Ep 37
ඉස්සර මතක සිහිවටන මැරෙන්න පනගහන ආදරේ ජිවත් කරනවා
එදා සූකිරි මම දීපු මුද්ද පෙන්නලා එහෙම කියුවා
ඒත් මහත්තයෝ ඒ ආදරේ අමු සොහොනක් කරලා
ඒ සොහොනෙ දිරා යන ඇට සැකිලි වගේ මතක ගොඩක් මැද්දෙ
දුක්විදින සෝපාක කෙනෙක්ට උබ සැරින් සැරේ ඇවිත්
කොනිතලා හිතපාරවලා හැරිලා යන්න එපා
මට උබ හිමිනැති බව යාන්තමට හිතට ඒත්තු ගන්වද්දිම
නුබ ඇවිල්ලා හිරිහැරකරා කරදර කරා
පරන සිද්දි මතක් කර කර ඔහේ කැමප්ස් එකට එද්දි
මග රැකන් හිටපු බෝල්ට් මුනගැහුනා
"ඒයි මල්ලී උබ මාර මිනිහෙක් නේ"
"ඇයි"
"උබ යකෝ ඇමතියගෙන් මහ දවල් ගේම ඉ ල්ලලා උගේ හොස්සත් පොඩිකලා කියලා කතාව යන්නේ"
"පිස්සු එහෙම මුකුත් නෑ"
"මොකද්ද උබෙයි උගෙයි තියෙන කේස් එක"
"එහෙම කේස් එකන් නෑ බන් අයියේ...නන්න කියවන්නේ නැතුව පලයන්...හුත්ත"
පද්දතිය පුරාම ඕපේ පැතිරෙන්නේ තටුගහන වේගෙන්
කුණු අවුස්සන්න ආපු බෝල්ට් මම කියපු වචනෙන් දෙකෙන් තටු අකුලගත්තා
වෙන කිසි එකෙක් මගෙන් අහන්න ආවේ නෑ
ඒත් ඒ මූණු වල මම ගැන කුතුහලයක් තැවරිලා තියෙන් බව මම යන් එනකොට හැරිලා බලන් ඉන්න විදියෙන් තේරුනා
"මේ දවස් වල ෆිල්ම් ෆෙස්ටිවල් පටන් අරන් යමන් බලන්න ...හොද ටර්කි ෆිල්ම් වගයක් තියෙනවා""
"මම ෆිල්ම් බලන්නනම් ආස නෑ ...ඒත් ගිහාන් අයියට කියල එයත් කැමතිනම් එයාව එක්කගෙන එන්නම්"
"මොකද්ද යකෝ යන යන තැන ඌව එල්ලගෙන යන්න්නේ...ඌ ඕනි නෑ අපි දෙන්නා යමන්...බලපන් ඒකා නිකම්ම නාකි වෙලා යනවා උබ උගේ ඇගේ එල්ලිලා ඉදලා හරියන්නේ නෑ උගේ පොඩි එකාවගේ...ඉක්මනින් ඌට කවුරු හරි සෙට් කරපන් "
"නෑ එයා බදින්නේ නෑ"
"ඇයි ඌට බැන්දොත් වැඩේ කරගන්න බැරිවෙයි කියලා බයද?....එහෙම එකක තියේනම් ගෑනි ගෙනත් ඇරලන්න කියපන් අපේ බෝඩිමට...අවශ්‍ය සියලුමදේ කරලා ආයෙ භාරදෙනම් "
"වල් කතා කියන්න එපා උට්ට්ටෝ"
"සිරාවට කියන්නේ පොඩ්ඩක් හොයලා බලපන්....මොනවා හරි කේස් එකක් තියෙනවනම් රෙඩි මේඩ් බඩුවක් සෙට් කරමු ළමයි දෙතුන් දෙනෙක් එක්ක....ඌ හොද එකානෙ සුලු අත්වැරදීමට සමාව දීලා ගෑනි ගෙනියයි"
"මේ උබ එක එකාගෙ මගුල් හොයන්නේ...දාගනින් කිරි ටොයියෙක් අලුත් නැවෙන්වත්...නැත්තන් උබත් එකස්පයර් වෙලා...ශොකට් බැහැපු ලොන්තපොල් වැදිරියෙක් කරගහන්න වෙයි"
"පල පල ඩෝ මාව කන්ඩෙම් කරනෙ නැතුව....දවසක බස්සනවා සුපිරි කෑලක් උබලට ජොකාගෙම ලීක් වෙන්න"
"සිරා බන් අයියෙ කියන්නේ...බැන්දෙ නැතත් හොද කෙල්ලෙක් හොයාගනින්"
"බෑ බන් මල්ලි ...මගේ ටාගට් එකට යන්න බෑ...කෙල්ලෝ එක්ක...බඩු කියන්නේ නඩු තමයි...මට ටික දවසක් මේ ෆී ලයිෆ් එකේ ඉන්න ඕනි....පී.එච් ඩී එකක් ගන්න එක මගේ ඊලග ලොකුම ටාගට් එක"
එදා හවස මම බෝල්ට්ටයි ගිහාන් අයියටයි මැදිවෙලා ෆිල්ම් ෆෙස්ටිවල් එක බැලුවා
ඊට පස්සෙත් බෝල්ට් ගෙ බල කිරීමටම අපි තුන්දෙනා
බෙරගල හයිකින් එකකට ගියා
තේ වතු මැහ්දේ හීතලේ ගැහි ගැහි අලි බෑවුම් වල නැගගගෙන යද්දි
ගිහාන් අයියට මහන්සි උන නිසා එයා මග නැවතුනා
කන්දෙ මුදුනෙදි රතුමැයි මාරගහක් යට අයාලෙ ගිහින් එන හුලන්කෝඩෙකට අහු උනනිසා බෝල්ට් හිටියෙ මට ලන්වෙලා
"මල්ලි...ගිහාන් උබේම අයියත් නෙමයිනම් උබේ නෑ කෙනෙකුත් නෙමයිනම් මොකද්ද උබලා දෙන්න අතරෙ තියෙන සම්බන්දෙ"
"අනේ මන්ද බන් ඒකට නමක් මමත් හොයනවා"
"මට හිතෙනේ උබ ...උබවත් නොදන්න සම්බන්දෙක හිරවෙලා නිකන් කාලෙ නාස්ති කරනවා"
"මට එහෙම හිතෙන්නේ නෑ බන්...අර්තයක් නැති ජීවිතේට පොඩි හරි සැනසීමක් දුන්නේ ඒ මනුස්සයා"
"උබ දිහා බැලුවහමවත්...උබව ආශ්‍රයකරනකොටවත් මට තේරුනේ නෑ ....ඒත් මේ ගිහාන් ගැන හිතන විදියෙන් මට හිතෙනවා...උබ ඉන්නේ කොලු සීන් එකේද?"
"මෙච්චර කල් උබත් එක්ක ඉදලා මට බොරු කියන්න බෑනේ...උබ ගැන ෆුල් විශ්වාසෙන් කියන්නේ...මෙ3ක රහසක් විදියටම තියාගනින්....ඔවු බන් මම ගේ ලවු එකකට කැමතී"
"ඒ කියන්නේ ගිහාන් උබේ බෝයි ෆ්‍රෙන්ඩ්"
"අනේ මන්දා...සමහර වෙලාවට ඒ වගේ....ඒත් ගොඩක් වෙලාවට එයා මාව බලාගන්නේ තාත්ත කෙනෙක් වගේ"
"උබ එයා එක්ක ජීවත්වෙන්නේ සතුටින්ද?"
"සතුට දුක කියලා විශේශයක් නෑ,....අවුලක් නැතුව ශේප් එකේ ඉන්නවා...දුකටම සින්න වෙලා විනාශවෙන්න ගිය ජීවිතේ මේතරමට හරි අලවලා දුන්නේ ගිහාන් අයියා"
"එහෙමයි කියලා...උබ ට එයා ගැලපෙන්නේ නැතතන් ඇයි දිගටම ඉන්නේ"
"කවදාවත් සීයට සීයක් ගැලපෙන අය අපට ලැබෙන්නේ නෑ බන්...නොගැලපෙන තැන් ගලපගෙන ජීවත්වෙනවා...එයා අවන්කයි...මට ආදරයෙයි...මම වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරනවා...ඊට වඩා දෙයක් මොනවද ඉතින්...පිරිමියෙක් ගෑනියෙක්ට ආදරේ කරත් බලාපොරොත්තු වෙන්නේ ඒ ටිකමනෙ"
වැස්ස නැවතුනාම අපි පහලට බැහැලා ගිහාන් අයියවත් එකතු කරගෙන ගෙදර ආවා
මීට පස්සේ මගේ ජීවිතේ අවුරුදු කීපයක් යනකන් ලොකුවට විස්තර කරන්න කියලා දෙයක් තිබුනෙ නෑ
බෝල්ට් අවුරුදු ගානකින් දාපු වැඩිම ස්කෝර් එක දාලා ප්‍රොබේශන් ලෙක්චර් පෝස්ට් එකක් ගත්තා
මමත් තරමක් හොදට වැඩ කරපු නිසා ස්පෙශල් කරන්න සිලෙක්ට් උනා ඉකෝන්
ඒ කාලෙදි ගිහාන් අයියයි මමයි හරිම කම්මැලිසහගත විදියට ජීවිතේ බෙදාගත්තා
බෝල්ට් ඉදලා හිටලා කරන පිස්සුවක් විතරයි කතාකරන්න හිනාවෙන්න තිබුනේ
අපි දෙනත් හොදම යාලුවෝ කියන රාමුව ඇතුලෙම දිගටම හිටියා
වෙනසකට උනේ බෝල්ට් වැඩිපුර මාත් එක්ක හිටපු නිසා එයා සෙල්ලමට පැදපු කෑලි ගැලවිලා වෙනෞන්ගේ ඇගේ එල්ලුනා
නිසලව ගලාගෙන ගිහිපු ජීවිතේ වෙනස් උනේ එක දවසක් ගිහාන් අයියට ආපු කෝල් එකකින්
මම සාලේ කැම්පස් එකේ වැඩ වගයක් කරකර හිටියේ
"මොකද අයියෙ මේ මූනත් එක්කම කලුවෙලා....මුකුත් ප්‍රශ්නයක්ද?" ෆෝන් එක අතේ තියන් බිරාන්ත වෙලා වගේ හිටපු නිසා මම ඇහුවා
"මල්ලි දැන් උදේශ් කතා කලා" උදේශ් කියන්නේ ගිහාන් අයියගෙ කලින් කොල්ලා
"ඇයි මොකෝ කේස් එක"
"එයා ඉදලා ඉදලා බැරිම තැන මට කතා කරලා තියෙනෙන්"
"ඉතින්"
"එයාට ප්‍රහ්ස්න ගොඩක්"
"අයියා අන්තිමේදි කියුවෙ උදේශ් අයියගෙ වයිෆ් ෆ්‍රෙග්නට්...එයාටලා සතුටෙන් ඉන්නවා කියලනේ...දැන් ඒ බබාට අවුරුදු 3ක් වත් ඇති නේ"
"මම මල්ලිට මගේ මුලු කතාවම කියුවෙ නෑනෙ...."අයියා ඇවිත් සෝෆා එකේ වාඩිවෙලා හිටපු මගේ උකුලෞඩ ඔලුව තියාගෙන ඇලවුනා
"මම කාගෙන්වත් දේවල් අකැමත්තෙන් අහන්නේ නෑ අයියෙ....ඔයා කැමතිනම් කියන්න මොකද උනේ " මම ගිහාන් අයියගෙ කොන්ඩෙ අතරින් ඇගිලි දාලා ඔලුව අතගාන ගමන් කියුවා
"මමයි උදේශ් මීට් උනේ ඉන්ග්‍රීසි පන්තියකදි ඒලෙවෙල් වලින් පස්සේ
අපි දෙන්නා දැක්ක දවසෙම යාලු උනා
එයත් මම වගේම බොහොම නියුට්‍රල් පොරක්
අපි දෙන්නම ඒ දවස් වල නවකතා පොත් පිස්සො
පත්තර වල යන ආදර කතාත් කියවනවා හරියට
මුලින්ම අපි කතා පොත් ගැන කතා කරා"
ඔයාට මම කියලා තියෙනවනේ මම කොහොමත් අම්මා තාත්තා නැතුව පුන්චි බාප්පයි එක්ක හැදුනේ
එයාලටත් දරුවො ඉන්නවා
ඒ නිසා මට ලැබුනෙ ගොඩක් අඩු සැලකිලි
මට ඒ ලෙවෙල් ඉවරෞඅනගමන් ඕනි උනේ පවිලෙන් ඈත්වෙන්න
ඉක්මනින් ජොබ් එකක් කරන්න
ටිකක් ඒ දවස් වල මම උබ වගේ
ගෙදර එක්ක සමබන්දෙකුත් නෑ ඉගනගනයි පොඩි ජොබ් එකක් කරනයි තමයි කාලය යෙදෙවුවේ
ඒ දව්ස් වල ආදර කතා කියවද්දි මටත් ලස්ස්න ආදරයක් ඕනි උනා
ඒත් මගේ ආදර කතාවල මම හොයාගෙන එන කෙල්ලෙක් වෙනුවට හිටියෙ කොල්ලෙක්
කොල්ලො කෙල්ලො ආදර කතාවල නිතරම මම හිටියෙ කෙල්ලගෙ පැත්තේ
මට් ඒ කතා දැනුනෙ කෙල්ලගෙ පැත්තෙන්
මගේ හීනවලත් නිතරම හිටියෙ මාව හොයාගෙන එන ලස්ස්න කොල්ලෙක්
ඒත් එයාගෙ මූන මොනවගේද කියලා ම්ට හිතුනෙ නෑ
මට දැනුනෙ එයාගෙ ආදරේ කරුනාව..මාව බලාගන්නවා කියන හැගීම
උදේශ් එක්ක ආශ්‍රය කරද්දි එයා දිහාවට් මමත් මගේ දිහාවට එයත් හරි ඉක්මනට ඇදිලා ගියා
එයා මාව එයාගෙ ගෙදර එක්ක ගෙන ගියා
එයාලා දුප්පත් මිනිස්සු
තාත්ත සිකියුරිටි ජොබ් එකක් කරේ
දෙන්නම ගොඩක් වයසයි
උදේශ් ඉපදිලා තියෙන්නේ ගොඩක් පස්සෙ කාලෙක
හරිම හොද මිනිස්සු
උදේශ්ට මාර ආදරයක් බැදීමක් තිබුනේ
මට තිබුනෙ නැති උදේශට තියෙන ලස්ස්න පවුල දැකලා මට ගොඩක් දුක හිතුනා
ඒත් ඒ දුක නැති උනේ එයාලගෙ අම්මයි තාත්තයි මටත් උදේශ් වගේම එයාලගෙ පුතෙක්ට වගේ සලකන්න පටන්ගත්තු නිසා
අපි පුතාල දෙනයි අම්මයි තාත්තයි ඉන්න පවුලක් වගේ පෙනුනේ
මම දවසින් දව්ස වෙන් කරන්න බැරි තරම් උදේශ් ගෙ දිහාවට ඇදිලා ගියා
කොල්ලො දෙන්නෙක් වෙච්ච අපි අතරෙ හරියටම වෙන්නේ මොකද්ද කියන දේ ගැන අපිට තේරුමක් තිබුනෙත් නෑ
ඇත්තටම අපි දෙනගෙම ෆස්ට් ලවු එක දෙනටම කිසිම එකස් පීරියන්ස් එකක් නෑ ...හොඩක් කල්මyඅනකන්ම අපිට තේරුම් ගන්නත් බැරි උනා අපි අපිට ආදරෙයි කියලා
මට උදේශ්ගෙ ආදරේටත් වඩා තදින් දැනුනෙ එයාගෙ අම්මගේ ආදරේ
ඒ මනුස්සයානම් වචෙනෙ පරිසමාප්ත අර්තයෙන්ම ගෙදර බුදුන් කියන්න පුලුවන් අම්මා කෙනෙක්
වචෙනෙකින්වත් කාගෙවත් හිතරිද්දුවේ නෑ...දවසේ මුලු කාලෙම කැප කරේ අපි දෙන්නා වෙනුවෙන්...අපි ලොකුයි කියලා නෑ...අපිව බලාගතෙ පොඩි ළමයි දෙන්නෙක් වගේ...රෑට නිදාගනිද්දි නැගිටලා ඇවිත් ර්දිත් පොරවලා දෙනගෙම නළලත් ඉබලයි යන්නේ
අපි දෙන්නම සෙක්ස් ගැන වැඩි තැකීමක් කරේ නෑ...එකට ඉන්න එකයි දෙනට දෙන්නා බලා ගන්න එකයි ...අම්මා තාත්තා සතුටෙන් තියන එකයි විතරයි අපිට ඕනි උනේ
ඒත් කවදා කොහොම කවුරු පටන් ගත්තද මතක නෑ පස්සේ පස්සේ අපි පොඩියට සෙට් වෙන්න ගත්තා...
අපිට වැරදුනේ අපි පරිස්ස්න් වෙන්න ඕනි කියන එක අමතක කරපු නිසා
දවසක් අපි දෙන්නා ඇද උඩ ටිකක් නරක විදියට හැසිරෙනවා අමමා දැකලා
ඒත් එයා ඒක ගැන ලොකු කලබලයක් කරෙත් නෑ අපිට බැන්නෙත් නෑ
මට අම්මා ලොකු වෙනසක් කරේ නෑ
වෙනද වගේම ආදරෙන් සැලකුවා
ඒත් එයාගෙ හිතයට තියෙන සතුට වෙනද වගේ නෑ කියලා මට දැනුනා
අම්මා කන්නෙත් නැතුව ඔහේ බලන් කල්පනා කරනවා මම බලන් හිටිය
දවසක් උදේශුයි තාත්තයි නැති වෙලාවක මම අම්මාගෙන් ඇහුවා දුකෙන් ඉන්නේ ඇයි කියලා
ඒවෙලේ අම්මා කියාපු කතාවලින් මගේ හිත පෑරිලා ඉ රිලා ගියා
"ලොකු පුතා...උබ මගේම පුතා...මම උබට සලකන්නේ පොඩ්ඩට සලකන විදියටමයි....ඒත් පුතේ මට තේරෙන්නේ නෑ උබලා දෙන්නා අතරෙ තියෙන්නේ මොනවගේ සම්බන්දයක්ද කියලා...මම උබලා දෙන්නගේ ස්මහර වැරදි වැඩ දැක්කත් කට පියාගෙන හිටියා...උබලා දැනුම් තේරුම් තියෙන ලමයි ...මට වැඩිය රටේ ලෝකෙ ගැන දන්නවා...මම හිතුව කවද හරි උබලා දෙන්නා වැරදි දේ තේරුම් අරන් ඒවා හදාගනී කියලා
"ඒත් මම උදේශ්ගෙන් කසාදෙ ගැන අහනකොට දවසින් දවසම ඒක කල් දානවා....ඒ ගැන කතා කරනවටවත් කැම්මති නෑ....මට හිතුනා ඒකට හේතුව උබලා දෙන්න අතරෙ තියෙන වැරදි සම්බන්දෙ නිසාද මයෙ කොල්ලා බදින්න බෑ කියන්නේ....අපි දෙන්නා හරිම දුප්පත් ගොඩක් දුක් විදලයි ඔය කොල්ලා උස් මහත් කලේ...ඒකා විතරයි අපිට තියෙන එකම වස්තුව....මම බුදුන් වදින මගේ අත්දෙක එකතුකරලා වැදලා ඉ ල්ලන්නේ මගේ ලොකු පුතේ මල්ලිට බදින්න කියපන්...උබත් බැදපන්...මට මැරෙන්න කලින් උබලගෙ මුනුබුරෝ දකින්න ඕනි...මට විතරක් නෙමයි අපේ මහ්ත්තයා ගෙත් එකම බලා පොරොත්තුව...අනේ රත්තරන් පුතේ අපිට පිහිට වෙනවා කියලා හිතාගෙන පොඩි එකාව බන්දල දීපන්....මම උබෙන් ඉ ල්ලනනේ එච්චරයි"
අම්මා අඩ අඩා මට වැදන් කතා කරපු හැටි මට තාම මතකයි මල්ලී....වෙන කෙනෙක් උනානම් බොරුවට රන්ඩුවෙලා මාව ගෙදරිනුත් එලියට දාලා
මට බැරි උනා ඒ රත්තරන් මනුස්සයගෙ ඉ ල්ලීම අමතක කරන්න
උදේශ් මට වඩා එයාලට ඕනි
මම කියන්නේ කවුද පොඩි කාලෙකට සතුට හොයාගෙන උදේශ් ඇගේ එල්ලිච්ච සලබයෙක්
ඒත් උදේශ් ඒ මිනිස්සු දෙන්නගේ නිර්මාණය...එයාලගෙ වස්තුව
ඒ දෙවිවරු වගේ මිනිස්සුන්ට දුක් දීලා මගේ සතුට අරන් පැනලා යන තරම් මම පවිකාරයෙක් නෙමයි මල්ලී
ඒනිසා මම හිත තද කරන් උදේශ්ව ටිකින් ටික කැමති කරගත්තා බදින්න
ඒක ලේසි උනේ නෑ
ඒ වෙනකොට එයා මට ඇබ්බැහි වෙලා තිබුනේ
අපි නිදා නොගෙන දවස් ගනන් මේ ප්‍රශ්නේ ගැන කතා කරා
වරු ගනන් ඇඩුවා
අන්තිමේ මට පුලුවන් උනා එයා බදින්න කැමති කරන්න
"අපි දෙන්නා එක්කමයි වීනාවී හොයා ගත්තේ
උදේශ් ගොඩක් කෙල්ලන්ට අකැමති උනත් වීනාවිට කැමති උනේ මගේ ගතිගුන ස්මහරක් වීණාවිට තිබුනා..මම වගේම වීණාවිත් එයාගෙ පවුලෙන් කොන් කරපු...අනාතයෙක්
ඒ දෙන්නා අතරෙ සම්බන්දෙ හදාග්න්න මම කපු කම කරලා දෙන්නටම නොදෙනි මම එයාලගෙ ජීවිතෙන් ටිකෙන් ටික අයින් උනා...උදේශ් ආයෙ ආයෙත් මාව හොයන් ආවත් මම එයාගෙ හිතහැදුවා මට ආදරේනම් අම්මයි තාත්තයි ආදරෙන් බලගෙන වීණාවී ත් එක්ක සතුටින් ඉන්න කියුවා
ඒ දෙන්නා බැදලා කාර් එකේ නැගලා ගියාට පස්සේ මම කවුරුත් නැති තැනකට ගිහින් ඇඩුවා ඇතිවෙනකන්
උදේශ් ගෙ අම්මා මාව හොයාගෙන ඇවිත් එයාත් මාව බදාගෙන ආවා
"උබේ හිතරිද්දුවනම් මට් සමාවෙයන් ලොකු පුතා...ඒත් ලෝක සම්මතේට පිටින් යන්න අපිට බෑනේ...මේ ප්‍රශන මෙහෙම විසදුන එක හොදයි""
"අම්මා ඔන්න මම ලොකු පුතාගෙ වග කීම අම්මට ඉශ්ට කරා...මම අයෙ එහේ එන්නේ නෑ...මම ආවොත් උදේශ්ගෙ හිත කැඩෙයි"
"එහෙම බෑ ලොකු පුතේ උබත් මගේමයි...ගෙදර දාලා යන්න ඕනි නෑ උබත් ඉක්මනට ලස්සන නෝන කෙනෙක් අරන් එන්න...එතකොට මට ලේලිලා දෙනයි මුනුබුරු මිනිබිරියො ඔක්කොම මැද්දෙ මගේ ජීවිතේ අන්තිම කාලෙ ගෙවන්න පුලුවන්"
මම අම්මා එක්ක තරක කරන්න ගියේ නෑ.....ඒත් මට ගෑනියෙක් බදින්න පුලුවන් කමක් නෑ...මට ගෑනු ගැන කිසිම හැගීමක් එන්නෙත් නෑ...
එ නිසා මම එයාලට මාව හොයාගන්න බැරිවෙන්න මම අතුරුදහන් වෙලා ඇවිත් හීන් සැරේ ආයෙ ජීවිතේ පටන්ගත්තා
තනියෙම පාලුවෙන් ඔයා මුනගැහෙනකන් ජීවත් උනා "
"ඉතින් අයියෙ මොකද්ද දැන් ප්‍රශ්නෙ" මම අයියගේ ඇස් වල තිබුන කදුලු පිහිදනගමන් ඇහුවා
"මම කියුවනේ ඔයාට ගිය සතියෙ අපේ හොස්පිටල් චේන් එකේ ඔක්කොම හෙල්ත් ස්ටාෆ් වලින් හොදම සේවකයො තෝරලා සම්මාන දෙනවා....ඒක ගැන පත්තරෙත් ඇඩ් දෙක තුනක් දාලා...ඒක අපේ හොස්පිටල් එකට අවුරුදු 50ක් පිරීමේ රිදී ජුබිලියට කරපු වැඩක්"
"ඔයා මට නිකන්වත් පෙන්නුවෙ නෑනෙ ඒ පත්තර ඇඩ්වටීස්මනට් එක"
"පහුගිය දව්ස් දෙක තුනේ ඔහා හිටියෙ මොනවා හරි හිතේ අමාරුවකින්නේ...මම හිතුවා ඔයාට කැම්පස් එකේ වැඩයි හොටෙල් එකේ වැඩයි දෙකම පැටලිලා කියලා...ඒ නිසා මම මේක මල්ලිට අමුතුවෙන් පෙන්වන්න ගියේ නෑ"
"උදේශ් මේකෙන් අපේ හොස්පිටල් එකේ නම්බර් එක අරන් එතැනින් මගේ නම්බරේ හොයන් මට කතා කරේ"
"මම දන්නවා අයියේ අපි ආදරේ කරපු ...අපි දාලා ගිය අය ආයෙ ආයෙ දකිද්දි හිතට මාර දුකක් දැනෙනවා"
"නෑ මල්ලී මට එයා හොදින් ඉන්නවා දැක්කනම් දුක නෑ...ඒත් එයා කරදර ගොඩක් මැද්දෙ ඉන්නේ"
"මොකද ඒ අයියට වෙලා තියෙන්නේ"
"අර එදා මම ඔයාටත් කියුවෙ ...උදේශ් ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න වීණාවී එක්කගෙන ඇවිත් තිබුනා කියලා අපේ හොස්පිටල් එකට...මම එයාගෙ රිපෝට්ස් බැලුවා අම්මයි දරුවයි නෝමල් කියලයි ඒවයෙ තිබුනේ...ඒත් වීණාවිට වූම්බ් කැන්සර් එකක් ...ඒ කියන්නේ ගර්භාශ පිලිකාවක තිබිලා...එර්ලි ස්ටේජ් නිසා අදුන ගන්න බැරි වෙලා...බබ ඉපදෙදි ගොඩක් අමාරුවෙලා..පොඩි එකා එලියට ගනිද්දි මැරිලා....ඒක ඒ දෙන්නට දරාගන්න අමාරුවෙලා
වීණාවිට දරුවෙක් ඕනෙමයි කියලා අඩනවලු
ඩොක්ටර්ස්ලා කියලා එයාගෙ පිලිකාව නිසා ආයෙ දරුවො හදන්න එපා...ගරබාශෙ අයින් කරන්න කියලා
වීණාවිගෙ බලකිරීම නිසාම එයාලා තව බබෙක්ට ට්‍රයි කරලා
ඒත් බඩට මාස කීපයක් වෙද්දි පිළිකාව වේගෙන් වර්දනය උනාලු"
ඩොක්ටර්ස්ලනම් කියලා තියෙන්නේ කලලය අයින් කරලා ඉක්මනින්ම කේමො තෙරපි පටන්ගන්න කියලයි
ඒත් වීණාවි බබා ඉපදෙනකන් පිළිකාවට කිසිම ට්‍රීට්මන්ට් එකක් ගන්න බෑ කියලා මුරන්ඩුවෙලා
පස්සේ ගොඩක් අමාරුවෙන් බබාව අඩු වයසෙන් අරගෙන
ඒත් වීණාවිගෙ පිළිකාව ඇග පුරා ගොඩක් අවයව වලට පැතිරිලා
දැන් එයා හොද කරන්න බැරි තරම් දරුණු මට්ටමක ඉන්නේ
ඇදේමයිලු නැගිට ගන්නත් බෑ
උදේශ් බැදලා ටික දවසකින් එයාගෙ තාත්තා නැතිවෙලා
අම්මාට නම් ඉස්සර ඉදලාම ඔස්ටියෝපොරසිස් තිබුනා
ලගදි අම්මා වැටිලා උකුල් ඇටෙත් බිදිලා එයත් එක්තැන් වෙලා
ගෙදර ඇදටම වෙච්ච ලෙඩ්ඩු දෙනයි අවුරුදු එකහමාරෙ දරුවයි එක්ක දැන් උදේශ් තනි වෙලා
උදේශ් ගෙ වත් වීණාවිගෙවත් නෑයන්ගෙන් කිසිම උදවුවක් නෑලු
ඔක්කොම වැඩ උදේශ්ගෙ කරපිට නිසා දැන් එයාට ජොබ් එකට යන්න විදියකුත් නෑලු
ඔෆිස් එකෙන් ලියුම් පිට ලියුම් ගහලා තව ටිඅක දවසක් ආවෙ නැතොත් අස් කරලා දායිලු ජොබ් එකෙන්
එතකිට ගෙදරට කිසිම ආදායමක් නැතුව යනවාලු
වීණාවිගෙ ට්‍රීට්මන්ට් වලටත් ගොඩක් ණය වෙලා ගේත් උගස් තියලා තියෙන්නේ
දැන් එයා පටාචාරටත් අන්තවිදියට අසරණ වෙලා
මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ නෙ""
ගිහාන් අයියා ඉකි ගහ ගහ අඩන්න ගත්තා
"සුදු අයියේ...අපි උදේශ් අයියට උදවු කරමෞ පුලුවන් විදියට"
"මල්ලි උබ හරිම හොදයි බන්...මම මේ ඔයාගෙන් අහන්න බැරුව හිටියේ අපි උදේශ් යමුද කියලා...මම හිතුවෙ ඔයා තරහගනීවි කියලයි"
"පිස්සුද අයියේ...මනුස්සයෙක් අමාරුවෙ වැටිලනම් එයාට උදවුකරන එක වැරදි දෙයක් නෙමයිනේ...අපි යමු හෙට ඒ අයියලගෙ ගෙදර"
තට්ට්ටු දෙකට හදන්න ගත්තු ගෙදර යට කෑල්ල විතරක් බාගෙට හදලා ඒත් කපරරුවත් කරලා නෑ
තව ජනෙල් අල්ලන්නත් තියෙනවා
මුලදි හොද ප්ලෑන් එකකට වැඩ කරගෙන ඇවිත් පස්සේ වැඩ මග ඇරිච්ච ගෙයක්
දැන්නම් තෙමිච්ච බිත්ති දියසෙවෙල කාගෙන එනවා
මුලදි හොදට ඇන්තූරියම් ජර්බෙරා ඕකිඩ් මල් වවපු පර්චස් 4ක් විතර ඇති පුන්චි වත්ත කාලෙකින් සාත්තුවක් නැති නිසා වල් බිහිවෙලා
ඒත් මාස කීපෙකට කලින් ලස්සනට තිබුන තැනක් කියලා පේන සාක්ශි තාම ඉතුරුවෙලා තියෙනවා
ගිහාන් අයියගෙ පෙනුමම තිබුන පිරිමි කෙනෙක් උඩට ශර්ට් එකක් නැතුව අවුරුදු එකහමාරක විතර පොඩි එකෙකුට බෙරි බත් වගේ කෑමක් කවනවා...බිත්ති කන්ඩිය උඩ කෑම දාපු කෝප්පේ දකුණු අතේ කෑම බාගෙට පුරෝපු හැන්ද...වම් අතෙන් හෙලුවැලි පොඩි එකා වඩා ගෙන
පොඩි එකාගෙ මූන පුරාම කෑම ලාටු වගේ ගෑවිලා...කෙල්ලෙක්ද කොහෙද
ඒ පිරිමි කෙනාගෙ මූනෙ දුක ශෝකය් කරදරව වලින් ඇදපු බලි කුරුටු නිසා ගිහාන් අයියගෙ මූනට වඩා වයස පාටට කැතවෙලා
මමයි අයියයි දැකපු ගමන් පොඩි එකාවත් වඩන් දුවගෙන ඇවිත් අපි ලගටබදාගත්තා ගිහාන් අයියව
"දෙයියනේ ගිහාන් ...ඔයා...පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑනෙ..."
පොඩි එකා කලු ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නේ ගිහාන් අයියා දිහා හොදට අදුනන එකෙක් වගේ
"කොච්චර කාලෙකින්ද දැක්කෙ...හිතුවෙ නෑ එයි කියලා මාව බලන්න...තාම පාරත් මතකයි නේ"
"පාර විතරක් නෙමයි අනික හැම දේම මට මතකයි"
අයියා පොඩි එකාගෙ ඔලුව අතගාල කම්මුලට කිස් එකක් දෙනගමන් කියුවා
ඒ කිස් එක පොඩි එකාට නෙ මයි උදේශ් අයියට දීපු එකක් වගේ එයා ආදරෙන් ගිහාන් අයියා දිහා බලන් හිටියෙ
"උදේශ් මේ මගේ මල්ලියා"
"ඔයාට මල්ලි කෙනෙක් ඉන්න බව මම දැනගෙන හිටියෙ නෑනෙ"
"නෑ නෑ...ඔයා මගෙ ජීවිතෙන් ගියාට පස්සේ මම ලගට ආපු මල්ලියා"
උදේශ් අයියට හරියට කියපුදේ තේරුනේ දැන්..එයා ගිහාන් අයියා ලගින් ඈත්වෙලා මගෙන් සමාව ඉ ල්ලානවා වගේ බයාදු හිනාවක් දැම්මා...ඒත් එයාගෙ තිබුන හිනා මූන ගලවලා විසිකරා වගෙයි මම දැක්කේ...
"සමාවෙන්න මගේ වැඩකට නැතු කරදර කියලා කරදර කරාට...ඒත් අම්මා නිතරම ගිහාන් ගැන කියනවා....එයාට මැරෙන්න කලින් උදේශ්ව දකින්න ඕනෙලු...තාත්තා උනත් හරිම හිතේ වේදනාවෙන් හිටියෙ.... එකපාරටම අතූරුදහන් උනා කියලා"
උදේශ් අයියා අම්මා තාත්තා පිට දාලා ගිහාන් නැතුව කොයිතරම් දුකෙන්ද එයා හිටියෙ කියන එක වක්‍රාකාරව කියුවා
"නෑ අයියෙ ඔයා කියපු එක හොදයි...අපිටත් පුලුවන් උදවු කරන්න පුලුවන්නේ"
මම උදේශ් අයියා එක්ක මිතුරු වෙන්න හිතාගෙන හොද මිත්‍රශීලී හඩකින් කියුවා
"යන් ඇතුලට අම්මයි වීනාවී ගොඩක් සතුටුවෙයි ගිහාන්ව දැක්කහම "
කොන්ඩය සම්පූර්නයෙන්ම ගිහිපු වේලිලා ගිය ලබුගෙඩියක් වගේ ඔලුව තිබුන අමුතුම ජීව්වියෙක් ඇද් උඩ හිටියෙ
ඒක ගෑනු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා අදුනගන්න බැරි තරම් ජරා ජීරනේ වෙලා ගිහින්
ලොකු කලු කුහර දෙකක් ඇතුලෙ ගිලුනු මලානික ඇස් වලින් ඔකෝම බලාපොරොත්තු අන්දකාර පතුලක එරිලා ගිහිලා වාගේ
ඇටකටුයි අතේ විහිදුන නහර වැලුයි විතරයි පපුවක් නම් තිබුනෙම නෑ පැතලි උරපත්ත හැර
ඇදේ කොනක ගහපු සේලයින් බෝතලෙන් යාන්තම් පන කෙන්ද ගැටගහලා තියෙනේ
"විනූ.....බලන්න සුදූ ඔහාගෙ යාලුවෙක් ඇවිත්" ඇදගාවට ගිය උදේශ් අයියා කෑගහලා කියුවාම
මලානික ඇස් බෝල කැරකිලා..වේලිලා ගිහිපු මොලේ සයිලවලින් උදේශ් කියන්නේ මොනලෝකෙන් පාත් උන සත්වයෙක්ද කියල තේරුම ගන්න උත්සහ කරනවා
වේලුනු මිරිස් කරල් වගේ තොල්පට අමාරුවෙන් විවර කරලා දුබුරුපාට් ගැහුන දත් වහල්ල පෙන්නලා යාන්තමට හිනා උනා
"ආආයියියේ....පේනන...වනේ....මට උන දේ......" ගොරෝසු බෙලෙක්කයක් හූරනවා වගේ කටහඩකින් ගැහැනිය පැවසුවා
"නන්ගී....මහන්සි වෙන්න එපා කතා කරලා" ගිහාන් අයියා ඇඩෙන්න එනවා වගේ සුවරයකින් කතා කලේ
"මමටට...ආයියට...තේ එකක් වත් හදලා දෙන්න විදියක් නැති නැති උනානා..නේ"
"සුදූ....ඔයා වද වෙන්න එපා...මම තේ හදනවනේ....මේන් චූටියා අද ඔක්කොම කෑම එක කෑවා..."
"අයියේ...ආආඅව එක එක හොහොදයි....මෙයා මෙයා...කවුරුත් යායාලුවෙක්...නැතුතුව පාපාලුවෙන් හිහි...ටියෙයේ"
ගැහැනිය ඉතා අමාරුවෙන් වලගැහුන පපුකුහරය සොලවමින් කහින්න ගත්තනිසා වැඩිය කතා කරන්න එපා කියලා අපි එතැනින් ආවා
ඊලග කාමරේ හිටියේ වයසක ගැහැනියක්
බැලුව ගමන්ම ඇස් දෙක ඇදිලා යන්නේ කරුනාවන්ත හිනාවටයි ඇස් දෙකටයි
සමහරු වයසට යද්දි හරිම කැතවෙනවා
ඒත් මේ අම්මානම් හරිම හුරතල් පාටයි
කතන්දර පොත්වල ඉන්න ආදර බර කිරි අම්මා කෙනෙක් වගේ
එයා ගිහාන් අයියා දැකපු ගමන් අත් දෙක දික්කරගෙන ලොකු පුතා අයියට කතා කරා
අයියා ඇදලග දනගහ ගත්තාම අයියව බදාගෙන අඩන්න කියුවා
"ලොකු එකා මගේ ලොකු පුතා ආවනේ මාව බලන්න....කෝ බලන්න....මේ ම්ම්ම්ම් තවත් උස ගිහින් නේ...මගේ පුතා...ඇයි මයෙ පුතේ මෙච්චර කල් අම්මාව බලන්න ආවෙ නැත්තේ....මගේ අතින් මගේ පුතාට වැරද්දක් උනාද රත්තරන්......මේ අම්මා එක්ක මයෙ පුතා තරහ උනාද?...."
"එහෙම නෑ අම්මේ...අමමා කවදාවත් මට වැරද්දක් කලේ නෑ...මම අමමා එක්ක තරවුනෙත් නෑ කවදාවත්...මම හිතුවා මම නැතුව අම්මලා සතුටින් ඉදී කියලා....මේ වගේ දෙයක් වෙයි කියලා දන්නවනම් මම කවදාවත් අමමයි තාත්තයි දාලා යන්නේ නෑ....දැන් නාඩ ඉන්න මයෙ අම්මා...මම අමමා බලන්න දිගටම එනවනේ...."
එයාලගෙ කතා වලට මම හොට දාගෙන ඉන්න එක හරි නෑ වගේ නිසා මම කාමරෙන් එලියට ඇවිත් සෙටියෙ වාඩි උනා
මේ අය අතරෙ මම මෙයාලට අයිති නැති පිටස්තරයෙක් වගේ දැනුනා...ලොකු පාලුවකුයි කම්මැලි කමකුයි...මට අයියාට ඉදලා එන්න කියලා යන්න හිතුනා ...ඒත් එහෙම ගියොත් අයියා හිතයි මම ඉ රිසියාව නිසා ගියවෙන් අප්සට් ගිහින් කියලා
ඒ නිසා මම අමාරුවෙනිවසගෙන ඉන්න තීරනය කරා
පරන ටීවී එක රිමෝට් එකෙන් ඔන්න්කරලා පෆන ක්‍රිකට් මැච් එකක් ගියා මම ඒක බැලුවා
ගිහාන් අයියයි උදේශ් අයියයි දෙන්නා එකතු වෙලා ඇන්ටිගෙයි අක්කාගෙයි කාමර සුද්ද කරනවා
අයියා සාත්තු සේවය පිලිබද විශේසක්නයෙක් ඒ නිසා එයා හොදින් ලෙඩ්ඩු දෙනම පිරිසිදු කරලා ඇදන් ලෙඩ්ඩුන්ට සුවපහසු විදියට සැකසුවා
පොඩි එකා කොටුවක දාලා මගේ ඉස්සරහා හිටියේ
මම පොඩි උන් හුරතල් කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ
ඉහල ගෙදර අක්කාගේ බහතෝරන පොඩි එකාට හු...හූ...ට්ට්ට් ටෝ කියලා කුනුහරුප පුරුදු කරලා තියෙනවා
මිස්ලගෙ පොඩි උන් ඉ ස්කෝලෙ ගෙනාවම ඇස් පිහාටු අනික් පැත්ත හරවලා ලොද යක්ස ඇස් හදලා උන්ව බය කරලා තියෙනවා
කෙට්ටු හූනෙක් වගේ හෙලුවෙන් හිටපු පොඩි එකී කෙල පුරවාලා හපල කන රබර් මස්කට්ටක් වගේ තිබුන සෙල්ලම් බඩුව කොටුවෙන් එලියට විසිකරේ මගේ අවදානය ගන්න වගේ
හිරි කිතෙන් වගේ කෙල පිරිච්ච සෙල්ලම් බඩුව අරන් කොටුව ඇතුලට දැම්මා
මේකි අට්ටර පොඩි එකියෙක්
ටිකක් හප කරලා ආයෙ කෙල බේරෙන සෙල්ලම් බඩුව එලියට විනාශ කලා
ආයෙමත් මම සෙලම් බඩුව කොටුවට දැම්ම සැනින් මේකි ඒක විසිකරා
කීප සැරයක්ම වීසිකරලා මගෙන් ෆන් එකක් ගන්න හදන නිසා මට ටොක්කක් අනින්න හිතුනා
ඒත් මම එහෙම කරේ නෑ.
මම අයෙමත් විසිකරපු සෙලම් බඩුව අරගෙන දැම්මෙ නෑ අහක බලන් හිටියා
මේ නසරානි පැටියා කොටුවෙ තිබුන ඔක්කොම මම දිහාට විසිකරා
අන්තිමේ මම ගන්න ගන්නේ නෑ කියලා දැනිලා
ගිරිය යටින් කෑගහලා ඇඩුවා
අම්මෳඔ මේ පොඩි උන්ගේ සද්දේ ලවුස්පීකර් ගිලලද කොහෙද මුන් ඉපදෙද්දි
පොඩි එකීගෙ මහා සද්දෙ ඇහිලා අයියලා දෙන්නාම කාමරෙන් එලියට පැන්නා
මම බයවෙලා මුකුත් කලේ නෑ කියුවා
උදේශ් අයියා හිනා වෙලා...
බබී ඔයාට කැමතී වගේ මල්ලී...ඔය කෑ ගහන්නේ ඔයා සෙලම් කරන්න එනෙනේ නෑ කියලා නේ...මෙයාගෙ පොඩි කමට නෙමයි චන්ඩි කම්
උදේශ් අයියා කෙල්ලට පොඩි කලිසමක් අන්දන ගමන් හිනාවෙලා කියුවා
අද දවසටම මම දැක්කමයි එයා සතුටෙන් හිනාවෙනවා...මූන එල්ලන් ඉන්නවට වඩා හිනාවෙනකොට ලස්ස්නයි ගිහාන් අයියා වගේම තමයි
"ආ...මල්ලි බලන්නකෝ මෙයාව අරගෙන....චූටී යනවද...මේ පොඩි මාමිගේ අතට"
මම අල්ලපු ගමන් බිදිලා යන බාජනයක් අල්ලනවා වගේ පොඩි එකාව ඇල්ලුවෙ
මේකි ලූලෙක් වගේ දගලලා අතින් ලුහුටලා යයි කියලා මට බය හිතුනා
චූටි අත් දෙකෙන් මගේ නාහෙ බදාගෙන අර සෙලම් බඩුව වගේ ලොබු කටෙන් මගේ නාහේ හපනවා
මගේ මූනෙ කෙල එකයි
ඒකනම් මට පොඩ්ඩක් අවුල්වගේ
ඒ අස්සේ ලාවට පුටුස් එකකුත් යැවුවා මේ ඇට්ටරී
මම අත් දෙක දික්කරලා ඈතට කරලා පොඩි එකාව අල්ලගෙන හිටියා
"ඒයි...මලයා...ඔහොම බෑ...දැන් ඕවා පුරුදු වෙන්න කාලෙ හරි...." උදේශ් අයියා මට විහිලුවක් කරලා පොඩි එකාව අතට ගත්තා
පොඩි එකී මගේ අතින් යන්න බෑ වගේ බෙල්ල බදන් හිටියා
"ගිහාන් මේ බලනකෝ චූටී ...මලයගෙ ඇගේ එල්ලිලා ඉන්න විදිය...මේකිත් නාකි අපිට වඩා තරුණ කොල්ලටනෙ කැමති"
ගිහාන් අයියා අත පෑවම කෙල්ල එයාගෙ අතට පැන්නා
ගිහාන් අයියා හොද හුරු පුරුදු කාරයෙක් වගේ පොඩි එකාව හුරතල් කරනවා
"ම්ම්ම්ම්...යකෝ මෙච්චර කලක් බලාගත්ත මට වඩා ...අදම දැකපු මුන්දෙන්නා ලොකු උනානෙ මේකිට" උදේශ් අයියා පොඩි එකාගෙ පිට ඉබිනගමන් කියුවා
මට ඈතට පෙනුනේ එයා උදේශ අයියාව ඉබිනවා වගේ
මොනව උනත් මුන්දෙන්නා නියමෙට ගැලපෙන ජෝඩුවක් පොඩි එකා නිසා තවත් සම්පූරන උන පුන්චි පවුලක් වගේනේ මග හිතුනා
ඒත් එක්කම පොඩි ඉ රිසියාවක් ආවා...මම උන්දෙන්නා දිහා නොබලා ටීවී එකේ දාන යෝකර් බෝලෙ දිහා බලන් හිටියා