Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 63 and ep 64

909 117 2
By ShiranSuneth

Ep 63
අමුත්තෙක් බැන්කුවෙට් හෝල් එකට ඇතුල් වෙනකොටම හිතෙන්නේ
ෆෝසෙන් Frozen ෆිල්ම් එකේ අර්නෙන්ඩල් මාලිගාවට ඇතුල් වෙනවා කියලයි
වෙඩිමේ තේමාව ෆ්‍රෝසෙන් Frozen
තනිකරම කලු වහලේ සුදුපාටට දිලිසෙන අයිස් ෆ්ලේක් හැඩේට හදපු බල්බ් දහස් ගන්නක්
හැමතැනකම වගේ ෆ්‍රෝසන් Frozen චරිත අයිස් වලින් කොටපු පිලිම තියලා
ඒවා වේගෙන් වේලෙන එක නවත්වන්න ස්පොන්ටේනියස් කූලර්‍ර තිබුන නිසා..එම අයිස් හැටයම් දිය නොවී උත්සවේ ඉවර වෙනකන්ම තිබුනා
ඔක්කොම ටේබල් ඩෙකෝ සුදු රෝස සුදු කපුරු සුදු ජර්බෙරා වලින්
එක එක ටේබල් එකේ ඒකටම අනන්‍යවුන ලස්සන් සැරසිල්ලක් ඇතුලත් උනා
අයිස් මෑන් ගේ හැඩේට හදපු මන්ගල කේක් අඩි අටක් විතර උසයි...මාම්ත් ඒ කේක් එක ලගදි අගුටු මිට්ටෙක් වගේ දැන්නෙවා

හින්නගෙන් මම ඇහුවහම ඇයි ෆ්‍රොසෙන් තෝරගත්ට්ගේ වෙඩින් තීම් එකට
එයගෙ උත්තරේ උනේ ෆ්‍රෝසන් කතාවේ ආදරනීය සහෝදරියො දෙන්නෙක් ඉනවා ඒ දෙන්නා එකිනෙකා වෙනුවෙන් කැප වීම් කරනවා අවසානේ එක්කෙනෙක් විවාහ වෙනවා...අනික් එක්කෙනා ආදරනීය විදියට තමන්ගේ සහෝදරීට සමුදෙනවා
හින්නා කියනවා දැන් අපි දෙනත් සහෝදරයො වගේ...ඉතින් එයයි මමයි එලාස් ගෙයි අන්නාගෙයි මේල් වර්ශන් එකලු කොහොම උනත් ඒ තිම් එක මාරම ලස්ස්නට ගැලපුනා වෙඩින්නෙකට

නාලා ගිරී ඇත් රජු ඇතිතෙක්ම රා බී
සෝකෙන් බිරිම්දෙන හෙන හඩ නැගද්දී
මෙත් සිත් දියෙන් බුදුන්ගේ දැමුනුබව සත්‍යයි
ඒ තේජසින් අප සැමට ජයමගුල් උදාවේ වා

නලා ගිරින් ගජවරම් අතිමත්ථ භුතන්
ධාවග්ග චක්ක මසනීච සුදාරණන්තන්
මෙත්ත. කුසේඛු විදිනා ජිතවා මුනින්දෝ
තන් තේජසන් බවතු තේ ජය මන්ගලානී

ජයමන්ගල ගාථා පසකින් ඇහෙද්දී
හින්නගේත් සච්නිගේත් අතැගිලි බැදිලා තිබුනා ගෞරවයෙන්
පෝරුවේ එක පැත්තක ශයින් එකක් තිඋඑන කලු ස්ලිම්ෆිට් ෆුල් සූට් එකේ කෝට් එකේ කලු පාට මෝස්තරයක් දිලිසෙන කලු නූලෙන් එම්බ්‍රොඉඩර් කරලා..ක්‍රීම් පාට එම්බෝස් කරපු වෙස්ට් කෝට් එක...නිල් සුදු කවලන් උන වෙඩින් කේක් පෙට්ටිය වගේම පේන බෝ එකක් දාගෙන මමයි සූකිරී ඩස්පියයි හිටගෙන හිටියා

අනෙක් පැත්තේ අපේ ෆ්‍රෝසන් ඇනිමේශන් මූවී එකේ එල්සා අන්තිම සීන් එකට ඇදන් හිටිය ජාතියෙම දිග ගවුමක් ඇදගෙන ඇදගෙන මනමාලිගෙ මල් බොකියත් අරන් සමනලී

එයා ලගම නැගිටලා ඉන්නේ එයාගෙ පාටම එයාගෙ විදියෙම ගවුමක් ඇදගෙන අපේ බට්ටි විනූ බබා
ලොකු මල් කූඩෙයි දාපු අඩි උස සපත්තු දෙකයි බැලන්ස් කරගෙන බට්ටී පෝරුවේ ඉස්සරහා නැගිටලා ඉන්නැකත් ලොකු දෙයක්
වයස හතර උනාට බට්ටිගෙ දැනුම හැසිරීම අවුරුදු 8ක විතර ළමයෙක් ගෙ වගේ...
හෙන කන්ෆිඩන්ස් පිග බට්ටි ඉන්න ඉ රියවුව නිසාමවෙඩින් එකේ ගොඩක් අයගෙ ඇස් තිබුනේ පෝරුව උඩ ඇගිලි පටලන් ඉන්න කපල් එක දිහා නෙමෙයි පොඩි එකී දිහාවටයි
සච්නිගේ ෆිශ් ටේල් ලේස් ෆ්‍රොක් එක ඇහටම ඇලිලා ඇගයි ගවුමයි වෙනස අදුන ගන්න බැරි තමටම...මගේ ජීවිතේට දැකපු ලස්සන මනමාලී
ඇත්තටම එයා පෙනුනේ ෆ්‍රෝසන් ටූ එකේ එලිසා කුමරිය සජීවීලෝකෙට ඇවිත් වගේ

හින්නගෙත් ප්‍රතාපවත් බවයි උසගතියයි ඇගේ හැඩයයි කැපී පේන්න සුට් එක ඩිසයින් කරලා තියෙනව
ඇදුම ඇතුලෙ බොහොම සූක්ශම විදියට දපු ස්පොන්ච් කම්බි නිසාහිනත් මමයි ඩස්පියයි සූකිරි තරමටම මැස්කියුලර් පෙනුමක්...ඒකියන්නේ මාන්ශ පේශීන් ලස්ස්නට හැදුන පෙනුමක් ලැබිලා තිබුනා
අපේ ලොකු කම අපිම කියනවා නෙමෙයි ඇත්තටම ගෲම් බ්‍රයිට් බ්‍රයිමේඩ්න් බෙස්ට්මෙන් ෆ්ලවර් ගර්ල් ඔක්කොම එකම විදියට ලස්සනට පිලිවලට ගැලපිලා තිබුනා
සච්නි එයාගෙ ඩ්‍රෙස් ඩිසයිනින් වල හොදම නිර්මානය අපි හරහා එලිදක්වලා තිබුනා
ආරාධනා කරපු අමුත්තන්ගෙන් වැඩි දෙනෙක් උදෙන්ම ඇවිත් තිබුන නිසා බැන්කුවෙට් හෝල් එකේ වැඩි කොටසක් දැනටමති පිරිලා

ඊයෙ රෑ දුව නිදියගත්තේ අපි දෙන්නා මැද්දෙන්
උදේ සච්නි සැලෝන් එකට යන වෙලාවටම අම්මයි සමනලී දුවයිත් එක්කගෙන යන්න ඕනි
උදේ දෙකට අපි දෙන්නා නැගිට්ටෙ හොරෙන් දුව ඇහැ ඇරෙන නිසා
සූකිරි මගේ රැවුල ට්‍රිම් කරා...කම්මුල් දෙක ලග ශේවු කරා
මමත් මට හොදයි කියලා හිතෙන විදියට එයාගෙ රැවුල කැපුවා... එයා මම දාපු කට් එකට කැමති උනා
රැවිල කපලා අපි දෙන්නා අපි දෙනගෙ රූපේ කන්නාඩියෙන් බලන් හිටියා
සුදූ අපිට වෙන රටකට ගිහින් අපි ගැන දන්න යාලුවො කීප දෙනෙක් එක්ක අපේම වෙඩින් එකක් ගන්න පුලුවන් පස්සේ දවසක...ඒත් මේ වගේ ඔයාගෙ යාලුවො නෑයො ඔක්කොම එකතු කරලා පෝරුවක් උඩ ඉදන් අපිට බදින්න බැරි වෙයි....සූකිරි මගේ මූන බලන් කියුවා
කමක් නෑ...දැන් අපි ඉන්නේ කොහොමත් බැන්දා වගේ නේ
ඔයා අද හිතාගන්න පෝරුව උඩ ඉන්නේ සචී හිනයි නෙමෙයි මමයි ඔයයි කියලා...මම ඔයාගෙ ඇගට හේත්ත්වෙලාම ඉන්නම් පෝරුව ලග....මට ඔයාට ඇත්තට ලබා දෙන්න බැරි ඒ මොහොත අපි අද හිතෙන්වත් අත්විදිමු
මට සූකිරි ගැන මාරම ආදරයක් ඇතිඋනා...එයා මම ගැන හැම දෙයක්ම හිතනවා...මගේ මැනික
දූලව අන්දන තැනට දාලා...ඕන බඩු අනම් මනම් හෝටලේට දාලා...අපි ආයෙ ගෙදර ඇවිත් රෙඩි වෙද්දි සූකිරි තනිකරම හිටියේ අපේම වෙඩින් එක වෙනවා කියන මූඩ් එකේ
එයා මගේ ඇදුම අන්දලා ඒකෙ හැඩ බැලුව විදියෙන්...මගේ කොන්ඩෙ ජෙල් ගාලා ස්ටයිල් එකට හදපු වෙලාවෙත්...බෝ එක දාපු වෙලාවෙත් අන්තිමට මගේ කෝට් එකට මල් ගහපු වෙලාවෙත් එයා කියාගන්න බැරි තරම් ආදරේකින් හියියේ
එයා අන්තිමට රෝස මල කෝට් එකේ එකේ ගහලා මට පරන මුද්දම දාලා කියුවා...
ඔයා මගේ මැනික සදහටම
ඒක කවදාවත් අමතක නොවෙන විදියටම හිතට කා වැදුනා මගේ
පෝරුව ලග හිටියෙ අපි එක පෙලට...මගේ උරහිස සූකිරිගෙ උරහිසට කිටි කිටියෙ තදවෙලා
අපි දෙන්නම හිටියෙ එකට ඒකාත්මික උන සිතුවිල්ලකින්
පෝරුවෙ වෙන හැමදේම අපිට වෙන දේවල් කියලමයි දැනුනේ
මට ඒක වැඩි පුරම දැනුනා...මකද අපේ අම්මා හින්නගෙ අම්මගෙ පාර්ට් එක ඇක්ට් කරපු නිසා
මනමලි ඇඩුවෙ මොකටද මන්දා...මට නම් ඇත්තටම් ඇඩුනේ ..අම්මගෙ ගුන කියන කවි ඇහිලා...මේ වගේ හොදට හදපු දරුවෙක් අද වෙන ගෙදරකට දෙනවා කියපු වෙලේ...
සචිනිගේ අම්ම හින්නගෙන් ලැබුන සාරිය ඔලුව උඩ තියාගෙන යද්දි
මම තරමටම සූකිරි ඉමෝශන් වෙලා ..එයා ගෙ හැගීම උත්සන්න උන නිසාම වෙන්න ඇති කවුද ඉන්නේ කියලාවත් හිතන්නෙ නැතුව මගේ අත ඇදලා අරන් එයාගෙ සුලැගිල්ලේ පටලවා ගත්තා
ඩස්පියා අපිට ගොඩක් ලොකු උදවුවක් කරා..අපි දෙනගේ හැසිරීම් උදේ ඉදලා වීඩියෝ කරලා එයා අපිට ලසන වෙඩින් වීඩියෝවක් තෑගි දුන්නා
ඊට පස්සේ අපි දෙන්නා එකට ඉදලා මොන වීඩියෝ හැදුවත්...මමයි සූකිරී දෙන්නම අපේ වෙඩින් වීඩියෝ එක විදියට පිලිගනේ ඩස්පි හදපු වීඩියෝ එක..ඒක ඒතරම්ම ආදරනියයි

ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි ඒත් මටත් සූකිරිටත් ඕනෙ උනා...පෝරුවෙ චරිත්‍ර ඉවර උනා විතරයි අපි දුවව්ත් වඩන් ගිහින් අම්මට වැන්දා...ඒ වෙලවෙ මට ලොකුවටම ඉකි ගැහුනා...හේතු දෙකක් හිනදා...අපේ අම්මා කොයිතරම් බලන් හිටියත් මේ වගේ මගුලක සතුට මට එයාට දෙන්න බැරි වෙන නිසා
දෙවෙනි එක එයා මොනව උනත්න්මගේ අම්මානේ...අම්මාට බොරු කරන්නවෙන එක දිගටම...මට ඇත්ත කියන්න පුලුවන්නම්...අපේ අම්මට ඒ ඇත්ත පිලිගන්න පුලුවන්නම් මොනතරම් හොදද?
"වෙන කාගෙවත් මගුල...මේ මොකෝ මෙයා අඩන්නේ...මගුල පරක්කුවෙන නිසද?....දුක් වෙන්න එපා ...අපි ඉක්මනටම හොද කෙල්ලෙක් හොයලා එකත් ඉවර කරමු...මම ඒ වෙඩිම ගන්නේ මල් හතට"
ඒකෙන් මට තවත් අවුල් ...මම අම්මාව බදගෙන ම අඩන්න ගත්තා
"මේ මොන විකරක්ද බන්...අර මිනිස්සුත් බලන් ඉන්නවා....උබලා දෙන්නා මේ ගෑනු වගේ අඩන්නේ...පිරිමිය්‍රක් වගේ ඉදපන් පුතේ"
අම්මා මට සැර උනා
"අම්මේ මට දෙයක් කියන්න තියෙනවා...ලොකු දෙයක් "
"හා හාඅ ලොකු හරි පොඩි හරි පස්සෙ කියපන්...පේනවනෙ මෙතන මට වෙඩ වෙහි වෙහෙලා...අර බලපන්කො ඉතින් ජෝඩුවෙ සෙටියෙ ලගින්න යනවා පෝරුවෙන් බැස ගමන්....දෙන් තියෙන්නෙ ශස්‍රීක මේසෙ පහන පත්තුන්කරන්න...ඊට පස්සේ..අර කේක් එක කපන්න...මේ සච්නි කෙල්ලගෙ ගෙදර උනුත් බබාල වගෙ ...මීට කලින් වෙඩිමකට ගිහින් නැද්ද මන්දා "
අම්මා දුවවත් අතින් ඇදගෙන ජෝඩුව ලගට ගියා
හිතේ තිබුන ලොකු බරක් කියලා නිදහස් කරගන්න තිබුන චාන්ස් එක නැති උනා...සූකිරි ලොකු සුසුමක් පිට කරලා මගේ අත මිරිකුවා
කලබල වෙන්න එපා අපිට තව කල් ට්නියෙනව හෙමින් කියමු

මගුල් ගෙදර හිටපු සියල්ලන් අතරින්ම නායිකාව වගේ කැපී පෙනුනේ අපේ අම්මා
ඇති තැනකුත් නෑ නැති තැනකුත් නෑ
අමුතන් පිලිගන්නවා එයාලට ශීට්ස් පෙන්නවා..දන්න නොදන්න හැමෝ එක්කම වචනයක් හරි කතා කර්නව..කෑමට වතුල අල්ලන්න ..මනාල යුවලට ලැබෙන තැගී බෝග එකතු කරන්න එකී මෙකී නොකී දහසක් වැඩ
අම්මට ගෙදර බඩු කොහෙද තියෙන්නේ කියලා හරියටම කියන්න පුලුවන් ඒ හැකියාව අපිට ගොඩක් ප්‍රයෝජනවත් උනා මොකද අම්මා සශ්‍රීල මේසෙට ඕනෙ ධාන්‍ය ඇටේ ඉදලා කේක් එක කපන පිහිය මනමාලිගෙ මනලායගෙ මුදු රත්තරන් බඩු එකී මෙකී නොකී හැම දෙයක්ම තියෙන තැන එයාට හරියටම මතකයි
ඒනිසා අපිටත් ඕනෙ එකටයි එපා එකටයි අම්මේ අම්මේ කිය කිය එයාගෙ පස්සෙන්ම යන්න උනා
පෝරුවේ චාරිත්‍රවෙලාවෙදි පොරෘවට ඉ ල්ලන එක එක දේවල් දෙනත්..ඔයා මෙතැන්ට යන්න...මෙතැන තියලා පොල් ගෙඩිය බිදින්න..ආ දූගෙ දකු අත දික්කරන්න..මනුසායෝ ගොඩක් වතුර වක් කරන එපා ඔය ඇගිලි විතරක් නෙමයි පෝරුවත් තෙමෙනවා...මින්න අයෛයේ විශෙවාස කරලා ඔයාටමයි පොල් ගෙඩිය බිදින්න දුන්නේ හරියටම වැඩේ වෙන්න ඕනේ
අක්කේ ඕඕඅ ඔලු උඩ තිහන් යන්න
ආඅ..ඔහොම අඩනවැයි මේකප් එක අපරාදේ
කෝ ටිශූ පිහිදන්න
ආඅ ලැජ්ජ වෙන්න එපා ෆොටෝ එකට හිනාවෙන්න
වෙඩින් කේක් දෙකක් නම් දෙන්න එපා පුතේ..ජරියටම බලල දෙන්න...වඩිපුර තිබුනට මම ටික්ක හන්ගල තිබ්බා ඔක්කොම ඉවර උනොත්
කෝ ඉස්සෙල්ලා මෙයාට කේක් එක කවන්න
කැමරා ක්පොල්ලෝ දැන් ගහපිහ..ආ ඕක උඩට ඔය බෝතෙලේ ගොඩක් ඇල කරන්ම එපා එකපාරට දුන් ගොඩක් යයි
අම්මාගේ කඩිසරකමයි විදානයි නිසා මනමාලිගෙ නෑයොයි පෝරුවෙ චාරිත්‍ර කරන කපුවයි කැමරා මල්ලිලයි ඔක්කොම ෆුල් හොල්මන් වෙලා ...ඒත් මට හොදටම ශුවර් අපේ අම්මගේ නායකත්වය මගුල් ගේ හොදටම සාර්ටහක වෙන්න ප්‍රදාන හේතුවක් උනා
උන හැමදේම ලස්සනයි උන හැමදේම වැදගත් ඒ නිසා මොකක් විස්තර කරන්නද මොක්ක් විස්තර කරන්න එපාද කියලා මට හිතාගන්න බෑ

හෝල් එකේ කොනක රිසර්වුඩ් ෆො සෙපෙශල් ගෙස්ට් කියලා වෙන්කරපු ටේබල් එකක් තියෙනවා
ඒක හින්නවත් සච්නි වත් වෙන් කරපු එකක් නෙමෙයිලු
සමනලීගෙන් ඇහුවහම කියනවා..එයයි ඒක කලේ සූකිරි කියපු නිස
සූකිරි මට කියන්නෙ නැ...ඒක මොකටද කියලා
කට්ටිය ආවාම බලා ගන්නලු
මම අපේ පන්තියේ කොල්ලො කෙල්ලො විසි තිස් දෙනෙක් දෙනෙක් එක දිගට වාඩිකරවලා එක දිග ටේබල් එකක් හැදුව
ඉස්සර ඉස්කෝලෙ කාලෙ පන්තියෙ ඩෙස් එකතු කරලා....හිස් පිරියඩ් වල කස්ටිය කයියක් ගහගෙන ඉනවා වගේ
අපේ පෙනුම වෙනස් වෙලා ඇති....පවුල් පසුබිම් වෙනස් වෙලා ඇති...ඒත් කට්ටිය එකතු උනාම ඉස්සර මතක තාමත් එහෙමම් තියෙන බව තේරුනා
ඒදවස් වල හිටිය පුන්චි උන් තාමත් අපේ ඇගවල් වල ජීවත් වෙනවා
පරන රස කතා ඇදිලා එද්දි මට දෙනුනෙම අපි හිටියේ ඉස්කෝලෙ අරලිය ගහ යට යුනිෆෝම් ඇදගෙන ඕපදූප කිය කිය වගේමයි

මම අපේ උන් සෙට් එක අස්සේ ඉද්දි සූකිරි කිවූවා අදුනන කට්ටියක් ඇවිත් ඉන්නවා කියල
ගිහින් බැලුවාම වෙන් කරපු ටේබල් එකේ වඩිවෙලා හිටියෙ
ගිහාන් අයියයි උදේශ් අයියයි දුවයි
දුවනම් ලොකුයි දැන්
ඒ දෙන්නත් ඉස්සරට වඩා සතුටින් ඉන්න නිසද මන්දා හිටියටත් වඩා ලස්සන වෙලා
ගිහාන් අයියා....මම ගිහින් අයියාව හග් කරා
මට අයියාව මල්ලිකෙනෙක් වගේ හග් කරන්නන්පුලුවන්
මොකද අපි දෙන්නා එකතු උනෙත් පස්සේ වෙන් වෙක ගියෙත් සහෝදරකම හිතේ ඇතුව
දුව අපේ විනුලිගේ වයසෙමයි
දෙන්නා ඉක්මනට ෆිට් උනා....
පොඩි උන්දෙන්නා අත් අල්ලගෙන හෝල් එක පුරා ඇවිදිනවා

මිස්ට ස්වේතක ඉන්වයිට් කරේ අපිට...ඔයා වෙනුවෙන්...ඉතින් නෑවිත් බෑනේ...
අයියා මට එයා වෙඩිමට සෙට් උන හැටි කියනවා
ඉතින් කොහොමද අයියේ ජීවිතේ
සුන්දරයි මල්ලී...සතුටෙන් ගෙවෙනවා...දැන් මම ඇත්තටම ජීවත් වෙනවා වගේ දැනෙනවා
ඒක මොනතරම් හොදද...මම ඔයාට යන්න දීපු එක...මගේ ජීවිතේ මම කරපු හොදම වැඩක් අයියේ
මල්ලිට මම කොහොම ස්තුති කරන්නද මන්දා...ඔයා ඒ වෙලාවෙ වැඩ කරපු විදිය නිසයි මට හරිටම ගැලපෙන ජීවිතය හියාගන්න පුලුවන් උනේ...ජීවිතෙන් ගොඩක් බැටකාපු මිනිස්සුයි ජීවත්වෙන එකේ වටින කම අතමන් ආදරේ කරන අයගෙ සම්බන්දතා මොනතරම් වටිනවද කියලා දන්නේ...ඒත් මගේ හිත හැම වෙලේම තිබුනේ ඔයාගැන දුකෙන්..මම නිකම්ම ඔයා අතැ ඇරලා ගියා මගේ සතුට හොයන්..ඒකෙන් ඔයා අනාත වෙලා ගියාද? ඔයාගෙ ජීවිතේ අවුල් උනාද? කියලා මම හැම වෙලේම දුක් උනා

ආආ...ඒගැන දුක් වෙන්න එපා අයියේ...මමත් මහා වටයක් ගහලා මට ගැලපෙන කෙනා ලගම ඇවිත් නතර උනා...දැන් මම්ත් සතුටෙන් ඉන්නේ ඔයා වගේම
අයියා මගේ අත මිරිකුවා...එයාගෙ ඇස් වලින් පේනවා ලොකු සතුටකින් ඉන්නේ කියලා...ඉස්සර තිබුන කම්මැලි නිදිමත ඇස් දැන් නෑ...ජීවිතේ ගැන අදිශ්ටානෙන් බලන ආදරනිය ස්වමිපුරශයෙක්ගෙ...සෙනෙහෙ බර තාත්ත කෙනෙක්ගේ පෙනුම එයාට තිබුනේ
ඒ ඔක්කොම දේවල් මට උදේශ අයගෙනුත් පෙනුනා...හිත නිවන...හිතන්සැනසෙන...ලස්ස්න චාම් පවුලක්...මටත් ඔනි සූකිරී දුවයි එක්ක ...ඒවගේම ලස්ස්න පවුලක් ගොඩ නගන්න...මට ගිහාන් අයියා වීරයෙක් අදර්ශට ගතයුතු චරිතයක් වගේ දැනුනා
කොහොමද අයියේ දුව ගෙ වැඩ ටික කරගන්නේ...මටත් දැන ගන්න එක වැද්ගත් ...මාත් දෙන් දුවෙක්ගෙ තාත්තා කෙනෙක්නේ

ලේසි නෑ මල්ලී...අම්මා කෙනෙක් නැතුව තාත්තලා දෙන්නෙක්ට දුවෙක් හදන එක කොල්ලෙක්ට වගේ නෙමෙයි කෙල්ලෙක්ට අම්මාගෙන් ලැබෙන ආදරේ රීප්ලේස් කරන්න බෑ කාටවත්
තාම් අමාරු හරියන්පටන් ගත්තෙ නෑ...එයා ලොකු ලමයෙක් උනාට පස්සේ එයාගෙ ප්‍රශන ව්ලට උත්තර හොයන එකයි අමාරු...දෙනටනම් පොඩි නිසා බලාගන්න ලේසී..ඒත් ගැනු හිතවල ප්‍රශන් ගැන කතාකරන ගෑනු කෙනෙක්ම හීයනම් හොදයි
මම පොඩි කාලේ ඉදලාම දුවව හදන්නේ මාත් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න පුලුවන් විදියට...එතකොට එයාට ගෑනු පිරිමි බෙදෙ ගැන හිතන්නේ නැතුව එයාගෙ ඕනෙම ප්‍රශනයක් මාත් එක්ක් කතාකරන්න පුලුවන්
මම දන්නේ නැ එයා ලොකු උනාම එයාගෙ යාලු මිත්‍රය්න්ගෙන් අසල් වාසීන්ගෙන් ලැබන ප්‍රතිචාර නිසා සමරිසි පියවරු දෙනෙක්ගෙ දුවක් උනා කියලා දුක හිතෙයිද වයිරකරයිද කියලා
ඒත් එයාට ඒ චැලේන්ජ් එකට මූන දෙන්න පුලුවන් විදියේ ශක්තිමත් කෙල්ලක් විදියට මම එයාව ලොකු මහත් කරනවා...දැනටත් එයගෙ ඒ ගති ට්ජියෙනවා
කොහොම උනත් දැනට දුවට අම්මෙක් ඕනෙ නෑ එයාට මගෙන් ලැබෙන ආදරේ හොදටම ඇතිලු
අයියාට මේ ගැන එක්ස් පීරියන්ස් එක තියෙන එක ලොකු දෙයක්

මම දැනටනම් ලොකුම අවුල දූවට ඇදුම් තෝරෙන එකයි...පබ්ලික් ප්ලේස් වල ටොයිලට් වලට දූව එක්කගෙන යන එකයි
මම් දුව එක්ක සත්තු වත්තට ගියා...උදේශ්ට වැඩ එයා ආවේ නෑ...මමයි දුවයි ගියේ...දුවට ටොයිලට් යන්න ඕනෙ උනා...මට එයාව පිරිමි එකකට අරන් යන්නත් බෑ...ගැහැනු ටොයිලට් වලට මම් නැතුව එයා යන්න කැමතිත් නෑ....ඒ අස්සේ මටත් පම්ප් එකක් දාන්න ඕනේ...පිරිමි ටොයිලට් වල දන්නේ නැද්ද...යුරීනල් වල මිනිස්සු චූ කරනවා පිටට පේනවා..ඒ නිසා මට එයාව මේල් ටොයිලට් එකට ගෙනියන්නත් බෑ...සත්තු වත්තෙ නිසා පොඩි එකා එලියෙ තියලා යන්නත් බෑ...ඔය කොටි වලකටවත් එබුනොත් දරුවා...
අන්තිමේ...ඇතුලට යන ගෑනු අයට කියලා ..සමාවෙන්න කිය කියා ගෑනු ටොයිලට් එකට ගිහින් තමයි යන්ත්ම් බේරුනේ
"ඔවු නේද මම හිතුවට වඩා වැඩේ ගොඩක් සන්කීරනයි...අයියා මට උදවු කරනවද?...අනික මම හිතනවා අපේ දුවට ආශ්‍රය කරන්න තාත්තලා දෙන්නෙක් ඉන්න තව දුවෙක් ඉන්න එකත් හොදයි....අවුටින් එහෙම යනකොට මම දූව එක්කගෙන එන්නම් එතකොට අයියගෙ බබටයි අපෙ බබටයි එකට එකතුවෙලා ඉන්න පුලුවන්"
"ඒක හොදයි මල්ලියා...දැනටමත් එයාලා හොද යාලුවො වෙලානෙ"
අයියට හිතෙනවද දුවෙක් නැතුව පුතෙක් හිටියානම් හොදයි කියලා
අපෝ නෑ...දුවෙක් එක්ක ඔය පොඩි පොඩි ප්‍රායෝගික ගැටලු එනවා..ඒත් දුවලා මට හිතෙන්නේ කීකරුයි..ආදරෙත් වැඩී...පස්සේ කාලෙක ලේලිලා ගෙනාවම පුතාලා වෙනස් වනවා...ගොඩක් වෙලාවට ලේලිලා නිසා පුතාලා එයාලගෙ ලමයි ලේලිලාගෙ පවුල් පැත්තට තමයි බර වැඩි වෙන්නේ...කවද හරි අපිට බැන බැන හරි අපේ දූ සලකයි..හ..හ හා...නෑ නෑ...මම නම් සැලකිලි ගැන බලා පොරොත්තුවක් නෑ...මෙයාව හොදට හදලා හොද අනාගතයක් හිමි කරලා දෙනා එකයි මගේ බලාපොරොත්තුව...දැනටනම් එයා අපි දෙනට ගොඩක්ම ආදරෙයි..ඒත් ලමයි ලොකුවෙනකොට වෙනස් වෙනවා...සමහරවිට එයා බදින කෙනා නිසා අපි වයසට ගියාම ජරා මිනිස්සු කියලා එලවල දාන්නත් පුලුවන්..ඒවා ගැන දැන්ම බලාපොරොත්තු තියාගන්න නරකයි
අයියා ...මොකද හිතන්නේ දුවත් අපි වගේම උනොත්...ඒ කියන්නේ ලෙස්බියන් කෙනෙක්...අපේ පවුල් වල අපි එකට ඉන්ම හැටි දැකලා එහෙම වෙන්න පුලුවන් නේද
අපේ රටේ නැති උනාට ගොඩක් රටවල හෝමෝසෙක්ස් පේරන්ට්ස්ලා ඉන්නවා...එයාලගෙ එක්ස්පීරියන්ස් කතා ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා...මම ඒවගේ අයත් එක්ක චැට් කරලත් තියෙනවා...හෝමෝසෙක්ස් කියන එක එහෙම බලන් ඉදලා බෝවෙන්න ලෙඩක් නෙමෙයිනේ...බ්‍රිතාන්‍ය කරපු අධ්ද්‍යනයකින් හොයාගෙන තියෙනවා හෝමෝසෙක්ස් පවුල් වල ලමයි හෙටෙරොසෙක්ස් (විශම ලින්ගිකයි) ඒ කියන්නේ සාමාන්‍ය විදියට ගෑනු පිරිමි විවාහ වෙනවා..ඒවගේම හෝමෝසෙක්ස් පවිල් වල ලමයි ගොඩක් දක්ශයි ඉදිරිපත් වීම විවෘතව හිතීම නිර්බීතබව නායකතව ගුන තියෙනවා. අයර්ලන්තෙ ඇතුලු රටවල් කීපෙකම අගමැතිවරු හෝමෝසෙක්ස් විවාහ වෙලා දරුවන් හදාගන්නවා. හොදම දේ කියන්නේ ෆින්ලන්තේ වයසින් අඩුම අගමැතිනිය හෝමෝසෙක්ස් පවුලක දරුවෙක්

අයියේ මට පොඩි ප්‍රශනයක් තියෙනවා...ඔයත් මම වගේමයි...මේ ඔයාගෙ දූ නෙමෙයි ඒත් ඔයාගෙ හස්බන්ගෙ දුව ...ඔයාට කොහොමද ඒක දැන්නේ
ඔක්කොම නෑ කම් තියෙන්නේ හිතේ...ඒකනෙ බුදු හාමුදුරුවොත් කියුවෙ විශ්වාසාය පරම නෑකමයි කියලා
මම මගේ හිතෙන්ම පිලිඅරගෙන විශ්වාස කරනවා මේ ඉන්නේ මගෙත් දුව කියලා...ඉතින් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි...මම් නිතරම හිතන්නේ අඩුම තරමේ තමන්ට ගැලපෙන කොල්ලෙක් හොයාගන්න බැරුව සමරිසි කොල්ලෝ මොනතරම් දුක් විදිනවද
ඒවගේම එකට ඉන්න කොල්ලා එක්ක ජීවිතකාලෙම ඉන්න බැරි අය කොයිතරම් ඉන්නවද
මට උදේශ්ගෙ අම්මාගෙ ආශිර්වාදෙත් ලැබුනා...අපේ පවුලේ කවුරුත් ඇත්තෙත් නෑ මට බලපෑම් කරන්න
ඉතින් මට උදේශ් එක්ක ඉන්න පුලුවනි ප්‍රශනයක් නැතුව
ඔක්කොටම වැඩිය මට ලැබිලා ඉන්නවනෙ මටම විතරක් ආදරේ කරන වටේ ගිහින් බොරු නොකියන අවන්ක කොල්ලෙක්
ඉතින් ඔය ඔක්කොම තියෙහ්ඩ්දි මම මොන කෙහෙල් මලටද ලේ නෙකමක් ගෙන හිත හිත වදවෙන්නේ

හැමදාම වගේ ගිහාන් අයියා එක්ක කතා කරහම මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා
ඔයා ඉන්න එක ලොකුම ලොකු දෙයක් අයියා..මට මේ අලුතෙන් ලැබුන තාත්තා පට්ටමට ..මට හුරුනෑ...ඒ වගකීම මතක වෙනකොට මම පැනික් වෙනවා
ඔහා එහෙම කලබල වෙන්න එපා මල්ලී..
අපි අපේ සමරිසි සම්බන්ද තේවේ සෙක්ස් වලින් එහාට ගෙනියන්න ඕනෙ
ලන්කාවෙ ගොඩක් උන "ගේ " කිය කිය කරන්නේ සෙක්ස් හොයන එක
තරුනවයස නිකම්ම ගෙවිලා යනකොට එක්කෝ කෙල්ලෙක් බැදලා හොරාට කොල්ලො ගහනවා
නැත්තම් නාකි උනත් ගෙදරට කොල්ලෝ ගෙන්නගෙන ...තමන්ගෙ ආත්මගරුතෙවෙ නැති කරගන්නවා...පබ්ලික් ටොයිලට් අස්සේ රස්තියාදුවෙනවා...වීඩියෝ කෝල් අරන් කොල්ලන්ගෙන් බයිට් වෙනවා
ඒ හැමදේම වෙන්නේ ලන්කාවෙ අපිට නයිතික පිලිගැනීමක් නෑ
දරුවෙක් හදාගෙන සාමාන්‍ය පවිල් ජීවිතයක් ගෙවන්න බෑ
ඒ අසහනයයි මිනිස්සු සෙක්ස් හොය ජොය පිට කරන්නේ
ඒ අතින් ඔයයි මමෛ වාසනාවන්තයි
අපිට නෝමල් ෆැමිලි ලයිෆ් එකක් ලැබිලා තියෙනවා
මම උබට කියන්නේ ලින්ගික අශාව වයසත් එක්කම පරිනත වෙන්න ඩියන්...අවෘඩු 50ට පස්සෙත් උබ දහාටේ කොල්ලෙක් වගේ සෙක්ස් හොයන්න ගියොත් ..අනික් අයට උබ විජිලුවක් වෙනවා ජීවිතේ පරාද වෙනවා...ඉක්මනින් සමජ රෝගයක් හදාගෙන සියදිවි නසාගන්න තමයි වෙන්නේ

"මේයි...එක්කෙනෙක් එක්ක විතරක් කතාකර කර ඉන්න එපා අනික් අමුත්තො තරහවෙයි"
සූකිරි මගේ කනට කරලා රහසින් කියුවා
"මේක මගේ වෙඩිම නෙමෙයිනේ...හැමෝම් එක්ක කතාකරන්න"
"ඒත් ඔයා හමුබුවෙන්නම ආපු තව අය ඉන්නවා"

Ep 64
මම ඔලුව උස්සලා බැලුවා...එන්ට්‍රස් එක දිහා
උස ලස්ස්න කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ටිකක් විතර ලේඩීස් ටයිප් කොල්ලෙක් එනවා
ලස්ස්න උස හාදයා නියම පිරිමි හඩකිනම කතා කරලා මට අතට අත දුන්නා
ඒ මූන ඒ කට හඩ මට වර්දින්නේ නෑ
ඒත් මාව වැඩිපුර ශොක් උනේ අතේ මහපට ඇගිල්ල වටේ තිබුන කැලල දැකලා
බෝල්ට් උබ...
ගිහාන් අයිය එක්ක මගේ හිතේ ප්‍රශනයක් තිබුනෙ නැති නිසා මට එයා ආයෙ හමුවීම සතුටක් ගෙනාවා
ඒත් මගෙයි බෝල්ට්ගෙයි වෙන්වීම කේස් ගොඩක එකතුවක්
ඒනිසා මට එයාව එකපාරට මුන ගැහුන එක... මකුලුවො රොත්තක් එක පාර ඇග පුර දුවනවා වගේ සියොලගම සලිතවෙන සිද්දියක් උනා
අන්තිමේ උබ කැරකිලා ඇමතියටම කොක්ක ගැහුවා එහෙනම්...එහෙම තමයි දක්ශ කොල්ලෝ පොඩි අතු අත හැරලා ලොකු අතුවලට පනිනවා
ඕයි බෝල්ට් ඇමති කතා කියලා කෑගහන්න එපා...අපි මේ අමාරුවෙන් ඇමතිකන් වහගෙන නෝමල් එකේ ඉන්ම හදනවා
සොරි සොරි...මම මේ වගේ රන්ග්නයක් මෙතැන තියෙන බව දැනන් හිටියෙ නෑනෙ...ඕයි කොහොමත් උබේ ඇමතියා හොදට වෙනස් කරලා තියෙනවා...ඌම මට කතා කරද්දි එහෙම අදුන්වලා දුනේ නැත්තන් මමත් රැවටෙනවා

ඕයි කාලෙකට පස්සේ මීට් වෙලත් උබේ ලැට් කටනම් අඩුවෙලා නෑ
නෑ ඇත්තටම උබලා දෙන්නා රබ් නේ බනා ඩී ජෝඩී ෆිල්ම් එකේ වගේමයි ඕයි.....සූරී...රජ් දෙන්නම එකෙනෙක් එත් රාජ් මැදිවයසෙ කිසිම ගෝ එකක් නැති කම්මැලි රජයේ සේවකයෙක්....රජ් ලස්සන කඩවස්ම් ඩන්සර් කෙනෙක් ඒත් ඒ දෙන්නම එක්කෙනෙක්...මේකත් ඒ වගේමයි...මට ෆිල්ම් එක බලනවා වගේමයි දැන්නේ
ආඅ...දැන් උබ හින්දි ෆිල්මුත් බලනවද?...ඒවා බොලදයි කියලා ඉස්සර ඉදලා බැන බැනෙ හිටියේ
ඔවු ඔවු...දැන් ඒවා වෙනස් වෙලා...මම හින්දි ෆිල්ම් බලන්න පටන්ගත්තේ මෙන්න මෙයා නිසා
මම මේතරම් වෙලා ගන්න නොගෙන පැත්තකට වෙලා හිටපු අහින්සක ඩෑල් එක මගේ ඉස්සරහට තල්ලු කරා
හුටා...ඌ අහින්සකයි වගේ පෙනුනට අහින්සක නෑ
එදා බෝල්ට් ගෙ අත බල්ලෙක් වගේ හැපුව...බොල්ගෙ හොර කනෙක්ශන් එක රාඝවු

ආආආ.රාඝවු,,,,මට අදුනගන්නනත් බැරි උනා
ඉතින් අයියේ කොහොමද?.
අවුලක් නෑ මල්ලියා...මට උබල දෙන්නවා එකට දැකලා හරි පුදුමයි
උබ මොමටද පුදුම වෙන්නේ..උබ අපි දෙන්නවා හොදට අවුලවලා...දෙන්නා ගිනි ගනිද්දි පැනලා ගියානේ
ම්ම්ම්ම්.... ඉස්සර එහෙමත් උනා නේ...මම ඒ සිද්දිය අමතකයි වගේ රගපෑවා
මෙයත් මගෙ පලවෙනි ලවු එම වගේම නිසා මම මෙයා එක්ක දිගටම ඉන්න තීරනේ කරා

මොනවද බන් උබේ පලවෙනි ආදරේ එක එක දාට එක එක විදියයිනෙ ...ඉස්සර කිටුවේ මම වගෙයි ෆස්ට් ලවු එක...

ම්ම්ම්ම්..ඉතින් හරිනේ උබයි රාඝවු දෙන්නම එක වගේ තමයි
යකෝ මුගෙ ඇස් තියෙන්නේ පුකේද මන්දා...මම අර නන්ගි මල්ලි වගේ කියුවෙ...මට ලැජ්ජාවකුත් ආවා

රාඝවුගෙ ඒ තරම්ම ලේඩීස් ගතියක් මට මුලින් කතාකරලා ...බෝල්ට් ගෙ හොර අල්ලන්න ගිය දවසෙ දැනුනේ නෑ..එත් අදනම් ඌ ඇදපු ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් පාට කෝට් එක නිසද මන්දා වැඩිපුර පේනවා. සම්හර විට බෝල්ට් ඇත්තටම කැමති මේ ටයිප් එකට වෙන්න ඇති.

සමනලීත් ලේඩීස් ටයිප් තමයි..ඒත් ඌවනම් මට දිරවනවා...මොකද උගේ ගෑනු ගතිය ඇතුලෙ ලොකු පවුර්ශයක් තියෙනවා හරිඅයට යශෝධා විමලධර්මයි , යුරේනි නොශිකයි වගේ...දෙන්නම ගෑනු තමයි ඒත් යශෝදගෙ තියෙන ඩීසන්ට් ගතියට එයාගෙ රග පෑමට හිත ඇදිලා ගියත් අනෙක් කෙනා මල විකාරයක් වගේ පේනවා...මට ඔය මගුල් වැඩක් නෑ ඌට හොද නිසානෙ ඌ කරේ දාගත්තේ....

ඒ බඩ්ඩ එහෙට මෙහෙට වෙනකන් ඉදල මම බෝල්ට් ව ඇදගෙන හෝල් එකේ කොනකට ගියා මට එයා එක්ක අවන්කවම කතා කරන්න ඕනි නිස

මට කියපන් ඇත්තටම උබ හොදින්ද?

ඇයි හොද නැත්තන් උබ ඇවිත් හොද කරන්නද?

මට අයෙ එන්න බෑ...උබ ඒක හොදටම දන්නවනේ...මට ඕනෙ ජීවිතේ අමාරුවෙන් මට ලැබුනා

ඇයි එහෙනම් උබ බොරුවට අහන්නේ මම් හොදින්ද කියලා

මට ඒක දැනගන්න ඕනි නිසා..එවෙලාවෙ අපු ආවේගෙට උබව එකපාර අත ඇරලා ආවත් මට අමතක නෑ උබ මට කරපු උදවු

ඔවු මම හොදින් ...දැන් හරිනේ

හරිනේ වැරදිනේ කියලා අමුතු උත්තර දෙන්නේ... මම බල කරන නිසාද?

උබත් එක්ක කතා කරලා වැඩක් නෑ...උබ මාව් පාවිච්චි කරේ ඇමතියා උබෙන් ඈත් උන එකේ පාලුව මකාගන්න විතරයි...කොයිවෙලවකවත් උබ මට මුලු හිතින්ම ආදරේකරේ නෑ...හැම වෙලේම හිටියෙ වෙන කොහෙද ලෝකෙක...උබට සිරාවට ලවු කරලා මම මෝඩයෙක් උනා...උඅබ බොරුවට මාව සැක කර කර ඒ දවස් වල මගේ ජීවිතේ අපායක් කරා...උබ ඇත්තටම මට අදරේ කරානම් මට වෙන උන් හොයාගෙන යන්න ඕනි නෑ...මාත් එක්ක හිටියත් උබ හිටියෙ මල මිනීයක් වගේ...මම ජීවත්වෙන මිනිහෙක් ..ඒනිස උබෙන් නොලෙබෙන දේවල් මම වෙන තැන් වලින් හෙවුවා...ඒත් මගේ හිතේ උබට තිබුන ආදරේනම් බින්දුවක් වත් අඩු කලේ නෑ

සමාවෙයන් මචන්...මම උබට රිදෙවුවා...උබ රැග් කාලෙ මට රිදෙවුවටත් වඩා සිය දාස් ගුනේකින්...උබන්කියුව හරි...මම ජීවිතෙන් පැනලා යන ගමන් එක එකාගේ ඇගේ එල්ලි එල්ලි හිටියෙ මගේ පාලුව නැති කරගන්න..ඒත් මට සූකිරිට මගේ හිතේ තිබුන ආදරේ වෙන කෙනෙක්ට දෙන්න පුලුවන් කමක් නෑ

අවුලක් නෑ බන්...උබ ගියාට පස්සේ මට තේරුනා ම්ම තනිවෙලා රාඝෞට තේරුනා ඌ තනිවෙලා...අපි එකතු උනා...ඌ මගේ පස්සෙන් අවා ගොඩක් කල් සමාව ඉ ල්ල ඉ ල්ල. මෙච්චර කාලෙකට උනේ මම එක එකාගෙ පස්සෙන් ගියා ආදරේ ඉල්ල් ඉල්ල .

ඒත් මේපාර මූ අවෙ මගෙන් අදරේ ඉ ල්ලගෙන. ඒ නිසා මටත් හිතුනා හිත දීලා බලන්න. ඇත්තටම උබ වගේ නෙමෙයි ඌ මට දැනෙන්න ආදරේ කරා. කොයිතරම් ආදරයක් හිතේ තිබුනත් වැඩක් නෑ ඒක අනික් එකාට දෙනෙනේ නැත්තම්...ර්‍රඝවු ඒ අතින් උබට වඩා ගොඩක් ඉසරහින් ඉන්නේ...ඉතින් දෙයියනේ කියලා මම ඌත් එක්ක ඉන්නවා..අයෙ වෙන ඒවා හොයන්නෙ නෑ

උබ මාත් එක්ක තරහ්ද

ඔවු එහෙම හිටියා දාලා ගිය මුල් දවස් වල...ඒත් දැන් එහෙම නෑ...මොන තුවාලෙත් කාලෙත් එක්ක හොදවෙනවා..සූකිරි උගේ මැහුන් පාරවල් වලින් හයිකෙරුනු මහපට ඇගිලේ කැලල පෙන්න පෙන්න කියුවා

උබ සතුටින්නම් ඒක මට ලොකු සැහැල්ලුවක් ...මොකද මම කැමති නෑ මම නිසා කවුරුවත් දුකෙන් ඉන්නවට

මම කවදාවත් දුකෙන් හිටපු එකෙක් නෙමෙයි...ලෝකෙ මොන අතට පෙරලුනත් මම ආතල් එකේ හියියේ

උබට ගැලපෙන කෙනා හම්බුනානෙ ...ජීවිත කාලෙම ඌත් එක්ක හිටපන්

මිනිහෙක් නිකම්ම වටේ යන්නේ නෑ...ඌට ඕනෙ දේවල් උගෙ පාට්නර්ගෙන් ලැබෙනවනම්...ආදරෙත් තියෙනවනම් වටේ යන්න උවමනාවක් නෑ...දෙනට ඒවා මට ලැබෙනවා...ඒත් මිනිස්සු වෙනස් වෙනවා...මම උබෙන් හොදට පාසම් ඉගන ගෙන ඉන්නේ...සමහරවිට රාඝවුත් ඉස්සරහට වෙනස් වෙයිද දන්නේ නෑ...එහෙම උනොත් මමත් වෙනස් වෙයි...කොහොම උනත් දැන් මම එකතැනක නැවතුලා ඉන්නේ

මම ඒ දවස් වල කන්නාඩිය ඉස්සරහට ගිහින් කියනවා....මටම ටොක්කක් ඇනලා...මචන් හිත උබ තවත් දුක්වෙලා වැඩක් නෑ යන්න හිටපු එකා යන්න ගියා...උබෙත් වැරදි තියෙනවා...ඒත් කිසිම වැරද්දක් නොතිබත් ...උගේ අයිතිකාරයා ඇවිත් කතා කරොත් යනවා...මම කරේ මන්මුලාවෙච්ච පූස් පැටියෙක් හදාගත්ත එක...නියම අයිතිකාරයා ආව දාට ඌ කාපු මාලු වලටවත් මියෑවු නොකිය යනවා

අදරේ සෙක්ස් වෙනම කතාවක්...ඒත් උබ මට ජීවිතේදි මුන ගැහුන හොදම යාලුවෙක් හැමදාම මගේ සහෝදරයා යාලුවා වගේ හිටපන්...

ඒක කෙල්ලෝ රෙලේශන්ශිප් නවත්වන්න ඕන උනාම කියන පොදු කියමනක්...අයියෙ අපි සහෝදරයො වගේ ඉමු...මට ඒකට හිනයි...උබ සාමාන්‍යයෙන් අනික් උන් පාවිච්චි කරන කොමන් ස්ට්‍රැටජි පාවිචි කරන එකෙක් නෙමෙයිනේ

අනේ මන්දා බෝල්ට්...මම උබ එක්ක තර්ක කරන්න තරම් දියුනුවෙන එකක් නෑ කවදාවත් ...හරි උබ හිතේ තරහ අරන් හරි කමක් නෑ මමයි සූකිරී බලන්න වරෙන්...එනකොට රාඝවුත් එක්කගෙන වරෙන්...මම කැමති නෑ නිකන් ප්‍රශන ඇතිවෙනවට....ලස්සන කොල්ලෙක් ඉන්න බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට..කොල්ලත් එක්කම ගිෆ්ට් පැක් එකක් වගේ සැකයයි තනිකමත් ලැබෙනවා

මම ලබන අවුරුද්දේ ප්‍රන්ශෙ සෝබෝන් යුනිවසිටි එකට යනවා...පී එච් ඩී එකට....සමහරවිට් එහෙම ජොබ් එකක් සෙට් උනිත් නවතිනවා...මම ජීවත් වෙන විදියට ලන්කාවට වඩා ලේසී එහේ ජොබ් එකක් සෙට් උනිත්...මම රාඝවු අරන් යන්නේ

අම්මෝ ඒකනම් සෙලිබ්‍රේට් කරන්න ඕනි නිවුස් එකක්...උබ කවදත් දක්ශයා...ඒකනෙ හොදම යුනිවසිටියක පීඑච්ඩී එකක් ලැබුනේ...මගේ ජීවුතෙත් එක්ක ප්‍රන්ශෙත් හරිඅයට් සම්බන්දයි වගේ...සමනලීඩස්පියය්ත් යනවා උබයි රාඝවුත් එහේ...හින්නයි සච්නීත් ෆැශන් අවුට්ලට් එක්ක ඕපන් කරන්න යන්නේ ෆැරිස් වල

අනේ මන්දා කොහොම හිටිය අපිද ඕයි මේ වෙන් උනේ...මටනම් ඒක හීනයක් වගේ

හෝවු හෝවු..මේ... කවදාවත් ආයේ මුන ගැහෙන්නේ නෑ වගේ ටෝක්ස් දෙන්න එපා..මම උබව හොයාගෙන එනවා ...උබට ගැලවීමක් නෑ...මට මාස්ටර් එක ඉවරකරග්න්න ඕනෙ ඕයි...ඒකෙ දැන් මොනව වෙලාද දන්නෙ නෑ...උබෙන් තමයි ඉතින් අහගන්න තියෙන්නේ

අවස්තාවාදියා...උබ හැමදාම ඔහොමයි...අපෙන් උබට වෙන්න ඕනි දේ ගැන හෙවුවා ඒත් අපට මොකද උනේ කියලවත් බැලුවෙ නෑ...මම් දැනගත්තා..ගෝතයා වටේ ඇවිදලා අන්තිමට ඕකට එනවා කිය්ලා..මම උබේ ස්ටුඩන්ට්ශිප් එක කන්ටිනියු කරා...පුලුවන් විදියට එසයින්ග්මට් සබ්මිට් කරා...සෙමෙස්ටර් දෙකේම සබ්ජෙක් මේපාර ඇවිත් ලියලා ඉවර කරනින්..බම්බුව

අම්මෝ ඕයි තමුසෙනම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්

එහෙනම් තනියෙම ඉන්න වෙලාවක ඇවිත් පිලිමෙ ලග දනගහලා ගන්ටාරෙ හොල්ලල පලයන්කෝ

වල් යකා ..දවසක ඇවිත් මගෙ මහත්තයට කියලා උබේ ගන්ටාරෙ කපන් යනවා අයෙ හොල්ලන්න බැරිවෙන්න

ඕයි රාඝවුහොදයි ...ඒත් ඌබලන් ඉන්නෙත් අගේ ගන්ටාරෙ හොල්ලන්නමයි...මට හොල්ලන්න ගනටාරයක් නෑ

තමුසෙ හැදෙන්නේ නෑ බෝල්ට්

උබ දැක්කාම හොල්ලපු ගන්ටාරේ මතක් වෙනවා උබේ

ඒව නිකම්ම අතීතෙ ...විකාර කියවන්න එපා

උබට ඒවා විකාර මට ඒවා සුන්දර මතක...යන්න කලින් එක පාරක් උබව තනියෙම මුන ගැහිලා යන්න පුලුවන්ද?

එක පාරකින් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ...එක පාරක් තව පාරකට සෙට් වෙනවා...පාරවල් ඉවරවෙන්නේ ...නොදැනිම අපි පාර පාර ගානෙ ගිහින් අතරමන් වෙනවා....ඒ නිසා වැරදි දේකටනම් එකපාරක්වත් ඕනි නෑ...මට සූකිරි ඉස්ස්ස්‍රහ උබ එක්ක කතා කරන්න බැරි දෙයක් නෑ...මම උබව මුන ගැහෙන්න එනවනම් එන්නේ සූකිරි එක්ක

මනස්ගාත් නොහිත දැනට ලෙබුන ජීවිතේ සතුටෙන් ගත කරපන්....ගිය හකුරට වලට හූල්ලන්න ගියොත් තියෙන හකුරත් නැතිවෙනවා

මම උබ ගියා කියලා දැන් හූල්ලන්නෙ නෑ...මට ඕනෙ උබේ ෆොටෝ ටිකක් ගන්න

මමයි සූකිරී දෙන්නම එක්ක එන්නම්...මම හිතන්නේ ඌ ලස්ස්නයි මට වඩා..උබ අපි දෙන්නගෙම ෆොටෝ ශූට් එකක් කරපන්

මම් කොහොම්ද ඇමති කෙනෙක්ට බල කරන්නේ කොට කලිසමක් ඇදන් මම කියන කියන ෆෝසස් වලට ඉන්න කියලා

ඒ ගැන හිතන්න එපා...එයා එන්නේ ඇමති වගේ නෙමැයි සෝකිරි වගේ...මගේ සෝකිරි ඕනෙම ෆොටෝ එකකට ඉන්න දක්ශයි

හරි එහෙනම් දවසක බලමුකො

හැබැයි පුතෝ ඉස්සර වගේ ටූ මච් ඉ රෝටික් ඒවනම් බෑ හරිය...මම දැන් දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්

මොකා...උබ වගේ ආත්මාර්තකාමියෙක්ට පුලුවන්ද තාත්තා කෙනෙක් ගෙන්න...උබ ප්ලේබෝයි ටයිප් නේ

ඔය මොන බෝයිත් දරුවෙක් ඉන්නකොට වෙනස් වෙනවා...දැන් ඉස්සරට වඩා වගකීමෙන් වැඩකරන්න ඕනි මම

අපෝ තෝනම් බෝරින්ග් ...මගෙන් අයින් උන එකමයි හොද?

හරි හරි...උබටත් ඔය රන්ගනෙන් හතිවැටෙයි බෝල්ට් දවසක...එදාට ඔය නරි ටෝක් පැත්තක තියලා පොඩි එක්කෙ හදන් රාඝවු එක්ක හරියටම සෙට්ල් වෙයන් ...නැත්තන් උබටත් වෙන්නේ අර ෆේක් වල ඉන්න උන්ට වගේ...ආදරයක් නැද්දෝ ..මට තනී..පාලුයි...මම වෙනුවෙ බලන් ඉන්න මලිල නෙඩ්ඩ අයෛයල නෙඩ්ඩ කිය කිය හැමඩම විලාප තිය තිය ඉන්න

බක පන්ඩිතයා උබ කවදත් උපදෙස් දෙන්න දක්ශයිනෙ...දාගනින් කන්සල්ටන්සි ෆර්ම් එකක්

මගේ ෆෝන් එක වයිබ්‍රේට් උඅන නිසා ඒක දිහා බැලුවා..ඒකට මැසේජ් එකක් ඇවිත් ...

අන්න අර විකාර සර්ප්‍රයිස් ඩාන්ස් එක පටන් ගන්නලු යන්නේ ..කට්ටිය මාව හොයලා මැසේජ් එවනවා...දැන් මම අයෙමත් ෆේස් බුක් වට්ස් ඇප් ඉන්නවා...ඕනෙනම් චැට් කරපන්...නැත්තන් රාඝව් උබයි බලන්න අපි එන්නම්

අඩෝ උබ නැට්ටුවෙකුත් උනාද දැන්...තෝනම් ඇත්තටම වෙනස් වෙලා

ම්ට ඕනෙ නැති උනත් බෝල්ට් ඕනෙ වගේ දැනුන නිසා පොඩි හග් එකක් දීලා මම ආවා

ඒකත් හොදයි බෝල්ට් තරමක් දුරට සෙට්ල් වෙලා..දැන් මම අවුල් කරෳඋ ජීවිත පිලිවලකට ගලන් යනවා වගේ ..හින්නා...ගිහාන් අයියා...බෝල්ට්...ඔක්කොම තමන්ග ගැලපෙන අය හොයාගෙන..මම ගැන බලාපොරොත්තු නැතුව ඉන්න එක හොදයි...මොකද මම සූකිරිගෙ...සූකිරිගෙම විතරයි

ඩෑන්ස් එකනම් නැගලම ගියා එකෙන්ම

කාලයක් පුරුදු උන නිසා වෙන්න ඇති නටන්න බැරි රිලවු වගේ අපිත් යන්තන් තාලෙට අතපය හොලවගෙන ජාමේ ගොඩ දාගත්තා

ඩස්පියා නම් ටිකක් වැඩිපුර එක්සයිට් වෙලා යන්න ඕනෙ පැත්තට නැතුව වැරදි පැත්තට ගිහින් හින්නත් වැටෙන්න ගියා

ඒත් ඒක ඒතරම් හයිලයිට් උනේ නැත්තේ කාගෙත් ඇස් තිබුනේ මැද්දෙ නටපු සූකිරි සච්නි සමනලීගෙ දිහාවට යොමු වෙලා

ඒකනම් සුපිරියක්

අන්තිම දවස් වල දාපු බෝල් රූම් කෑල්ල කරද්දි නම් මම ටිකක් එකසයිට් උනා මොකද ඒක අපේ අම්මා බලන් ඉන්නවා ..එයා මොන විදියට හිතයිද දන්නේ නෑ..අනික් අයනම් හිතන දේවල් මට වැඩක් නෑ ...ඒත් අම්කා මොනවා හරි හිතුවොත

සමනලී ඩස්පියා එක්ක
හින්නා සච්නි එක්ක

මම සූකිරි එක්ක ජෝඩු නැටුවා

මට හරියටම නැටුමට ඔලුව එකග කරගන්න බැරි උනා...ඇත්තටම අම්මා මොනව හිතයිද?

සූකිරි මගේ හිප් එක වටේට එයාගෙ ශක්තිමත්නත තද කරන් මාව එයාටම තද කරගෙන හිටියා
වැඩිය මුකුත් හිතන්නේ නැතුව ඔයයි මමයි විතරක් නටනවා කියලා හිතන් මගේ ඇස් දෙක දිහා බලන් නටන්න

සූකිරි මගේ කනට ලන්වෙලා කෙදිරුවා

ඉන් පස්සේ අපි දෙන්නා විතරක්ම විතරයි මගේ හිතේ හිටියේ

ඒ නිසා මට සැහැල්ලුවෙන් නටන්න පුලුවන් උනා

අපි නටද්දි අපේ පොඩ්ඩී ඇවිත් අපේ ඇගේ එල්ලුනා
මම එයාව වඩා ගත්තා

පොඩි කෙල්ල අපි දෙන්නගෙම බෙල්ල බදාගෙන මැදිවෙලා ඉද්දි අපි දෙන්නා නැටුවා
ඒක ලස්සනට වීඩියෝ වෙලා තිබුනා...ලස්සන පුන්චි පවුලක් වගේ

නැටුම නිසා අවුල් උන ඇදුම් හද හද වොශ් රූම් එකෙන් එලියට එද්දි
තවත් අදුනන උන්දෙන්නෙක් කඩා පත් උනා

දෙනගෙන් එකයි කතා කරේහැබැයි උගේ සද්දෙ තිබුනා දෙන්නට ඇතිවෙන්න
"අඩේ සර් ලස්සන බලන්න එපැයි...වාව් වාව්...කුමරයෙක් වගේනේ"

"හුකා...බොලා දෙනත් සෙට් උනාද මේකට"

"ඔවු ඔවු සර්ලට හරිගියාම අපිව මතක නෑනේ"

"කොහෙද පකෝ මට හරි ගිහින් තියෙන්නේ"

"ආආ...හරියන්නේ නැද්ද ලස්ස්න හස්බන්ඩ් කෙනෙක් ඉන්නව දුවෙක් ඉන්නවා ...ආආ දැන් නටන්නත් පිලුවන්නේ හාහ්ජ්හාහා..."

මඩුවා මහ හයියෙන් කෑගහනවා ශාලවෙ තියෙන සන්ගීත සහ්දෙපරයලා ඌ කියන දේ මට ඇහෙන්න

කවියා ඌට කියන්න ඕනෙ දේවල් හස්ත භාශාවෙන්න්කරලා පෙන්වනවා...මම බෝට්ටුවෙ හිටිය දව්ස් වල කවියගේ මුද්‍රා ස්ලකුනු හොදට ඉගන ගත්ත නිසා ..සාමාන්‍යකෙනෙක් කතා කරනව වගේ කවී කියන දේ තේරුම් ගන්න පුලුවන්

තමුසෙලා දෙන්නා ජේමිස් බොන්ඩ්ස් ලා වගේනෙ මම කවදාවත් දැකලා නෑ ඔයවගේ හැන්ඩි ඇදුමක්

සර් අපිව අමතක කරාට අපේ සර්ට අපිව මතකයි...සච්නි මිස්ගේ ශොප් එකට ගිහින් ඇදුම ගත්තේ මිස් නිකම්මයි දුන්නේ...අපි දෙනටම ගැලපෙන්න එකවගේම මහලා තියෙනවා...අපි හිතුව සර් අපිට කතාකරයි කියලා පහුගිය දවස් වල අඩුම තරමේ හෝටෙල් එකේ විස්තර අහන්න

නෑ නෑ..මට උබලව අමතක උනේ නැ...මම් ඩස්පියගෙන් අහනවා උබලා ගැන...ඒක නෙමෙයි කොහොමද හොටෙල් එක

අවුලක් නැර් සර්...වෙනද වගේමයි...දැන් අපි ගානට වැඩේ අල්ලගෙන ඉන්නේ...ලොකු අමාරුවක් නෑ...හොටෙල් එකටත් බිස්නස් හොදයි දැන් ලොකු ලොකු ෆන්ක්ශන් එනවා නිතරම ...මැනේජර් ඉදලා හැමෝම නිතරම සර්ව මතක් කරනවා..සර් ආයෙ එනවානේ වැඩට

බලමු බලමු බන් වැඩ සෙට් වෙන විදිය බලලා ආයේ ජොබ් එකට යන්න තමයි හිතන් ඉන්නේ

දැන් උබලගෙ ප්ලෑන් මොනවද

අපිහොටෙල් කෝස් එකක් පටන් ගත්තා...කවියා කැමති හෝටලේක පූල් මැනේජර් කෙනෙක් වගේ යන්න..ඒනිසා අපි දෙන්නම ලයිෆ් ගාඩ් කෝස් එකකුත් පටන් ගත්තා...ඩයිවු කරන්න ඕනි ඒකට පැඩි ලයිසන් ගන්නත් ඕනි...කොහොම හරි ඩයිව් මාස්ටර් කෙනෙක් වෙන්න ඕනෙලු කවියට...එකස්පීරියන්ස් හදාගත්තම දෙන්න යනවා සිනග්පූරුවෙ හරි ඩුබායි වල හරි හෝටලේක වැඩට...අපේ සර් මැඩම් (ඩස්පිඅයා , සමනලී) කියුවා...එයාල ප්‍රන්ශෙ ගියාම අපිවත් ගන්නවා කියලා..එහෙම උනොත් එහේ යනවා... අපේ සර් ලග ඉන්නවා වගේ හරියන්නේ නැර් නෙ අපිට...කොහේ හියත් සුදුසු කම් එක්ස්පීරියන්ස් තියෙන්න එපැයි..ඒනිසා මේදවස් වල මහන්සි වෙලා වැඩ කරනවා

කවියා මට අතින් පෙන්නුවේ ඌ හොඩ බිමට වඩා මුහුදට කැමතී...මඩුවා හෝටල් රස්සාවට කැමතී ...මඩුවා ගොඩ තියාලා කවියට මූදු යනත් බෑ...ඒ නිසා ඒ ඔක්කොම එකට ගැලපෙන්නෙ කෲස් ශිප් එකක් වැඩට යන්න ඕනෙලු දෙන්නටම...(කෲස් ශිප් එකක් කියන්නේ පාවෙන සුපර් ලසරි හෝටලයක් වගේ නැවක්...ටයිටැනික් නැවත් කෲස් ශිප් එකක්...මේ නැවක රූම් 3000ක් විතර තියෙනවා එක නැවක ගෙස්ට්ලා 6000කට විතර යන්න පුලුවන් )

ආආ ඔවු කෲශ් ශිප් එක්ක මරු..උබලා දෙනගෙම උවමනාවල් වලට ගානට සෙට් වෙනවා... ලොකු හෝටලේක වැඩ කරන ගමන් මුහුදෙන් ලෝකෙ වටේ සවාරියක් යන්නනම් කෲස් ශිප් එකක් තමයි මරුවටම ගැලපෙන්නේ.. නියමයි බන් උබලා දෙන්නනම් පට්ට...හොදට ජීවිතේ ප්ලෑන් කරනවා...කියපන් මම උබලට ඕනෙම සපෝට් එක්ක දෙනවා..

උන්දෙන්න එක්ක කතා කරලා මේ පැත්ත හැරෙනකොට ...තව සර්ප්‍රයිස් එකක්...

ඩස්පියයි සමනලී හදපු අපේ අතීතෙ එකට කැටි උන ප්‍රසන්ටේශන් එකක් දැම්මා
උන් දෙන්නා පරණ ෆොටෝ අදින්න දක්ශයි..සමහර ඒවා කවුරු ලග තිබිලා හොයාගත්තද මන්දා...උන් දෙන්නා ඒකට හොදට මහන්සි වෙලා...ගොඩක්ම ඒවා අපිත් නොදැන ඉස්සර ඉස්කොලෙ යන දවස් වල ඩස්පියා ගත්තු ඒවා

මගේ හිත තදින්ම ඇදිලා ගියේ මමයි සූකිරිරී මගේ කහ කුරුලයි එයාගෙ නිල් පිලිහුඩුවයි තියාගෙන එකිනෙකාට ඔරවගෙන හිටපු ෆොටෝ එක

ප්‍රසන්ටේශන් එකෙන් පස්සේ ලැබුන සුලු විවේකයෙදි

පොඩි මම සූකිරි ලගට ගියා..මොකද කියන්නේ අපිත් කමුද?...ඩ්‍රින්ක් එක ගනිපු උනුත් කාලා ඩීජේ එකට නටන්නත් පටන් අරගෙන

මටනම් බඩගිනි නෑ...පොඩ්ඩිට කවන්න ඕනේ...එක විනාඩියක් එක තැනක ඉන්නේ නෑ...අර ගිහාන අයියගෙ පොඩි එකී එක්ක නටන්නේ
මම ගිහින් පොඩි එකීව උස්සගෙන ආවා

"තාත්තී මට දැන් කන්න ඕනි නෑ...මගෙ යාලුවත් එක්ක ඩාන්ස් කරන්න දෙන්නකෝ"
"හරි සුදූ...මමයි අප්පච්චීත් එනවා ඩාන්ස් කරන්න ...ඒත් ඉස්සෙලා කාලා ඉන්න ඕනි හරිද?"
"හරි ...අහුරු පහයි...."

"බෑ බෑ..අනේ දහයක් වත් කන්න ඕන්නේ නැත්තම් නටන්න පන නෑ"

හැබැයි රයිස් චිකන් පරිප්පු විතරයි""
"ඉකේ ඒක හරියන්නේ නෑ....මේච්චර කෑම තියෙද්දි...සැලඩ් ටික්කුත් කමු"
"බෑ මම ආසනෑ"
"එහෙනම් ඔන්න තාත්ති තරහ වෙනවා...ඔයාගෙ කොන්ඩෙ දික් වෙන්න ..සැල්ඩ් කන්න ඕනි"
අපොයි ලමයි එක්ක කේවල් කරන එක හරිම අමාරුයි....ඒකට ලොකු ඉවසීමක් තියෙන්න ඕනි...හැබැයි ඒක හිතට සතුට ගෙන දෙන දෙයක්...තරහයි වගේ පෙන්නුවට තරහ යන්නේ නෑ...තාත්තකෙනෙක් ගෙ ආදරෙන් දෙයක් දෙනවා විතරයි ආයෙ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ
මම බත් එක බෙදාගෙන එනකන් සූකිරි දුවත් එක්ක ටේබල් එකක වාඩි වෙලා හිටියා
"කෝ...මෙන්න රොකට් එක කට ලගටම ඇවිත් තියෙන්නේ ඉක්මනටම ...පෝට් එක ඕපන් කරන්න රොකට් එක ලෑන්ෆ් කරන්න ...බූද් බූද් බූශ්"

බත් කටක් දාන්න චූටිගෙ කට ඇරගන්න එක හෙනම ගේමක් ...ඒකට දහට පාලියම නටන්න වෙනවා

"දුවට විතරක් කවන්නේ...අප්පච්චිටත් බඩගිනී.." මම් චූටියට කවන දිහා බලන් සූකිරිත් මගේ ලගට කට උල් කරන් ලන්කරනවා

"නාකි හුරතල්...ගිහින් බෙදාගෙන වරෙන් ...මම ගෙනාවෙ කෙල්ලට විතරයි"
"එහෙම කියන්න එපා ඔයි,...මම පවුනේ...දුව ලැබුනම...මට ලැබෙන ආදරේ අඩු උනා...මම් කෑ ගහලා අඩනවා හොදේ"

ඉදා...කට වහන් සූප්පු කර කර හිටපන්...මම ලොකු කුකුල් අඩුවක් ඇබයක් ගැහුවා වගේ සූකිරිගේ කට්ට එබුවා...කට වැහෙන්නම

"ආ..හොදයි හොදයි විනෝද් පුතා දැන්නිදලම ලමයි බ්ළාගෙන පුරුදුවෙනවා නේ...බැන්ද දාට නෝනට ලේසී"

අපේ ගෙවල් ලග ඕප දූප හොයන් ඇන්ටිකෙනෙක් ඉස්මුරුත්තාව් එනකන්ම කාකාලා සාරියට තද උන බඩ ගෙඩිය අදිනගමන් මගේ පිටත් තට්ටුවක් දාගෙන යන්න ගියා

මේ ගෑනුන්ගෙ මගුල් ගෙවල් වල ආවම හෑර මුකය ඉ ලාස්ටික් වෙනවා...අර කොතවගේ බත් එක්ක ගිලලා...පූජා වට්ටිය වගේ ලොකු ප්ලේට් එක්කටට පුඩින් වටලප්පන් මූස් ගැටෝ අයිස්ක්‍රීම් විප් ක්‍රීම් හැම දානෙම පුරෝන ඇන්ටි කෙනෙක් දැකලා මට හිතුනා

පොඩි එකීට යන්තන් ෆෝන් එකේ යූටියුබ් කාටුන් එක්කෞත් දාලා පෙනවලා බත් කටවල් දහයක් කැවුවා

"තාත්ති ඔයා ඉන්න නිසා මට හරි සතුටුයි"

"ඇයි මගෙ මැනික ඒ"

"තත්ති ලග ඉද්දි අප්පච්චිත් හරිම හොදයි...ඉස්සර එයා මාව බලන්න එන්නේ රෑට විතරයි...පොඩිම වෙලාවක් වත් මම ලග ඉන්නෙර් නෑ...ඔෆිස් යනවා..පාර්ලිමෙන්ට් යනවා...කෝල් ගන්නවා...ලැප් එකේ වැඩකරනවා...මමමිලා ගොඩක් එක්ක එහේ මෙහේ යනවා...මට තනියෙම සෙල්ලම් කරන්න වෙන්නේ...තාත්තිට ඒ දව්ස් වල පොඩ්ඩක් ඇත්තම් තරහයනවා...ඔක්කොටම බනිනවා...අම්මි එක්ක රන්ඩු කරනවා...අම්මඉත් කෑගහනවා...සමහරදාට බඩුත් පොලොවෙ ගහනවා...ඒ වගේ දව්සට මම් කාමරේට වෙලා තනියෙම අඩනවා...දවසක් තුවක්කුවෙන් ගෙදර සිවිලිමට වෙඩි තිබ්බා...ඒකෙ හිල තාම තියෙනවා සිවිලිමේ...අපේ ගෙද්‍ර ආවම පෙන්වන්නම්කෝ"

"ඇත්ත්ද ඕයි මේ පොඩි එකා කියන්නේ...තමුසෙට පිස්සුද පොඩි කෙල්ල ඉස්සරහා එහෙම හැසිරෙන්න..බූරුවෙක්නෙ උබ"

මම් කවපු බත් කටේ තිහුන මිරිස් නිසාද එයාගෙම පරන වැරදි නිසාද මන්දා සූකිරිගෙ ඇස්වල කදුලු

"හරි ආදරයක් නැති උනාම මිනිස්සු ...යක්කු වෙනවා..දරුවො අනාතවෙනවා...දැන් වගේ මාව බලාගන්න කවුරුත් හිටියේ නෑ..ඔක්කොම මගෙන් මොනව හරි ගන්න බලන් හියියෙ..මට ඇත්තටම් ආදරේ කරන්න කවුරුත් නැති අනාතයෙක් ඒ දවස් වල මම"

ඉදුල් ගෑඋනේ නැති වම් අතින් එයාගෙ කදුලු පිහිදන ගමන් මම එයාට කියුවා

"දැන් මම ඉන්නවනෙ...උබ අඩන්නත් බෑ...දරුව ඉස්සරහා තරහ අරගෙන කෑ ගහන්නත් බෑ...
පුතා අප්පච්චි බැනොනොත් මට කියන්න..මම් එයාට දෙන්නම් හොද පනිශ්මන්ට් එකක්"

"හොද තාත්තී..ඒත්...අප්පච්චිට පනිශ් කරන්න එපා...එයා හොදයි...මම කැමතී අප්පච්චි මේ විදියටම ඉන්නවනම්"

"ඇයි මොකක්ද දැන් තියෙන හොද"

"අප්පච්චී පර්ලිම්නට් යද්දි සරම අදිනවා..කොන්ඩෙත් කැතයි ...නාකි පාටයි...මූනත් බෙරි වෙලා....තරහෙන් ඔරවගෙන ඉන්නේ...

දැන්නම් අප්පච්චි අයියා කෙනෙක් වගේ ලස්සන හෙයාස්ටයිල් දාලා ...ලස්ස්නට ඇදලා හිනාවෙලා විහිලු කරනවා සෙල්ලම් කරනවා පොඩි බබෙක් වගේ

"අප්පච්චි මීට පස්සෙ ඉදලා හැමදාම මෙහෙම ඉදී...චූටි දූ වොරි වෙන්න එපා...තාත්ති ඉන්නවනේ "

අනික් බෙස්ට්මන්ලා බ්‍රයිට් මේඩ්න් ලා ඔක්කොම ෆ්‍රෝසන් හිම අල්ලාතේරෙ වගේ හදපු හෙඩ් ටේබල් එකේ ඉදන් කෑම ගන්නවා

මමයි සූකිරී දෝනී මුලදි ෆොටෝ එකට විතරක් එතැන වාඩිවෙලා ඉදලයි මෙතැනට ආවේ පොඩ්ඩිට කවන්න

එතැන ඉදන් බඩ පැලෙන කාපු ඩස්පියා...උගේ අමු සොහොන වගේ කුකුලුමස් කටු පෝක් බීෆ් හන් කෑලි වපුරපු අජූව ප්ලේට් එක එතැන තියෙද්දි අපි ලගට ආවා

"පුන්චි පවුල රත්තරන් උනා ...එහෙනම්...හරි හරි දැන් තනියෙමනෙ ඔක්කොම වැඩ"
ඩස්පියගෙ කට කැඩිච්ච කතාව අපේ අම්මට ඇහුනා

මොනවද මොනවද මේ...පවුල් කන කතා කියන්නේ""

"නෑ...මේ නෑ,,,ඇන්ටි නෑ,,,මම් කියුවේ ආඅ ඔවු ගොඩක් පවුල්වල කට්ටිය ඇවිල්ලා කලෙකින් දැක්කේ එකයි මේ"

ගිලිච්ච වචන ටිඅකත් අහුලන් ඩස්පියා එතැනින් ලිස්සලා යද්දි අම්මත් ඔරවගෙන ගස්සගෙන බුෆේ ටේබල් එක පැත්තට ගියා

"බෑ ඕයි මේක තව හන්ගගෙන ඉන ..මහ මානසික වදයක්...අද කියලා දාමු ඕනෙ එකක් වෙන්න කියලා...ලොකුවටම කෙල උනොත් අම්මා මාව පවිලෙන් එලවයි...මාව එලෙවුවත් කමක් නෑ..එයා දිගටම මාව මතක් කර කර හූල්ලයි...ඒක තමයි වෙන්න පුලුවන් නරකම දේ...මොකද කියන්නේ"

මම සූකිරිගෙ මූන බැලුවා...එයාටත් උතරයක් නෑ දුකයි වික්ශිප්ත බවයි විතරයි ඉතුරු
"මට ඔයාට උදවු කරන බැරි එකම ප්‍රශෙනෙ ඕක....අම්මගෛ පුතගෙයි ප්‍රශෙනෙ ඔයලා දෙනයි විසදගන්න ඔනෙ..ඔයා ගන්න ඕනෙම තීරනේකට මම එකගයි...ඕනෙම නම් අම්මා කියන විදියට ..ගැලාපෙන කෙල්ලෙක් බදින්න...මම උබට කිසිම ප්‍රශනයක් නොවෙන්න දුවත් අරන් උබේ සම්පූර්න ජිවිතෙන්ම අයින් වෙනවා...ඔයාට නිදහසෙ පවුල් ජීවිතේ ගෙනියන්න පුලුවන්...අම්මත් සතුටු වෙයි"

"මූසිල කතාකියන්න එපා යකෝ...මූසිල කතා...ඒක තමයි මෙතන තිහෙන වෙන්නම බැරි සිනාරියෝ එක...ඒක ඇරෙන්න මම ඕනෙ දෙයක් කරනවා...ශික් අම්මාට අඩුවෙන් දුක හිතෙන ක්‍රමයක් තියේනම්" මම පිස්සෙක් වගේ ඔලුව කැහුවා...ටේබල් එකේ ඔලුව ගහ ගත්තා...

පොඩි එකත් බය වෙලා තාත්තී තාත්තී කියලා කෑ ගැහුවා

Continue Reading

You'll Also Like

326K 13K 40
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
608K 58.9K 87
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...
441K 23.1K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
1.3M 44.5K 61
Myanmar × BL Uni/Zaw [ 2 ] Warning..... Start Date: 29.9.2023 End Date: 20.11.2023 Photo Crd