Jin's pov
ටේව එයාගෙ ගෙදරට එක්කන් ගිහින් මං එහේ එයත් එක්ක ඉන්න හිතුවත් ජංග්කුක් ගෙදර තනියම නිසා මං ආයේ ගෙදර ආවා.ඒ වෙලාවේ ටේහ්‍යුන්ග්ට මං යනවා කිව්වා නිසා ගොඩක් කේන්ති ගිහින් හිටියේ.ඒත් මට ජංග්කුක්ව එහෙම තනියෙන් තියන්නත් හිත නෑ.එයා ටේට කරපුදේට සමාව දෙන්න බෑ තමයි.ඒත් එයාට වෙලා තියෙන දේවල් එක්ක මට එයා ගැන දුකක් හිතුනා.
අනුකම්පාව................
මං මේ ලොකේ අකමැතිම දෙයක් අනුකම්පාව.මට එයාට අනුකම්පා කරන්න බෑ.මොකද එයාට මං නැතුව තනියෙන් ඉන්න පුලුවන් වෙන්න ඕනේ.එයාට එයාගෙ හිතේ හයියෙන් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕනේ.
මං ගෙදර ගියගමන් වොශ් කරලා කෑම ප්ලේට් එකකුත් අරන් ජංග්කුක්ව දාපු කාමරේ ළඟට ගිහින් දොර ළඟ ටික වෙලාවක් හිටගෙන හිටියා.
ජංග්කුක් ඇත්තටම එහෙම දෙයක් කරාද?..........
ජංග්කුක්ට එහෙම දෙයක් කරන්න පුළුවන්ද?...........
සමහරවිට ජංග්කුක් එහෙම දෙයක් කරෙ මට....................
මට තවත් දේවල් හිතෙන්න කලින් මං දොරත් ඇරන් ඇතුළට ගියා.ජංග්කුක් හිටියේ බිත්තියේ කොනකට වෙලා කකුල් දෙකත් බදාගෙන.මං ආවත් එයා ඔලුව උස්සලාවත් බැලුවේ නෑ.මං ප්ලේට් එක බිමින් තියලා ජංග්කුක් ළඟට ගිහින් ඔලුව අතගෑවා.එයාට නින්ද ගිහින්.එයාගෙ කම්මුල් තෙත් වෙලා කඳුළු වලින්.
"ජ්..ජංග්කුක්"
මං එයාට කතා කරා.එයා හිමීට ඇස් ඇරලා මං දිහා බැලුවා.මාව දැක්ක ගමන් ඒ ඇස් වලින් එකදිගට කඳුළු කැට කඩන් හැලුනා.
"ජ්..ජින් ම..මං...ට්..ටේහ්‍යුන්......නෑ....
ග්..ගැහුවේ......නෑ...මං...ටේහ්‍යුන්ග්ට"
එයා තවත් දේවල් කියන්න කලින් මං එයාව ළඟට අරන් තදකරලා බදාගත්තා.එයා මගේ ෂර්ට් එක තදින් අල්ලගෙන ඉකිගැහුවා.
"ජ්..ජින්..ම..මං නෙ..නෙමෙයි...එ..එයයි..."
"ෂ් ෂ් මං දන්නවා ජංග්කුක් මං දන්නවා ඔයා නෙමෙයි කියලා.මං හැමදේම දන්නවා.සමාවෙන්න මැණික"
කොච්චර වෙලාවක් මං ජංග්කුක්ව බදාගෙන හිටියද කියලා මතකයක් තිබ්බේ නෑ.ඒත් මං ජංග්කුක්ව ආයේ බලනකොට එයාට ආයෙත් නින්ද ගිහින් තිබ්බා.මං එයාව හරහට වඩාගෙන මගේ කාමරේට එක්කන් ගියා.
***********
Time pass
Next day
Author's pov
ජංග්කුක්ව හිමීට ඈත් කරපු ජංග්කුක්ට පොඩි කිස් එකක් දීලා කිචන් එකට ගිහින් කෑම හදන්න පටන්ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ජින්"
ජින් ජංග්කුක්ගෙ කටහඬින් පිටිපස්ස හැරිලා බැලුවා.
"ඕ ඔයා නැගිට්ටද.මං මේ අපි දෙන්නටම කෑම හදනවා.ඔයා ඔතනින් ඉඳගන්නකෝ තව ටිකකින් කෑම ලෑස්තියි."
ජින් ආයෙත් තමන්ගේ වැඩ පටන්ගත්තා.
"ජින් මට කියන්න දෙයක් තියෙනවා."
"කියන්න කුකී"
කුකී.ඒ නම.ඔම්මා ඇරුනම ජංග්කුක්ට ඒවගේ නමකින් කතා කරපු අනිත් කෙනා ජින්.
"මට තවත් මෙහෙම ඉන්න බෑ."
"ඒ කිව්වේ?"
ජින් හැරෙන්නැතුවම ජංග්කුක්ගෙන් ඇහුවා.
"මට ඩිවෝර්ස් එක ඕනේ."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"මට ඩිවෝර්ස් එක දෙන්න.මං යන්නම්.මං මෙහෙන් පුලුවන් තරම් ඈතකට යන්නම්.ඔයා මාව මැරි කරේ අප්පගෙන් පළිගන්නනෙ.මාව ඒකට පාවිච්චි කරන්න ඕන නිසානේ ඔයා මාව මැරි කරේ.මට තවත් මෙහෙම ජීවත් වෙන්න බෑ.මාව මේකෙන් නිදහස් කරන්න.මට........"
ජංග්කුක් තවත් දේවල් කියන්න කලින් ජින් ජංග්කුක් ළඟට ඇවිත් ජංග්කුක්ගෙ බෙල්ලෙන් අල්ලන් බිත්තියට තද කරා.ජංග්කුක් හුස්ම ගන්න අමාරු නිසා ජින්ගේ අත් වලින් නිදහස් වෙන්න හැදුවත් ජින්ගේ ශක්තිමත් අත් වලින් ජංග්කුක්ට බුරුලක් හම්බුනේ නෑ.
"ජීවත් වෙලා ඉන්න ඕන්නම් තව එක වචනයක්වත් කියන්න එපා.මං කරන්නේ මට ඕන දේ මිසක් තමුන්ට ඕන දේවල් නෙමෙයි.අනිත් දේ තමයි තමුන් ආයේ මට ඩිවෝර්ස් එක ගැන එක වචනයක් හරි කිව්වොත් තමුසෙගෙ මිනියවත් හොයාගන්න බැරිවෙයි.
ඔව් මං තමුසෙගෙ අප්පගෙන් පළිගන්න තමයි මං තමුසෙව මැරිකරේ.ඒත් මං දැනගත්තා තමුසෙව තමුසෙගෙ අප්පටවත් වැඩක් නෑ කියලා.ඒක නිසා මට තමුසෙගෙන් වැඩක් නෑ තමුසෙගෙ අප්පගෙන් පළිගන්න කියලා."
ජින් ජංග්කුක්ව තල්ලු කරලා රූම් එකට යන්න හැදුවා.
"එහෙනම් මොකටද මාව තාමත් තියන් ඉන්නේ?මරලා දාන්න.මට මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ.මාත් මනුස්සයෙක් ජින්.මටත් හැඟීම් කියලා දේවල් තියෙනවා.මටත් රිදෙනවා.මමත් කැමති මගේ ජීවිතේ විඳින්න.මොකටද ආ?මොකටම මාව තියාගෙන ඉන්නේ?මොකටද මාව ඩිවෝර්ස් කරන්නැත්තේ ? මොකටද හැමදාම මාව මඟහ........."
"මොකද මං තමුසෙට ආදරේ නිසා"
ජින් කිව්වේ ගොඩක් සද්දෙන් වගේම ගොඩක් කේන්තියෙන්.ජංග්කුක් ළඟට ආයෙත් ඇවිදින ගමන්.
"මං තමුසෙව ඩිවෝර්ස් කරේ නැත්තේ මං තමුසෙට ආදරේ නිසා.මං තමුසෙව මැරුවේ නැත්තේ මං තමුසෙට ආදරේ නිසා.තව ප්‍රශ්න මොනාහරි තියෙනවද?"
ජින් කේන්තියෙන් ජංග්කුක්ගෙ කඳුළු පිරුණු ඇස් දිහා බලන් හිටියා.
"එතකොට ටේහ්‍යුන්ග්?එයාට මොකක්ද වෙන්නේ?"
ජින් ටික වෙලාවකට නිරුත්තර වුනා.
ටේහ්‍යුන්ග්.ජින්ගේ පළවෙනි ආදරේ.ජින් මේ ලෝකෙන් වැඩිපුරම ආදරේ කරපු කෙනා.
ජින් ජංග්කුක්ට මුකුත් නොකියා කාර් එකේ කී එකත් අරන් ගියා.
ජංග්කුක් හිටපු තැනටම වෙලා ආයෙත් අඬන්න පටන්ගත්තා.
彡
වචන 586🤧🙌
මදි තමයි ඉතිම්.ඉස්සරට වඩා ඉක්මනට අප්ඩේට්ස් දෙන්න ට්‍රයි කරන්නම් ඒක නිසා.