Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 94

616 99 3
By ShiranSuneth

Ep 94
අපි ආයේ කොළබ ඇවිත් පරන විදියට වැඩ පටන්ගත්තා
දුව මොන්ටෙසෝරි යන එක අම්මා එක්කම කරගෙන ගියා
"අන්න උබලා දෙන්නට ලොකු මිස් එන්න කියුවා"
අපේ අම්මා දවසක් හවස අපි ඔක්කොම කෑම කනකොට කියුවා
"ඇයි ද දන්නේ නෑ නේ අම්මේ....අම්මට නොකිය අපිට එන්න කියුවේ"
"ඒක මම දන්නවැයි..ඒ ගෑනි හිතනව ඇති මම..එයා කියන දේවල් තේරුම්ගන්න බැරි තරම් මෝඩ ගෑනියෙක් කියලා"
පහුවෙනිදා මමයි සූකිරී මොන්ටෙසෝරියනවා
පලවෙනි වතාවට අපි දෙන්නා දූගේ පේරන්ට්ස් මීටින් එකකට යන්නේ
ඒ නිසාම දෙන්නම හොදට ඇදන් යන්න ලෑස්තිය
දෙන්නම එකම ජාතියෙ ස්ලිම් ෆිට් නිල් පාට ශර්ට් ඇදලා ..ඒකෙන් යික්ක ඇග පේනවා වැඩිද මන්දා ..මසල්ස් තද වෙලා පේන නිසා
සූකිරි මට රතුපාට ටයි එක දාලා මගේ කොලර් එක හැදුවා
මමත් එයාගෙ ටයි එක දාල පිටිපස්සෙන් එයාගෙ කොලර් එක හැදුවා

ඉස්කෝලෙට ගෙදරින් කවුරු හරි එක්කගෙන එන්න කියනකොට මට මතක් වෙන්නේ මගේ අතීතෙ
අපේ ඉස්කෝලෙන් අම්මා එක්ක එන්න කියන්නේ මම මොනවා හරි කේස් එකක් ෆයිල් කරග්ත්තොත් තමයි
එදාට කකුල් දෙක ගැහි ගැහි ගෙදර යන්නේ
අම්මේ අපේ මිස් ........කියන කොටම අම්මා දනවා මොනව හරි කුපාඩි වැඩක් කරලා තමයි එන්න කියන්නේ
ඒ වෙලාවෙ ඉදලා ස්ටාර්ට් කරන අම්මගේ බැනුම් මැශිම සිද්දිය සිද්ඩවෙලා මාස ගානක් යනකන්ම ඕෆ් කරන්න බැරි වෙනවා
"පොඩ්ඩි මොකක් හරි ජල්තරයක් දාගෙනද දන්නෙ නෑ." මම සූකිරිගෙ බෙල්ට් එකශර්ට් එකේ බොත්තන් කෙලින් හදන ගමන් ඇහුවා
"නෑ අපේ කෙල්ල එහෙම නරක ලමයෙක් නෙමෙයිනේ" එයා මගේ කිහිල්ල යටට පෙෆියුම් ටික්ල හගන ගමන් කියුවා

"මම් හැමතෙනම බැලුවා...ඔයා දාගෙන ඉන්නෙ මගේ සප්ත්තු දෙක ඔය කොනෙන් උල් වෙලා තිබුනේ මගේ දෙක"
"අවුලක් නෑ...ඔයා මගේ දෙකනේ දාගෙන ඉන්නේ"
"ගලවනවා ඕක ...මට මේකෙ ඇගිලි හිරයි වගේ"
"ඕනෙ නෑ ඔහොම යන් ඔයාට ඔයදෙක හොදයි"
"එපා වෙනවා ...මට මගේ කිසිම දෙයක් තියාගන්න බෑනේ."
"" ඒකනේ ආදරේ කියන්නේ.""
"ආදරේ නෙමෙයි කෑදරේ...තමුසෙනම් මට එපාවෙනවා....ඒත් කරන්න දේකුත් නෑනේ" ..මම එයාගෙ කොන්ඩේ ජෙල් ටිකක් ගාලා උඩ අතට උස්සලා හදන ගමන් කියුවා

දෙනම ලේස්ති වෙලා අපි මිරර් එකෙන් බැලුවේ...ඉන ගාවි සූකිරි මාව බදාගෙන ඉන්නගමන්
එමරල්ඩ් හමීඩීයා බිල් බෝඩ් එකක ඉන්න මොඩ්ලර්ස්ලා දෙන්නෙක් වගේ
දෙනම එක වගේම ලස්ස්නයි ගැලපෙනවා
මට ඒ පෙනුමට ආසා හිතුනා
"අදනම් මොන්ටෙ සෝරි ආපු අම්මලා ජන්ගියෙම ලීක් කරගන්නවා " සූකිරි මාව ඈත් කරලා ලස්ස්න බලන ගමන් කියුවා
"මොන්ටෙ සෝරි ගෑනු මම දිහා නෙමෙයි ඔයා දිහයි බලන්නේ"
"පිස්සු...ඔයගෙ ඇස් බලගන්න වෙයි ඕනෙම මෝඩයෙක්ට පේනවා ඔයා තමයි හැන්ඩස්ම්" සූකිරි මගේ ශර්ට් එක පොඩ්ඩක් කලිසම ඇතුලට ඔබන ගමන් කියුවා

"දුව ඔක්කොම හෝම වර්ක් කරානෙ පහුගිය දවස් වල"
"ඔවු මම ගෲප් එකට දාපු ඔක්කොම හෝම් වර්ක් චෙක් කරා...අපි ඔක්කොම කරවලා තියෙන්නේ"
"අපි වෙලාවට් පීස් ගෙවුවනේ"
"ඇයි අප්පා වැඩිපුරත් ගෙවුවනේ...මුලු අවුරුද්දටම එක පාරනේ දුන්නේ"
"බබා කෑම කාලා තිබුනනේ හැමදාම"
"ඔවු අම්මා කියුවා ලුන්ච් බොක්ස් එක හිස් කියලා....ටීචත් කියුවලු බබ ඕනෙ දෙයක් කනවා හොදයි කියලා"
"අනේ මන්දා ඕයි මොකටද මේ එන්න කියන්නේ"
"කාගෙ දරුවෙක්ද ඕයි මේ....තමුසෙ බය වෙලානේ දරුවටත් වඩා...ඔයා ගැන කතා කරන්න නෙමෙයි එන්න කියන්නෙ ..බය වෙන්න එපා"
"ඒ උනාට මේ අපේ පලවෙනි පේරන්ට්ස් මීටින් එකනේ...මම කැමති නෑ බබගෙ වැරදි කියනවට කවුරුත්" අනික් හැම වැඩේටම වගේ මේකටත් මම හොදටම කලබල වෙලා ඉන්නේ

සූකිරි මගේ අතින් අල්ලගෙන ලොකු මොන්ටිසෝරියට ගියා
ඒක ලොකු ඉස්කෝලයක් වගේ පන්ති ගොඩක් තියෙනවා
කාටූන් එකක් මේ ලෝකෙට ඇදගෙන ඇවිත් වගේ...ආසයි දැක්කම
චුට්ටි බට්ටෝ එහෙ මෙහේ දුවනවා
සූකිරි කියපු එක හරි අපි දෙන්නා එකට යනකොට හැමෝම වගේ හැරි හැරි බලනවා
සමහරවිට අපි පත්තරවල නිතර දකින නිසා වෙන්න ඇති
නැත්තන් සම රිසි කපල් එකක් පලවෙනි පාර මොන්ටෙ සෝරියට ආපු නිසා වෙන්න ඇති
ගොඩක් අය හිනාවෙලා මිනිස්ටර් ගුඩ් මෝනින් කියලා සූකිරි එක්ක කතා කරලා මටත් අතට අත දීලා ගියා
අවුරුදු 55ක විතර දැක්ක ගමන් ප්‍රින්සිපල් කෙනෙක් කියලා හිතෙන ජාතියෙ මැඩම් කෙනෙක් ලගට අපි ගියේ
"මට හරිම සතුටුයි...මුලු ලන්කාවම කතාවෙන කපල් එක මගේ ඔෆිස් එකට ආපු එකට...ඉතින් කොහොමද?"

"හොදයි මැඩම් ...අපිටත් සතුටුයි...ඔබ තුමිය මුනගැසීම...අපිට එන්න වෙලාව නැති නිසා අපි අම්මව තමයි බබා එක්ක එවන්නේ...ඒත් අපි ගෙදරදි බබාගෙ වැඩ ඔක්කොම බලනවා...." සූකිරි ටික්ක බිදුනු කට හඩකින් ආදුනික තාත්තා කෙනෙක් ඉස්කෝලෙ මිස් එක්ක කතා කරනවා වගේ කියුවා
"ඔවූ ඔයාලා හොදට විනුලි බලා ගන්න බව මම දන්නවා එයා නිතරම ඔයාලා ගැන ඉස්කෝලෙ ඇවිත් කියනව...ඔයාගෙ අම්මත් නිතරම ඇවිත් අපි එක්ක කතා කරනවා...එයා දරුවගෙ ඉගන ගන්න කටයුතු ගැන හරි උනන්දුයි....අපිටත් ගොඩක් උදවු වෙනවා..ක්ලාස් එකේ වැඩ වලටත්" අපේ අම්මගැන කියන්න දෙයක් නෑ ගිය ඕනෙම තැනක ඉන්න ඔක්කොම යටත් කරගෙන එයා ලොක්කා වෙන්න හොදට දන්නවා
"මේ බලන්නකෝ අපේ චිල්ඩ්‍රන් ඩේ එකට කැමති ඕනෙම බබෙක්ට ඇවිත් කතාවක් කරන්න කියුවා උදේ ඇසෙම්බ්ලි එකේ...මේ එයා කරපු කතාව මම රෙකෝඩ් කරා " අපි දෙන්නා සමරිසි පනත ඔලුවෙ තියන් දගලද්දි දුව ඇවිත් කියුවා එයා ඉස්කෝලෙදි කතාවක් කරා කියලා අපිට ඒක වැඩිය හොයලා බලන්නත් බැරි උනා

හැමෝගෙන්ම අවසරයි
මම මෙතනට පැමිනියේ මගේ තාත්තා ගැන කතාවක් කිරීමටයි
මගේ තාත්තා හරිම හොදයි
එයාට තාත්තා කියන්නේ මම විතරයි
අනික් අය කියන්නේ විනෝද් කියලා
අපේ අප්පච්චී තාත්තාට ඩාලින්ග් කියලා කියනවා
ආච්චී ලොකු එකා කියලා කියනවා
මගේ තාත්තා බයිසිකල් පදිනවා...
එයාට තරහ ගියාම නහේ රතුවෙනවා....
අපේ ගෙදර ගොඩක්ම කන්නේ තාත්තා
මමත් ලොකු වෙලා තාත්තා වගේ ගොඩාරියක් බත් කනවා
තාත්තාට රැවුලක් ට්නියෙනවා...අප්පච්චී ඒ රැවුල උදේට කපනවා...තාත්තගේ රැවුල කටුවගේ ,...රෑට මගේ පිටේ ඇනෙන්නවා
මගේ තත්තී හරිම ලස්ස්නයි
මම්ත් ලොකු වෙලා තත්තී කෙනෙක් වෙනවා

පොඩ්ඩි ඔලුව වන වන කට උල් කර කර හරිම බරපතල විදියට කතාව කරනවා
සූකිරියට් වීඩියෝ එක බලලා හිනා උඩ පැන පැන පුටුවෙනුත් වැටෙන්න ගියා
ඉන්නේ කොතැනද කියලත් මේ බූරුවට මතක නෑ
මැඩම්ටන්පේන්නේ නැතිවෙන්න මම සූකිරිව කෙනිත්තුවා
සූකිරි ඇස් දෙක්කෙ කදුලුත් පිහදාගෙන මැඩම්ගෙන් සමාව ඉ ල්ලුවා
"ඇත්තටම මිනිස්ටර් ස්වේතක...අපි ඔක්කොම හොදටම සතුටු උනා දුවගෙ කතාවට...එයා හරිම දක්ශයි..ඔයාවගේම හොදට කතා කරනවා..අපිට ඕනි ළමයින්ගෙ අව්‍යජ හැගීම් එලියට ගන්න ..එතකොටයි ලමා මනසෙ නිර්මාන්ශීලීත්වය ඇති වෙන්නේ...අපි වෙනද අහන කතා ඔක්කොම එක වගේ...ලමා පත්තරේල හරි ඉන්ටර්නෙට් එකේ හරි තියෙන කතාවක් අම්මාලා ගිරවු වගේ කටපාඩම්කරවලා එවනවා..ලමයි රොබෝලා වගේ කතා කරනවා ...කිසිම ලයිවු ගතියක් නෑ...ඒත් විනුලි ඒ අතින් හරිම හොදයි...අපි ඔක්කොම එයාට ආදරෙයි"

අනික් හැම තාත්තා කෙනෙක්ටම වගේ මටත් ලොකු ආඩමබරයක් දැනුනා
තමන්ගෙ දක්ශ කමක් කවුරු හරි වර්නන කරනවට වඩා ලොකු ගැම්මක් එනවා දරුවෙගෙ දක්ශ තා කවුරු හරි අගයද්දී
මම ත් හිටියේ ඒ මූඩ් එකේ
සූකිරි මැඩම්ගෙන් වීඩියෝව වට්ස් ඇප් කරගත්තා
මටනම් ඒ කතාව ගැන පොඩි ලැජ්ජවක් තිබුනා...කෙල්ල මගේ සායම ඇරලා ඔක්කොම ඉස්සරහා...ඒත් කමක් නෑ පොඩ්ඩි මට ගොඩක් ආදරේ නිසානෙ මම ගැනම කතා කරේ

"මැඩම් අපිට එන්න කියුවෙ ඇයිද දන්නෙ නෑ නේ" මම කතාව අපි ආපු ප්‍රදාන මාතෘකාවට ඇදලා ගත්තා

"මෙහෙමයි...අපිටත් මේ වගේ දේවල් අලුත්..අපි දන්නේ නෑ කොහොම මුහුන දෙන්නද කියලා...මම නම් ඕපන් මයින්ඩ් එකෙන් ඔයාලා දිහා බලනවා...මට ඔයාලා තේරෙනවා...මෙතැනට එන දෙමවුපියන්ගෙන් වැඩි දෙනෙක් රන්ඩු වෙලා මරාගෙන ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ..එයාලට කාර්‍යබහුල ජීවිත එක්ක දරුවො මග ඇරිලා...ගෙදරක කැඩපත පුන්චි ලමයි..එයලගෙ හැසිරෙන විදිහෙන් දක්ශ්තා වලඉන් කතාකරන විදියෙන් පේනවා ..එයලට ගෙදර තියෙන පරිසරය...විනුලි දකින ඕනෙ කෙනෙක්ට පේනවා එයා ආදරනීය පරිසරයක හොදට හදන දක්ශ දරුවෙක් ...ඒ වගේම එයාට ස්ට්‍රෝන්ග් පර්සනල්ටි එක්ක තියෙනවා......මට ලමයි එක්ක ඉදලා අවුරුදු 30කට වැඩිය පුරුද්දක් තියෙනවා...ඒ නිසා මට ලමයෙක් දැකපු ගමන් එයාගෙ මානසිකත්වය දක්ශ තාව ඕක්කොම තේරුම් ගන්න පුලුවන්...කවද හරි විනුලි හොද තැනකට යනවා"

"තෑන්ක් යූ වෙරිමච් මැඩම්....ඒත් මට දැනෙනවා මොනව හරි ප්‍රශනයක් තියෙද"

"මේ කොලේ බලන්නකෝ...ඒක විනුලිගෙ ක්ලාස් ටීචර්ට ලැබිලා තියෙන්නේ එයාගෙ ඩෙස් එකේ අලවලා තිබිලා"
"සෙලෝ ටේප් එකක ගහපු කොලේ පොඩි දරුවෙක්ගෙ අකුරු වලින් ලියලා තිබුනේ ඉන්ග්‍රීසියෙන්"

....ෆැගොට් ඩෝටර්.........පොන්නයාගේ දුව

ඒක බලලා මගේ අත් වෙවුලන්න ගත්තා

මොනවද මැඩම් මේ....කවුද මගේ පොඩි එකාට අපහාස කරන්නේ...

සුඉකිරිගේ අතේ කොල කෑල්ල ගුලි වෙද්දි එයාගෙ හිතේ තරහ නලියන බව කිටි කිටි ගාන දත් ඇදි වලින් මට තේරුනා

"මේක ලොකු වැරද්දක් මැඩම්...අපි අපේ දුවට කිසිම නරක වචනයක් ඇහෙන්න පේන්න දෙන්නෙ නෑ ගෙදරදි..එයා රෝස මලක් වගේ හැදෙන්නෙ...මේවගේ දෙයක් මගේ රත්තරන්දූ දරාගන්නේ කොහොමද?" මට ඇඩෙන්න වගේ කට හඩකින් කියවුනා

"ඔවු ඔයාලා හරි ...ඕනෙම තාත්තා කෙනෙක් කලබල වෙනවා මේ වගේ දෙයක් දැක්කම ...මමත් ගොඩක් කලබල උනා...මොනව කරන්නද කියලා හිතාගන්න බැරුව...ඔයාලගෙ අම්මට මේ ගැන කියලා වැඩක් නෑ එකයි මේ ගැන කතා කරන්න ඔයාලටම එන්න කියුවේ.....දැන් සමරිසි පනත නීතිගත් උනත් අපිට කියන්න බෑ ඔක්කොම ප්‍රශන විසදුනා කියලා...මේ රටේ මිනිසුන්ගෙ අදහස් එක අවුරුද්දෙන් වෙනස් වෙන්නේ නෑ..ඒ නිසා විනුලිට ඔයාලට මේ වගේ අපහාස කිරීම් ගල් මුල් වලට මූන දෙන්න වෙනවා...අපි හිතමු මෙහෙම දෙයක් කරපු කෙනෙක් අල්ලලා එයාට දඩුවම් දුන්නට වැඩක් නෑ...මේවගේ පහත් මාබසික තත්වයන් තියෙන මිනිස්සු පොලොවේ වැලිකැට ගානට ඉන්නවා...අපිට ඒ හැමෝ එක්කම රන්ඩු වෙන්න බෑ නේ...පාර ඉන්න බල්ලෝ ඕනෙ තරම් බුරනවා...ඔය හැම බල්ලගෙම කකුල් හපාකන්න අපිට බෑ..එහෙම උනොත් අපි පරදිනවා...අපේ ගමන යන්න බැරි වෙනවා...හූ කියන උන් හූ කියපු ඩ්ජෙන් බුරන උන් බුරපු දෙන් ඔයාලා විනුලිට උගන්වන්න ඕනෙ කවුරු මොනවා කියුවත් කඩාගෙන ඉස්සරහට යන්න....සමාජෙ කියන දේ මොකද්ද කියන එක වැදගත් දුර්වල මිනිස්සුන්ටටෛ...සමජෙ වෙනස් කරපු

නායකයෝ...සමාජෙට ඕනෙ විදියට නටපු රූකඩ නෙමෙයි...ඔයාල දෙනගෙ තියෙන කරේජ් එක පොඩි බබාටත් දෙන්න...ඔක්කොම භාදක බිදගෙන ඉස්සර්හට යන වීරකෙල්ලෙක් කරන්න එයාව...කවුරු මොනවා ඔයාල ගැන කියුවත් ලොකු උනාම එයාලා ඔය දෙන්නා තාත්තලා විදියට එයාව හරියට බලගත්තා කියන එක එයාට දැනෙනවන්ම් ඒක තමයි ඔයාලගෙ ජයග්‍රනය "

මැඩම් මම හිතන්නේ නෑ මේක පොඩි දරුවෙක් කරා කියලා ..එයාලට තේරෙන්නේ නෑ ...අනික් කෙනාව අපහාස කරන්න ඕනි කියන එක"
"ඔවු ඔයා හරි...අපි මේක පොඩි දරුවෙක් කරපු දෙයක් නෙමෙයි අපි මේක සුලුවෙන් සලකුවේ නෑ"
"දුව අපිට මේක ගැන කිසිම දෙයක් කියුවේ නෑ"
"ඔවූ එයා ඔයාලට කරදර කරන්න කැමති නැතුව ඇති....ඒ වගේම එයා දන්නෙ නෑ මේක කුනුහරුපයක් අපහාසයක් කියලා...අපි පොඩි බබා ඉස්සරහා කලබලවෙලා තරහ ගත්තහම ...මේක හොද නැති වචනයක් කියලා කියුවහමයි එයා ඒවාගෙන දැනගන්නේ...ළමයි ඉපදෙනකොට කුනුහරුප ඉගනගෙන එන්නේ නෑ..පස්සෙ සමාජෙනුයි ඒවා උගන්වන්නේ...අපේ ටීච මේක හොරෙන්ම ඩෙස්ක් එකෙන් ගලවගෙන ඇවිත් අපි කිසිම දරුවෙක්ට දැනෙන්න දුන්නේ නෑ...මේ වගේ දැයක් උනා කියලා..අපි කතා කරානම් මේ ගැන ලමයි මේවා ගැන හිතන්න හොයන්න් අහන්න් අගන්නවා..එක විනුලිට හොද නෑ"

"මේක කරපු බබාව දන්නවද මැඩම්...මම කියන්නෙ ඒ පුන්චි බබට පනිශ් කරන්න නෙමෙයි ඒත් අපි එයාගෙ දෙමවුපියො ගැන දැනගෙන ඉන්න එක හොදයි"
"ඔවු ඇත්තටම මේක විනුලිගෙ පන්තියෙ දරුවෙක් නෙමෙයි කරලා තියෙන්නේ වෙන පන්තියක පුතෙක්.....එයා පන්තියට ඇවිත් යනවා...උදේ පාන්දරම තව දුවෙක් දැකලා...මේක පොඩි ලමයෙක්ගෙ අකුරුවගේ පෙනුනට ලොකු කෙනෙක්ගෙ වැඩක් ...ඒක අපි අකුරු පිලිබද විශේසක්නයෙක්ට යවලා බැලෙවුවා...මේක වම් අතකින් කියපු එකක් ...අපේ අකුරු විසේසක්නයා...මේ කොලේ ස්කෑන් කරලා එයාගෙ ඇප් එක්කට දාල බැලුවා..ඒකෙන් වමත් අකුරු දකුනත් නෝමල් අකුරු කරනවා...පස්සේ මම් කොම්පියුටර් එකෙන් ගත්ත ප්‍රින්ට් අවුට් එකයි අර අපි අදුන ගත්ත දරුවගේ පේරන්ට්ස් ලෙටර් බුක් එකයි එක්ක බැලුවා...ඒ පොතේ වැඩි පුර ලියලා තිබුනේ එයාගෙ අම්මා...ඒත් අපිට එක නෝට් එක්ක ලැබුනා තාත්තා ලියපු එක්ක..ඒ අකුරු හරියටම අපි ප්‍රින්ටවුට් ගත්ත කොලේ අකුරුවලට සමානයි"

"" තෑන්ක්ස් මැඩම් අපි වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලානේ""
"නෑ මේක ඔයාලගෙ ප්‍රශනයක් නෙමෙයි...මගේ ඉස්කොලෙ විනය ගැන ප්‍රශනයක්...මේක මම විසදන්න ඕනි...අනික මේක එක විදියක ලමා අපචාරයක්...දෙමවුපියන්ගෙ පහත් ආශාවක් සන්සිදවගන්න කීසිම දෙයක් නොදන්න කිරිසප්පයෙක් යොදාගත්ත..බොහොම පහත් ක්‍රියාවක් ...ඒකට එයාලට දඩුවමක් තියෙන්න ඕනි"
"මම ලමාමනෝවද්‍ය වරයෙකුයි ලෝයර් කෙනෙකුයි එක්කගෙන ඇවිත් අර පුතාට නොදැන්නෙන එයාගෙ ප්‍රශ්න කරා...පොඩි එකා පවු ඔක්කොම කියුවා...එයාගෙ තත්තා නිතරම කියනවලු විනුලිගේ තත්තලා ලනකාව විනාශ කරන නරක අය...එයාලට හොද පාඩමක් උගන්වන්න ඕනෙමයි කියුවලු.....පොඩි එකාට කියලා උදෙන්ම ගිහින් විනුලි බබාගෙ මේසේ මේක අලවලා එන්න...කාටවත් කියන්න එපා කියලා"
"අයියෝ මට තේරෙන්නෙ නෑ මිනිස්සු මේතරම් නරකද?"
"ඔවූ එහෙමයි....මටත් කනගාටුයි මට මේ ප්‍රශ්නෙන් පස්සේ ඒ පුතාව මේ ඉස්කෝලෙ තියාගන්න බෑ...මම එයාව අයින් කරා...එයගෙ තාත්තට විරිද්දවත් පොලීසියට පැමිනිලිකරා සාක්ශි ඇතුව...ඒ තාත්තා කලින් අගමැතිගෙ පෞද්ගලික ලේඛ්ම් කෙනෙක්...එයා හිරේ ගියාම මේ මනුස්සyඅට ජොබ් එක නැති වෙලා ඒකයි ඔයාල ගෙන මේතරම් තරහෙන් ඉදලා තියෙන්නේ"

"අපිත් දුකයි මැඩම් ඒ පුන්චි පුතාට මේකෙන් ප්‍රශ්නායක් උනාට"
"ඔවු ඒත් අපිට ...මේවගේ ප්‍රශෙනකට පස්සේ තවත් එයාව මෙහේ තියාගන්න බෑ..ඒක අනික් ලමයින්ටත් තර්ජනයක්....මට කියන්න ඕනි උනේ මේකයි......මේක එක ප්‍රශනයක් විතරයි...පොඩි ප්‍රශනයක් ඒත් ඔයලට දොගටම ප්‍රශන එයි...ඒවට මූන දෙන ගමන් විනුලිවත් හොදට පුරුදුකරන්න ඕනෙ ප්‍රශෙන්කට මූන දෙන්න...තාත්තලා දෙන්නෙක් එක්ක ඉන්න කෙල්ලෙක් නිකම්ම ලද බොලද ගෑනු ලමයෙක් වෙලා බෑ..ඒ කෙල්ලත් කොල්ලෙක් වගේ හාඩ් ටෆ් දක්ශ කෙනෙක් වෙන්න ඕනි"
අපි මැඩම්ට ස්තූති කරලා එන්න පිටත් උනා ...
"මේ...ඔයාලා දෙන්නා පොඩි වැඩක් කරනවද....,මම් යූ ටියුබ් එකේ දැක්ක ඔයාලගෙ වෙඩින් එකේ ටයිටැනික් සින්දුව ප්ලේ කරනවා...මගේ ටීචර් කේනෙක් ඉන්නවා හොද ලස්සනට සින්දු කියනවා ...එයත් එක්ක එකතු වෙලා අද හවස මන්ත්ලි මීටින් එකේදි ඔයාලා පෆෝම් කරන්න...ඒක හොදවෙයි මොකද ලමයි න් ගෙ හිත්වල ඔයාලා විනුලි වීරයෝ වගේ මතක හිටී ඒක හොදවෙයි විනුලිට යාලුවො හදාගන්න ....ඉස්කොලෙ ඇතුලෙ ගෞරවයක් ඇති කරගන්න ...මේවගේ ප්‍රශන් වලට මුහුන දෙන්න. "
"ඔහ්හ්....තාත්තී අප්පච්චීත් ඉස්කෝලෙ ඇවිලා....නියමයි" අපි දෙන්නා දැකපු ගමන් එයාගෙ පන්ති කාමරේ ඉදලා චූටි දුව එලියට දුවලා ආවා
ඉන්ටවල් එක නිසා මිස් කෙනෙක් හිටියෙ නෑ පන්තියේ
පොඩ්ඩි එයාගෙ යාලුවො කියලා පුන්ච් පැටවු ටිකක් එක්කගෙන ආවා
"අන්කල් විනුලි කියනවා...ඔයාලා එයාව ලොකු කැලෑවක තියෙන උස ගලකට එක්ක ගියාලු...මුද මැද්දේ ඔයාලා එක්ක පීනලා කැස්බෑවො බැලුවලු....අපේ තාත්ති අඩුම ගානේ මට පාක් එකේ පලම උඩට වත් යන්න දෙනේ නෑනෙ...ඔයාලනම් ශෝයි....මටත් ඕනි ඔයාලවගේ තාත්ති කෙනෙක්"
අපි පොඩි උන් ගෙන් සමු අරගෙන මියුසික් රූම් එකට ගියේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න
මැඩම් කියාපු කතාව හරි අපි තුන්දෙනාගෙ ඉදිරිපත් කිරීම නිසා ලමයි අතර දුව තරමක ජනප්‍රිය උනා...වගේම එයාට යාලුවොත් ගොඩක් ඇති උනා
එදා රෑ නිදාගන්න ගිහින් අපි දුව එක්ක ප්‍රශන ගැන කතා ලරා එයාට නොදැනෙන්න
"චූටී ඔයා ඔයාගෙ ස්කූල් එකට ආසද?"
"ඔවු ඒක ශෝක් මම හරි ආසයි ස්කූල් යන්න
"දුවට යාලුවොඉනවනේ ...අපිත් දැක්කේ""
"ඔවූ ගොඩක් ඉන්නවා"
"දුව ගෙ ක්ලාස් එකේ හරි වෙන කලාස් වල හරි නෝටි ලමයි ඉන්නව්ද?"
"ඔවු ලන්ච් බොක්ස් එකේ කෑම ඔක්කොම කන්නෙ නැති ලමයි ඉනවා...ටීචර් දුන්න වැඩ බාගෙට කරලා පන්තිය වටේ ඇවිදින ලමයි ඉන්නවා....ටීච කතා කරද්දි පන්තියෙ වතුර ඉහිරන කතාකර කර ඉන්න ලමයි ඉන්නව"
"එහෙම නෙමෙයි ඔයාට විහිලු කරන අය....ඔයාට ගහන කොනිත්ත ටොකු අනින අය ඉන්නවද?"
"නෑ තාත්තී අපේ ක්ලාස් එකේ ලමයි වෙරි ගුඩ් එයාලා එහෙම කරන්නේ නෑ කාටවත්ම "
"දූට කවුරු හරි බැන්නොත් හරි ගැහුවොත් හරි මොකද කරන්නේ"

"මම ටීචර්ට කියනවා...ආච්චිට කිය්නව....ගෙදර ඇවිත් තාත්තිට කියනවා...."

"අයියෝ ගැහුවොත් ගහන්න එපැයි...මොකටද බය වෙලා ඉන්නේ..,,අප්ප්ච්චි ඔයාට කරාටි ශොට් පුරුදු කරලානේ තියෙන්නේ  .........අපිටත් ලැජ්ජයි ඔයා ගුටිකාලා ගෙදර ආවොත් "

"මොනවද විනෝද් මේ කියන විකාර කතා...පොඩි එකා හැමෝම එක්ක රන්ඩුවෙන්න ගනී....
තත්තා විහිලු කරන්නේ බබා ඔයා ඒවා අහන්න එපා ..... ඔයා හරි..ඔයාට කරදරයක් නම් අපිට කියන්න ඕනි හරිද?"

සූකිරි මාව කොනිත්තන ගමන් කියුවා

""දුව ඔයාට විතරයි අම්ම නැතුව තත්තලා දෙන්නෙක්ම ඉන්නේ ඒක ගැන කවුරු හරි ඔයාට විහිලුකරෳත් මොක්ද කරන්න්නේ ""

"අන්න එතකොට දෝනිට කේන්තියනවා ගොඩක්...තත්තිට හරි අප්පච්චිට හරි විහිලු කරත් මම් ගහනවා එයාලට...මෙහෙම ඩිශුම්...මෙහෙම ඩිශුම්" දුව පුන්න සෝමට ගහගෙන ගහගෙන යනවා

"හෝවූ හෝවූ මගේ කොටි පැටියා...පුන්න සෝම පවූ ඔහොම ගහන්න එපා....,මම් කියන දේ අගන්න පොඩ්ඩක් ඔයාට තේරෙන්නේ නැතිවෙයි දැ ඒ උනාට අහගෙන ඉන්න...කෝ ඉතින් අප්පච්චිගේ මූන බලන්න මගේ සුදු දෝනී"

"ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්"

සූකිරි නාහෙන් පොඩ්ඩිගේ බඩ කිති කවන නිසා එයා බුබූ බූ ගාලා කෙදිරිගානවා...එයා ඒකට හරි කැමතී..පූස් පැටියෙක්ගෙ නිකට යට අතගානවා වගේ එයා පුරු පුරු ගාලා නිදාගන්නවා

"සුදු දූ අපේ පවුල අනික් අයට වඩා වෙනස් ....ඔයා ඒක තේරුම් ගන්න ඕනි....අපි නෝමල් ෆැමිලි එකක් නෙමෙයි...සුපර් ෆැමිලි එකක්....ඒනිසා ඔයාට අම්මි කෙනෙක් නෑ...තාත්තී අප්පච්චී ඉන්නේ...

දන්නවද මිනිස්සු නෝමල් නැති දේවල් වලට බයයි...එයලා හිතන්නේ එයාලට වඩා වෙනස් හැම දේම නරකයි කියලා...වෙනස් යට මිනිස්සු බයයි...මගේ චුටියට තාම තේරෙන්නේ නෑ...සමහර මිනිස්සු අපිට පිස්සු කියයි...අපිට ලෙඩක් තියෙයි කියයි...ඒ මොනව කියුවත් ඔයා දන්නවා අපිට කිසිම ප්‍රශනයක් නෑ...අපේ ප්වුල අනික් හර්මෝටම වඩා හොදින් අනික් හැමොටම වඩා සතුටින් ඉන්න්වා...අනික් අය කියන එක වැදගත් නෑ..අපි හිතන විදිඅයයි වැදගත් ..අපි සතුටින් ඉන්න එකයි හරිම වැදගත්...ඔයා අපි දෙන්නව වැදගත් වටිනවා කියලා හිතන තාක් කල් අනික් අය මොනව කියුවත් අපිට දුක හිතෙන්නෙ නෑ....හැබැයි ඔයා දව්සක අපි නිස ලැජ්ජවෙනවා.අපි ගැන කලකිරිලා කියුවොත් අපිට ගොඩක් දුක හිතෙයි අපි ගොඩක් අඩයි

කවුරු මොනව කියුවත් කමක් නෑ...අපි තුන්දෙනා...අච්චි...ආයා..සෝමා...තාත්තිගේ යාලු මාමිලා අපි ඔකෝම එකට ඉන්නේ...ඔයාට අනික් අය විහිලු කරාට කිසිම වෙලාවක දුක හිතන්නත් එපා අඩන්නත් එපා....ඔයා අපි ගැන ආඩම්බර වෙනවා...අපි ඔයා ගැන ආඩම්බර වෙනවා...ඒ ඇති...ඔයාට හිතට දුක හිතුනොත් ඇගට මොනවා හරි අමාරුවක් දැනුනොත් ඕනෙම දෙයක් අපි දෙන්නට කියන්න ඕනි....අපි හැම වෙලේම ඔයාට උදවු කරනවා...අපේ සුද්දිව බලා ගන්නවා..ඒනිසා කිසිම දව්සක කිසිම දෙයක් අපිට නොකිය ඉන්න එපා....අපි ඔයා මොනව කියුවත් තරහ ගනෙත් නෑ,....ඔයාට පනිශ් කරන්නෙත් නෑ...යාලුවන්ටත් කියන්න කලින් අපි දෙන්නට කියන්න....හරිද්?.....කියන්න බ්ළන්න දැන් කවුද ඔයාගෙ හොදම යාලුවෝ"":
"තත්තී...අප්පච්චී...ආච්චී...."
"හොද කෙල්ල හොදට මොලේ තියෙනවා"
"ඒත් තාත්තී මම මගේ දේවල තව යාලුවෙක්ට කියුවට කමක් නැද්ද"
"ම්ම්ම්, කවුද ඒ"
"පුන්න සෝම"
"ආආ..කමක් නෑ එයාට අනිවාර්‍යන් කියන්න ..හැබැයි එයාට කියන රහස් අපිටත් කියන්න ඕනි...හරිද..."

"බබා ඔයා තරහගන්න බෑ දෙයක් කියන්න තියෙනවා"

"මොනාද තරහ ගන්නවද තරහ යනවද තරහ එනවද කියලා හිතාගන්න ඔයා කියන්න"
"බෑනෙ ඉතින් ඔය දැනටම මල පැනලානේ"

"මම් දන්නවානේ ඔයා බබා ඩාලින් ගාගෙන ආවොත් මොනව හරි මරාලයක් තමයි"
"අපෝ ඔයානම් හරිනරකයි මම් ගැන හිතන් ඉන්නවිදිය තමයි නේ ඔය"

"හරි හරි අර්ලු බුලු නෙල්ලි එපා කෙලින්ම කියනවා මොකද්ද කේස් එක "
"මට සති දෙකකට ඉන්දියාවෙ යන්න වෙලා"

"අපෝ ඉන්දියාවෙද...චාන්ස් එකක් ගන්නකෝ ප්‍රන්ශෙවත් යන්න....අරුන් හරි බලලා එන්න පුලුවන්"

"හරි හරි අපි මේ ගමන ගිහින් ආව ගමන්ම යුරෝප් වල ටුවර් එකක් යමු"

"ඔවු ඔයි ඇමති සැමියෙක් කියනත් ලැජ්ජයි තාම ප්ලේන් එකකට නැගලා නෑ...අඩුම ගානේ මාව ජැෆ්නා හරි ට්‍රින්කො හරිවත් ර්ක්ක යනවා සී ප්ලේන් එකක"

"සී ප්ලේන් ...හෙලිකොප්ටර් වැඩක් නෑ....මම ඔයාව ගෙනියනම් හොදම් එයාලයින් එකක් ෆස්ට් ක්ලාස් හරි බිස්නස් ක්ලාස් හරි,,,ලෝකෙ වටේම"

"ම්,,,ම්ම්ම්....ඕවා දවල් හීන නේ...මේ ඉන්දියාවෙ යන්න දැන් ඇදුම් ගන්න එපෑයි "

"කොහොමද අපි ඇමරිකන් ප්‍රසිඩන්ට් වගේ ප්‍රයිවට් ජෙට් එකක් ගත්තොත්"

"අනේ මේ පම්පෝරි කෙලෙන්න එපා ඕයි...කියනවා අපි කොහෙද ඉතින් ඉන්දියවෙ යන්නේ...දිල්ලිද මුම්බායිද ...ඔන්න චෙනායි කල්කටා නම් බෑ"

"මෙහෙමයි ඒයි....මේක මට විතරක් යන්නවෙන ඔෆීශියල් ට්‍රිප් එකක්"

"මොකා තමුසෙ විතරක්...ඇයි ඔයා විතරක් යන්නේ...වෙන ඇමතිලා යනකොට ප්ලේන් එක පිරෙන්නම නෑයෝ අරගෙන යනවා...ඇයි ඔයාට බැරි"

"නෑ පුලුවන්...ඒත් මේක එහෙම ජොලි ට්‍රිප් එකක් නෙමෙයි...මම යන්නේ ඉන්දියාවයි ලන්කාවයි අතර තියෙන ලොකු ප්‍රශ්නාය්ක් විසදන්න රාජ්‍යතාන්ත්‍රික සාකච්චා ආර්ම්භ කරන්න"

"මොකද්ද ඔයතරම් ලොකු කේස් එක ඉන්දියාව එනවද අපිව යටත් කරගන්න"

"මේකත් එක්තරා විදියක ආක්‍රමනයක්.. දකුණු ඉන්දියාවේ රාජ්‍ය පටනම් නාග අර්ජුන් වලින් ධීවරයෝ අපේ රටට එනවා....එක්කෙනෙක් දෙන්නෙල් නෙමෙයි මීමැසි රන්චවක් වගෙ මහා ගොඩක් ඇවිත් අපේ මුහුදේ තියෙන හැම හොද දෙයක්ම අරගෙන යනවා...ගල්ෆ් ඔෆ් මැනර් පෝක් බේ ඔක්කොම විනාශ කරනවා මුන්...යාපනේ ධීවරයො ලොකු ප්‍රශ්නෙක ඉන්නේ...අපි ලන්කාවේ බොටම් ට්‍රෝලින් තනනම් කරා සී ග්‍රාස් බෙඩ්ස් වලටයි කොරල් වලටයි හානිවෙන නිසා ඒත් මුන් මුලු මූදු පතුලම හූරලා දානව....දකුණු ඉන්දියන් නායකයො එක්ක කතා කරලා වැඩක් නෑ...ඒ ගොල්ලෝ මේ ප්‍රශ්නෙ වවගෙන කන්න හදන්නේ...ඒත් ඉදියන් ස්සෙන්ට්‍රල් ගවර්මන්ට් එක ටිකක් අපේ පැත්තට හොදයි වගේ...මම් ට්‍රයි කරන්නේ ඉන්දියාවේ දුශ්කර පලාත්වල ධීවර සන්ගම් එක්ක කතා කරලා එයාලගෙ පැත්තෙන් මේ ප්‍රශෙනේ තේරුම් අරගෙන අපිටයි එයලටයි දෙගොල්ලොන්ටම ගැලපෙන විසදුමක් යෝජනාකරන්න.. ඒක අමාරුයි...ගොඩක්ම දකුණු ඉන්දියාවෙ මුහුදු ගම්මාන වලට යන්න ඕනි....ඒ නිසා ඔයයි දුවයි ගිහින් වැඩක් නෑ...ඔයා දුවව බලගෙන ඉන්න මම සති දෙකෙන් එනවනේ ""

"ඇයි ඔයා තල්ල උඩ තියන් දුවන්නේ...නිකන් පැනලා දෙන්නේ නැතුව..ඕක විදේශ ඇමති හරි ධීවර ඇමති හරි විසදන්න ඕනේ දෙයක් නේ....අනික් අයගෙ විශන් කර ගහගෙන නිකන් විදවනවා..."

"අම්මෝ මට පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවට වඩා අමරුයිනේ මේ ගෙදර ඇතුලේ කතා කරන්න...විදේශ ඇමතී ධීවර් ඇමතී යනවා..ඒත් එයා එයාල කැමතී මම එනවනම් නෙගෝසියේශන් වලදි මම හොදට වැඩේ කරන නිසා"

"අනෙ මන්දා ඕයි ඔහෙලගෙ ආන්ඩුවටත් පාන්ඩුව...හැම මරාලයක්ම තමුසෙගෙ පිටට දානවා...ඒ උනාට මොනව හරි දෙයක් බෙදාගන්න කොටනම් සමානව බෙදන්න ඕනෙ හැමෝටම...ඔය වගකීමුත් සමානව බෙදන්නකෝ"

"අනේ මේ විකාර කියවන්න එපා...මගේ ලැගේජ් එක පැක් කරන්න උදවු කර්නවකො...ඔය විකාර පොඩි එක්කගෙ ඔලුවට දන්න එපා එයාව සති දෙකක් බලා ගන්න තනියෙම...මම ආවම ඔයාට සති දෙක තිනක නිවාඩුවක් දෙන්නම..මම ගෙද්‍ර වැඩෳක්කොම තනියෙම කරන්නම්..ඔයා මහත්තයෙක් වගේ ඉන්න කකුල්දෙකත් උඩ තියාගෙන"

" සෝමගෙ කොන්දත් ඇවිලිලා ඊයේ ගෙදර ගියා...මටයි ආයටයි තමයි තනියෙම ඔක්කොම කරගන්න වෙන්නේ...අම්මවත් ගෙන්න ගන්න ඕනි ගමෙන් "

"එපා නන්ගිට බාබා ලැබුන නිසානෙ ගියේ...එයාට තාම තනියෙම වැඩ කරගන්න බැරි ඇති..අපි මේ වෙලාවෙ අම්මාට එන්න කියුවොත් ඔයාල්ගෙ නන්ගිට තරයයි...අපි මේ වෙලාවෙ අපේ වැඩ කරගනිමු...මට විශ්වාසයි ඔයා ඒක හරියට කරයි"

"මාර කාලෙක නේ ඕයි තමුසෙත්... විකාර ගමන් තියාගත්තේ"

"අනික මට තව දෙයක් කියන්න තියෙනවා...ඒකටනම් ඔයාට හොදටම තරහ යයි..."
"ඇයි..දැනුත් මට තදවෙලා ඉන්නේ"

"මට සිද්ද වෙනවා අපේ ආරක්ශාවට දාපු ගාඩ්ලා 4ක් අරගෙන යන්න....අනික් ටික දෙනා නිදහස් උත්සවේ වැඩ වලට ඉ ල්ලුවා ...එක්කෙනෙක් විතරක් තියා ගන්න පුලුවන් අපේ ගේට් එක ලග""

"අවුලක් නෑ මේ රටට වටින්නේ ඇමති විතරයිනේ...එයාගෙ මිනිහයි දරුවයි නිකම්ම බරක් විතරයි මේ රටට...තමුසෙ ආරක්ශාවෙලා ඉන්නවා... අපි අපේ ගැන බලාගන්නම්"

"ඔයානම් හරිම දුශ්ඨයි හැමදේම වැරදි පැත්තමයි දකිනේ"

"දෙයියන්ගේ නාමෙන් ඔය කතාව නවත්තපන් තියෙන හොද හිතත් නැතිවෙන්නයි යන්නේ...මම කැමති නෑ දුවට පේන්න රන්ඩු වෙන්න"

මම ඇදුමක් හොයන්න් ඇරලා තිබුන කබඩ් එකේ රෙදි ඔක්කොම බිමට පෙරලලා පහලට ගියේ හිතේ තටහටමයි...දැන් සෝමත් නැතුව ඔය රෙදි තනියෙම ඕකම නවපු දෙන්
මම් හිතේ තරහට ගේ වටේ බයිසිලලේ පැද්දා

Continue Reading

You'll Also Like

919K 10.1K 100
ထိုနေ့ည က မှားသွားတယ့် အမှားတစ်ခုက ကျွန်မဘဝ တစ်ခုလုံးနဲ့ ပတ်သက်မိသွားလိမ့်မယ်လို့ မထင်ခဲ့မိဘူး....... ပြီးတော့ ပတ်သတ်မိသွားတယ့်သူက ဘာလို့ သူဖြစ်န...
1.4M 59.4K 70
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
440K 23.1K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
255K 6.8K 70
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."