බෝල්ට් කොහොමත් දක්ශයා...ඌ නියම ට්‍රැක් එකට වැටිලා වගේ"
"මේ මිනිහා තව රියැලිටි ශෝ එකකටත් ආවා...බි අ මිලියනයර් වගේ එකක්....ආඅ ඔය ලන්කාවෙ ලක්ශපති වගේ....හොදට උත්තර දුන්නා...මිලියනේම නම් ගන්න බැරි උනා...ප්‍රශන් දෙක තුනක් තියෙද්දි මිනිහා කැමැත්තෙන්ම අවුට් උනා....ඒකෙ නිවේදකයා උගෙන් ඇහුවා ඔබ වගේ කඩව්සම් තරුනෙයක්ට පෙම්වතියන් කීදෙනෙක් ඉනවද කියලා ...ඌ මහ අමුතු උත්තරයක් දුන්නා"
"ඒ මොකද්ද?"

"පෙම්වතියොනම් එක්කෙනෙක්වත් නෑ....ඒත් සිහින කුමාරයෙක් ඉන්නවා කවදවත් එයාගෙ නොවෙන"

මගේ හාට් එක ටික වෙලාවකට බීක් ගාලා නැවතුනා

ඒක මහ වදයක්....එයි ඕයි ...ඌ හිත හදාගන්නේ නැත්තේ...ඕව මතක් කරනත් හොද නෑ...මගේ ඔලුව පිස්සු වැටෙනවා

"මේ බොල්ට් ගැන කියුව ඇති කියපන් උබයි බොල්ට් ගැන..කෝ දැන් බෝල්ට් "
"ඌව හොයන්න දැල් දාන්න ඕනෙ බන්....නවු දේ ආ බිසී පීපල් නේ"
"ඇයි ....ඒ"

"එයාගෙ වෝට ස්පෝට් කම්පැනිය නැගලා යනවා...ඉන්ග්ලිශ් ඕඩේ හරියෙ...මඩුවයි කවියයිත් දැන් එතැන වැඩ" (ආආ මට උබලට කියන්න බැරි උනා මඩුවයි කවියයි ප්‍රන්ශෙට ගත්තා ඩස්පියා)
"ආආ...එක කොයිතරම් හොදයිද....මඩුවට කෝල් එකක් දෙන්න ඕනි"

"හොදයි බන් උන්ගේ බිස්නස් එක නැගලා යනවා...මමත් ෆුල් සපෝට් එක දෙනවා ප්‍රොමොශන් පැත්තෙන්...ඒත් මට වැඩිය ප්‍රන්ශෙ ඉන වෙනෙ නෑ බන් මේ එන් ජී ඕ වැඩ එක්ක "

"බලපන්කෝ කොහොම හිටිය අපිද මේ කෑලි කැඩිලා විසිරිලා ගියේ...මට දුකයි ඕයි ඉස්සර කාලේ මතක් වෙද්දී"

""උබ තමයි වෙන් වෙලා ඉන්නේ...උබත් මෙහෙ වරෙන් සූකිරි බබයි එක්ක ....මෙහේ කිසි අවුලක් නෑ...මම ඩස්පි සචි හින්නා....අපි නම් නිතර සෙට් වෙනවා...උබව මතක් කරනවා...අපි වැඩිපුරම කරන්නේ උබලා ගැන මතක් කරන් එක....හින්නා..ඩස්පි කී සැරයක් කියනවද උබත් මෙහේ එනවානම් හොදයි කියලා
උබයි සූකිරීනේ අපිව ෆෝන් වලින් බ්ලොක් කරලා කොයිවෙලෙත් වොයිස් මේල් එනවා ආන්සර් නෑ....බොරු පොයිය දාන්න ඕනෙනෑ..ඕනෙ වෙලාවක මෙහේ වරෙන් අපි උබලා තුන් දෙනාව බලාගන්නවා""

සමනලී එක්ක කතා කරලා මගේ හිත එහෙමෙහෙ ගිහින් විකාර වෙලා ගියත් හිතට පොඩි සැහැල්ලුවක් දැනුනා

මගේ හිත ඇතුලේ හින්නගේ පොඩි එකා...එදා කට්ටියම එකතුවෙලා සිද්ද උන ජුගුප්සා ජනක වැරද?...ඒ ගැන තිබුන පසු තැවීම...බෝල්ට් මම ගැන හිතේ තියන් පිස්සු කියවන ඒවා....වගේ විකාර ගොඩක් හිතේ එහෙ මෙහෙ දුව කැරපොත්තො වගේ සිත ඇතුලෙ යකා නටපු නිසා...ගේ ඇතුලෙ ඇවිදින හොල්මන් ගැන මතක අමතක් වෙලා නින්ද ගියා

ඊලග දව්සේ මම සිකියුරිටි අන්කල්ව එකතු කරගෙන ගේ වටේ වහල උඩ හැම තැනම ෆුල් සර්ච් එකක් දුන්නා

ගෙදර කැඩිච්ච ලට්ට ලොට්ට දාන්න හදපු රූෆ් ටොප් එකේ ස්ටෝරු කාමරෙත් හැම්තැනම බැලුවා
සීසීටීවී කැමරාත් බැලුවා ඒ මොකකවත් කිසිම හෝඩුවාවක් නෑ කවුරුත්ම හිටි බවට
ඒ නිසා මම ඒක මගේ විකාර සිතුවිලි කියලා හිත හදාගත්තා
සූකිරිත් කතා කරා....මම එයාට ගෙදර ප්‍රශ්න කිසි දෙයක් කියුවේ නෑ...

"මම එවපු හිස් පෙට්ටියට ඔයාලා පුදුම උනාද්?"

"නෑ....ඒක විකාරයක්....අපි ඒක ගනන්ගත්තෙවත් නෑ...මෝඩ විහිලු"

"අපෝ මෙයාට තරහ යනවනේ මේ....මම එන්න කලින් හොයලා හොයලා හොදම පග් කෙනෙක් තේරුවා ඔයාටම ඔයා ආසයිනේ පග්ස් ලාට....දුවට කියන්න එයාට නමක් දාන්න කියලා....එයා බෝයි පපීකෙනෙක්....ඔයාට බලු පැටවුන්ගෙ ගෑනු පිරිමි අදුනගන්න තේරෙන්නෙත් නෑනේ"

අනේ දෙයියනේ දැන් මම මොනවා කියන්නද ?

"අපිතාම ඌටනමක් දැම්මේ නෑ...ඔයා ආවහමම නම් තැබීමේ උළෙල පවත්වනවා....දැනට ඌ කරදරයක් නැතුව ඉන්නවා"

"දැක්කද උගේ කනට පහලින් තිබුන සුදු ,අපේ....ඒහෙම ලපයක් තියෙන්නේ අපේ පග් ගේ විතරයි..එක එයාව අදුනගන්න තියෙන අයිඩෙන්ටිකල් කැරැක්ටර් එකක් ....මම කියන්නද අපි තුන්දෙනා පුලුවන් තරම් නම් යෝජනාකරලා ඒකෙන් 5ක් තෝ"රගෙන ෆේස් බුක් දාමු අපේ යාලුවො ටැග් කරලා එයාල්ට කියම කැමති නම මෙන්ශන් කරන්න කියලා.....ඒ චන්දෙන් හොදම නම තොරමු""

"බලු පැටියට නමක් දාන්නත් ඡන්ද තියන්න උනා එහෙනම්.....මේ ඒක නෙමෙයි...ඔයාගෙ වැඩේ කොහොමද හොදට කෙරීගෙන යනවද්?"

මම මාතෘකාව වෙන අතකට හැරෙවුවේ දිගටම බොරු කියන්න බැරි නිසා. දැන් ඇත්ත කියලා එයාගෙ හිත රිද්දන්න හොද නෑ....මේ වෙලාවෙ එයා ඉන්නෙත් ප්‍රශ්නෙක නේ...ඒ නිසා ආවහම ඇත්ත කියනවා...දැන් කොහොමත් ඔය ජාතියෙ බලු පැටවු හොයන්න බෑ...කන වල ලප තියෙන උන්...කනේ සුදුලපයක් පාට කරත් ඒක මැකුනොත් නිකන් බොරු අවුවෙනවා....දුව ඉන්නකොට බොරු කියන්න හොද නෑ..වැඩි හිටියන්ගේ පොඩි පොඩි බොරු හින්දයි ....ලොකු වෙලා ලමයි මහා බොරු කාරයො වෙන්න ආදර්ශට ගන්නේ

"ඔවු අපි හිතුවට වඩා හොදයි...මෙහේ ධීවර සන්ගම් හරිම ෆෙක්සිබල්....මම හිතන්නේ අපිට හොද විසදුමට යන්න පුලුබන්....ඒත් මේකෙ තියෙන ප්‍රශෙනෙ වවන් කනවා මෙහේ ප්‍රාදේෂීය දේශපාලකයොයි....මාලු මුදලාලිලයි....හරි හමන් නීති පිහිටෙවුවම එයාලගෙ ලාභෙ අඩුබෙනවා...ඒනිසා එයල කැමතී මේ ප්‍රශ්නෙ දිගටම තියෙනවනම් "

දුවට නිවාඩු කාලේ දෙමවුපියෝ එක්ක එකතුවෙලා එක එක නිර්මාන හදලා ඉස්කෝලෙ පටන් ගත්තම ගේන්නලු එක්සුබිශන් එකකට

මම් ටෝස්ටරේ දාපු ලොකු පෙට්ටිය ගැලෙවුවා ඒකෙ ඇතුල් පැත්තේ තද නිල් පාටින් පාට කරන්න දූට දුන්නා

පත්තරවලින් මම ගල් මල් ජලජ පැලෑටී කොරල් පර වගේ රූප් හොයලා ඒ කෙ තැනින් තැන අල්ලවන්න කියුවා
දුවගේ අත හරි හුටු බුහුටී ඒවගේම දක්ශයි...එයා ස්මූත් එජ් එකක් එන්න නියම ගානට පින්තූර කැපුවා ...ඒවා හත්පොලේ ගම් ගාගනෙ නැතුව පාට කරපු පෙට්ටියෙ ඇලෙවුවා
එක පැත්තක සෙන්ටි මීටර 1.5ක් වෙන්න දාරයක් තියලා ඉතුරු හරිය කොටු හැඩේට කපලා අයින් කරා
කපපු කොටුවට ට්‍රාන්ස් පේරන්ට් ඉටිකොලයක් ඇලෙවුවා
පෙට්ටිය බිමින් තිවුවහම උඩ් අතට හිටින කාඩ් බෝ ඩ් කොටුව කැපුවා
එක වගේ මා ලු රූප මම පුලුවන් විදියට අන්දා
දුව ඒවා ලස්නට පාට කර...
අපි එක වගේ මාලු පින්තූර මැදට පොඩි පොලින් ගුලී..දිග නූලක් පටලවපු ඉ රටු කෑලකුත් දැම්මා..
ඒ නූල් වලින් අපි කපාගත්ත කාඩ් බෝඩ් පියනේ සිදිරු විදලා මාලු එල්ලුවා
පෙට්ටිය ආයෙ ඇලෙවුවා
එතකොට ඒක මාලු ටැන්කියක් වගේ පෙනුනා...
අපි උඩු පියන නූල් වලින් එල්ලපු මාලු ඇතුල්ට එල්ලෙන්න දාල පියන වැහුවා

එදා රෑ මට ආයෙමත් ගෙයි උඩ දගලන සද්ද ඇහුනා
එහේ මෙහේ ඇවිදින සද්ද්.....නිකන් දෙන්නෙක් පොර බදිනවා වගේ සද්දයක් ඇහුනා
මේ ක ඉවසගෙන ඉන්න බෑ අප්පා
එක්කෝ මේක මගේ මොලෙන් මගේ හිත ඇතුලෙ හදන මනෝ විකාර පිස්සුවක්
නැත්තන් හොල්මනක්
එහෙමත් නැත්තන් මේ කේ මොකෙක් හරි හොරෙක් හැන්ගිලා ඉන්නවා
බයක් එක්කම තරහක් මට ආවේ
ඕනෙ වෙලාවට උදවුවක් ගන්න කෙනෙක් නෑ
දන්න උන්ගෙන් වැඩි හරියක් ප්‍රන්ශෙ
මිනිහා ඉන්දියාවේ....

මොකක් හරි පොදියක් පෙරලීගෙන ගිහින් ගෙදර පිටිපස්සේ තනකොල ගොල්ලට වැටෙනවා ඇහුනා
ආයාට නින්ද යනවා කුම්බකරනට වගේ...සුමනා හිටියනම් මෙලහට නැගිටලා...අර මෝඩ් සික්කත් නිදි ඇති
මම ෆ්ලෑශ් ටෝච් එකත් අරගෙන බැල්කනිය දිගේ ඇවිදගෙන ගිහින් තාප්පෙට ටෝච් එක ඇල්ලුවා
කවුරු හරි තාප්පෙට ලෑලක් හේත්තු කරලා
ඒකට නැගලා උස තාපේ එල්ලිලා එහා පැත්තට පනින්න පුලුවන් මම පහලට ගිහින් කොටේ අයින් කරා
ගේ වටේටම ටෝච් එක අල්ලා බැලුවා
සිකියුරිටි රූම් එකට ගිහින් බැලුවා
ඒක තාප්පෙටම අල්ලා ලොකුවට හදලා තියෙන්නේ
දයකට විතර ඉන්න පුලුවන්...නිදගන්න රූම් එකක් ඇදුම් මාරුකරගන්න...රූම් එකක්
වොශ් රූමෙ එකක් තිහෙනවා...
වෙනදා මේකෙ සෙනග පිරිලා ඩ්‍රයිවර්ලා දෙන්න තුන්දෙනයි...සෝල්ජර්ස්ලා පොලිස් ඔෆිසර්ලා
ඒත් අද අපේ සික්කා විතරක් හොදට කට කපලා නිදි
මම උගේ පුටුවට පයින් ගහලා නැගිට්ටලා කුනුහරුප දෙක තුනකුත් කියලා බැන්නා

මිනිහා නිදි මතේ අන්දුන් කුන්දුන් වෙලා මගේ පස්සේන් ඇවිද ගෙන ගියා
කලුපාට ලොකු කෝට් එකක කෑල්ලක් එල්ලි එල්ලි තිබුනා තාප්පේ උඩ
මම ඒක සික්කට පෙන්නුවහම මිනිහා බයෙන් වෙවුලුවා
මටත් බය හිතුනා
අපි පොලීසියට කතාකලා
පොලීසියෙන් ජිප් එකක් ඇවිත් අපි කියපු දේ අහලා
ගේ වටෙයි තාප්පේ වටෙයි ඇවිදලා යන්න ගියා
පුදුමේ කියන්නේ සීසීටීවී අක්‍රිය වෙලා
ඒක මහ අමුතු සිද්දියක් වගේ දැනුනා
මම රෑ දෙක විතර වෙලා මම රූම් එකට එනකොට
කලබ්ලේට මට ආයා නැගිට්ටලා දුව ලග තියලා යනත් බැරි උනා
වෙලාවට දුව නැගිටලා නෑ
මට නිඩ්නාගන්න ඕනෙ උනත් නින්දයන්නෙ නෑ
මම දෙසරයක් නෑවා

ආයෙමත් ඊයෙ වගේ මම සූකිරිට කෝල් ගත්තා
එයාගෙන් කිසිම ප්‍රත්චාරයක් නෑ...මූ දව්ල් දවසෙම වැඩ කරලා රෑට නිදියනවා ඇති හරකා වගේ...මට ඕන වෙලවට මූ නෑනේ
මම වැඩිය ෆේස් බුක් යන්නේ නෑ..ඒකට හේතුව මගේ කැමප්ස් එකේ ගමේ යාලුවො මගේ අමුතු විවාහය ගැන අහනවා
උන් මාත් එක්ක හොදට ෆ්‍රෙන්ඩ්ලි වෙලා කතා කරලා අන්තිමට දැනගන්න ඕනෙ කිම්බක් නැතුව අපි කොහොමද හැමිනෙනෙන්
වැඩේ කරද්දි කවුද උඩ ඉන්නේ කවුද යට ඉන්නේ
අනුන්ගෙ ලමයෙමයෙක් හදගන්න එක අතින් කාලා හරක් බලනවා වගේ මෝඩ වැඩක් නේද
මේ වගේ අපප්බ්‍රන්ශ ප්‍රශන වලට මට උත්තර දීලා ඇති වෙලා

කරන්නම දෙයක් නැතුව ෆේස් බුක් පිටු පුරා එහේ මෙහේ පාවෙලා යද්දී
මැසෙන්ජර් වලින් ටන් ගාලා මැසේජ් එකක්
"ඔහෝ....ෆේස් බුක් එකට ඒලියන් කෙනෙක් ගොඩබැහැලා"
ශික් ඒක එබිලා ඔන් උනා දෙන් සීන් වැටෙයි...ටක් ගාලා අන්සීන් දාන්න ඕනි
"ආඅ....අපි දැකලත් නොදැක්කා වගේ ඉන්නවානේ"
"නෑ මම මේ යන්න හැදුවේ"
"ආව ගමන්ම යන්නේ....අපි චැට් කරන්න පටන්ගත්ත නිසාද?"
"නෑ දැන් දුව නැගිටී...බබාට කිරි එකක් හදලා දෙන්න ඕනි"
"ඇයි සූකිරි නැද්ද?"
"එයා ඉන්ඩියන් ස්ටේට් ටුවර් එකක"

"ශික් කලින් කියන්න එපැයි"
"ඇයි උබත් එයාගෙ ටුවර් එකට ජොයින් වෙන්නද?"
"නෑ මම ඔයත් එක්ක ජොයින් වෙන්න ඔයාලගෙ ගෙදර එන්න"
"නෑ නෑ ඒවා ඕනෙ නෑ...ඉන්න තැනක දෙයියනේ කියල වැඩක් බලාගෙන හිටපන්"
"".ඇයි ඔය තරම් නපුරු""
"ඒ මගේ හැටි...ඒක උබ හොදට දන්නවනේ"
"මගේ වෝල් එක බැලුවද?"
"ඔවූ ඒක පුරාම බූට් සින්දුයි ...විකාර බූට කාපු නිසැදස් ....සිනහල ඉන්ග්‍රීසි ප්‍රන්ශ හැම භාෂාවෙන්ම විරහව විතරයි"
"විරහව කියුවත් සෙපරේශන් කියුවත් ෆ්‍රෙන්ච් වලින් සෙපරාසියෝන් කියුවත් දැනෙන්නේ එකම වේදනාව...හදවත පෑරිලා එලියට ගලන දුක....භාෂාව අදාල නෑ තමන් කැමති කෙනා ලග නැති උනාම දැනෙන දුක කියන්න "

"ප්ලීස් මගේ ඔලුව අවුල් කරන්න එපා ඕයි...මම දැනටම පිස්සු වැටෙන්න ලගයි....උබේ මල විකාර නැතුවට"
"ඔයා මොකටද පිස්සු වැටෙන්නේ ,,.උබනේ අනික් උන් පිස්සු වට්ටන්නේ"
"වීඩිවෝ කෝල් එකක් ගනිමු මට උබව බලන්න ඕනි"
"බෑ....මට මේ වෙලාවේ ඔය විකාර කරන්න බෑ...."
"මොකද්ද ඉතින් ප්‍රශෙනේ කියනකෝ"
"ප්‍රශ්න විසදන්නේ කොජොමද ප්‍රන්ශේ ඉදගෙන"
"ඔයා කියනවනම් එනවා ඔක්කොම දාලා...මගේම වෙන්න ඕනෙ නෑ ඉදලා හිටලා පොඩ්ඩක් ලගින් ඉන්න ඉඩ දෙනවනම් ඇති "
"ලස්සනම ලස්සන කොල්ලෙක් උබ දාන හැම ෆෝස්ට් එකටම මොනව හරින්කමෙන්ට් දාලා....මම් ඉන්ග්ලිශ් ට්‍රාන්ස්ලේශන් එක බැලුවා...මිනිහා මාර රොමැන්ටික් ටෝක්ස් නේ දෙන්නේ...එයාගෙ ප්‍රොෆයිල් එකත් නරකම නෑ...ෆ්‍රෙන්ශ් බිලියනයර් කෙනෙක් වගේ"

"ඔහෝ මම ගැන ඔත්තු බලනවද?....ඒකත් අහන්න ලැබුනු එකත් සතුටුයි...කෙනෙක් ඔය තරම් ඇනලයිස් කර කර නික් එකා ගැන හොයන්නේ එයා ගැන ආදරයක් හිතේ කොහේ හරි තියෙන නිසානේ...ඇත්ත කියන්න ඉ රිසියා හිතුනා නේ"
"කෙහෙල්මල මට එහෙම හිතුනේ නෑ....මම කොහොමත් උබ ගැන හොයන්න එපැයි...උබ මගේ සහෝදරයනේ"
"මරු වචනෙ බන් ...ආදරේ දාලා පැනලා යන්නම හදාපු ඉනිමගක් වගේ වචනයක්....හහහ..අපි සහෝදරයෝ වගේ ඉමු....මෙහේ නම් සහෝදරයොත් බදිනවා.....ඒ නිසා උබ සහෝදරයා වගේ උනත් මටනම් අවුලක් නෑ"
"නවත්ත ගනින් වනචරයා...උබ ඇයි බන් මිනිස්සු තරහ ගස්සන්නේ ඔය තරම්"
"ඇත්ත කියද්දි මිනිස්සුන්න්ට් තරහ යනවා..ඒකට මට කරන්න දෙයක් නෑ...මම් කරන්නේ කෙලින්ම ඇත්ත කතා කරන එක....කොහොමත් විද්‍යවෙ කියන්නේ හොදනරක එතිකල් අන් එතිකල් කියලා දේවල් නෑ ...කරුන ඇත්තද බොරුද කියන එකයි වැදගත්"

"මෙහෙට එලිවෙන්න ලගයි...මම පොඩ්ඩක් හරි නිදගන්න ඕනි"
"හෙට දවසෙම නිදි කරන්නම් මගේ පපුවෙ උඩ ...කැමතිද ඉස්සරවගේ"
""මට උබේ උරහිස ඕනෙ නෑ...මගේ දූ පොඩිත්ත ඉන්නවා...එයා තුරුලුකරගත්තහම මට හොදට නින්දයනවා""
"උබ තාත්තා කෙනෙක් උනා ඉක්මන් වැඩි නැද්ද?"
"නෑ පරක්කුයි කියලා හිතෙන්නේ....මගේ කෙල්ල මීටත් චූටි කාලේ ලැබුනනම් මට එයාව මීටත් වඩා හොදට හදගන්න තිබුනා පුන්චිම පුන්චි කාලේ ඉදලම...තාත්තා කෙනෙක් දරුවෙක්ගෙ හැම දෙයක්ම දකින්න ඕනි..එයා හැම දේම මුලින්ම කරන කොට තාත්තා ලග ඉන්න ඕනෙ...මුලින්ම හැරෙන දවසේ...මුලින්ම දනගාන දවස..මුලින්ම ඇවිදින දවස..පලවෙනි වචනෙ කතා කරන දවස මේ ඔක්කොම දකින්න ඕනි...ඒත් මට ඒ ටික මිස් උනා ඒ ගැන මට දුකයි"
"කෝ බන් උබේ අර ආස හිතෙන විසේ කාර ගතිය...ඒකටයි මම ගොඩක්ම ආදරේ කරේ"

"මගේ දගකාර කොලුකාර වැඩ මම හෝදලා අයින් කරේමගේ දෝනි මගේ අතට ආව දවසේ..දැන් එයයි මගේ ලෝකෙම"
"මට උබව තේරෙන්නෙනෑ"
"" උබ හරි බන් අපි ඉස්සර හිටපු අය නෙමෙයි දැන් වෙනස් වෙලා...දැන් අපි සම්පූර්නයෙන් වෙනස් ආගන්තුකයො දෙන්නෙක්...උබත් වැලලුන අතීතෙක අපි එකට හිටපු ඉතිහාසෙ මිදිලා ඉන්නෙ නැතුව වර්තමානෙට ඇවිත් අද තියෙන තත්වෙ තේරුම් ගනින්...වෙනස්වික්ම තේරුම් අරගෙන ඒක පිලිගත්ත්ම ජීවත් වෙන්න ලේසී...දැනට් පවතිනෙනෙ නැති මැරුනු අතීතෙක ජීවත් වෙන මිනිහා ඒ අතීතෙම ගිලිලා කුනුවෙලා මැරෙනවා""
"මම කුණුවෙලා මැරිලා යන්න කලින් උබේ මූන පෙන්නපන්කෝ"
"මම කැම් එක ඔන් කරා..ඒත් මගෙයි නිදාගෙන ඉන්න දුවගෙයි දෙන්නගෙම මුහුනු පේන්න"

"මට වැඩි හරියක් පොඩි බබාව පේන්නේ ..ඔයාව පේන්නේ ටිකයි"
"ඒකයි ඇත්ත...දැන් මම ලග මම නෑ ..වැඩි පුර ඉන්නේ දුව"
"මාව පේනවද?...."
"ඔවූ ඔය ඉන්නේ ගෝනිබිල්ලා වගේ " ඇත්ත්ටම රෝස පාට බ්ලැන්කට් එකකින් වැහුන ලොකු සැප පහසු ඇදක බෝල්ට් උඩුකය නිරුවතින් ඉන්නවා....ඒ ක මේ වෙලාවේ විදියටම හරිම සරාගී දර්ශනයක්...මිනිහාත් හොදට වර්ක් අවුට් කරලා බොඩි ශේප් එක ලස්ස්නට හදාගෙන..ඉස්සරට වඩා සුදුත් එක්ක...මූනේ තියෙන වල් ගතියත් ඉස්සරට වඩා වැඩී
"බිල්ලව බලන්න ඕනිද?"
මිනිහා කතාවෙන් කතාව එයාගෙ නිරුවත් මුලු ඇගම පේනවිදියට කැමරාව අල්ලනවා
දෝනී මගේ මූනට නින්දෙන්ම අතින් ගැහුවා

එක පැත්තකින් ඕනෙම එකෙට දැක්ක ගමන් බඩු යන බෝල්ට්ගෙ මත්කරවන ඇස් සෙක්සි හිනාව...සරාගී නිරුවත් සිරුර
අනික් පැත්තෙන් සුරන්ගනාවියක් වගේ නිදියන මගේ දූ සිගිත්ත
දුවගෙ මූන බලනෙ කොහොමද මේ විකාර ෆෝන් එකක් අතේ තියාගෙන
බෝල්ට් උගේ ඉනෙන් පහලට කැමරාව එක අල්ලද්දි
මම් ෆෝන් එක ඕෆ් කරා බොල්ට්ට නොකියම
ඔය වලා ඔහොමමයි ....මාව හොදටම අවුල් කරනවා..පකයා...බ්ලොක් කරනවා ...ආයෙ කතා කරන්නෙම නෑ..ලගට් ආවොත් කනට ගහනවා පොඩි වෙන්න

ඊයේ සමනලී නිසා අවුල් ගියා
අද බෝල්ට් නිසා අවුල් ගියා
ඒත් ඒ දෙකම නිසා වෙන ප්‍රශනයක් ඔලුවට ඇවිත් මගේ ප්‍රදාන ප්‍රශ්නේ අමතක උනා...ගෙයි වහලේ ඉදලා පැනලා දුවපු එකා

"මහත්තයා මහත්තයා..."
එලිවෙන්න ඔන්න මෙන්න තියෙද්දි නින්දගිය නිසා මම ඒවෙනකොටත් හිටියේ මර නින්දේ
දෝනි මාව හොලවලා නැගිට්ටපු නිසා මම ගැස්සිලා ඇහැරුනා
"සිකියුරියි සීයා කතාකරනවා තාත්තී..." මම් දෝනිව වඩාගෙන පහලට ගිහින් දූව ආයාට දීලා එලියට ගියා
"මහත්තයා යමු බලන්න ...ඊයෙ අපේ ගෙදරට පැනපු මිනිහා ඉන්මවා "

Continue Reading

You'll Also Like

1.5M 68.5K 37
adult story(18+) သင့်သခင်×ရုပ်သေး 9.1.2023...
1M 54K 46
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
289K 5.1K 47
ဒီဇာတ်လမ်းထဲက " စွဲမက်သျှင် " ဆိုတဲ့နာမည်ကို သာသာ crd ပေးပါတယ်နော် " မင်းညှို့သျှင် " နာမည်နဲ့ လိုက်ဖက်မှုရှိအောင် ထည့်ထားတာမို့လို့ပါရှင့် ဒီ fic လ...
2.3M 148K 94
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...