Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 34

751 139 3
By ShiranSuneth

Ep 34
නයිට් කල්බ් එකකට ගිහින් කාලා නටලා එන එකෙයි
දානෙ ගෙදරකට ගොහින් බන අහලා දානෙ කාල් එන එකයි අහසට පොලොව වගේ වෙනසක් තියෙනවා
මගේ ජීවිතෙත් ඒවගේ
සූකිරි එක්ක ඉන්න ජීවිතේ ෆුල් හැපනින්න් කොයි වෙලෙත් පාටි කෑම සර්ප්‍රයිස් ෆන්
අයියා එක්ක ඉන්නජීවිතේ නිස්කලන්ක ලොකුවෙනසක් නැති එකාකරී
සූකිරි නිතරම මම බලන ෆිල්ම් මම ගහන ගේම මම අහන සින්දු වලට කැමතිඋනා ඒ නිසා අපිදෙනට නිතරම කතාකරන්න දේවල් තිබුනා
ඒත් මමයි ගිහාන් අයියයි අතරෙ ජෙනරේශන් ගැප් එකක් තිබුනා එයා කම්පුටර් ගේම වලට ඇක්ශන් ෆිල්ම් වලට හිපොප් සින්දුවලට ඒතරම් කැමති උනේ නෑ....එයා අහන කන්ට්‍රි මියුසික් මට මහ අදෝනාවල් වගේ..එයා බලන් සම්බාව්‍ය ෆිල්ම් බලන් ඉද්දි මට නින්ද යනවා
සූකිරි එක්ක ඉදපු කාලේ
ගිහාන් අයියා එක්ක එන්න කාලේ
සූකිරී මමයි අතර ගැප් එකක් තිබුනේ නැති තරම්
මට ඌ එක්ක ඕනෙ හුත්තක් කියලා හිනාවෙන්න පුලුවන්කම තිබුනා
ඒත් මම දැන් ගිහාන් අයියා එක්ක කතා කරන්නේ සිරිමත් මගෙ සකිගේ කුමාරෝදය පොතේ තිබුන වචන විතරයි
වැරදිලා හරි මගේ කටින් කුනු හරුපයක් ඩබල් මීනින් වචනයක් පිටෞනොත් ගිහාන් අයියා මම දිහා බලන්නේ බාලාන්ශෙ මිස් වැරද්දක් කරපු වෙලාවට පොඩි උන් දිහා බලනවා වගේ

සූකිරිටයි මටයි ඕනෙම කෑමක් ඕනෙම බීමක් ඔරොත්තු දෙනවා පිටි සීනි මිරිස් ලුනු අදාලම නෑ
ඌරන්ට මොන සෞඛ්‍යද
සයිවර් කඩේද පෙට්ටිකඩේද දිනපැනලද මොනවත් හිතනෙනේ නෑ ගත්තා...දෙන්න එක්ක රන්ඩුවෙවී තරගෙට ගිලගෙන ගිලගෙන ගියා
ගිහාන් අයියා ඕනෙම කෑමක් කන්නේ පස්මහ බැලුම් බලලා ලුනු සීනි නැති මැටිගොඩවල් ...කඩේකට ගියාම කෑමවලට කලින් කඩේ කුස්සියයි කෑම ගේන උනෙගේ අත්පයයි බලලා කන්නේ
පී එච් අයි මහත්තයත් ඔයතරම් චෙක් කරනේ නැතුව ඇති කඩේ

සූකිරි එක්ක කද්දි එයාට මම කවන එකයි මට එයා කවන එකයි එකපාර වෙනදෙයක්
"ඔයි...මෝඩයා....කාක් පැටියා වගේ උගුර පේනකන් කට ඇරන් මම කවන එකම ගිලිනේ ...කවපිය මටත් ලොකු කටක්...මම සාගතෙන් මැරෙයි යකෝ" සූකිරි එහෙම කියද්දි මම ඌට ගිලගන්න බැරි තටම් ලොකූ බත් ගුලියක් අන්නශ්‍රෝතයට යනකන්ම අත දාලා ගිල්ලවනවා

අයියා මම කෑම කන්න බෑ වගේ කියපු දාට මට කෑම කැවුවත් කවදාවත් මම එයාට කවලා නෑ එයා කවන්න කියලා ඉ ල්ලුවෙත් නෑ

සූකිරී මමයි එකට රයිස් , කොත්තු අයිස්ක්‍රීම් කනකොට කෑම එකේ තියෙන රස කෑලි චිකන් කජු ෆෘට්ස් හොයාගෙන තරගෙට කෑම එක පීරනවා....හොද කෑල්ලක අහු උනොත් අනික් එකාට පෙන්නලා උජෝ වඩව වඩව කනවා...කනගමන් ආදර වලි යනවා
ඒත් ගිහාන් අයියා කනකොට හොද මොනවා හරි හම්බුන ගමන් කෑම එකේ මගේ පැත්තට දානවා
හැබැයි මොන කෑම ගත්තත් හොදම කොටස මට දෙනවා
මම කාලා ඉවරවෙනකන් ඉදලයි කන්නේ
හැම වෙලේම වැඩි කොටස මට

සූකිරි එක්ක ගෙදර ඉද්දි අඩු පාඩු වෙන බඩු දෙන්න එක්කම කතා කර කර ෆිරිජ් එකේ මැග්නට් එකෙන්ගහලා තිබුන ස්ටික්ක්කී නෝට් බුක් එකේ ලියනවා
බඩු ගන්න යන්න්නෙත් එකට තෝරන්නෙත් එකට උස්සගෙන එන්නෙත් එකට...ෆ්‍රිජ් එකේ අසුරන්නෙත් එකට
ඒත් ගිහාන් අයියගෙ ගෙදරදි ඒ ඔක්කොම එයා තනියෙම කරනවා
කෑම මේසේ ට ගියාම කෑම තියෙනවා ෆ්‍රිජ් එක ලගට ගියාම ඒක පිරිලා තියෙනවා...සබන් ටූත් පේස්ට් හැමදේම ඕනෙ වෙලාවට අඩු නැතුව තියෙන නිසා මට ඒවාගැන වද වෙන්න ඕනි උනේම් නෑ
කොටින්ම කියුවොත් මම මොනරෝන්දෙ ගිහින් පෙට්‍රල් ටැන්කිය අන්තිම බින්දුවට හින්දලා මොටෝ බයිකෙ ගෙදර ගෙනත් දැම්මොත් ඊලග දවසේ ඒක ෆුල් ටෑන්ක් වෙලා තියෙනවා

සූකිරි එක්ක ඉද්දි එයාගෙ ඇග මගේ ........මගේ ඇග එයාගෙ
වටපිටේ ඉන්නෙ කවුද වෙන්නෙ මොකක්ද අදාලම නෑ
ඇගේ අහුවෙන ඕනෙම කෑල්ලක් විකනවා මිරිකනවා ඉබිනවා
ෆුට් බයික්කෙත් මැද පොල්ලේ වාඩිවෙලා යනගමන් තොල දාපු අපට කොන විනයක්ද මහත්තයෝ
ඒත් සුනෙත් අයියා එක්ක බයික්කෙ යද්දි මීටරේ දුරෙන් එහේ මෙහේ අල්ලන්නෙ නැතුව යන්න ඕනි
ඇගට හේත්තුවිලි කිසි කිරිලි තුරුල්ලේ ඉදිලි
ඔක්කොම ඇද උඩදි නිදාගන්න කලින් විතරයි
අනික් හැම වෙලේම දබදිව වන්දනාවෙ ගිය නාකි කපල් එකක් ඉසිපතන විහාරෙ ඇතුලෙ ඉන්නවා වගේ විනයක් හික්මීමක් ඇතුව හිටපන් කෝ

මමයි සූකිරී දෙන්නම එකම සයිස්
ඉතින් දෙන්න්ට කියලා වෙනම ඇදුම් තිබුනේ නෑ ජොක්කුද බැනියන්ද සපත්තු සෙරෙප්පුද ඔක්කොම දෙනගෙම
හෝදලා අයන් කරලා අල්මරියේ උඩින්ම තියෙන එක ඇදගෙන යනවා ආයෙ බලන්නේ නෑ දෙසැරයක්
ඔක්කොම ඇදුම් ඇදලා හඩු ඇදුම් ගොඩ ලොකුම ලොකු උනාම
අල්මාරියේ අදින්න තරම් දෙයක් නැති උනාම
දෙන්න එක්ක ශ්‍රමදානයක් දාලා රන්ඩු වෙවී සබන් බෝල විද විද රෙදි හෝදනවා මුලු දවසෙම
ගිහාන් අයිය එක්ක ඒවා බෑ
එයාගෙ ඇදුම් මගේ ඇදුම් හරියටම වෙන වෙනම
මට රෙදි හේදිලි මැදිලි ගැන වදවෙන්න දෙයක් නෑ එදා එදා ඇදපු දෙන්නගෙම ඇදුම් එකපාර හෝදලා වේලාලා මැදලා අල්මරියේ හරිම තැන ගානට තියනවා
සූකිරි ඇදුමක් ගත්තේ අපි දෙනම අදිනවා කියලා හිතාගෙන
ගිහාන් අයීයා ඇදුම් ගන්නේ එකම ජාතියෙන් එයාට වෙනම මට වෙනම

සූකිරි එක්ක ඉද්දි එයාගෙ ඇග මගේ මගේ ඇග එයාගෙ
වටපිටේ ඉන්නෙ කවුද වෙන්නෙ මොකක්ද අදාලම නෑ
ඇගේ අහුවෙන ඕනෙම කෑල්ලක් විකනවා මිරිකනවා ඉබිනවා
ෆුට් බයික්කෙත් මැද පොල්ලේ වාඩිවෙලා යනගමන් තොල දාපු අපට කොන විනයක්ද මහත්තයෝ
ඒත් සුනෙත් අයියා එක්ක බයික්කෙ යද්දි මීටරේ දුරෙන් එහේ මෙහේ අල්ලන්නෙ නැතුව යන්න ඕනි

සූකිරි එක්ක සෙක්ස් කරන කොට වෙලාව තැන නාලද නැද ගදද සුවදද අදාලම නෑ
ඒත් ගිහාන් අයියාට ඒක හරිම පූජනීය දෙයක් වගේ
දෙන්නටම හැගීම් තියෙන දාක දෙන්නම හොද මූඩ් එකක ඉන්නවනම් හොදටම ක්ලීන් වෙලා සුවදගහ ගහ ඉන්න වෙලාවක බොහොම හෙමින් බොහොම ටිකක් කරලා ඉක්මනින්ම පිරිසිදුවෙලා ඉවරකරන දෙයක්
සූකිරී මමයි වැඩිපුරම නිදිය ගත්තේ තනිකර සිවිල් පිටින් සමහරදාට දතුත් නොමැද
ඒත් ගිහාන් අයියා ඇදට ගන්නේ දත්මැදලා පිජාමා එක ඇදන් ආවොත් විතරයි

ඇගට හේත්තුවිලි කිසි කිරිලි තුරුල්ලේ ඉදිලි
ඔක්කොම ඇද උඩදි නිදාගන්න කලින් විතරයි
අනික් හැම වෙලේම දබදිව වන්දනාවෙ ගිය නාකි කපල් එකක් ඉසිපතන විහාරෙ ඇතුලෙ ඉන්නවා වගේ විනයක් හික්මීමක් ඇතුව හිටපන් කෝ

සූකිරී මමයි අපි අපේ වෙද්දි අපිට සීමා මායිම් වැටකොටු තිබුනේ නෑ...හාඩ් නම් ෆුල් හාඩ්ම තමයි...සොෆ්ට් නැලවිලි තිබුනේ නෑ....එහෙම් ලතාවක් රටාවක් ඇතුව ඉන්නේ දෙන්නටම ඇගට පන නැතුවම ගියොත් විතරයි
ඒත් මම ගිහාන් අයියා එක්ක සෙල්ලම් කරද්දි හැම තිස්සේම එයාගෙ සීමාවල් ගැන හිතන්න වදවෙන්න ඕනි උනා....මොකක් හරි දේකට එයා අකැමැතිනම් ඒක ඉක්මනින් මූනෙන් පේනවා...කටින් චික් කියනවා...ඒ වගේ වෙලාවට මම මගේ ආවේග දමනය කරගෙන පසු බහිනවා. එහෙම උන වෙලාවට මට සූකිරිව මතක් වෙනවා ගොඩක්....
ගිහාන් අයියා එක්ක වසන්තයට කලින් ගිම්හානය එලැබෙන අවස්තා වැඩී ඒකියන්නේ උපරිම තෘප්තිය නැතුවම සෙල්ලම නවත්තලා දාන දවස් නිතරම තිබුනා
මල මගුල හැගීම් දැනීම් නැති ආදරේ හොදයි බල්ලන්ට දෙන්න ලෙලි පොල් වගේ හපකර කර ඉන්න මෙලෝ රහක් නැතුව
රාගයක් නැති ආදරේ ගැන පොත්වල ලියලා තියෙන්නේ ලාදුරු රෝගියෙක්ද කොහෙද....දව්ස් දෙකක් එකදිගට සෙක්ස් කරන්න බෑ අපි අද ආදරෙන් වුතරක් ඉමු කියන දාට මට හොදටම මලපැන්නාම හිතෙනවා
එහෙම දෙයක් ඕනි කියලා වටේ යන්නත් බෑ...ඉන්න එකා දෙන්නෙත් නෑ....නිකන් අසරණ වෙනවා
එහෙම බලද්දි සූකිරී ගිහාන් අන්ත දෙකක්
මට ඕනි උනේ ඒකෙ මැද හරියෙන් තැනක්
ආදරෙත් හරි ගානට
ර්‍රගයත් නියම පදමට
අසීමන්තිකව නැතත්
දරුණු සීමා මායිම් නැතුව
තෘප්තිමත් සැනසුමක්

මිස්ටර් විනෝද්
පිස්සුද බන් උබට
ගිය හකුරටනාඩන්න්නේ
තියෙන හකුර රැකගන්නේ
සූකිරියා දැන් පිටවෙලා ඉවරයි උබේ ජීවිතෙන්
අධෝවාතයක් වගේ
විසිරිලා ගිය පඩේ ආයේ එකතුකරලා
බඩ ඇතුලට දාග්න්න උබට බෑ
ඒ නිසා නිතරම ගිහාන් ව සූකිරිත් එක්ක
සන්සන්දන්නය කරලා හිත ඇතුලෙන්
ගිහාන්ව චාටර් කරලා සූකිරිව උඩින් තියන්න එපා
එහෙම උනොත් ඒ ආලවකයා නිසා මේ ඉන්න සිද්ධ්හාර්තත් උබට නැතිවෙයි
තියෙන අඩුපාඩු ගැන හිත හදන්
ඉස්සරහට ජීවිතේ දක්කන් පලයන් ගොනෝ
මගේ යටි හිත මටම බැන වැදුනා

මම කැම්පස් යන්නේ නෑ කියන දැඩි මතයෙ හිටියේ සූකිරිව මතක් වෙන නිසා
ඒත්
අම්මාගෙන් වෝනින් පිට වෝනින්
අවසන් වරෙන්තුවත් නිකුත්කරලා තිබුනේ
"කියපන් උබ කොලබ ඇවිත් කවුරු හරි සක්කර වට්ටමකගෙ කරේ එල්ලිලාද ඉන්නේ.......උබට මොනව හරි ඉනාවක් දීලද ගම රට එපාවෙන්න....ගමට නාවත් කමක් නෑ අපිට ලැජ්ජ නොකර කැම්පස් පලයන් ....යකෝ වෙන එවුන් කැම්පස් යාගන්න බැරුව දුක්විදිනවා...අපි මේ පොල් බූරුවාව කැම්පස් යවාගන්න බැරුව දුක් විදිනවා"
අන්තිමේ ඉතිහාසෙ මිසුයි නන්ගී එකතුවෙලා කැම්පස් පොත පුරවලා මගේ අත්සනත් බොරුවට හගලා යූජීසී එකට යවලා තිබුනා
කොලබ කැම්පස් එකකට තේරුන නිසත්
ගිහාන් අයියගේ පෙරැත්ත නිසාත් මම් කැම්පස් යන්න පටන්ගත්තා

අනික් උන්ට වගේ කැම්පස් එක මගේ ජීවිතේම උනේ නෑ
මම යන්නම ඕනි ලෙක්චර්ස් වලට විතරයි ගියේ
වල බහින්න වෙලාවක් තිබුනෙ නෑ...
ලෙක්චර් එක පටන් ගන්න ඔන්න මෙන්නතියලා තමයි මම කැම්පස් ගියේ
මට ජොබ් එක අතරින්න ඕනෙකමක් තිබුනෙත් නෑ

මගේ හෝටෙල් එකෙන් මට ඉගන ගන්න ෆුල් සප් එකක් දුන්නා
ඒනිසාම මට රෑට රිසෙප්ශන් එකේ වැඩ දුන්නා
ගොඩක් වෙලාවට රෑට නිකන්ම වෙල්කම් කවුන්ටරේ නැගිට ගෙන ඉන්න තියෙන්නේ
ඉදලා හිටලා ගෙස්ට් කෙනෙක් කෝල් කරොත් හෙල්පින් ඩෙස් එකට උන්ට උත්තර දෙන්න
අර්ලි චෙකින් ලේට් නයිට් චෙක් අවුට් වෙන අයගෙ බිල් හදන්න වගේ වැඩ
ගොඩක් වෙලාවට නයිට් ශිෆ්ට් එකක් කර්ලා උදේ කැම්පස් ගිහින් ලෙක්චර් එකේ කට කපලා නිදියනවා
ලෙක්චර් එකේ බෙල්ල දික්කරන් අහගෙන අතකැඩෙනකන් ලියාගත්ත හුමන් ටයිප් රයිටරේකින් නෝට් එක ඉ ල්ලගෙන රෑට රෙසෙප්ශන් ඩෙස්ක් එකේ ඉන්නගමන් කියවලා තේරුම් ගන්නවා එතැන නිදිමරන ගමන්ම එසයිග්මන්ට් කරනවා

සෙමෙස්ටර් එක පටන් ගත්ත දවස් වල මගේ ස්ටයිල් එක නොදන්න ලෙක්චර්ස්ලා මම   ලෙක්චර් හෝල් එකේ නිදි කියලා චුරු චුරු ගානවා...පස්සේ මාව හදන්න පුලුවන් ගෝතයෙක් නෙමයි කියල තේරුම් අරගෙන ......   ගන්නන් නොගෙන ඉන්නවා
මමත් බිතියක් අයිනෙ අල්ලගෙන ශපාන් එකේ නිදියනවා
හොස්ටල් හිටියෙත් නැති නිසා යාලුවො මහගොඩක් හිටියෙත් නෑ

බැච් එකෙන් නම් හොදටම කොන්කරලා තනිකර අල ගෙඩියක් කරලා දැම්මා මාව
මුල් දවස් වලම රැග් කරන්න ආපු සීන්නො දෙතුන් දෙනෙක් එක්ක ගේම ඉ ල්ලුවා
ඩීන් ඔෆිස් එකට කම්ප්ලේන් කීපෙකුත් කරා
බැච් එකේ අනික් උන් වගේ මාව කඩේ යවලා තෙම්පරාදු කරන එක ලේසි නෑ කියලා සින්නො තේරුම් ගන්න ඇති
ඒනිසාම මට ෆ්‍රී එකේ ඉන්න දුන්නා
කොමන් යන්න ඕනෙත් නෑ....ගල් තාප්පවල තෙල බෙදිලි වලට අහුවෙලා කාලෙ කන්න උනෙත් නෑ
කැට පිකට් පෝස්ටර් ඇදිලි වලට මම මොනම විදියටවත් ජොයින් උනේ නෑ

අපේ බැච් එකේ කොල්ලො ගොඩක් කටු වගේ කෙට්ටුයි ...පරන වෙලා ගිය ඇගට වඩා ලොකු ශර්ට් හමගිය කලිසම් ඇදන් බාටා කෑලි දෙකක් දගෙනයි ලෙක්චර්ස් ආවේ
රැවුල් කොන්ඩ වවාගෙන ජූතක බමුණො වගේ ඉන්න එක උන්ගේ අරගලේ කොටසක්ද මන්දා...
මම උන්ට වඩා නිතරම වෙනස් විදියට පේන්න ඇති
ලගදි ගත්ත මෝට බයිකෙන් එනෙනේ...සන්ගලස් ජැකට් දාලා අතට ලෙදර් ගල්වුස් දාලා
ගිහාන් අයියා මට ඉම්පොටට් බූට් අරන්දීලා තිබුනා
මම ඇදුම උනත් හොදට අයන් කරලා ෆැශනබල් විදියට අදිනවා
දිගටම එක්සයිස් කරපු නිසා වෙන්න ඇති ඇගත් හයිලයිට් වෙලා පේනවා
රැවුල ශව් කරන එක හෙයර්ස්ටයිල් එක මේන්ටයි කරන එක
නියපොතු තොල් පුලුවන්තරම් හිදට තියාගන්න එක හොටෙල් ක්ශේත්‍රයේ ඉන්නයට වැදගත්
ඉතින් මමත් ඒව ගැන හොදින් සැලකිලිමත්
මේ ඔක්කොම එකතු උනාම බැච් එකේ ඉන්න ටිකල් ඇහැ ඇදිලා යන කොලු ගැටයා උනා
බෝල්ට් වගේ ම බෝල්ට් එක්ක ඉන්න කෙල්ලෝ කීප දෙනත් මට නිතරම කියනවා
අපේ බැච් එකේ කොල්ලො මට හෙන ඉ රිසියයිලු
කෙල්ලො හෙන ආසයිලු
ඔය දෙක එච්චර හොද දේවල් නෙමේ පරිස්සම් වෙලා ඉන්නලු

නිදහස් අද්‍යපනය ධනවාදය දුප්ත්කම එකී මෙකී මොකී දාහක් දේවල් වලට කරන අරගල
මටත් අරගලයක් තිබුනා
ඒ අනික් උන්ගේ වගේ නෙමයි මගේ හිත එක්ක කරන අරගලයක්
සූකිරි අදුරුකරලා ගිය මගේ ලෝකෙ ආයෙමත් එළිය කරගන්න අරගලයක්
මම කවුද? ඇත්තටම මම සමලින්ගිකද නැත්තන් මම ඒකට බොරුවට පෙලබිලා ඉන්නවද කියල දැනගන්න අරගලයක්
හරියටම මට මම අවබෝධකරගන්න කර්න අර්ගලයක්
ගල් තාප්ප උඩ අරගලේ ට තෙල බෙදන හොස්ටල් වල අරගලේට පෝස්ටර් අදින
අයියලා මට පෙනුනේ කාලෙකන විකාරයක් වගේ

මාව රැග් කරන්න ආපු උන්ගෙන් වෙනස් ම චරිතයක් බෝල්ට් අයියා
අනෙක් උන්ට වඩා පිලිවලට ඇදලා ඩීසන් ලුක් එකට හිටියා
පස්සෙ දැනගත්තේ මිනිහා අපේ සීනියර් බැච් එකේ බැච් ටොප්
අපේ අනික් උන් මරන්න ගෙනියන හරක් රැල වගේ එක පොදියට කොමන් රූම් ගටද්දි මම උන්ගෙන් වෙන් වෙලා ආවේ ඉක්මනට බස් එක ගන්න බෝඩිමට ගිහින් නාලා පොඩ්ඩක් නිදාගෙන වැඩට යන්න ඕනි

"ඒයි නැවතියන් කුණු ප්‍රෙශා උබ කොමන් යන්නේ නැතුව පනින්නද ලෑස්තිය"

"පැන පැන යනවා වගේද පේන්නේ...මම මේ දුවලා යන්නේ බස් එකට"

වෙන උන් බයෙන් ඇබරුනත් මම ගේමම ඉ ල්ලුවා...මීට කලිනුත් සීනියර්ස්ලා කීප දෙනෙක් එක්ක ඇරගෙන තිබුන නිසා මට බය හිතුනේ නෑ
මොනව කරත් මුන් මාව මරන්නේ නෑ...බය කරන්න විතරයි හදන්නේ ...මම බය වෙන්නේ නෑ කියන විශ්වාසෙ මගේ හිතේ තිබුනා

"අම්මට හුඩු...ගෙම්බෙක් ගිය උඩ....යකෝ උබට ඔහොමද ජේශ්ඨ උත්තමයන්ට කතා කරන්න කියලා දීලා තියෙන්නේ"

"මම දන්න සින්හලෙන් තමයි කතා කරනේ ...මේ ශ්‍රේශ්ට හුත්තෙ මයා.... අයින් වෙනවද මට යන්න"
බෝල්ට් කොර වෙලා හිටියේ කිසිම දවසක ඌට ජුන්නෙක් මේ විදියට මූන නාලු වෙන්න කියලා නැතුව ඇති

"මොකද්ද තෝ කියුවේ....කියපන් කුණු ප්‍රෙශා .....උබේ කට වැඩී....අනම් මනන් ටෝක් තියා ගන්න එපා ...නිකන් මූනකට සම්බල් කරගන්නේ නැතුව .....සීනියස්ලට තත්වෙ තියලා කතාකරපන් " බෝල්ට් කාරයා වෙවුල වෙවුල මගේ ඇගට ගොඩවෙන්න එනවා

ඇත්තටම බැලුවොත් ඌ මගේ උඅසම උනාට මට වඩා සයිස් එකෙන් පොඩී වගේ...එකපාර දෙන්න පුලුවන් පුකෙන් යන්න ඒත් මම ටිකක ඉවසුවා....මට ඕනි උනේ ලොකු ප්‍රශනයක් දාගනේ නැතුව එතැනින් මාරු වෙන්න

"අයියෙ ...මගෙන් වැරද්දක් උනානනම් සමාවෙන්න...මට ලේට් වෙනවා ...ප්ලීස් මට ය්න්න දෙන්න" මම් පලවෙනි ගැල විජ්ජව දැම්මා...බේරිලා ය්න්න

"යකෝ අයියෙ කියන්න...උබ මගේ මල්ලිද....අපේ අම්මට නෑ නෙ උබ වගේ පුතෙක්...කියපිය කට ඇරලා ජේශ්ට උත්තමයා කියලා...උබලා හරියට පද්ධතියෙ වදන් දන්නෙවත් නෑ...තොපි තමයි කවද හරි උප සන්කෘතියට කෙලවන්නේ"

"මේ අයියේ....උබේ අයියා පාට් එකයි නම්බුවයි තියාගෙන මට යන්න දීපන්...හොදින් කියුවා...මම දන්න උපසන්කෘතියක් නෑ...මට ඕනෙ තරම් ප්‍රශන තියෙනවා...ඔය ලොට්ටවල් වලට වඩා හිතන්න...." මගේ යකා ඔලුවටම නැගලා හිටියේ මට බෝල්ට් කරගේ නට් දෙක කුඩු කරන්න තරම් කේන්තී

මගේ නහර ඉ ලිප්පිලා මූන රතුවෙලා හල්ක් වගේ වේගෙන එනවා බෝල්ට් ට පේන්න ඇති. ඌත් කටියා....ලොකුවට කියෙවුවට බයගුල්ලෙක්...පස්සෙ සෙට් එකක් අරන් ඇවිත් මට කෙලවන්න වෙන්න ඇති පොඩි තර්ජනයක් දාලා යන්න ගියා

"පකයා... මතක තියාගනින් උබ අද වැරදි මිනිහටයි අපහාස කලේ....ලෑස්තිවෙලා හිටපන් රිටර්න් එක ලැබෙනකන් "

බෝල්ට් කාරයා බූමිතෙල් ගෑවුන ගැරඩියා වගේ මමලගින් මාරුවෙද්දි මම දුවලා ගිහින් බස් එකේ එල්ලුනා

Continue Reading

You'll Also Like

187K 19.1K 115
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
289K 5.1K 47
ဒီဇာတ်လမ်းထဲက " စွဲမက်သျှင် " ဆိုတဲ့နာမည်ကို သာသာ crd ပေးပါတယ်နော် " မင်းညှို့သျှင် " နာမည်နဲ့ လိုက်ဖက်မှုရှိအောင် ထည့်ထားတာမို့လို့ပါရှင့် ဒီ fic လ...
439K 23K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...