Hatharawaram

By ShiranSuneth

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... More

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 09
ep 10
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 11

1.3K 229 31
By ShiranSuneth

Episod 11
හලෝ "
"ආආ...හින්නා...මම උබ කතාකරනකන් බලන් හිටියේ....විනෝද්ව හම්බවුනාද" හා...හා...මම සූකිරිට කෝල් කරේ හිනගේ ෆෝන් එකෙන් එයා හිතන්නේ මම හින්නා කියලයි...පොඩි බයිට් එකක් දෙන්න ආසාවක් ආවා
"නෑ"
"ඇයි කොල්ලෝ....එහෙම කරේ උබ පොරොන්දු උනානේ දැන් යනවා කියලා...." සූකිරිගෙ කට හඩේ බලාපොරොත්තු කඩවුන දුක මට හොදට දැනුනා
"මට බෑ"
"අනේ...මචන් එහෙම කියන්න එපා බන්...එයා හොදින්ද කියලා විතරක් කියපන්කෝ...මම උබට වැදලා කියන්නම් ...අනේ " සූකිරිගේ කට හඩේ බැගෑපත් බව දුක තැවරිලා...ඒ ස්වරය ඇහුනාම මගේ හිත ආදරෙන් උනු උනා
"උබට ඕනෙනම් පලයන්"
"මම උබට කියුවනේ බන්...කීප සැරයක්ම විනෝද්ගෙ ගෙදර ලගට ගියා...ඒත් උන්ගේ අම්මා ඉන්නවනේ...උබලමනේ බන් කියුවේ උන්ගේ අම්මා හෙන සැරයි කියලා ඒ නිසා මම හැරිලා ආවා"
"උබට මොකටද ඔය තරම් ඌ ගැන හොයන්නේ...ඌ ඉන්නේ ගෙදරනේ...."
"මන්දා බන්...මට එයා නොදැක ඉන්න බෑ....මට පොඩ්ඩක් එයා එක්ක කතාකරන්න තියෙනවනම්...."
"ඇයි උබ එයාට ආදරේද?"
"මන්දා බන් ඒත් මම එයාට කැමතී ගොඩක්....මට එයාව ඕනේ බන්...."
මට තවත් සූකිරිගේ ආදරෙත් එක්ක සෙල්ලම් කරන්න ඕනි උනේ නෑ
"සූකිරි....ඔයා මට ඒ තරම් කැමතිද?"
"ඒයි ...මෝඩයා....මේ උබනේ....තෝ නම් හොදනෑ...මාව මෝඩයා කරනවා"
"විහිලුවක් නේ කරේ....මට හින්නා ෆෝන් එක දීලා ගියා"
"උබ හොදින් නේද කොල්ලෝ"
"ඔවු...මට අවුලක් නෑ...උබත් හොදින්නේ"
"ම්ම්ම්ම්..."
"මොනවද අර ඉස්සෙල්ලා කියුවේ"
"මොනවද....?"
"නෑ...මට කැමති කතාවක් කියුවේ"
"උබ හොද නෑ...එහෙම රවට්ටලා හිතේ තියෙන දේ හොයන්න හොදනෑ"
"හරි ඉතින්...දැන්...මම සීරියස් නේ අහනේ....කියන්නකෝ...මම ගැන හිතෙන්නේ මොනවද?"
"උබ මෝඩ මැට්ටෙක්...."
"මේ විහිලු නෙමයි ඇත්තට කියන්නකෝ
"හිතේ තියෙනෝ ගොඩක් දේවල් ඒවා ෆෝන් එකෙන් කියන්න බෑ"
"ඇයි කාටවත් ඇහෙයි කියලා බයයිද"
"නෑ....ඒවා මට ඔයාගෙ මූන බලන් කතා කරන්න ඕනි"
"මූන විතරද"
"ඔවු...මට ඕනි ...වදගත් විදියට ...මගේ හිතේ තියෙන දේවල් ඔයත් එක්ක කියන්න"
"මටත් තියෙන්වා කියන්න දෙයක් ඔයාට"
"කෝ...ඉතින් කියන්න කෝ"
"බෑ...ඔයාට කියන්න තියෙන ඒවා කියුවම මමකියන්නම් "
"අම්මෝ මෙයාගෙ අගේ"
"ඔවි ඉතින් වටින දේවල් අගය කරන්න ඕනි"
"මට ඔයාව දකින්න ඕනි"
"මම එන්නම් පුලුවන් තරම් ඉක්කමනට"
"හෙට රෑට එන්නකෝ"
"කොහොමද කොල්ලෝ එන්නේ මට ගෙයින් එලියටවත් බහින්න දෙන්නේ නෑනෙ ..."
"හෙට මට වැදගත් දවසක් ඒකයි...මම කැමතී උබ මගේ ලග ඉන්නවනම් එදාට"
"ඇයි...මොකද්ද විසේස"
"මගේ බර්ත් ඩේ එක හෙට....මට ඕනි ඔයා එක්ක හෙට රෑට....කෑම කන්න"
"තෑන්ක්ස් ....ආරාදනා කලාට....එන්න නම් ගෙදරරින් පැනගන්න වෙන්වා....ආ...මේ....මම ට්‍රයි කරලා බලන්නම්...."
"අනේ ඒ කියන්නේ ...ඉතිම් ඔයා එන්නෙ නෑද....කියන්න කෝ"
"හරි මම කොහොමහරි එනවා....එන එක එනවා....උබ වෙනුවෙන් ..."
මම කෝල් එකක් ගත්තා හින්නගේ අම්මගේ ෆෝන් එකට නැන්දට කියුවා හින්නා අපේ ගෙදර ෆෝන් එක දාලා ගිහින් එයාට ඒක දෙන්න ඕනි ඒකයි කතාකලේ කියලා
නැන්දා හින්නට ෆෝන් එක දුන්නා
"හපෝ...ඇනේ...මොකද ...ආයේ ගෝරියක්ද?"
"නෑ බන් උබෙන් උදවුවක් ඕනි....ලොකු එකක් "
"කියපන්....මොකද්ද? ....පරාල ඇනයක් නෙමයිනේ...ඔලුව හිල් කරන් බහින"
"ඕයි...මාව ගෙදරින් පන්නගන්නවකෝ"
"මොකක්.."
"මචන් මට හෙට රෑට පැය දෙකක් තුනක් ගෙදරින් එලියට යන්න ඕනි....මොකක් හරි බොරුවක් කියලා මාව එලියට ගනින්කෝ...අපේ අම්මා දැන් විශ්වාස කරන්නේ උබ විතරයි"

"පිස්සු කියවන්න එපා...හුට්ටෝ...ඕවා කරලා අන්තිමට බොලාගෙ අම්මා තට්ටෙ පලන්නේ මගේ"
"අනේ බන් අන්තිම පාරට මේ උදවුව කරපන්කෝ....මම ආයේ උබට කරදර කරන්නේ නෑ...හෙට සූකිරියගේ බත් ඩේ එක ...එයා මට රෑ කෑමකට එන්න කියුවා...."
"අනේ මන්ද....උබලගෙ මල විකාර....එක ප්‍රශ්නයක් හරියට ඉවර උනෙත් නෑ...තව එකක් පටලවාගන්නද යන්නේ"
"ප්‍රශ්න දාගන්නේ නෑ...පැයෙන් දෙකෙන් ආයෙ ගෙදර"
"මේ මාව උබලගෙ මගුල් වලට පටලවා ගන්න එපා...මම තියනෝ"
හින්නා ෆෝන් එක කට් කරා....සූකිරිගෙ ඉ ල්ලීම මට ඉටුකරන්න බැරි වෙයිද? මට මේ ජරා දොර කඩලා දාන්න හිතෙනවා...වහලෙන් පැනලා යන්න පුලුවන්ද බලන්න ඕනි....ඒත් අපේ වහලේ පරාල දිරලා එකක් හරි කඩන් වැටුනොත් අම්මා එතැනම මාව මරයි....ටොයිලට් යනවා කියලා එලියට ඇවිත් පෙරලගෙන දුවනවා....ඒක හරියන්නේ නෑ...අයේ ගෙදර එන්න වෙන්නේ නෑ එහෙම කරොත්
ශික් හොද අයිඩියා එකක් එන්නේ නෑනේ මගුල...මම තරහයි වේදනවයි එක්ක කොට්ටේ කොන වික වික ඉදලා නින්ද ගියා

ඇහැ ඇරෙනකොට මගේ මේසෙ උඩ පාර්සලයක්
ඒක උඩ දෙකට නවපු කොලයක්
ඒක දිග ඇරලා බැලුවා
මම ආවා
උබ නිදි
මම උබලගෙ අම්මාට කියුවා පන්තියෙ එක්ක ගෙ ගෙදරක පිරිතක් තියෙනවා...අපේ උන් එහේ සිවිලින් ඉටිකොල ගහනවා ඒකට පොඩ්ඩක් උදවුවෙන්න උබව එවන්න කියුවා....උබලාගෙ අම්මා කියුවා 7 ඉදලා 10 වෙනකන් විතරක් ඕකේ කියලා
අපේ ගෙදර එනවා කියලා 7ට ගෙදරින් වරෙන්
බර්ත් ඩේ පාර්ටි එකක් නේ හොදට යන්න ඕනි නිසා
මම අලුතින් ගත්ත ශෝටයි ටී එකයි පටි සෙරෙප්පු දෙකයි ගෙනාවා
ඔය බෑගෙ එකේ ඇති
ඒවා ගෙදරදි ඇදන් එන්න එපා...අම්මා බලයි උබ හැඩේට ඇදන් සිවිලින් ගහන්න යනවද මගුලක යනවද කියලා
උබ ලග සල්ලි නෑ නේ
මම සූකිරියට තෑග්ගක් ගත්තා ඒකත් ඕකෙම ඔතලා ඇති
උබේ බයික්කෙත් හදාගෙන ආවා ඒක උබලගේ ගේ පිටිපස්සේ වෙනද උබ බයික්කේ ගහන තැනම ඇති
මට කෝල් කරන්න එපා මම චිත්‍රයක් අදිනවා ...ඒකට කරදරයි කෝල් එන එක
මම ගෙදර නෙමයි ඉන්නේ
දෙවියන්ගේ නාමෙන් උබ කිසිම කරදරයක් ඔලුවෙ දාගන්නේ නැතුව 10 වෙනකොට ගෙදර වරෙන් නැත්තන් මටයි බැනුම් අහන්න වෙන්නේ
අම්බෝ...හින්නනම්... දෙයියෙක් නෙමයි දේවාලයක්
හැමදේම ගැන හිතලා වැඩ කරලා
ඌනම් පතාගෙන ආපු යාලුවෙක්...ලග හිටියනම් දෙනවා උම්මා එකක්
හින්න ගෙනාපු බෑග් එක බැලුවා
අලුත් අත් කොට ඇගට ෆිට් වෙන කලු ශර්ට් එකේ සුදුපාට චූටි ඩොට් තියෙනවා
දුබුරු පාට ශෝටත් මගේ ඇගටම තිබ්බා වගේ
මේවා නම් හිනගේ ඒවා වෙන්න බෑ
මටම අරන් වගේ
ඇදලා බැලුවා බිදිච්ච කන්නාඩියෙන්
අඩේ මම මාර හැන්ඩීනේ මේ ඇදුමට...මට කවදාවත් මේතරම් හොදට මට ගැලපෙන ඇදුම් තෝරන්න තේරෙන්නේ නෑ...,මම ගියානම් කිසිම ගැල පීමක් නැති ඇදුම් කෑල්ලක් උස්සගෙන එයි

තවත් මොන මොනවද
ජෙල් පැකට් දෙකක්
බෙල්ට් එකක්
සැන්ඩ්ල්ස් දෙකත් හෙන අලුත් පොශ් පාටයි
බර වියදමක් යන්න ඇති
කලු පාට නිල් පාට ඉ රි තියෙන කවරෙක ලස්ස්න රිබන් මලක් උඩින් ගැට ගහලා පොඩි තෑග්ගක් පැක් කරලා
මේක ගැලෙවුවොත් ආයේ මේ වගේ ලස්සනට පැක් කරගන්න බැරි වෙයි
පේන විදියට සෙන්ඩ් බෝතලේකුයි තව මොන මොනව හරි තියෙන්නේ
මේක කඩලා චාටර් කරගන්න හොද නෑ....මේ විදියට ලස්ස්නටම ගෙනියනවා
මේ වගේ යාලුවො ලබන්න පින්කරලා විතර මදි පෙරුම් පුරන්නත් ඕනා

දවස ඒතරම් නරක උනේ නෑ
අන්තිමේදි මම හින්නා දීපු බෑග් එකත් අරන් අම්මා ගේ චරබරෙන් බේරිලා ගෙදරින් පැනගත්තා
කලපුව කිට්ටුව පරන පාරේ කඩොලාන ගොල්ලකට මුවා වෙලා ඇදුම් මාරු කරගත්තා
කොන්ඩේ හදාගත්තා
දැන් කොල්ලා නිකන් සත්‍යප්‍රේම බුන්ගරාජයා වගේ
සූකිරිට කෝල් එකක් දීලා එන්න ඕනිතැන අහගත්තා
සුටුස් ගාලා එතැනට යනකොට සූකිරි ඇවිත්
මට සූකිරිව රෑ හදපානේ කලපුවේ වතුරත් එක්ක රිදී පාට පෙනුනේ
කැලේ මැදින් ආපු දිව්‍ය කුමාරයෙක් වගේ
"අම්මෝ කොල්ලගේ ලස්සන...අද තමයි ඔයා ලස්සනටම ඇදලා ආපු දවස" මාව දැකපු ගමන් සූකිරි ලගට ඇවිත් කියුවා.

"මෙහෙමයි ...දැන් මෙතැන පොඩි සර්ප්‍රයිස් එකක් තියෙන්වා....මම ඔයාව මගේ බයික්කෙන් එක්කන් යනවා තැනකට...හැබයි ඇස් දෙක බැදලා....අවුලක් නෑනේ"
"යකෝ...උබ මාව ඇස් බැදන් ගෙනිහින් කලපුවේ ගිල්ලන්නද හදන්නේ"
"හරි...හරි මාව විශ්වාස නැත්තන් ඔයා...යන්නකෝ....ඕනි නෑ සර්ප්‍රයිස් වත් පාටි වත්...."
"ම්ම්ම්ම්....මෙන්න මෙයාට තරහ ගිහින්...මැට්ටෝ මම මගේ යාලුවො ඔක්කොටම වඩා උබව විස්වාස කරනවා...ඒකනේ දාහක් බාදක තිබුනත් පැනල ආවේ..උබව මුනගැහෙන්න"
සූකිරි එයාගෙ දිග සීතල ඇගිලිවලින් අලුත්ම තුවායකින් මගේ ඇස් දෙක බැදලා එක්ක යනවා
කලුවරේ මට කිසිම දෙයක් පේන්නේ නෑ....සූකිරියගේ බයිසිකල් සද්දෙයි හති දාන සද්දෙයි විතරයි ඇහුනේ
"ඒයි....තව දුරද ඕයි"
"ඉවසන් ඉන්න ඉතින් තව ටිකදුරක් විතරයි තියෙන්නේ"
බයිසිකලේ කදු මුදුනක නවත්තලා අපි ගැබුරු බෑවුමක් බහින්න උනා
ගලෙ ගලට අඩිතිය තිය පටු පාරෙ ඇස් බදගෙන යන එක ලේසි උනේ නෑ
මුහුදෙ රලගෙඩි දුවගෙන ඇවිත් ගල් තලවක් වැදිලා පිපිරිලා යන සද්දේ ත් එක්ක ලුනු මිශ්‍ර සුලගෙ රස මට දැනුනා
ගල් සහ බිම් තබරු ගොල්ල් ඉවරවෙනකොට පටි සප්ත්තු අස්සට තෙත වැලි ඉහෙන්වා දැනෙන්වා
ම්ම්ම්ම්ම්.....ඕන්න හරි....දැන් ඇස් ඇරලා බලන්න පුලුවන්
සූකිරි ඇස් වහලා තිබුන රෙදිකඩ ගලවනවාත් එක්ක මම දැක්කේ දිව්‍ය ලෝකේ
හද කිරන අලුපාට මුදුදට වැටිලා මූදු වතුර රිදී පාටට දිලිසෙනවා
අපි හිටියේ චන්ද්‍රවන්කයක් වගේ හැදුන පුන්ච් මූදු බොක්කක
සුදුපාට වැලිවලට වැටෙන   හඳ  එලිය නිසා වැල්ල තබ   රත්තරන් පාටයි
වැල්ල ඉවරවෙන මායිම කොලපාට තන පදුරු වල දම් පාට බිම් තබරු දාස් ගානකින් වැහිලා

වැල්ල මැද්දේ අතැරලා දාපු නිල් පාට ඔරුකදක් උඩ
චොකලට් කේක් එකක්
ඒවටේට සුලගෙන් ඉටිමන්දම් නිවෙන්නෙ නැතිවෙන්න අමුරෙදි වලින් වටකරපු ඉටිපන්දම් ආවරන ඇතුලේ ලස්ස්නට ඉටිපන්දම් දැල්වෙන්වා
කොත්තු පාර්සල් දෙකක් බියර් කෑන් 4ක්
ගිටාර් එකක්
ඔරුවට ඉස්සරහා පොඩී ගිනිමැලයකුත් ගහලා
ඔරු කද ලග හිටවපු රීප්ප පටියක සුදු පාට නෙට් එකක් රදවා ඒකෙන් තවත් අමුතුම ලස්සනක්
"අම්මෝ පිස්සු හැදෙනවා.....උබද තනියෙම මේ ඔක්කොම කරේ"
"ඇයි හරිනැද්ද"
"නෑ...මේක තමයි...මම ජීවිතේට දැක්ක ලස්ස්නම දේ....නියමයි කොල්ලෝ"
"ඉතින් නිකම්ම තැන්ක් යූ විතරද?"
"එහෙනම් වෙන මොනාද ඕනි"
"ඉතින් මගේ උපන්දිනේ සුබ පතනේ නැද්ද"
"ම්ම්ම්ම් හැපි බර්ත්ඩේ ..බ්‍රෝ.." මම් වෙන කොල්ලන්ට විශ් කරන විදියට අතට අත දෙන්න මගේ අත දික්කරන ගමන් කියුවා
"අපෝ ඔහොම විශ් කරලා වැඩක් නෑ....."
සූකිරි තරහ වෙලා වගේ අහක බලා ගත්තා...එයාට තරහ ගියාම ලස්සන තව වැඩි වෙනවා
මම පිටි පස්සෙන් ගිහින් එයාගෙ ලස්සන සරීරේ වැලදගත්තා තදින්ම
එයාගෙ ශක්තිමත් පපුව අත ගාන ගමන් ෆර්ෆුම් වලින් සුවද උන සුදුම් සුදුපාට බෙල්ල සිපගත්තා
මම ආසම විදිය එයාගෙ මූන දෝතට අරගෙන ආදරෙන් බලාගෙන ඉන්න
මම එහෙම ඉන්න ගමන් එයාගෙ නලල්ට කිස් එකක් දීලා
"කොල්ලා...උබට සුබ සුබ උපන්දිනයක් වේ වා කියුවා"
සූකිරිගේ ඇස් වල ලාවට මෝදුවෙන කදුලු හද එලියෙන් රිදීපාටට දිලිසෙනවා
"මේ මොකද මේ...ඇයි මේ ලස්සන ඇස් වල කදුලු...මගෙන් මොනවා හරි දුක හිතෙනදෙයක් උනාද මචන් උබට"
"මේ වා දුකට එන කදුලු නෙමයි...රත්තරන් සතුටට එන කදුලු මගෙ මැනික"
"ම්ම්ම්ම්...මොකද්ද කියුවේ මට රතතරන් කියනවාද"
"ඔවු....ඔයා මගේ රත්තරන්"
"ඇයි එහෙම කියුවේ"
"රත්තරන් , මැනික වස්තුව...සුද්දා...ඕවනේ ආදරේ කරන කෙනාට කියන්න ඕනි"
"ඉත්න් මට ආදරේද එහෙම කියුවේ"
"ඇයි ඒක ඔයාට දැනෙනේ නැද්ද"
"මට දැනුනා...අමුතු හැගීමක්...ඒත් ඔයාලගට යන්න බැරුව කාමරේ හිර වෙලා ඉද්දි මට හරියටම තේරුනා මචන් මම උබට ආදරේ කරනවා...ගොඩක් ගොඩක් ගොඩක්" මම සූකිරිගේ ඇදුනු සිනිදු කම්මුල් ඉබගෙන ඉබගෙන ගියා
"ම්ම්ම්...ඔන්න දැන් මට මච්න් උබ තෝ යකෝ කියන්න බෑ ආයි හොද්ද මගේ මැට්ටෝ"
"ඇයි ඒම බැරි"
"දැන් අපි දෙන්න නිකන් ෆ්‍රෙන්ඩ්ස් ලා නෙමයි ...බෝයි ෆ්‍රෙන්ඩ්ස් ලා" ...ඕඕඕ....මම දැන් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්...     කෙල්ලෙක් ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පොඩි කාලෙ ඉදලා ආසාවෙන් බලන් හිටියේ ඒත් කවුද් හිතුවේ තව කොල්ලෙක් ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න වෙයි කියලා
"ඒත් මට තාම ඒ වචන හුරු නෑ....ඔයා කියන අමුතු වචන...මම උබ කියන එක නවත්තලා ඔයා කියන්නෙත් අමාරුවෙන්"
"අනේ...බබා එහෙම කරන්න එපා ඉතිම් ...හොදේ....ආදරේ කරන දෙන්නෙක් ....යාලුවො වගේ කතාකරාම ආදරේ ඒතරම් හිතට දෙනෙන්නේ නෑනේ...මෙහෙමයි අනික් අය ඉන්න තැන්වල ඔයා සාමන්‍ය විදියට කතා කරන්න ඒත් අපි දෙන්න විතරක් ඉන්න තැන් වලනම් ...අපි දෙන්නට විතරක් කියන වචන කියන්න ඕනි....ඉතින් හා ද මැට්ටෝ...කෝ කියන්න ඉතින් හා කියලා...මගේ මහත්තයා"
ආදරේ මිනිස්සු කොයිතරම් වෙනස් කරනවද? ගොඩක් දැඩි හිත් තියෙන මිනිස්සු තමන් ආදරේ කරන කෙනා ඉස්සරහා හරිම බොලද කෙනෙක් වෙනවා. අපි කොයිතරම් ලොකු උනත් අපේ හිත ඇතුලේ තාම පොඩි ලමයෙක් හැන්ගිලා ඉන්නාවා...අපි කැමතී ඒ දරුවා එලියට එනවට අපි ගොඩක් ම ආදරේ කරන කෙනා ඉස්සරහදි...ඒකයි ගොඩක් දුශ්ටයො සැර පුරුශ වීරයෝ තමන්ගේ ආදරවන්තිය ලග දනින් වැටෙන්නේ
"හරි හරි...සුදු මැනික...මම මීට පස්සේ ඔයාට ....ආදරෙනම විතරයි කතා කරන්නේ..."
"මගේ පන....ම්ම්ම්ම්ම් උම්මා කැටේ"
සූකිරිව හොදටම අදුනන කෙනෙක් දැක්කනම් පුදුම වෙයි කොහොමද මෙහෙම උනේ කියලා ආඩම්බර කඩවසම් නියම පිරිමියෙක් ...බොලද ගෑනු ලමයෙක් වගේ හැසිරෙන්නේ
"ම්ම්ම්ම්ම්....ලෝකෙම දිහා බලන් ඉන්න හදටයි...මූදටයි පේන්න දෙන්නකෝ ඔයාගෙ සුදි බබාට ලොකුම ලොකු කිස් එකක්"
පිස්සු ඩබල් වෙන්වා සූකිරි කටත් උල් කරන් මම ඉදිරියේ නැමිලා ඉන්න හැටි දක්කහම
වැඩිය හිතුවේ නෑ...පැනපු ගමන්ම ඒ රෝසපාට තොල් දෙක ගත්තා එක කටටම...බස බස ගාලා උරන්න
මගේ පල්වෙනි තොල් පෙති සිපගැනීම
මම ආදුනිකයෙක් බව හොදටම පේනවා
සූකිරි මගේ තොල් පෙති උරා බොන්න කට පලල් කරලා අරින කොට හරිනම් මම හොටදිග පිලිහුඩුවෙක් වගේ කට උල් කරන්න ඕනි
ඒත් මම කරේ මමත් ඒ ගානටම ලොමු වෙන්න කට පලල් කරලා ඇරියා
නොකද උනේ අපි දෙන්නගේම ලොකුවට ඇරිච්ච කටවල් එකට ගැටෙනවා විතරයි
ඇනිමල් ජියොග්‍රැපි එකේ හිප්පොටේමස් ලා රන්ඩු වෙන හැටි බලපන්කෝ
දෙන්නම ලොකුවට කටවල් ඇරන් එකෙක් ටවත් වැඩක් නෑ
සූකිරි මගේ යටි තොල උරන්න උඅද්දිම මමත් එයාගෙ යටි ත්ලම යරන්න යනවා
මේ විකාර නිසා මට ටික වෙලාවක් ගියා හරියටම තොල් පෙති හාදුවක් දෙන්න පුරුදුවෙන්න
ඒත් ඔයවගේ දේවල් කැලේක තට්ට තනියෙම ඉන්න ටාසන්ටත් නිකම්ම තේරෙනවා මිනිස්සු කවදවත් දැකලා නැතත්
මමත් ඒවගේඑ මුලින් වැරදියට කරාට මම ඉක්මනින්ම හොද සැපට තොලක් දාන ඉගන ගත්තා.
"මැනික....ඔයා මගේම වෙන්වද?" සූකිරි ඒක ඇහුවේ මගේ පපුවට තුරුල් උන හා පැටියෙක් වගේ
"ඉතින් මම ඔයාගෙ තමයි මචන්....ඕඕඔ වැරදුනා.....මචන් නෙමයි බබා"
"අයියෝ....ටිකක් රොමෑන්ටික් වෙනවකෝ මැට්ටෝ"
"අපි කේක් එක කපමූ"
සූකිරි ප්ලාස්ටි පිහියකින් චොකලට් ඉස්මයන කේක් එක හැපුවා ඒක මැද ලස්සන රතු චෙරි ගෙඩියකුත් තිබුනා
අපිටනම් මොන බත්ඩේ කේක්ද...ඕනෙම උනොත් වන්ඩු තැටියක් දානවා මුලු පන්තියටම ඇතිවෙන්න
කොහොල්ලා වගේ අතේ ඇලෙන කෑලක් කටේ දාගත්තම දත කට පූට්ටු වෙන පාප්පවගේ ජරා රහක් එන වන්ඩු කේක් කියලා ජාතියක් අපි කනවනම් කන්නේ වැඩිපුරම අවුරුද්දට
පූරුවෙ පවකට අපට ඇමිනිච්ච නෑයො අවුරුද්ද්කට පාරක් කේක් ගෙඩියක් උස්සගෙන ගෙදර ඇවිත්න්පරන කෝන්තර ඔක්කොම මතක් කරගෙන අපේ අම්මාගෙන් ඊලග් අවුරුදටම ඇතිවෙන්න කන් පිරෙන හොදවැයි ලුනු ඇබුල් ඇතුව අහගෙන යනවා...ලැජ්ජ නැතුව ඊලග අවුරුද්දෙත් එනවා
"කන්නේ නෑ උබලන් මේ දහ ජරාව....මොන ඉනාවක් දාලා ගෙනාවද මන්දා....බල්ලොත් නොකන ඕකුන්ගේ නල්ල මලේ කේක්...." අම්මා එහෙම බැනත් නන්ගී මායි කේක් එක ඔතපු කොලේවත් ඉතුරු නොවෙන්නම් කනවා
අපි දන්න චොකලට් කේක් කඩේ විදුරු සෝ කේස් එකේ අඩුම ගානේ මාස 3ක් වත් පෙරුම් පුරලයි අපේ අතට එන්නේ
ඒවා කේක් කියුවටා රෝස් පාන් වගේ...හොද්දක් හරි වතුර විදුරුවක් වත් නැතුව ගිලෙන්නේ නෑ තාර බෝල වගේ
ඒවයේ අයිසින් වල මාගරින් තලි තලි....කාපු ගමන් උඩු හක්කේ බැදෙනවා ගනකම මාගරින් ලේයර් එකක් ඒ ජරා රහ යන්න තල්ල මදින්න ඕන දවසක් වත්
සූකිරිගේ කේක් එක් කපනකොට ගිනිකන්දකින් ලාවා ගලනවා වගේ ඇත්තම චොකලට් දියරයක් ගලාගෙන ආවා
හැපි බත්ඩේ කවිය මෙලෝ තාලයක් නැතුව හරක් දෙල්කොල ගාලෙ දකනවා වගේ මහ අහයියෙන් කිය කියා හිටපු මගේ කටටත් කෙල ඉනුවා
සුකිරි කේක් කෑල්ල අරගෙන මට කවන වගේ ගිහින් ලොකුවට කට ඇරලා උගේ කටටම ඒක දාගත්තා
"අඩෝ....රත්තරන්...මැනික.....කැරි වැඩ කරන ඔට්ටු නෑ" කලබලේනේ...නිකම්ම කොලු වදන් කටින් පනිනෝ කොහොමද බන් මොට්ටමන් රොමෑන්ටික් වෙන්නේ
කට දෙපැත්තෙනෙ චොකලට් දියර පෙරි පෙරී මම දිහා වල් විදියට බලන් හිටපු සුකිරි මගේ ලගට ඇවිත් මගේ බෙල්ලෙන් අල්ලලා කටේ තිබුන චොක්ලට් කේක් ගුලිය මගේ කටට තල්ලු කරා
චොකලට් ඉස්ම සූකිරිගේ කෙලත් එක මිශ්‍රවෙලා මගේ කට දෙපැත්තෙන් ගලනාවා
සුකිරි මගේ මූන පුරා දිවෙන් චොකලට් උරනවා....ලෙවකනවා
"
"ම්ම්ම්ම්ම්....කේක් රසයිද බබා"
"කේක් රසයි....ම්ම්ම්ම්ම් ඊට වඩා ඔයා රසයි....මට ඕනි ඔයාව කාගෙන කාගෙන යන්න මෙතැනදිම"
"ආආආඅ....ඉතින් කන්නකෝ මාව....මගේ මිනීමෝරා"
මගේ ඇග පුරාම එයාගේ හීනි දෙග ඇහිලි යවන ගමන් කකුල් දෙක වටේ හෙමින් ගනකම් විගෙන එන පොල්ල උලනගම්න් සූකිරි කෙදිරි ගානවා
එයා පහත් ගොරෝසු හඩකින් කෙදිරි ගාද්දි...මගේ මොලේ ඇතුලේ ඉන්න යකෙක් ආවේස වෙනවා....එයා මට එදා රෑ ඉස්කෝලෙදි පෙන්නපු වීඩියෝ එකේ කොල්ලෝ දෙන්නා කරවගේ ...සුකිරිව බිමදාගෙන මගේ ආවේගෙ ඉවර වෙනකන් ඇරගෙන ඇරගෙන යන්න හිතෙනවා....ඒත් හිත කියනවා තවම ඒකට ඉක්මන් වැඩී තව ටිකක් ඉවසන්න කියලත්
"සුද්දා...මම ඔයාට තෑග්ගක් ගෙනාවා ....ම්ම්ම්ම්ම්...ආආඅ බලන්නකෝ ඒක"
"අනේ ඔයා කොහොද වස්තුව....මේ වෙලවෙ තෑගි ගත්තේ....ශා ඒක ලස්ස්නට රැප් කරලානේ...පුදුම ලස්ස්නයි මගේ පැට්ටෝ"
හිනට පින්සිද්ඩ්වෙන්න මට හොද ලකුනු ටිකක් ලැබුනා ....මේ වෙලාවෙ හින්නගෙ නම මතක් කරලා ප්‍රේමනිය හෝරාව නාස්තිකරගනේ මොකටද.....මම කරා වගේ සද්ද නැතුව හිටියා
සූකිරි ලස්ස්න රිබන් මල අයින් කරලා ලස්ස්නට පෙට්ටිය ගැලෙවුවා
ඕත්‍රී සෙන්ට් එකක් ..."ශා.....ඔයා කොහොමද දන්නේ මම පාවිච්චි කරනේ මේ ෆර්ෆුම් එක කියලා" ඇත්තටම මම දන්න ෆර්ෆුමක් නෑ...මම සූකිරි යා ලගින් එන සුවදට කැමතී එච්චරයි....හින්නනම් මාර පොරක් හෙමිනා වගේ ඉදලා ඒකා සූකිරි ලග එන සුවදින් සෙන්ට් වර්ගෙත් අදුනගෙනනනෙ
මේ මොකද්ද....ආ..ආ පෝස්කාඩ් එකකට වඩා පොඩ්ඩ්ක් ලොකු ගනකම කොලේක පාට පාට පෑන් වලින් මම සූකිරිව බදන් ඉන්න චිත්‍රයක්
චිත්‍රෙ පොඩි උනාට අපි දෙනගේ ඇගේ මූනෙ ඔක්කොම ඉ රියවු හරියටම බලලා ඇදලා
ජරාම වැඩේ ඒ චිත්‍රෙ මම දුක හිතෙන මුඩ් එකකින් ඉනවා
සූකිරි රාගයෙන් දැවෙනවා වගේ පෙනුමක් තියෙනේ
ෆෝන් එලියට හොදට බැලුවාම සූකිරිගේ මූනෙ පොඩි දුශ්ට් ගතියකුත් මගේ මූනේ හෙන අහින්සක ගතියකුත් එන්න ඇදලා තිබුනේ
ඕක් තමයි කියන්නේ හොද උනත් ඕනවට වඩා කරන හොද නෑ කියලා....මට උදවුවට වෙන්න පුලුවන් ඒත් හින්න මේ කරලා තියෙන්නෙ අමු පන්ඩිත වැඩක් නේ
ඒ මදිවට මම එදා රෑ ඉස්කෝලෙ නයිට් එක ගහද්දි ඇදපු ඇදුම පිටින්
සුකිරියා අමු හෙලුවෙන්...උගේ පයියත් නියම ප්‍රමානෙටම පොඩි කරලා ඇදලා
හින්නා හිතලා අදිනවා අඩුයි වැඩිය බලන් තමයි අදින්නේ...මු කොහෙදිද සූකිරි හෙලුවෙන් ඉනවා දැක්කේ
ඒ ච්ත්‍රේ මගේ මොලෙත් අවුල් කරා
"බබා මම මේක හින්නට කියලා ඇන්දුවේ....එක ටිකක් අවුල් වගේ නේ....අපි ඒක ඉ රලා මුදට විසි කරමු" මම සිදූන හානිය අවම කරගන්න උත්සහ කරා
"අනාආ...මගෙ බබී...මේක සෝයි....හින්නට තෑන්ක්ස් කියන්න මේ වගේ ලස්සනට මාවයි ඔයාවයි ඇන්දට....මේක තමයි මට ලැබුන හොදම තෑග්ග....මම මේකට හරි කැමති" ඇති යන්තන් සුකිරි ඒක් ගැන වැරදි විදියට හිතන්නේ නැතුව බාරගත්තා
"හාහාහාඅ...මේ මොනවද වැටුනේ.." සුකිරි වැටිච්ච් පැකට් 3ක් අහුලා ගත්තා
මොනවද හින්නා උබ කරන වැඩ මේක අස්සට බෙහෙත් පෙති පැකට්ත් දැම්මද?
"හොරා....මෙතනට එන්න කලින්ම වල් හිත තියන් ඉදලා තියෙන්නේ....මම දැනන් හිටියේ නෑ මට ඉනේ පූස් පැටියෙක් නෙමයි ...කොටි පැටියෙක් කියලා....ඔයා එක කරන්න ඒතරම් අසාවෙන්ද හිටියේ මයේ සුද්දා"
මොනාද මන්දා මූ කිහනේ මම සුකිරිගෙ අතේ තිබුන ඒවා දිහා බලන් හිටියා
"මම හිතුවට වඩා ඔයත් දේවල් දන්නවා නේ...කොහොමද ලැජ්ජ නැතුව ෆාමසියට ගිහින් කොන්ඩම් ඉ ල්ලුවේ....හොරා වගේ ගිහින් අක්කේ කොපු නැද්ද කියලා ඇහුවද?"
හුකා මේ කොන්ඩම් නේ
කොල්ලෝ ගාව කොන්ඩම් තියෙන්වා....මම ඒවා පුම්බලා සූකිරිගේ බෑග් එකෙත් එල්ලුව ඉස්සර තරහ කාලේ...එත් මම කවදාවත් ලැජ්ජ නැතුව ඕව ෆාමසිවලින් ඉ ල්ලන්න ගිහිල්ලා නෑ
"අනේ වැරදි විදියට හිතන්න එපා සූකිරි...ඕක අර වේස හින්නගේ බලු විහිලුවක් ...මම ඕකව මරනවා අහූනොත්"
"තරගන්න එපා...ඉත්ම් වස්තූ...හින්නා විහිලුවක් නේ කරලා තියෙනේ....මට පේන්නේ අපි දෙන්නා අතරෙ තියෙන සම්බන්දේ අපිටත් කලින් එයට තේරිලාද කොහෙද.....මිනිහ කලා කාරයනේ....ඒ වගේඅයට ඉක්මනට අනික් මිනිස්සුන්ව ෆීල් වෙන්වා"
"නෑ බබා ...මට හින්න මේ දවස් වල ගොඩක් උදවු කර බව ඇත්තයි...ඒත් අපි දෙනගේ පෞද්ගලික දේවල් වලට ඌ ඇගිලි ගහන්න ඕනි නෑ නෙ.....මොනවා උනත් දැන් අපි වෙනම කපල් එකක් නේ"
"අම්මෝ....මගේ බෝයි ෆ්‍රෙන්ඩ් දැන් අපි වෙනම පවුලක් වගේ හිතන්න පුරුදුවෙලානේ...ඒකත් හොදයි ..."

පොඩි ආරෝවෙන් පස්සේ අපි බියර් බොන්න පටන් ගත්තා...ඇත්තටම බියර් බොනවට වඩා අපි කලේ සින්දු කියපු එක...ගිනිමැලේට තව දර ටිකක් දාලා ගින්දර වැඩිකරගෙන අපි සූකිරි ගෙනාපු තුනී රබර් පැදුර එලුවා
එරෙන වැලි පොලොවෙ වාඩි වෙලා ගිනි මැලේ ලග ඉදන් සූකිරි හරිම ලස්ස්නට සින්දු කියුවා
මම එයාගෙ උරහිසට ඔලුව තියාගෙන එයා කියන ලස්සන සින්දු හදවතෙන් ම වින්දා

"සද කැන් වැටිලා සයුරේ දියවී යනවා...ඒ ආදර මුහුදේ කිමිදෙමු අපි සොදුරේ"

ගිටාර් වල ස්වර කම්පනය වෙන පිච් එකටම සූකිරිගේ කටහඩත් ලෙලදෙන නිසා දෙකම හරිගානට මිද්‍රවෙලා ඇහුනේ පුදුම රසයක්

ෆෝන් එකකින් සින්දුවක් අහනවට වඩා ඇත්තටම ලගට ගිහින් සජිවි කටහඩින් අහනිනකොට ඒක හිතට දැනෙනවා වැඩී
නොදන්න කෙනෙක් ගෙ සින්දුවක් ලගට ගිහින් අහන් ඉනවාට වඩා සියදහස් ගුනයකින් හිතට දැනෙනවා තමන් ආදරය කරන කෙනා ලගට තුරුල් වෙලා එයා මම වෙනුවෙන් ම කියන සින්දුවක් අහන් ඉනකොට
එයාගෙ මුවෙන් පිටවෙන හැම ස්වරයක්ම මම වෙනුවෙන්මයි කියලා හිතෙද්දි
සින්දුව කියන ගමන් එයාගෙ අත ගිටාර් එකට වදින බිට එකටම මමත් එයත් එක්ක නැලවෙනවා
මට දැනෙනවා සින්දුවේ හැම අලන්කාරයක්ම වේරියේශන් එකක් ම එයාගෙ ඇගෙන් ඉපදිලා ලස්සන තාලයක් වගේ කොහොමද පිටවෙන්නේ කියලා
මේ ෆීලින් එක හැමෝටම දැන්නේ නැ තමන්ගේ ආදරවන්තයට ලස්නට සින්දු කියන්න වාදනය කරන්න පුලුවන්නම් එයාට ආදරෙන් තුරුලුවෙලා ඉද්දි එයා ඉයා වෙනුවෙන් උපන් ආදර හැගුමෙන් බරවෙලා ඉද්දි විතයි මේ ෆීලින්ග් එක එන්නේ

සින්දුව කියන වෙලාවට මගේ ඇස් දිහා බලාගෙනම කියනවා
සින්දුවේ හැම වචනයක්ටම හරියන්න එයාගෙ කටහඩේ බාවය වෙනස් වෙනවා
ඒ උපදින මූඩ් එක ඇස්වලින් තොල් වලින් මූනේ හැම ඉ රියවුවකින්ම මට පැහැදිලිව පේනවා

මේ ගී ස්වර් ඔයාටමයි සුදෝ.....මගේ ආදරේ මිහිර සප්තස්වරයේ දවටා පුදදෙන්නේ ඔබටමයි මගේ හිතේ දගකරනා සියුමැලි කුමරයෝ

සින්දුව නොකිය ගිටාර්  ගහන වෙලාවට මට දීග තොල්පෙති හාදුවක් දෙනවා
ගිටාර් එකේ වයර් දිහා නොබලා එයා ගිටාර් එක වර්ද්ද්න්නේ නැ..තුව ගහනවා
.........................................................................
මචන්ලා පුලුවන් විදියට කතාව ලියාගෙන යනවා. 🤗😇😉😊😋 කතාවෙ එහෙන් මෙහෙන් වැරදි ඇති හෝ ගාලා...ඒකට ගොඩක් සොරි හොදේ. ....😯🤐😮😒😓😔🙁 දිගට කමෙන්ට් කරලා රිඇක්ට් කරලා කතාව එක්ක එකට ඉන්න ඔක්කොටම රොම්බ තෑන්ක්ස්💟💞💝💜💖💗💕....පොඩි ආසාවක් තියෙනවා කතාව හිට් වෙනවා බලන්න 🙈🙉🙊 පුලුවන්නම් කතාව ටිකක් ශෙයා කරලා ...කතා බලන යාලුවන්ව ටැග් කරලා...මගේ ප්‍රොෆෛල් එකේ නැති උන්ට කතාව රෙකමන්ඩ් කරලා පොඩි සපෝට් එකක් දෙන්න.....තෑන්කූ....හැමෝටම 🙏🙏🙏🙏🙏

Continue Reading

You'll Also Like

187K 19.1K 115
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
372K 36.8K 114
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း ရိုရိုချိုချိုနဲ့ မခါးတာလေး ဖတ်ချင်ရင် လာနော်
1M 54.1K 46
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
289K 5.1K 47
ဒီဇာတ်လမ်းထဲက " စွဲမက်သျှင် " ဆိုတဲ့နာမည်ကို သာသာ crd ပေးပါတယ်နော် " မင်းညှို့သျှင် " နာမည်နဲ့ လိုက်ဖက်မှုရှိအောင် ထည့်ထားတာမို့လို့ပါရှင့် ဒီ fic လ...