RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ කේන්තිය...

264 84 46
By cHerRy_MinShi_

' යුන්ගි.. ඇත්තටම ඔයා කේන්තියෙන් නෙමෙයි නේද ඉන්නෙ..?'

හොබී යුන්ගි ගෙ පපුව උඩින් නිකට තියන් කතා කරේ යුන්ගි බොහොම සාමාන්‍ය විඳියට හැසිරුණා නිසා..

සාමාන්‍ය විඳිය ට හැසිරුණු නිසා..?

හොබී ට සමහරවිට වුවමනා වෙන්න ඇත්තේ යුන්ගි එයාට බනිනවා දකින්න වෙන්න ඇති.. නැත්නම් කතා නොකර ඉන්නවා දකින්න.. ලඟටවත් නෑවිත් ඉන්නවා දකින්න.. එහෙම කරද්දී හොබී ට තමන්ව රිද්දගන්න පුළුවන්.. එහෙම වෙද්දි දුකක් දැනුනත්,යුන්ගි දැන් හැසිරෙන විඳිය සේරටම වඩා දුකක් ගෙනාවා..

හරියට කිසි දෙයක් නොවුන ගාණට.. අනික වෙනදාට වඩා ආදරෙන්..

එහෙම වෙන්න පුළුවන් ද.? ඒත් යුන්ගි එහෙම හැසිරුණා..

එතකොටම කවදාටත‍් වඩා හොබීට හුඟක් රිදුනා..

' යුන්ගි මට ඔහොම සලකන්න එපා කරුණාකරලා සාමාන්‍ය වෙන්න.. මට දරාගන්න අමාරුයි..'

හොබී ගෙ හිත දිගින් දිගටම කිව්වේ එහෙම..

' නෑ රෝස මල.. ඇයි මම කේන්තියෙන් ඉන්නෙ..'

යුන්ගි ඇඳේ පැත්තකින් හාන්සි වෙලා කියව කියව හිටිය පොතේ ඊළඟ පිටුව පෙරලන ගමන් බොහොම සාමාන්‍ය විඳියට උත්තර දුන්නා..

' නෑ මම හිතුවෙ එහෙම වෙන්නැති කියල.. '

හොබී තමන්ගෙ මූණ වහගෙන තිබ්බ කොන්ඩ කෑලි එහාට කරගන්න ගමන් කතා කරා..

' දැකල තියේද මම කේන්තියෙන් ඉන්නව..'

යුන්ගි හිනා වෙන ගමන් හොබී ගෙ කම්මුලට තට්ටුවක් දැම්මා..

හොබී හරි බැරෑරුම් විදිහට මූණ හදාගෙන කල්පනා කරා..

' ම්ම්.. ඇත්තටම නෑ නේද..? එහෙම ඉන්නවා දැකලම නෑ.. එහෙම ඉන්න පුළුවන් ද..? එතකොට කේන්ති ගියහම යුන්ගි මොන වගේ ද..? එතකොට කේන්ති ගන්නෙම නැද්ද..? ඒක අසාධාරණයි..'

' නෑ.. ම්ම්.. දැකල නෑ..'

හොබී දුක හිතුනු විඳියට කටහඬ අඩු කරලා කිව්වා..

' ඒකනේ බබා..'

යුන්ගි පොත දිහා බලාගෙනම උත්තර දුන්නා..

' එතකොට ඔයා කේන්ති ගන්නෙම නැද්ද..? කේන්ති ගියහම ඔයා නපුරු ද හුඟක්..? '

හොබී ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවේ හරිම කුතුහලයෙන්..

' කේන්ති ගන්න තරම් හේතු නැත්නම් බොරුවට කේන්ති ගන්නෙ නෑ.. ඒකෙ විශේෂයක් නෑ.. ඕනම කෙනෙක්ට තමන්ගෙ හේතු තියෙනවා හැසිරෙන විඳිය එක්ක..' ' තේරුණා ද..? '

යුන්ගි පොතෙන් අහකට ඇස් අරගෙන යුන්ගි කිව්ව දෙවල් ගලපන්න උත්සාහ කරන හොබී ගෙ බැරෑරුම් මූණ දිහා බලන් කිව්වා..

' නෑ.. තේරුනේ නෑ.. තේරුම් ගන්න ඕනෙත් නෑ.. ඔයා කියන දේවල් වලට හැමතිස්සෙම තේරුම් දෙකක් තියෙනවා.. මට විකාරයි.. '

හොබී කල්පනා කරන එක අතෑරලා දාලා කිව්වා.. ඒ වගේම යුන්ගි නොකියා තමන්ටත‍් මොකක් හරි කිව්ව බව හොබී දන්නවා.. හොබී ඒක දැනුනෙ නෑ වගේ ඉන්න උත්සාහ කරා..

එතැන යුන්ගි නොකිය කිව්වේ හොබී යුන්ගිගෙන් දේවල් හංගන්නෙ හොබීට එහෙම කරන්න හේතු තියෙන නිසා කියලද..?

ඔව් හේතු තියෙනව නෙ...
හොබී එහෙම ඒ දේවල් තේරුම් ගත්තා..

' දැන් ඇයි ඔයා කේන්තියෙන් ඉන්නෙ..?'

යුන්ගි හොබී ඇඳේ එහා කොණට ගිහින් ඔලුවේ ඉඳන් වහගත්ත විඳිය දිහා බලන් හිනාවෙලා ඇහුවා..

' ඔයා මාව අවුල් කරනවා.. ඒක නිසා..'

හොබී උත්තර දුන්නා.. හොබී ට දැන් ටිකකට කලින් දුකින් හිටිය බවත් අමතක වෙලා..

' ඒකට ඉතින් කේන්ති ගන්න ඕනෙද දරුවෝ.. '

යුන්ගි හොබීගෙ බඳ වටේ අතක් යවන ගමන් තමන්ට තුරුල්කර ගෙන බෙල්ල ලඟින් හාදු කීපයක් තැවරුවා..

' යන්න.. මන් ළඟට එන්න එපා.. '

' ආවොත්..? '

' මරණව..'

හොබී කේන්තියෙන් අඩන්න වගේ කතා කරේ.. මරනවා කිව්ව කතාව නිසා යුන්ගි මහා හයියෙන් හිනා වුණා.. එළවළු කපන්න පිහියක් වත් අල්ලගන්න බැරි එක්කෙනා කතා කරන්නෙ දැන් ඇල්ෆා කෙනෙක් මරන්න.. ඉතින් යුන්ගි ට ඒක මතක් වෙලා හිනා ගියා.. ඒකෙන් වුණේ හොබී ට තව ටිකක් කේන්ති ගිය එක..

' පුලුවන්ද ඉතිං මරන්න.. හොඳයිනේ මගේ ඔමේගා එච්චර දියුණු වෙලාද..?'

' විකාර..'

හොබී යුන්ගි ගෙ අත එහාට කරගෙන තද කරලා ඇස් පියාගෙන හිටියා.. යුන්ගි හිනා වෙන නිසා යුන්ගි ලඟින් එන ෆ්‍රීසියා සුවඳත‍් හුඟක් මිහිරියි ඒත් හොබී ට ඒකත් එක්කත් තරහයි.. හොබී ට ටිකකින් දැනුනෙ යුන්ගි ගෙ සීතල ඇඟිලි තමන්ගෙ පපුව පුරා දුවනව වගේ..

මේ මොකද..?

හොබී යුන්ගි ගෙ අත අරගෙන හොඳ පාරක් හැපුවා..

' ආව්.. නපුරු ඔමේගා.. ඔය ඇති කේන්තියෙන් හිටියා..'

' පිස්සු මෝඩ විකාර ඇල්ෆා..'

හොබී යුන්ගි ව එහාට තල්ලු කරලා යුන්ගි ගෙ බෙල්ලෙන් අල්ලගෙන ඉණ වටේ කකුල් දෙක යවලා ඉඳ ගත්තෙ යුන්ගි ව බෙල්ල හිර කරලා මරන්න වගේ..

' හොබී.. හහ.. ඔය මොකද..?'

යුන්ගි හොබී ගෙ රතුපාට වුණු මූණ දිහා බලන් ඇහුවේ හිනාව තද කරගෙන..

' මාත් එක්ක කේන්ති ගන්නව මින් යුන්ගි.. හිනාවෙන්න එපා..'

හොබී එහෙම කියලා ඉවර වෙද්දි යුන්ගි ගෙ කට කොණකට නැඟුණේ අමුතු හිනාවක්.. ඒකට හොබී රතු වුණා..

' මොකද්ද රෝස මල කිව්වේ..?'

' මො-මොකුත් න්-නෑ..'

යුන්ගි ගෙ ඇස් කළු පාටින් දිලිසෙද්දි හොබී හිටියේ යුන්ගි ගෙ හැඩි දැඩි ඇගට සම්පූර්ණයෙන්ම යට වෙලා..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

සේ-ජින් ව රෑ වෙද්දි ගෙදර කාමරේට ගෙනැත් දැම්මෙ මින්-හෝ..

' මොනවද සේ-ජින් කරන්නෙ.. තමුන්ගෙ අප්පා දැක්කනම් මමත් ඉඳලා ඉවරයි..'

සේ-ජීන් ලඟින් ආපු මත් ගද නිසා නහය හකුලන් මින්-හෝ සේ-ජින් ගෙ පාවහන් ගලවලා පැත්තකට විසි කරා..

' එහ්-යා.. නෑ නෑ.. එහෙම වෙන්නෙ කොහොමද..? මින්-හෝ තමුසෙ මට බොරු නේද කිව්වේ..'

එක්කෝ තමුන් හරි.. මම.. ඒ කියන්නෙ මම.. සේ-ජින් වැරදියි.. ජී-හු අර මින් යුන්ගි එක්ක.. ආආආහ්.. ජී-හු.. '

සේ-ජින් කොට්ටයක් පපුවට තුරුළු කරගෙන හයියෙන් අඬා වැටෙන්න ගත්තා.. මොකක් වුණත් මින්-හෝ ටත‍් දුකයි සේ-ජින් ගැන..

සේ-ජින් වූණත් පමණට වඩා දුක් විඳිනව හැම තැනින්ම..

' සේ-ජින් මේ අහන්න.. ජී-හු ගැන නෙමෙයි මේ වෙලාවේ හිතන්න ඕන.. ඔයා සකුරා ගැන හිතන්න.. ඒ ඔමේගාට තමන්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නෙ..'

මින්-හෝ කතා කරා..

' මින්-හෝ මම කොහොමද සකුරා ළඟට යන්නෙ.. සකුරගෙ  අප්පා මේ ගැන දැනගත්තොත් සකුරව මරල දාවි.. එයාල අපි එක්ක කොච්චර කේන්තියකින්ද ඉන්නෙ කියල ඔයා දන්නවනේ.. '

' හ්ම්.. '

' අනික මම සකුරට ඇත්තටම ආදරේ කරා.. එයා නිසාමයි එයාගෙ හොඳට මම ඈත් වුණේ.. දැන් ආයෙත් පරණ දේවල්.. ආහ්.. මට තේරෙන්නේ නෑ මින්-හෝ.. '

සේ-ජින් කොන්ඩෙ අවුල් කරගන්න ගමන් කතා කරේ අඬ අඬ..

' අනේ මන්දා සේ-ජින් මට තේරෙන්නෙත‍් නෑ.. මොකක්ද කරන්න ඕන කියල..'

' මට මගේ දරුවා ළඟට යන්නවත් විඳියක් නෑ මින්-හෝ.. සකුරා නැතත් මට මගේ දරුවා ඕන..'

' ම්ම්.. '

' දන්නෙ නෑ.. මට සකුරා ප්‍රතික්ෂේප කරන්න අමාරුයි.. මට තේරෙනව එයාගෙ අසරණකම.. ඒත් මම ලං වෙන්න ගියොත් වෙන්නේ මගේ දරුවට--'

සේ-ජින් ආයේ ඉකි ගහන්න ගත්තම මින්-හෝ සේ-ජින් ගෙ පිටට තට්ටු කරන්න ගත්තා..

' මට තේරෙනවා සේ-ජින්.. අපි බලමු.. කෝකටත් හෙට ඔයා අම්මා බලලා එන්න යන්න.. මම මෙහෙ දේවල් කොහොමහරි බලාගන්නම්.. '

' හ්ම්.. හරි මින්-හෝ.. '

ටික වෙලාවක කතා බහෙන් පස්සේ සේ-ජින් නින්දට වැටුණා.. මින්-හෝ ත‍් කාමරේ අගුළු දාගෙන එළියට ගියේ සේ-ජින් ගෙ අප්පා ගෙදර නැති එක ගැන සතුටු වෙන ගමන්..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

' ජින්..? '

නම්ජුන් ජින් ගෙ රෝහල් කුටිය ඇතුලට වෙලා කෝපි බොන ගමන් හිටියා.. ජින් රෑ නැවතිලා හිටපු නිසා ජුන් ගෙදර යන්න අදි මදි කරා..

' ඇයි ජුන්..?'

ජින් උපකරණ කීපයක් පිරිසිදු කරන ගමන් ඇහුවා..

' හොබී අසනීප වෙලා කිව්වේ..? ඔයා මට කිව්වෙත් නෑ නේ..'

' ආ.. ඔව් ජුන්.. හොබී ටිකක් අසනීපෙන් ඉන්නෙ.. බය වෙන්න දෙයක් නෑ යුන්ගි ඉන්න නිසා..'

' ම්ම්.. මොකක්ද අසනීපෙ..'

නම්-ජුන් එහෙම අහද්දී ජින් ලාවට වගේ හිනා වුණා..

' කියන්නම් වෙලාවක..'

ජින් දොර ඇරගෙන එළියට යන ගමන් කිව්වා..











































━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
Hi ලමයි..
හනේ අපේ hobba cute අනාව්..😚
ආදරේ හිතෙනව.. 🤗

ඉතින් ඉතින් කොහොමද..? 😇😇😇

Comment එකක් දාගෙන යන්නකෝ..
මම ගිහින් එන්නම්.. 😘😘

Bye bye.. 🌸🌸🌸🌸

Thanks for reading.. Love your votes and comments.. Mmwh🌹🌹🌹🌹

STAY SAFE 💜❤️💜❤️

cherry_minshi
Luv urself😉👍





Continue Reading

You'll Also Like

6.1K 1.6K 11
හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන්න තරමින් කියලා දෙන්නයි මේ පොත. කැමති අය...
21.3K 5.8K 33
" කවුරු දිහාද මින් සෙන්පතිතුමා ඔච්චර උනන්දුවෙන් බලන් ඉන්නෙ.." ඔසු උයනේ කොනේ තියෙන සකුරා ගහට පිට තියාගෙන ඉදගෙන ඉන්න මින් සෙන්පතිතුමා එකපාර ගහ උඩ බලාගත...
297K 51K 63
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
3.7K 983 13
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද...