RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ ජින්ගෙ වචන...

257 78 30
By cHerRy_MinShi_

ජින් හියුන්ග් එනකම් ඉන්න වෙලාවක් තිබුනේ නැති නිසා ටේ ඉක්මනින් හොබී ව උස්සගෙන ගම දිහාට යන්න ගත්තා.. වෙලාවේ හැටියට ළඟම ගෙදරකට තිබුණේ ජින් ගෙ ගෙදර නිසා ටේ ඉක්මන් කරේ ජින් ගෙ ගෙදරට යන්න.. හොබී තවමත් සිහිසුන් වෙලා අප්‍රාණිකව ටේ ගෙ අත් අතර රැඳිලා හිටියා..

ජින් නින්දට යන්න ලෑස්ති වෙලා පහළට ආවේ පහල තිබුණු ඉටි පහන් නිවා දාන්න.. පඩිපෙළ බැහැගෙන පහළට යද්දිම වගේ ඉස්සරහ දොරට තට්ටු කරන සද්දයක් නිසා ජින් දොර දිහාට ඉක්මන් කරා.. ඒ එක්කම ජින් ට ඇහුනේ කුක් ගෙ කලබල වුණු කටහඬ..

' අනේ හියුන්ග් ඉක්මනින් දොර අරින්නකො හදිස්සියක්..'

ජින් ඉක්මණින් දොර ඇරිය වූණත් ඊළඟ මොහෝතේ හුඟක් කලබල වුණා.. මොකද හොබී සිහිසුන් වෙලා ටේ ළඟ හිටිය නිසා..

' හියුන්ග් කාරණාව පස්සෙ කියන්නම්.. ඉස්සෙල්ලා හොබී ව බලන්න ඉක්මනින්..'

ජින් ට මොකුත්ම කියාගන්න නොදී කුක් කියවගෙන ගිය නිසා ජින් දොර ලඟින් එහාට වුණේ ටේ ට ඇතුලට එන්න..

ටේ පහළ තිබුනු කාමරේ කින් හොබී ව තියලා එළියට ගියේ ජින් ව කුක් එක්ක ඇතුලේ තනි කරලා.. කොහොමින් කොහොම හරි ජුන් පහළ කලබලේ නිසා පහළට ඇවිත් හිටියා..

' ටේ මොකද මේ රෑ..?'

' හියුන්ග් මම ඇවිත් කියන්නම්.. දැන් ගිහින් ජිමී එක්කන් එන්න ඕන.. ජිමී බය වෙලා ඇති තනියම නිසා..'

ජූන් ට ආයේ මොකුත්ම කියාගන්න නොදී ටේ දොර ත‍් ඇරන් එළියට ගියා..ජූන් ට මොකුත්ම හිතාගන්න බැරිවුනු නිසා දෙයක් දැනගන්නවත් ගියේ ජින් හිටිය කාමරේට... එතකොටම වගේ දොර මහා හයියෙන් ඇරගෙන ජූන්ටත් රවාගෙන එලියට ආවෙ කුක්..

"කුකී මොකද වුනේ .."

ජූන් කතාකරේ ටිකක් තදින්..ඇයි හැමෝම එක එක්කෙනාගෙන් පලි ගන්නව වගේ හැසිරෙන්නෙ..ඒත් කුක් ජූන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් නොදීම ඉක්මනින් එතනින් ගියා..

ජින් හිටියේ හොබී ලගින් දනගහගෙන ඇස් වල කදුලු පුරවන්.. ඇයි හැමෝම අමුතු විදියට හැසිරෙන්නෙ.. 

"ජින් මට ඔයාවත් කියනවද මෙතන මොකක්ද වෙන්නෙ කියල.."

ජින් කරේ ඇස් වල කදුලු පිහිදාගෙන එතනින් නැගිටලා ගිහින් සාලෙන් වාඩිවුනු එක විතරයි..ජින් හොදටම අඩනව..අත් දෙකින් මූන වහගෙන ජින් හුගක් වෙලා අඩන්න ඇති..තමන්ටම වැරදි කියාගෙන ජින් තමන්ටම සාප කරගත්තා..ජූන් කලබල නොකර හිටියේ ජින් ට ඇති තරම් අඩන්න වෙලා ගන්න දීලා..

"ජූන්..මගෙය් මේ හැම වැරැද්දක්ම..මට මගේ ලමයි හරියට බලාගන්න බැරිවුනා..අඩුම තරමේ මම හොද සහෝදරයෙක්-.."

"ජින් මුලින්ම සන්සුන් වෙලා වුනු දේ පැහැදිලිව කියන්න මාව අවුල් නොකර, ඔහොම කලබල වෙලා මොකුත්ම කරගන්න බෑ.."

ජින් කදුලු පිහාගෙන් ජුන් ලගින් ඉදගත්තා..ජින් අඩපු තරමට ඉකි ගැහෙනවත් එක්කන්..

" අද-ජූන් අද- හොබී හ්හ්- සේජින් හම්බෙන්න ගිහිල්ලා..ඒකත් යුන්ගිට නොකිය හ්හ්- ඊටපස්සෙ යුන්ගිත් එතනට ඇවිත් හ්හ්- එයාල හොදටම රන්ඩුවෙලා.. හුගක් නරක විදියට..අන්තිමට හෝසෙක්ව එතන දාල යුන්ගි ගිහිල්ලා...ජූන් මේ හැමදේම මුල ඉදලා කුකී දැනගෙන ඉදලා තියෙන්නෙ..හ්හ්- අනේ ජුන්.."

ජින් කියවන එක නතරකරලා හොද හුස්මක් අරගත්තා.. ජින් හුගක් සන්වේදී..කදුලු පාලනයක් නෑ.. එයාට වේදනාවක් එකපාරට දරාගන්න අමාරුය්.. බොහොම පොඩි දෙයක් වුනත් ජින් ගෙ හිතට හුගක් තුවාල කරන්න පුලුවන්.. 

"ඉතින් මොකද කුකී මේ දේවල් අපිට කිව්වෙ නැත්තෙ.."

"මම දන්නෙ නෑ ජූන්.. කුකී හැමදෙයක්ම දැනගෙන ඉදලා.. කුකී විතරක් නෙමෙය් ටේ පවා.. ඇයි-ඇයි ජූන් මාව එයාලට විශ්වාස නැත්ද..? ඇයි මට කියන්න බැරිවුනේ..මට තේරෙන්නෙ නෑ ජූනී.. මගෙම සහෝදරයො මට මෙහෙම කරද්දි.. "

" කලබල වෙන්න එපා අපි මුල ඉදල හොයාගන්න බලමු.. ඔයා මෙතන දුර්වල වෙලා බෑ ජින්.. ඔයා මම අපි දෙන්න විතරයි දැනුමක් තේරුමක් තියන දෙන්නෙක්ට මෙතන ඉන්නෙ.."

" නෑ ජුනී මෙතන වැරදි හුගක් වෙලා.. මට -මට අදහගන්න බැරිවුනා කුකී මේ දේවල් කියද්දි.. හොබී මුලින් සේජින් එක්ක සම්බන්දයක් තියාගෙන ඉදල තියනව..හිතන්න ජුනී මගේ යුන්ගිට මොනව හිතෙන්න ඇත්ද,අහ්හ්.."     

" ඒ විතරක් නෙමේ හොබී සේජින් හමුවෙන්න නිතර ගිහින් තියනව.. හොබී කොහොමද ජූනි එහෙම කරන්නේ..ඔයා දන්නවද යුන්ගි එයාව පරිස්සම් කරන තරම..ලූනා යුන්ගිට මොනව හිතෙන්න ඇත්ද.. අනේ ජුනී මට මේ දේවල් විශ්වාස කරන්න බෑ .. ''

"දැන් කුකී හැමදේම දැනගෙන ඉදලද..?'

ජුන් ඇහුවේ හුගක් වෙලා කල්පනා කරලා..මේ වෙලාවෙ හැටියට හරි සිහියකින් ඉන්නෙ එයා විතරයි..

"හ්ම්.. "

ජින් කලකිරුනු කටහඩකින් හුස්මක් හෙළුවා.. ඒ එක්කම ඉස්සරහ දොර ඇරගෙන ඇතුලට දුවගෙන ආවෙ ජිමී.. එයාලගෙන් හුගක්ම කලබල ඔමේගා..ජිමින්ගෙ අත් පවා වෙවුලනව..අඩුම තරමෙ ඇදුමවත් හරියට ඇදගන්න උනන්දු වෙලා නෑ..

"අනේ ලූනා.කොහෙද-කොහෙද මගේ හොබී..අනේ කියන්න හියුන්ග් කොහෙද මගේ හොබී"

ජිමී ඇතුලට එද්දිම ජින් කදුලු පිහාගෙන සාමන්‍ය විදියට හිනාවුනා..තමන්ගෙ දුක පෙන්නල මේ වෙලාවෙ සහෝදරයො ඉස්සරහ දුර්වල වෙන එක හොද දෙයක් නොවෙන බව ජින් දන්නවා..

"ජිමී හියුන්ග් ලගට එන්නකො කලබල නොවී"

ජිමී ජින් ගෙ මූනෙ තිබුනු හිනාව එක්කම සන්සුන් වෙලා ජින් අත් දෙක දික්කරගෙන ඉන්න දිහාට ගියා..

"ජිමී..පැටියො තනියමද ආවෙ.."

"නෑ හියුන්ග් ටේ එනගමන්.. අනේ හියුන්ග් මොකක්ද මෙතන වුනේ කියන්නකො කෝ මගේ යුන්ගි හියුන්ග්..හොබී??"

"එයාල ඉන්නව ජිමී..හොබී ටිකක් අසනීපෙන් ඉන්නෙ.. එයා ඉක්මනින් අවදි වේවි හරිද..?"

"අහ්හ්.. මම හොබී ලගට යන්නම්ද හියුන්ග්.."

"හරි යන්නකො එහෙනම්..ම්ම්.."

ජින් හිනාවෙලා ජිමී ව ටිකවෙලාවකට සන්සුන් කරා.. ඒ එක්කම ජින් ගෙ ඔලුවට දනුනේ බර ගතියක්..කෙනෙක්ගෙ සතුට වෙනුවෙන් බොරු කියන එකත් එක්තරා වේදනාවක්..මොකද බොරුවට ආයුශ අඩුය්.. වගේම බොරු කියන දේ කෙනෙක්ව ඕනවටත් වඩා රිද්දනව.. බොරු බලාපොරොත්තු,බොරු පොරොන්දු මේ හැමදේම..දැනටමත් මේ හැමදේම නරක විදියට සිද්දවෙලා තියෙන්නෙ බොරුව නිසා..

එකපාරටම පුටුවකුත් පෙරලගෙන සාලෙට විසිවුනේ ජන්ග්කුක්.. කුක් ගේ කම්මුලත් රතුවෙලා.. ඒ මදිවට ඇස් වල තිබුනේ පුදුම කේන්තියක්..

"කියනව ජන්ග්කුක්..මගේ කේන්තිය අවුස්සගන්නෙ නැතුව කියනව යුන්ගි හියුන්ග් කොහෙද කියල..මේ හැමදේම වෙලත් තමුන්ගෙ මුරන්ඩුකම අඩුකරගන්න බැරිවුනාද..අහ්හ්හ්.."

කේන්තියෙන් පිරිනු ඇස් වලින් කුක් ට රවන ගමන් හිටිය ටේ ආයෙම පාරක් කුක් ව තල්ලුකරා.. 

"ටේහියුන්ග්..තමුන්ගෙ සීමාවෙ ඉන්නව..තමුන් මට වඩා වැඩිමල් වුනත් තමුන්ගෙන් ගුටිකන්න මම ලැස්තිවෙලා නෑ..ඒක මතක තියාගන්නව.."

"මෙච්චර දේවල් කරල මට සීමාව උගන්නන්න එනවද අහ්හ්.. "

ටේහියුන්ගෙන් කම්මුල්පහරක් ලැබෙන්න කලින් කුක් ගෙ අත ඉක්මන් වුනා.. කිසිමදාක නැතුව ජන්ග්කුක් ටේහියුන්ග් ට අත ඉස්සුව..

"ඕක නවත්තගන්නවලා ඉස්සෙල්ලම..මෙතන මොකක්ද නටන්න හදන නාඩගම අහ්හ්.. කරන්න ඕන සේරමත් කරලා ජන්කුක් ටේහියුන්ග් ට අත උස්සපු එක හරිද..මේව බලන්නද මම තමුන්ලව මෙච්චර පරිස්සමට බලගත්තෙ කියනවල.."

ජින් ටේ වයි කුක් වයි දෙපැත්තට තල්ලුකරලා දැම්මා..ඒත් ජන්ග්කුක් ගෙ හිත රිදුනා හුගක් ජින් ගෙ වචන වලින්..

එතකොට හැමදේටම වැරදි මමද..

කුක් ගෙ ඇස් කදුලු වලින් පිරුනා.. ජන්ග්කුක්ට දැනුනේ තමන්ගෙ කෙනෙක් නැතිවුනු එකේ අසරනකම..

"ජින් හියුන්ග් අහන්න ඔයාගෙ ජන්ග්කුක්ගෙන් කොහෙද අපේ හියුන්ග් කියල..යුන්ගි හියුන්ග් කොහෙවත්ම නෑ.."

"කුක් මට මුල ඉදන් කියනව මෙතන මොකක්ද වෙන්නෙ කියලා..මම බොහොම හොදින් කතාකරන්නෙ.."

ජින් බොහොම පාලනයක් ඇතුවයි කතාකරේ..

"ඔව් ඔව් මම තමය් හැමදෙයක්ම කරේ.. හරිනෙ..මම තමයි හොබීට සේජින් හමුවෙන්න උදවු කරේ..ඒ වගේම සේජින් ගෙ අප්පව මරන්න උදවු කරේ..මේ සේරම කරේ මම..හරිද..තව මොනවද තමුන්ලට මගෙන් දැනගන්න ඕන.."

ජින් කුකීගෙ වචනයක් ගානෙ පුදුම විදියට කඩාවැටුනා.. ජින්ට විශ්වාස කරන්න අමාරු වුනා තමන්ගෙ සහෝදරයෙක් අතින් ජීවිත ගනනාවක් විනාස වුනා කිව්වහම..

"මො-මොකක්ද කුක්..හොබී-ඔයා-සේජ්න්ගෙ අප්පලා- ලූනා මොනවද මේ මට ඇහෙන්නෙ.."

ජින්ට දැනුනේ හැමෝම තමන්ට විරුද්දව ඉන්න බවක්.. ජින් අඩුම තරමේ මේ දේවල් වලින් බින්දුවක් වත් දැනගෙන ඉදලා නෑ..

"ජන්ග්කුක්... තමුන් තමුන්..මගේ විශ්වාසෙ ආදරේ සෙල්ලමකට ගත්තද..මම තමුන්ට අම්මකෙනෙක් වගේ සලකපු එකද වරද..අහ්හ්.."

ජින් ජන්ග්කුක්ගෙ ඇස් දිහාම බලාගෙන කතාකරා.. අතුල් පහරකට වඩා යමක් ඒ වචනවල හැන්ගිලා තිබුනා..

"නම්ජූන් ඔයා ගෙදර ඉන්න මම යුන්ගිව හොයාගන්න යන්න ඕන.. "

ජින් කබායක් ඇගවටේ ඔතාගෙනම සීතලේ එලියට බැස්සා..ජින්ට සීතලවත්,අදුරවත් වෙන කිසිමදෙයක් වැදගත් වුනේ නෑ..ජින් ට ඕනවුනේ දේවල් කිහිපයයි..

යුන්ගිව හොයාගන්න..

හොබීගෙ අසනීපෙ හොයාගන්න

හැමදේම තිබුනු විදියට හරිගස්සන්න..

_____________________________

ජින් ගෙදරින් ගිය වෙලාවෙ ඉදලා ගෙදර ඇතුලේ රැදුනේ පුදුම නිහඩබවක්..පාලු මූසල නොසන්සුන් නිහදබවක්.. හරියට ලොකුම දෙයක් එයාලට නැතිවෙලා වගේ..

ජන්ග්කුක්ට කතාකරගන්න තවදුරටත් වචන තිබුනෙ නෑ..ටේහියුන්ග් ගෙ පහරවල් වලට වඩා ජින් ගෙ වචන කීපය ජන්ග්කුක්ව ඇතුලාන්තයෙන්ම රිදවලා තිබුනා..

ටේ ජුන් එක්ක කාමරේට ගියාට පස්සෙ සාලෙ ඉතුරුවෙලා හිටියෙ කුක් විතරය්..තොල ලඟින් ගලාගෙන එන ලේපාරක් පිටිඅල්ලෙන් පිහගෙන ජන්ග්කුක් නැගිට්ටෙ තනිවෙන්න..තනිවෙන්න කොහේමහරි තැනක..මේ වේදනාව තනියම දරාගෙන එයාට රිදවගන්න උවමනා වුනා.. ජන්ග්කුක් තවත් අගන්තුකයි වගේ දැනෙන ඒ වහල යටින් මිදිලා කොහේහරි තැනක් හොයාගන්න එලියට ගියා,,..

මුලු ගෙදරම තිබුනේ මූසල පාලුවක්.. හුලන් පාරවල්වල හඩ වගේම සතුන්ගෙ එක එක සද්ද ඒ මූසලබව තවත් පන ගැන්වුවා..

හැම රන්ඩුවක්ම ටික විරාමයක් ගනීද්දි කාටවත් නොපෙනුනේ..,මගහැරුනෙ...  පඩිපෙල ලගට වෙලා මේ දේවල් දිහා බලන් හිටිය ජිමීව.. අන්තමට ජිමී ඒ දේවල් දැනගත්තා...









































______________________________

හායි ලව්ලි චෙරි කේක්ස්..❤❤❤❤❤❤
කොහොමද ඉතින්..හොදින් සතුටින් ඉන්නව නේද..💢
කොන්සර්ට් එක බැලුවද.. ඒක මරු නේද..😊😊😊😊

(මගේ ආකරයට සතුට යනු : යුන්ගිගෙ රැප් එකට පස්සෙ හොබියා රැප් කිරීමයි)😁😁
ලොකු ලොකු දේවල් ඕනි නෑ සතුටු වෙන්න..හිකිස්,,😎

මම ගොහින් එන්නම් ලමයිනේ..බයවෙන්න එපා හැපී එන්ඩින් හරිත..

thanks for reading..love your votes and comments

STAY SAFE😘😘😘😘😘
 ummmwah
cherry minshi
luv urself🎈🎈✨





Continue Reading

You'll Also Like

1.4K 414 6
I'm waiting for you to come back to me ... I'm waiting for that little but dream. Please find me .... 12/03/2022
42.9K 6.2K 39
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
230K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
236K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...