Hatharawaram

By ShiranSuneth

109K 17.2K 899

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 11
ep 12
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 13

1.1K 186 8
By ShiranSuneth

Episod 13
දැන් ඉස්සරවගේ නිකන් උඩ බලන් ඉන්න ඕනිනෑ
නයාට ඇපල් කව කව කම්මැලිකමෙන් ඉන්න ඕනෙත් නෑහැ
හැමතිස්සෙම තියෙනවා කල්පනා කරන්න දෙයක් තියෙනවා
මොනදේ කල්පනා කරත් හැම කල්පනාවක්ම ඉවර වෙන්නේ අකුරු 3කින්
සු......කි......රි
අම්මා හිතනවා ඇති කාමරේට දාලා වහලා දාපු දවසේ ඉදල මම් හැදිලා කියලා
මොකද රෑ වෙනකන් පාඩම් කරනවා නිදි නැතුව
අත පොත ලග
හිත් ඔහු ලග
පොත් පිටු වලට යටින් හින්නගේ ෆෝන් එක සයිලන්ස් මෝඩ් ඔන් කරලා
ගජරාමෙට මැසේජ් යනවා එහේ මෙහේ
හරි පුදුමයි ඒ තරම් මැසේජ් කරන්න අදහස් කොහේ හැන්ගිලා තිබුනද කියලා

භාන්ඩ දෙකකින් ලැබෙන උපයෝගීතාව දක්ව අපේක්ශා වක්‍රය ආදායම් වක්‍රයට සමාන වෙන්න ලක්ශයේදි මතුවෙන්නේ සූකිරිගේ හිනාව
ඉ ල්ලුම් නම්‍යතාව සැපයුම් නම්‍යතාවට වඩා වැඩි උනවිට ඇතිවෙන වෙලද පොල තත්වය විස්තරකරන පටන්ගත්තට ඉවර උනේ සූකිරි දවල්ට කාපු කෑම වලින්
විභක්ති වරනගාගෙන එනකොටම ඒ අතරින් අද සුකිරි ඇදපු ඇදුම් ඒවා එයාට ගැලපෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ ආපු නිසා විභක්ති කුනු කූඩෙටම විසි උනා
නූතන කවියන් ට කොලබ යුගයෙන් ලැබුනු ආබාශය විස්තර කරගෙන යද්දි හැම කවියක්ම සූකිරි වලින් ඉවර උනා
සින්හල බලනකොට සූකිරි ම විතරක් මතක් වෙන නිසා ඉකෝන් බලනවා
ඉකෝන් වල නොතේරෙන කොටස් වැඩි නිසා අමාරු තැන්වල දි හිත සූකිරි හොරකන් කරනවා
ඉතිහාසය බලාගෙන යද්දි වර්ශ රජවරුන් ගේ නම් කටපාඩම් කරන්න කම්මැලි හිතුන ගමන් සූකිරි හිත් ඇතුලෙ දග කරනවා

සින්දු කවි තබ සතේකට ගන්න නොගත්ත මම
ලවු සින්දුවක් යද්දි ඇහි පිය හොලවන්නේ නැතුව අහන් ඉනෙනේ
ඉස්සර් මියුසික් එක විතරක් අහපු සින්දුවල දැන් වචන අහනවා
ඒ වායේ ප්‍රේමනීය තේරුම් තුල මගේ හිතේ සූකිරිට තියෙන ආදරේ ලියවිලා තියෙනවා වගේ දැනෙනවා
ලස්ස්න හින්දි සින්දු යනකොට ඇස් පියන් ඉද්දි
එයා මගේ ඉස්සරහ හිනාවෙනවා හුරතල් වෙනවා සෙල්ලම් කරනවා
පුන්චි දේකට උනත් තරහ වෙන්න
තරහ උනවෙලේ ඉදලා දුකෙන් ඈත බලන් ඉන්න
එයා සමාව ඉ ල්ල ඉ.ල්ල පස්සෙන් එද්දි ටිකක් ගන්න උසාන්න
එයා දුක හිතිලා ඇස් වලින් කදුලක් හෙලද්දි ඔක්කොම අමතක කරලා සමාව දෙන්න
හිටියටහ් වඩා තදේට අයෙත් යලු වෙන්න
මිස්ට විනෝද් මේ උබමද ගොනෝ....
ඉස්සර පන්තියේ ලවු කරන කොල්ලෝ කෙල්ලෝ
මේවා කරද්දි උබම නේද මේවට හිනා උනේ
සිනි බෝල පක්කු
බොලද හිකුන් කියලා
දැන් උබම ඒවා කරනවා
කවුරු හරි දැන් උබ දිහා බලන් හිටියොත් කියයි
බොලද පෙම්වතෙක් කියලා

අපි දෙන්න්ම අපේ සීමාව දැනගෙන හිටියා
අපේ ආදරේ අසම්මතයි
අසම්මත දේවල්වලට මිනිස්සු බයයි
ඒවගේ දෙයක් දැක්කම ඒක විනාශ කරන්න ඉන්න හතුරො ගොඩයි
මට නම් හිටපු අන්ක එකේ හතුරි අපේ නන්ගි
හරියටම මම යන එන තැන් ඉස්කෝලෙ කරන කියන දේවල් දශමෙට නූලට අම්මාව දැනුවත් කරනවා
රොයිටර් වගේ
ඒ නිසා මට ඉස්කෝලෙ ඇරිලා ටික වෙලාවක් සූකිරි එක්ක ඉදලා එන්න පරක්කුවෙන්න විදියක් නෑ
කොහොමත් මම අමතර පන්ති යන්නේනැති නිසා අනික් උනට වගේ පන්ති යනවා කියලා සූකිරි එක්ක රූම් ගානේ යන්න විදියක් නෑ
අපි දෙන්නට දෙන්නා අදරේ කියලා කියාගත්ත දවසෙ වගේ රෑට මුහුදු වෙරලෙ ඇවිදින්න විදියක් නෑ
මොකද හවස පහෙන් පස්සෙයි සෙනසුරාදා ඉ රිදායි ගෙදරින් පනිනවා කියන එක කරන්න අමාරු දෙයක් නෙමයි කිසිසේත්ම කරන්න බැරි දෙයක්
සූකිරිත් මගේ ප්‍රශ්නෙ තේරුම් අරගෙන හිටපු නිසා එයා මට බල් කරේ නෑ අවේලාවෙ මුන ගැහෙන්න
ඒත් මට කෝල් එකක් දීලා මට ගේ දොරකොටඩට වෙලා ඉන්න කියලා බයිසිකලෙන් දවසට තුන් හතර වතාවක් එහෙට මෙහෙට යන් එකනම් එයා කරනවාමයි
ඒ පුන්චි වෙලාවත් වටිනවා මහමෙරක් තරම්
කොහොමත් එයා අපේ ගෙදරට එන්න් තරම් නම් නිර්බීත උනේ නෑ...මොකද අපේ අම්මාගේ සැර කට ගැන අපේ ඉස්කොලෙ හරි ප්‍රසිද්දයි
එයා කියනෙත් නිතරම ...අපි ඉක්මන් නොවී ඉමු ගොඩක් .....තව කල් තියෙනවා අපිට....

දැම්ම ගෙවල් වලට ගුරුවරුන්ට යාලුවන්ට අහුවෙලා චාටර් උනොත් අපිට අපි නැතිවෙයි ඉක්මනටම්
අපි අපේ ස්තාවරයක් හදාගන්නකන් අපේ ආදරේ ලෝකෙන් වසන් වෙලා
අපේ හිත් තුලම් තිබුනදෙන්
අපි දෙන්නට තිබුන අනික් වාතෙ තමයි ලෝචනා සචිනි
ලොචනා අපේ පන්තියේ සචිනි පහල පන්තියේ
දෙන්නාම නෑනලා
ඉස්කෝලෙ කොලන්ට අනුවනම් සුපිරිම කෑලි දෙක
දෙනගෙන් පුන්චි හිනවක් හරි ලබන්න කොල්ලො පොරකන්නේ පෝලිමේ
ඇත්ත්ටම මම ඉස්සර් සචිනිව දාගන්න පැද්දා
ඒත් සූකිරි ජීවිතේට ලන් උනාට පස්සේ
මට සචිනි පේන්නේ නවදැලි හේන්ක් පිච්චිලා ලොන් හැලිලා ගිය විරුපි වැදිරියෙක් වගේ
කිසිම හැගීමක් එන්නේ නෑ
ඒත් සච්නිට මාව එපා වෙලා නෑ මම එයාගෙ පස්සෙන් එන්නේ නැති නිසා එයා මගේ පස්සෙන් එන්න පටන් ගෙන
ලෝචනා සූකිරිට පිස්සු වැටිලා
නෑනලා දෙන්නා සාමුහික උත්සහයක යෙදෙනවා මමයි සූකිරිවයි දාගන්න
අපි දෙනත් ඉදිකට්ටයි නූල් බෝලෙයි
අමුඩෙයි පුකයි
පෑනයි විල්ලයි
වගේ එකටම හිටියත් මුන්දෙන්නා බුදු ට්‍රයි දෙන්න දෙපැත්තට ඇදගෙන ගිහින් උන්දෙන්නට අපි අතරට එන්න
හාට් පරවි මහපු ලේන්සු ගෙනත් දෙන්වා
වෙරලු අච්චාරු, වැලිතලප හැලප ගෙනත් දෙනවා
මමයි සූකිරී වෙන් වෙන ප්‍රදාන තැන දේශපාලන විද්‍යව ඉතිහාසය
අපි දෙන්නම ඉකෝන් සින්හල එකට කරත් මම කරේ හිස්ට්‍රි එයා පොලිටිකල්
ඒ පිරියඩ් එකේ උපරිම වාසිය ලෝචනා ගන්නවා...මම සූකිරි ලග නැතිඋන ගමන් ලෝචනා සූකිරි ගාවම වාඩි වෙලා සූකිරිටත් එක්කම නෝට්ස් ලියනවා
නියම අශුද්ද සන්ගමය එකට එකතු උනේ
සචිනි අපේ නගිගේ හොදම යාලුවා
ලෝචනා සච්නිනිට මම පන්තියේ කරන දේවල් ඔක්කෝම කියනවා
සචිනි අපේ නන්ගිට ඒවා ඔක්කෝම කියනවා
අපේ නන්ගි තව ලුනු ඇබුල් එයාගෙ අතින් දාලා එක දෙක කරලා අම්මට කියනවා
ගෑනු හතර දෙනක් හතර පැත්තේ ඉඩ්නගෙන මගේ ජීවිතේ සතර අපායක් කරන්න යනවා වගෙයි මට දැනෙන්නේ
තාම අපිට ගෑනී මිනිහයි කියන පදේනම් හැදුනේ නෑ
ඒත් ඩස්පියටයි සමනලීටයි නම් කොල්ලෝ ගෑනියි මිනිහයි කියලා විහිලු කරනවා
ඒ විතරක් නෙමයි උන් එක්කම ඇමිනිලා ඉන්න නිසා හින්නාට උන්දෙන්නගෙ තොත්ත බබා කියලත් වදේ ගහනවා
ඒත් මම සූකිරිට කියුවා කොයිවෙලාවකවත් ඒ වගේ වචනයක් අපි කාගෙන්වත් අහගන්න ඕනි නෑ
මොකද එහෙම උනාම හරිම අමාරුයි ඉස්කෝලෙ ඉන්න
විශේශයෙන් ඕප දූප හොයන චීත්තයෝ යන එනතැන් ගැන ඔත්තු බලනවා
ෆෝන් හොරෙන් බලනවා
කතා කරන ඒවා හොරෙන් අහන් ඉන්නවා

පොඩි දේත් ලොකු කරලා සර්ලා මිස්ලට ගිහින් කියනවා
ඔය මොනවා කියුවත් සර්ලා මිස්ලාත් හරි කැමතී ලමයින්ගේ හුටපට ලට්පට ගැන හාරාවුස්සලා තලුමරලා කතා කරන්න
ස්ටාෆ් රූම් වල තේකෝප්ප්වලට කටපන ආවොත් කියයි කෝප්පෙ අතේ තියාගෙන් මිස්ලා සර්ලා ලමයින්ගේ ආදර ප්‍රශ්න ගැන කතාකරලා මොනතරම් ආතල් ගත්තද කියලා
එකම විශය අවුරුදු ගානක් එකම විදියට උගන්නන්කොට ගුරු වෘතියත් මහ නීරස වෙනවා
ඒවගේ නීරස රැකියාවක් පොඩ්ඩක් හරි වර්නවත් කරන්නේ ලමයින්ගේ ලවු පලහිලවු
සර්ලා ශර්ලොක් හෝම්ස්ලා වෙලා කොල්ලෙක්ගෙ ෆෝන් එකක් අල්ලගත්තාම
කෙල්ලෙක්ගෙ ලියුමක් හොයාගත්තාම ස්ටාෆ් රූම් එකටම තියෙන සන්තෝසේ
ලියුම අතේ දිය වෙනකන් හැමෝගාවටම යනවා
ඒකේ තියෙන රසවත් සිද්දි අන්තිමේ නවතින්නේ රෑට උයනගමන් මිස්ගේ නැදම්මාගෙ කන් අඩි අතරෙ
එහෙමත් නැත්තන් නිදාගන්න ඇදට ගියාම සර් බැදපු නෝනගේ කන් අඩි අස්සේ
කොහොමත් ලමයි උදේ රැස් වීමෙ ඉස්සරහට ගෙනල්ලා චාටර් කරලා
අම්මලා තාත්තලා ගෙන්නලා එයාලා ඉස්සරහා ලමයිත් අඩවලා දෙමවු පියොත් අඩවලා උත්සවාකාරයෙන් ලමයින්ව ඉස්කෝලෙනෙත් අස්කරලා නාට්‍යනු සාරයෙන් ඒකතාව ඉවර කරනවා
එක දඩයමක් ඉවරයි තව දඩයමකට කුරුමානම් අල්ලන දඩ බල්ලෝ වගේ තවත් ආදර කතාවක් හොයාගෙන යනවා
කොච්චර ගද ගැහුවත් කුනු උනු කරවල බැදලා කන්න කවුරුත් ආසයි
ලන්කාවේ ගුරු විද්‍යල වලින් වත් කාලයට ගැලපෙන ලමා මනෝවිද්‍යව හරියට උගන්න්නේ නැද්ද මන්දා
නවයොවුන් වියේ ලමයිගේ හිත් වල ඇතිවෙන වෙනස් කම් හරියට අදුනගෙන ඒවා නිසි පරිදි කලමනා කරනය කරන්න උදවුවෙන යාලුවො වගේ ලමයි එක්ක සමීපවෙලා ලමයින්ට හරි පාර පෙන්වන ගුරුවරු හරි අඩුයි අපේ ඉස්කෝලවල
ඒ නිසා ඉස්කෝලෙදි උපරිම පරිස්සමයි ආරක්ශාවයි තියාගන්න අපි හොදටම වග බලාගත්තා

කොයිතරම් පොලිශ් කරත් කවදාවත්ම මලකඩ අයින් කරන්න බැරි මොට්ටම කඩ්ඩක් තමයි අපේ පන්තියේ ඔක්කොටම තිබුනේ
පවු අප්පා ඉන්ග්‍රීසි මිස් බුරිය පේන්න සාරි කොටෙත් ගහගෙන ගිරිය යටින් ජෙනරල් ඉන්ග්ලිශ් පොත තනියෙම කියවනවා අපේ එකෙක් වත් නිකමට අහන් ඉන්නේ නෑ
ඉන්ග්‍රීසි පීරියඩ් එක තමයි අපේ ෆන්ම පීරියඩ් එක
අපරාදෙ රජයෙන් දීපු පොත මුල් දවසේ පාට පින්තූර බලන්නයි ටයිටැනික් සින්දුව බලන්නයි විතරයි පාවිච්චි කරේ ඊට පස්සේ ජෙනරල් ඉන්ග්‍රීසි පොත තමයි සූදූවේ උපත උනේ....කොල්ලෝ ඔට්ටු තියාලා පොත් ගහනවා ඉන්ග්‍රීසි පොතෙන්
ඒ කියන්නේ ඉන්ග්‍රීසි පොත අරන් අහම්බෙන් පිටු පෙරලනවා රුපියල් 5 ගානේ ඔට්ටු දානවා පිටු අන්කේ අන්තිම අගය වැඩිම එන එකාට ඔක්කොම සල්ලි අයිතී එක්කෙනෙක්ට වැඩි ගානකට 9 ආවොත් උන් ටික විතරක් ආයෙ පොත පෙරලල දිනන එක තෝරගන්නවා
අපි බැනුම් අහන්න ආසම ඉන්ග්‍රීසි මිස්ගෙන්
වැරැද්දක් අහූනාම මිස් කට උල් කරලා බැනගෙන බැනගෙන යන්නෙත් ඉන්ග්‍රීසියෙන්මයි
කියන එක වචනයක් වත් අපිට තේරෙන්නේ නැති නිසා අපිට දුක හිතෙන්නෙත් නෑ
මිස් කියවලා ඉවරවෙනකන් අපි බිම බලාගෙන හිනාවෙවී ඉන්නවා
අපේ උන්නම් අම්බම කැරියෝ
එකෙක් නැගිටලා මැඩම්ගෙන් බැනුම් අහද්දි එක පේලියේ ලගින් වාඩි වෙලා ඉන්න උන් උගේ කකුල දිගේ ගල අතගගා කිති කවනවා
නැත්තන් මිස්ට නොපෙනෙන්න පස්ස්ට පෑන් වලින් අනිනවා
අසරනයා මිස්ගේ බැනුමෙන් එන හිනාවයි කිතියයි නිසා පනුවෙක් වගේ ඇබරි ඇබරි බුක් බුක් ගගා ඉන්නේ
අන්තිමේ මිස් බීරි යකාට බැනලාඅ වැඩක් නෑ යනව යන්න් ම්ගේ පන්තියෙන් එලියට කියලා ඌව එලියට දානවා
පන්තිය ඉවර වෙනකොට කොල්ලොන්ගෙන් වැඩි දෙනෙක්
දැන් පන්තිය ඇතුලේ ඉන්න උන් තමයි දුකෙන් ඉන්නේ
උන්ට පේන්න එලියේ ඉන්න උන් පට්ට ෆන් ගන්නවා
සූකිරිට නියමෙට කඩ්ඩපුලුවන්....පලවෙනි වතාවට අපේ පන්තියේ මිස් එක්ක ඉන්ග්‍රීසියෙන් කතා කරේ සූකිරි
තමන්ගේ කර්කශ වෘතීය ජීවිතේ පලමු වතාවට ගෝලයෙක් ගෙ හැකියාවක් දැකපු අසරනීට එදා ඇඩුනේ නැති එක විතරයි
මේ පාරවත් මිස්ගේ 100% ෆේල් කියලා අවුරුදු ගානක් තිබුනු කරක ෆර්ෆෝමන්ස් රිපෝට් එකට එකම ඒ එකක් ගේන්න හිටියේ සූකිරි විතරක් නිසා මිස් සූකිරිට හරිම ආදරෙයි
හැබයි සූකිරියත් අපිත් එක්ක එකේ ඉදලා හිටියනම් උගේ කඩ්ඩත් අපේවගේම මොට්ටවෙලා යනවා සත්තයි
සූකිරි මිස්ගේ සුවච කීකරු ඉන්ග්‍රීසි කුක්කා උන එකෙන් උනේ අපිට ෆන් එකේ ඉන්න තිබුන පොඩි වෙලාවත් අහිමි උන එකයි
කිරි පැකට් එකක බීලා....ටොයිලට් එකට ගිහින් කවුරුත් නැති වෙලාවේ පොඩි තොල් පාරක් දාලා...ආදරෙන් ඉදලා ...පස්සේ අනෙක් කොල්ලෝ එක්ක අරලිය ගහ යට කාගේ හරි හෙන තවුවකට ඇහුන්කන්දීලා තවුවදීපු එකාව අන්තිමට චාටර් කරලා ඉන්ග්‍රීසි පීරියඩ් එක ඉවර උනාම පන්තියට එන්න තිබුනා...කෝ ඒත් මේක එක්ක ඒකත් නෑනේ
මගේ බල කිරීම නිසාම සූකිරි ඉන්ග්‍රීසි පන්තිය කට් කරන්න පොරොන්දු උනා
සූකිරි හෝම් වර්ක් කරන් ආවේ නෑ...මිස් නිකමටවත් බැන්නේ නෑ...ඊලග දවසේ පුලුවන්නම කරන් එන්නකියුවා.....කොහොමත් දීපු වැඩේ ගොඩක් ලේසී ඒ නිසා ඔයා ඒක නොකරත් කමක් නෑ කියුවා
ඊලග දවසේ සූකිරි මුලු රචනෙම අකුරු හල හල ග්‍රැමර් වැරද්දුවා මිස් රච්නෙ එයාගෙ අකුරෙන් ලියලා ඒක බලාගන්න කියලා සූකිරිට දුන්නේ ආදරෙන්
සූකිරි මිස් අහනා ප්‍රශ්නවලට උත්තර නොදී හිටියත් මිස් අඩුම තරමේ සූකිරිව නැගිට්ටුවේ වත් නෑ
බඩේ අමරුවක් ...වමනෙත් යනවා කියලා පැනලා එන්න හැදුවාම මිස් එයා ගානේ ත්‍රීවීල් එකක් හයර් කරලා සූකිරිට බලෙන්නම බේතුත් අරන්දීලා ගෙදරත් ඇරලුවා
කලින් පීරියඩ් එක ඉවර උනගමන් පන්තියෙන් පැනලා ගියත් නාම ලේකනේ නම මාක් වෙලා තියෙන නිසා සූකිරි ආපු බව දැනගෙන කෙල්ලො රොත්තක් එක්ක ඉස්කෝලෙම පීරලා ලැබ් එක පිටිපස්සේ හැන්ගිලා හිටපු සූකිරියාව එක්කන් පන්තියට ගියා
අන්තිමේ සූකිරිගේ ගෙදරටම ගිහින් අම්මට කියලා තිබුනා ගොඩාක් දක්ශලමයෙක්...මොනවා හරි මානසික ප්‍රශ්නයක් තියෙන නිසා ස්ටුඩන්ට් කවුන්සිලින්ග් කරන කෙනෙක්ට හරි මනෝවද්‍ය උපදේශ හරි අරගන්න එක්ක යන්න හැදුවා
අන්තිමේ බැරිම තැන සූකිරි ගිහින් මැඩම්ට කියුවා හරියට වැඩ කරන අයට බ්‍රේක් එකක් දීලා පන්තියෙන් එලියට යන්න දෙන්වානම් එයා වැඩ හරියට කරනවා කියලා

මිස් ගේ අලුත්ම නීතිය අනුව හොදටම රචන ලියන අයට කැන්ටිමට ගිහින් මොනවා හරි කාලා ලයිබ්‍රි එකට ගිහින් කතා පොතක් කියවන්න පුලුවන්....
අලුත් නීතියෙන් වැඩ තුනක් උනා
සුකිරි මැඩම්ව පුදුම කරන තරම් හොද රචන ලියුවා
මෙච්චර කල් වැඩ නොකර එලියට පැනපු කොල්ලන්ට කරබාගෙන නොදන්න ඉන්ග්‍රීසිය කුරුටු ගන්න උනා
මැඩම්ගේ හක්ක බිම වැටෙන පුදුමේ උනේ...ඉන්ග්‍රීසි මල්පොතේ අකුරක් බැරුව හිටපු මම සන්ඩේ ඔන්සර්වර් එකේ එඩිටර් කොලම් එකට උනත් දාන්න හොද රචන ලියපු එක
ඇත්තටම උනේ මැඩම් දෙන රචනේ සූකිරි ඉස්කෝලෙදිම ලියලා මට දෙනවා කටපාඩම් කරලා ආයේ ලියන්න කියලා
එයා වෙන එකක් ලියන් එනවා
අපි දෙන්නගේ,අ රචන හොදයි
අපි එලියේ
අනික් උන් ඇතුලේ
අපිට ටික වෙලාවකට හරි ...හිතන් හිටිය විදිය නිදහසේ අපි අපේ වෙලා හිටියා

අපි අතරෙ කීපසැරයක්ම ලෝචනා නිසාත් සචිනි නිසාත් පොඩි පොඩි ආරවුල් ඇති උනා
සචිනි දවසක් එයාගෙ බර්ත්ඩේ එක කියලා මට කේක් කෑල්ලක් ගෙනත් දුන්නා ඒක දීලා මේකි එයාට කිස් එකක් දීලා විශ් කරන්නලු විහිලුවට වගේ
මම බෑ බෑ කියලා ඈත් වෙද්දි මේකිමගේ ඇගේ එල්ලිලා
අන්තිමේ ගෙනාපු කේක් කෑල්ලේ අයිසින් මගේ සුදු ශර්ට් එකේ ගෑවුනා
අයියෝ සොරි කිය කිය සචිනි මගේ ඇදුමේ තිබුන අයිසින් පිහිදනවා වතුර දාලා
මටයි එයාටයි කැන්ටින් එකෙන්න් මාලුපාන්දෙකක් අරන් ආපු සූකිරි ඒක දැක්කා
එයා ට පෙනුනේ සචිනි මගේ පපුවවට තුරුලුවෙලා ඉන්නවා වගේ
එයා ගෙනාපු මාලු පාන්දෙකේ ඇතුලේතියෙන ඒවා පිටට එන තරම් හයියෙන් ඒවා මිරිකාලා මගේ මේසා උඩට විසිකරා....ඉදා කාපන්...මට බෑ මීට පස්සේ කැන්ටින් එකේ පොඩිඋන් එක්ක තද වෙවී කැම ගේන්න ...උබ මෙතන මගුල් නට නට ඉන්නේ මීට පස්සේ උබම ගිහින් ගනින්....
සචිනිත් ඉන්නතැනම සූකිරි මට කෑ ගහපු හැටි දැක්කම මට මාර දුකක් හිතට ආවා
මම කීප සැරයක්ම සිද්ද් උන දේ විස්තර කරන්න හැදුවත් එයා මට ඇහුම්කන් දුන්නේ නෑ
එදාට මම දවල්ටත් රෑටත් නොකා කල්පනා කර කර හිටියේ
ඇයි මගේ සුද්දා මට මෙහෙම කරන්නේ...මම එයාට කිසිම වැරද්දක් නොකර මට මෙහෙම දඩුවම් දෙන්නේ
පහුවෙනිදා දවසෙම නොකා ඉදලා උදේ රැස් වීමෙදි මම කලන්තේ දැම්මා
මාව අල්ලගන්න දෙන්නෙක් දැපැත්තෙන් දුවලා ආවා
එක පැත්තකින් හින්නා මාව අල්ලා ගත්තා අනෙක් පැත්තෙන් සූකිරි මාව අල්ලා ගත්තා
දෙන්නාම එක්ක අතපය පනනැතුව කලන්තෙදාලා ඉන්න මාව උස්සගෙන ඇවිල්ලා යකඩ ඩෙස්ක් 3ක් උඩ තියලා
මම ඇස් අරිනකොට මගේ ශර්ට් එකා බොත්තම් 3ක් ගලවලා...හින්නා මට පවන් ගහනවා
සූකිරි මගේ මූනෙ වතුරගාන ගමන් බය වෙලා මට කතාකරනවා
"විනෝ...මගේ පැටියා ඇස් ඇරපන්...කතාකරපන් බන් .....අනේ පන කතා කරන්නකෝ"
මම ඇස් ඇරලා සූකිරි දිහා බැලුවා
"ඇයි මට දඩුවම් කරන්නේ....මම ගැන වැරදියට හිතන්න එපා රත්තරන්....උබට විතරයි ආදරේ...මගේ හිත තව කෙනෙක්ට දෙන්න බෑ...ඒක තේරුම් ගනින් මහත්තයෝ"
"ඔයාට මොකද උනේ....මගේ පන....අමාරුද තවම"
"ඔයා මා එක්ක කතා කරේම නෑනේ....මම ඊයෙ උදේ ඉදලාම කෑවේ නෑ....ඔයා මගෙත් එක්ක කතාකරනකම් මම ආයෙ කන්නේ නෑ"
"සූකිරි....මම හිතුවේ උබ මගේ යාලුවා හොදට බලා ගන්නවා කියලා.....ඇයි යකෝ උබ ඌට රිද්දන්නේ.....මූ මම දන්න කාලෙ ඉදලා කවම දාවත් කලන්තෙ උනෙත් නෑ....මම ලග ඉන්නකන් එහෙම වෙන්න දුන්නෙත් නෑ....උබට හරියට බලා ගන්න බැරිනම්..මූට පාඩුවේ ඉන්නදීලා උබ පලයන් ආවතැනකට. තොලොන්චි වෙලා"

"හින්නා....උබ කට වහන් ඉදපන් මේක අපි දෙන්නා අතරෙ ප්‍රශනයක් උබ අතදාන්න එපා " මම අමාරුවෙන් උනත් තරහින් හින්නට කියුවා
"උබට...අවුලක් නෑනෙ...මචන්....එහෙනම් මම යනවා.....උබලට කරදරයක් වෙන්නේ නෑ කවදාවත්" හින්නා අන්තිම ටික කියද්දි උගේ කටහඩේ ලොකු දුකක තියෙනවා වගේ දැනුනා....ඌ ගියා නෙමයි...වමනෙ දාන්න ඕනි උනාම වගේ...පපුවත් අල්ලන් දියුවා
"අනේ මට සමාවෙයන් රත්තරන්...උබව වැරදියට තේරුම් ගත්තට....මට වාවන්නේ නැතුව ගියා අර නැට්ටිච්චි මගේ මැනිකගේ ඇගේ එල්ලිලා ඉන්නකොට....මම ආයේ කවදාවත්ම මගේ බබත් එක්ක කතා නොකර ඉන්නේ නෑ....එන්නකෝ දැන් මම කවන්න...මගේ අතින්ම ඔයාට"
තුන් වේලක්ම නොකාපු නිසා මට කීප සැරයක්ම කෑම හිරවෙන්න ආවා....සූකිරි මට වතුර පොව පොව එයාගෙනාපු බත් එක කැවුවෙ හරිම ආදරෙන්....
"හෙට...ඔයාගෙ උඅපන්දිනේ...මට ඒක අමතක නෑ....ම්ම්ම්ම් ඒකට සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් තියෙනවා"
"මොකද්ද ගිෆ්ට් එක"
"ඒක් කිවුවොත් කෝමද ගොනෝ...සර්ප්‍රයිස් එකක් වෙන්නේ....හෙට සෙනසුරාදා...ඔයාට කොහොම හරි ඔයාගෙ අම්මා ගෙ බලකොටුවෙන් පැනගන්න වෙනවා....උදේ 9ට මේ මේසෙ උඩ තෑග්ග ඇති"
"අම්මෝ...ඔයා..දැනටමත් මාව පුදුම කරානේ...."
අපි දෙන්නා පන්ති කොනේ පුටු දෙකක කාටවත් නොපෙනෙන්න තුරුලුවෙලා හිටියා උදේ රැස් වීම ඉවර වෙනකන්ම
පස්සේ මහ සෙනගක් මුලින් පෝලිමට ඇවිත් පස්සේ ගාල කඩා ගත්තාවගේ වගේ දුවන සපත්තු සද්දේ ඇහුනා
අපෝ රැස්වීම ඉවරයි ඔක්කෝම එනවා...අපි මුකුත් උනේ නෑ වගේ දුරස් වෙලා පොත් දෙකක් බල බලා හිටියා

Continue Reading

You'll Also Like

3.4M 217K 52
ခတ္တာ ဆိုတဲ့တောရိုင်းပန်းလေးရဲ့အကြောင်း ခတ္တာက မိန်းမမဟုတ်ဘူး ဒါပေမဲ့အလှ ကြိုက်တယ် ခတ္တာက စာမတတ်ပါဘူး ဒါပေမဲ့ အကိုလေးကိုတော့အရမ်းချစ်တယ်
590K 57.9K 86
ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖ...
1M 53.6K 46
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
247K 9K 39
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...