RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ මගහැරුනු උනුහුම...

327 86 25
By cHerRy_MinShi_

ජිමීට මොකුත්ම හිතාගන්න බැරිවුනා..වෙලා තියන දේවල් ගැන යම්තාක් දුරට අවබෝදයක් ජිමීට තිබුනා..මෙතන ලොකුම ප්‍රශ්නෙ වුනේ දැන් ටිකකට කලින් මෙතන හොදටම රන්ඩු වුනේ තමන්ගෙ ඇල්ෆලා දෙන්න වුනු එක.. ජිමී කාගෙ පැත්තද ගන්න ඕන කියලා ජිමිට තේරුනේ නෑ..එයා ටේටත් හුගක් ආදරෙය්..ඒ වගේම සමානව ජන්ග්කුක්ටත් හුගාක් ආදරෙය්.. ජිමී හිමිහිට ගිහින් ටේ හිටිය කාමරේ දොර ඇරලා බැලුවා.. ටේ එක්ක මේ වෙලාවෙ නම්ජූන් හරි ඉන්නව.. කුකීට , කුකීට මේ වෙලාවෙ කවුරුත්ම නෑ.. එයා තනිවෙලා ඇත්තෙ..

ජිමී හොදටම දන්නව කුකීට ලේසියෙන් රිදෙන්නෙ නැති වග..ඒත් ජන්ග්කුක්ගෙ මූනෙ තිබුනු දුකහිතෙන පෙනුමට කියන්න පපුලුවන් වුනා ජන්ග්කුක් කවදාටත් වඩා අද හිතින් වැටිලා කියලා..ජිමින් හිතාගත්ත මේ වෙලාවෙ ටේ ලගට නොගිහින් කුක් ලගට යන්න.. ටේහියුන් කොහොමත් කේන්තිකාරය නිසා වෙලාවකට කියන කරන දේවල් දරුනුය්.. 

ජිමී සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න හිමිහිට එලියට ගියේ ජන්ග්කුක්ව ඉන්න තැනකින් හොයාගන්න.. එයා එක්ක ඉදලා හිත හදන්න.. ජිමීට කරන්න පුලුවන් උපරිමෙන් තමන්ගෙ ඇල්ෆාට උදව් කරන්න..ජිමීට දැනුනා ජන්ග්කුක් වැඩි ඈතක නොවෙන බව..එයා අනිවාරෙන් ඇත්තෙ ගෙදර..ජිමී ඒකනිසා ඉක්මනින් ගියේ එයාගෙ ගෙදරට..

ජිමීට ඈත තියා පෙනුනේ මුලු ගෙදරම කලුවරින් වහගෙන තියනවා.පාර පේන්න තරමට යන්තම් තිබුනේ හදැලිය විතරය්.. ඒත් කුක් ඇතුලේ ඉන්නවමය් කියලා ජිමීගෙ හිත කිව්වා..ජිමී කලුවරේම අතගාගෙන ගිහින් දොර හොයාගෙන ඇතුලට ගියා.. අඩුම තරමෙ පඩිපෙලවත් හරියට පේන්නෙ නෑ..ඒ තරමට කලුවරය්..ජිමී සද්ද නොකරම අත්වැල තදින් අල්ලන් පරිස්සමට උඩට නැග්ගා..පඩිපෙලේ ලී වලට කකුල තියන වාරයක් ගානෙ නගපු සද්දෙ ඇරෙන්න ජිමීට ඇහුනේ කාමරේක ඉදන් කවුරුහරි ඉකිගහන සද්දෙ විතරය්.. ජිමීගෙ හිතේ තිබුනු බය ටිකක්දුරට අඩුවුනේ කුකී පරිස්සමින් ඉන්න නිසා..

ජිමී දොර ලාවට ඇරලා මූන හන්ගගෙන කාමරේට එබුනේ කුකී එයාටත් බනීවිද කියලා.. කුකී කාමරේ කොනකට ගුලිවෙලා හොදටම අඩන ගමන් හිටියේ..ජිමිට කියාගන්න බැරිතරම් දුක හිතුනා තමන්ගෙ ඇල්ෆා එහෙම ඉන්නව දකිද්දි.. කුකී එයාගෙ ඔම්මගෙ මාලයක් අත් දෙකින් පරිස්සමට අල්ලගෙන කල්පනා ලෝකෙක ගිලිලා හිටියේ.. ඇස් වලින් කදුලු ඔහේ ගලාගෙන යනවා..

සමහරවිට කුකී එයාගෙ පොඩි කාලෙ මතක් කරගෙන දුක නැතිකරගන්න හදනව වෙන්නැති.. අපි වෙලාවක දුකින් ඉද්දි ඉබේම සතුටු හිතෙන මතකයන් වලට ඇදිලා යනවා..හැබැයි ඒ මතකයන් වල සතුට විතරමක් නෙමෙයි දුකකුත් හැන්ගිලා තියනවා.. මොකද ඒව මතක නිසා.. ආයෙ ඒ කාලෙ එන්නෙ නැති නිසා..

ජිමී දොර හිමින් හිමින් අරිද්දි ලී වලින් ආපු සද්දයක් නිසා කුකී ඔලුව උස්සලා බැලුවා දොර දිහා.. කුක් ට පෙනුනේ දොර ලග බයෙන් හොරෙන් තමන් දිහා බලාගෙන ඉන්න ඔමේගව.. ජිමීගෙ අහින්සක ඇස් දැක්කම කුකීගෙ මූනට යන්තම් හිනාවක් ආවා..ඒ එක්කම ජිමීත් ඉක්මනින් හිනාවුනා..

ඇල්ෆා කේන්ති ගන්න එකක් නෑ මන් එක්ක..

ජිමී එහෙම හිතන ගමන් දොර සම්පූර්නෙන්ම ඇරගෙන කුකී ලගට ඉක්මනින් දුවගෙන ගිහින් බිමින් වාඩිවුනා.. ජිමීගෙ හුරතල් මූන රෝස සුවද කුක් ට තමන්ගෙ ඔම්මව මතක් කරා..

ජිමී තව ටිකක් හොරෙන්ම ජන්ග්කුක් ලගට වුනේ ඇස් කොනෙන් බලන ගමන්..ජිමී තවම බයෙන් ඉන්නෙ...

"කුකී.."

ජිමී හිමින් කතාකරා..

"ම්ම්ම්..? ඔයත් ආවෙ මට රිද්දල යන්නනම් ජිමී,මට දන් උවමනාවටත් වඩා රිදිල තියෙන්නෙ ඒ ගැන කලබල වෙන්න එපා.."

ජන්ග්කුක් දුකින් හිනාවෙන ගමන් කිව්වා...ඒත් ජිමීට දුක හිතුනේ එයා කුකීව රිද්දන්න හැදුවෙ නැති නිසා..

"අනේ කුකී එහෙම කියන්න එපා..මම ආවෙ මගේ ඇල්ෆ ලගටනේ..ඔයාව කොහොමද මම රිද්දන්නෙ.."

"ටේ කරා වගේ.."

"ටේ ටිකක් කලබලයිනෙ කුකී.. අහන්නකො.. මම ඔයාට ඉන්නවා.."

ජිමී කුකීගෙ මූනට එබිලා කිව්වෙ කුකී තනිවෙලා නෑ කියලා එයාට දැනෙන ඕන නිසා..

"ඇ-ඇත්තමද..ඔයා මට බනින්නෙ නැද්ද ජිමී..?"

"මම කොහොමද මගේ කුකීට බනින්නෙ.. මම ඔයාට ආදරෙය්නෙ ඇල්ෆා.. ඔයාට කියන්න මොනාහරි තියනවනම් මට කියන්න මම ඔයාව අහගෙන ඉන්නම්.. ඔනිම දෙයක් කියන්න.."

ජිමී කුකීව තමන්ගෙ පපුවට තුරුලු කරගත්තා.. කුක් ට ඕනවෙලා තිබුනේ කාගෙහරි උනුහුමක්..කාගෙමහරි..දුක දියවෙලා යනකම් අඩන්න, සැනසෙන්න, තමන්ට වචනෙකින් හරි ආදරෙයි කියල කියන්න කෙනෙක්..

"මම ඔයාට රිද්දන්න කැමති නෑ ජිමී.. ඔයාට දුක හිතෙයි.. ඔයායි ටේයි විතරමයි මට පොඩිකාලෙ ඉදන්ම හිටියේ,ඒත් ටේ--"

"හරි හරි කුකී.. ඒක වෙලා ඉවරනේ.. දුක්වෙන්න එපා.. මම දන්නව ඔයා හිටියෙ මොනවගේ දුකකින්ද කියලා.. ඔයා වරදි නෑ.. මට ඔයා වැරදිය් කියලා හිතෙන්නෙ නෑ.. "

"හ්ම්ම්.."

ජිමී දිගටම කුකීගෙ ඔලුව අතගාන ගමන් කුකීව සන්සුන් කරා..ජිමීගෙ වචන වලින් කුකීට සැනසීමක් දැනුනා.. අඩුම තරමේ තමන්ව තේරෙන එකම එක්කෙනෙක් හරි ඉන්නව..ඒක ලොකු දෙයක්.. සතුටක්.. සැනසීමක්.. ඒ උනුහුම නිසා ජන්ග්කුක් නිවුනා.. කුකී ඇස්දෙක පියාගෙනම දිගටම ජිමීගෙ තුරුලට වෙලා හිටියා..ඒ උනුහුම ඈත් කරන්න ජන්ග්කුක්ට ලෝබ හිතුනා.. 

ජිමීගෙ මූන ජන්ග්කුක්ට නොපෙනුනත් ජිමී හිටියේ අඩන ගමන්.. තමන් කොහොමද එකම වෙලාවෙ ඇල්ෆලා දෙන්නෙක් ලග ඉන්නෙ..ජිමීට ටේ ලගටත් යන්න උවමනායි. ඒත් කුකීව මෙහම දාල ගිහින් ප්‍රශ්න ඇතිවෙනවට වඩා ටේ නම්ජුන් ලගම ඉන්න එක හොදයි කියලා ජිමී හිතුවා..

ජිමී බිත්තියට හේත්තුවෙලා ජන්ග්කුක්ව තවටිකක් තුරුල් කරගත්තා..

"බයවෙන්න එපා කුකී.. ඔයාට මම ඉන්නවනේ.."

කුකීගෙන් උත්තරක් නොතිබුන නිසා ජිමී ඔලුව පහත් කරල බැලුවේ කුකී නිදිද කියලා... කුකී හොදටම අඩල එහෙමම නිදාගෙන හිටියා.. ලාවට කුකී ගොරවන සද්දෙ එක්ක ජිමීට හිනාවක් මූනෙ ඇදුනා.. 

ජිමී අත පුලුවන් තරමට දික්කරලා රෙද්දක් අරගෙන කුකී වැහෙන්න ඇගට දැම්මා.. ජිමීත් බිත්තියට හේත්තුවෙලාම ඇස් දෙක පියාගත්තා..

යුන්ගි හියුන්ග් කොහේ ඇත්ද..? හොබීට මොකක්ද වෙලා තියෙන්නෙ..

ඇස් පියවුනත් ජිමීගෙ හිතට වද දුන්නේ ඒ දේවල්..

_______________________________

ජින් දුවගෙන ගියේ යුන්ගිව හොයාගෙන.. යුන්ගිගෙ ගෙදර දොර ඔහේ ඇරල දාල තිබුනා.. ගෙදරම විකාරයක් වෙලා..ඇදුම් හරේ මෙහේ ඇදලා දාල, පෙරලුනු පුටු , බිදුනු වීදුරු බිම පුරා විසිරිලා තිබුනා..

"යු-යුන්ගි..මේ ඔයාමද..ඔයාට මෙහෙම කරන්න බෑ..නෑ මගේ යුන්ගි මෙහෙම හැසිරෙන කෙනෙක් නෙමේ.."

ජින් සැරින් සැරේ තමන්ටම මුමුනගන්න ගමන් තිබුනු කාමර හැම එකකටම ගිහින් හෙව්වෙ තමන්ගෙ සහෝදරයව..කවදාවත් කේන්ති ගන්නෙ නැති තමන්ගෙ යුන්ගිව.. පොඩිකාලෙ ඉදලම ජින් එක්කම හමදේම බෙදාගත්ත එයාගෙ යුන්ගිව..

යුන්ගි කොහෙවත්ම හිටියෙ නෑ.. 

ජින් වෙවුලන අත් වලින් යුන්ගිගෙ අල්මාරිය ඇරලා බැලුවා.. හොබීගෙ ඇදුම් කීපයක් ඇරෙන්න කිසිදෙයක් ඒක ඇතුලෙ තිබුනෙ නෑ..

"නෑ නෑ යුන්ගි.. එහෙම කරන්න බෑ.. අනේ ලූනා.."

ජින් සිහියක් නැති ගානට පඩිපෙල බැහැගෙන එලියට ආවා.. වීදුරුකටු දෙක තුනකට කැපුනු කකුල් ගැනවත්.. බිම වැටුනු කබාය ගැනවත් .. අවුල් වුනු ජින් ගෙ පෙනුමවත් ගැන ජින් ට සිහියක් තිබුනෙ නෑ..

ජින් දුවගෙනම ගියේ රෝහලට..ජින් ගෙ කුටියට.. ජින් ඉස්සරහට හමුවුනු හැම කෙනෙක්ම යුන්ගි වෙන්න කියල ප්‍රාර්තනා කරත් ඒක එහෙම නොවුනා.. 

ජින් දෙතුන්පාරක්ම අත පුච්චගෙන යාන්තමින් ඉටිපහන් කීපයක් පත්තුකර ගත්තා.. ජින් ට පෙනුනේ ජින්ගෙ කුටියම පෙරලලා දාල තියනව.. ජින් හිතපු දේ එක්ක මේ දේවල් ගැලපෙනව..

ජින් බිම දනගහගෙන ජින් හොයපු ලියුම හෙව්වා.. ඒක කොහෙවත්ම තිබිල හමුවුනේ නෑ.. අන්තිමට ජින් ට ඇහැ ගැටුනේ හුලගට එහෙට මෙහෙට හෙලවෙල කොල කෑල්ලක්.. තින්ත කුප්පියට යට කරල තියනව..

ජින් වෙවුලන ගමන් ඒ ලියුම අතට ගත්තා.. ජින් නොවෙන්න කියලා හිතපු දේ..

යුන්ගි යන්න ගිහින්.. නොඑන්නම යන්න ගිහින්.. හොයාගන්න බැරි තරමට දුරකට යන්න ගිහින්..

ජින් එහෙමම බිමට කඩාගෙන වැටුනා..

"මගේ-මගේ යුන්ගි ඔයා කොහොමද මට එහෙම කරන්නෙ..යුන්ගි ඔයා හියුන්ග්ව දාල ගියාද.. අනෙහ් මගේ යුන්ගි.. ඔය ගියේ නෑ නේද..? "

ජින් පිස්සුවෙන් වගේ කියවන්න ගත්තා..

"මින් යුන්ගි..හියුන්ග් ලගට එන්න අනෙහ්.. මට මෙහෙම කරන්න එපා යුන්ගි.. ඔයා මට රිද්දන්න කැමති නෑ නේද.."

ජින් තවදුරටත් හිස් කුටියක කෑගහන ගමන් හිටියා.. ජින්ගෙ අත් අතර ගුලිවෙලා තිබුනෙ යුන්ගිගෙ අන්තිම පනිවිඩේ...

ජින් හිස් අවකාශයක් දිහා බලාගෙනම කොහේදෝ දවසක් ගැන කල්පනා කරා..

****'...................... ඒක නෙමේ යුන්ගි මට කියන්න අමතක වුණානේ, ගිය සතියේ පණිවිඩයක් ඇවිත් තිබුනනේ මෙහෙන් වෛද්‍යවරයෙක් ඉල්ලලා..

"ඒ කොහාටද..?"

"ළඟක‍ට නෙමේ මුහුදෙනුත‍් එහා පැත්තකට.. එහෙ වෛද්‍යවරු පුහුණු කරන්න එක්කෙනෙක් ඉල්ලලා තිබුණේ.."

"එහෙමද...?"..........................****

"මම ඒක එදා නොකිය ඉන්න තිබ්බ යුන්ගි..එහෙනම් ඔයා යන්නෙ නෑ.."

"මට කිසිදෙයක් කරගන්න බෑ..මම හරිම දුර්වල ඔමේගාවෙක්..මගෙයි මේ හැම වැරැද්දම"

ජින් මේ දේවල්වල හැම වැරද්දක්ම තමන්ගෙ පිට පටවගෙන පුදුම විදියට දුක් වුනා..

අඩුම තරමෙ මම හොබීවවත් බලාගන්න ඕන..දෙවියනේ මගේ හොබී මේ දේවල් කොහොම දරාගනීද..

ජින්ට මොහොතකින් හොබී එක්ක තිබුනු කේන්තිය නැතිවුනා.. ජින්ට මතක් වුනා හොබීට වයස සම්පූර්න වුනාට පස්සෙ මේ කුටියෙම ඉදගෙන හොබීට ඉන්න ඕන විදිය ගැන කීයල දුන්නා..යුන්ගි එක්ක ඉන්න බය වෙන්න එපා කිව්වා.. එයාල සහකරුවො වෙන්න පුලුවන් කිව්ව.. 

අන්තිමට එයාල සහකරුවො වුනු එකම මෙතන වුනු ලොකුම වැරැද්ද වුනා..

ජින් ට මැවිල පෙනුනා යුන්ගි හොබී එක්ක හිටපු දවස්,හොබී ගැන තමන් එක්ක කියදි ජින් විහිලු කරපු හැටි.., හොබී යුන්ගි එක්ක ජින් ට හොරෙන් ඇවිදින්න ගිහින් අහු වුනාම යුන්ගි වැරැද්ද එයාගෙ කියල හොබීව බේරපු හැටි..,හොබී පාඩම් නොකර නිදාගද්දි කොහොමහරි අවදියෙන් තියාගෙන සටහන් සම්පූර්න කරවන හැටි... හොබී ආදරෙන් යුන්ගිට තුරුල් වෙනහැටි.. හොබීගෙ අසනීප ගැන යුන්ගි වදවුනු හැටි.. ජින්ගෙන් බෙහෙත් ඉල්ලන් හොබිව සනීප කරගන්න මහන්සිවුනු හැටි.. යුන්ගි තමන්ගෙම දරුවො හදාගෙන සතුටින් ජීවත් වෙන්න ඔන කියලා ජින් එක්ක කියපු හැටි.. හොබී එක්ක බොරුවට රන්ඩු වුනාම හොබී ජින් ලගට ඇවිත් යුන්ගි ගැන වැරදි කියන හැටි.. යුන්ගි හොබීව යාලුකරගන්න ලෝකෙ නැති විකාර කියවන හැටි.. ජින් ගෙ විවාහ උත්සවේ දවසෙ එයාල සතුටින් හිටිය හැටි..

මේ හැමදෙයක්ම දිහා ජින් දුරින් ඉදන් බලන් සතුටුවුනු හැටි...

ජින් සිතුවිලි දාමයක හිරවෙලා හිටියා..

"හොබීගෙ අසනීපෙ හොයාගන්න ඕන .."

ජින් තමන් ලග ඉන්න කෙනාවවත් දැන් පරිස්සම් කරගන්න ඕන කියලා හිතුවා..































________________________________

හායි ලමයි..අද මම ටිකක් නිදහසේ ඉන්නව..ඒකනිසා අප්ඩේට් දෙන්න පුලුවන් වුනා..😊😊😊
යෙහේහේහේ..✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
මම හොදට ලියනව කියල හිතෙන්නෙ නෑ අනෙව්.. නිකම් හෙන බොලදයි වගේද ඒක..🙂💔
අඩුපාඩු වලට සමාවෙන්න හොදේ..❤❤❤❤❤❤
අදහසක් කොටාගෙන යන්ට මයේ කැකුලියො ටික.. චෙරි  කැකුලියො හිකිස්ස්..😉😉😉😉😘
love you soooooooooooooooo much ..ummwh.
😘😘😘😘😘😘
THANKS FOR READING.. love your votes and comments..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

STAY SAFE
chery minshi
luv urself💜💜💜💜💜💜💜💜💜💜💜💜

Continue Reading

You'll Also Like

1.4K 414 6
I'm waiting for you to come back to me ... I'm waiting for that little but dream. Please find me .... 12/03/2022
24.2K 1.1K 40
တစ်ပါးသူတစ်ယောက်ကို အမှီပြုပြီးမှရှင်သန်ရတဲ့ဘဝမျိုးကို မင်းသိလား...၊ ခပ်မြင့်မြင့်ရောက်ချင်လွန်းလို့ တွေ့ကရာဖက်တွယ်ပြီး ရှင်သန်ရတဲ့နွယ်မျှင်တွေနဲ့တော...
6.1K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...
55.2K 6.6K 43
❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය...!! මන් කිව්වනේ මට තියෙන සේසතම විකුණලා...