RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

33.6K 7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ යුන්ගිගෙ ඔමේගා..?

332 89 19
By cHerRy_MinShi_

සේ-ජින් හිටියේ එයාගෙ කාමරේ පුහුණුවීම් වලට ඇදුම් ලෑස්ති කරන ගමන්.. ඒ අතරේ ඊයේ දවස ගැනත් නිතර මතක් කර කර හිනා වුණා.. ඒක නම් හීනයක් වගේ.. කොහොමහරි සේ-ජින් ට ඇහුනේ ගෙදර පඩිපෙළ දිගේ කවුරු හරි උඩට දුවගෙන ඇවිත් තමන්ගේ කාමරේ දොර වැරදි පැත්තට අදින ගමන් අරින්න හදනවා..

' කවුද දොර ගලවන්න හදන්නේ..'

සේ-ජින් උස් හඬින් කතා කරලා දොර පැත්තට අදින ගමන් බැලුවේ කව්ද මේ උදේ පාන්දර කියලා..

' මින්-හෝ මොකද මේ.. පිස්සු හැදී ගෙන එනවද උදේ පාන්දර දොර ගලවන්න හදන්නෙ..'

සේ-ජින් දැක්කෙ තමන්ගේ යාලුවා හති දාන ගමන් මොකක්හරි කියන්න උත්සාහ කරනව..

' මේ.. සේ-සේ.. ජින්.. අහ්.. මෝඩය බලනව කව්ද ඇවිත් තියෙන්නේ කියලා..'

' ඇයි මොකද වෙලා තියෙන්නෙ.. කව්ද ඇවිත් ඉන්නෙ.. '

සේ-ජින් වචන ගලපන අතරේ යාලුවා සේ-ජින් ගෙ අතින් ඇදගෙන ගිහින් ජනෙලෙ ළඟට තල්ලු කරේ පහළ බලන්න කියලා සන් කරන ගමන්.. මොහොතකින් පහළ බලපු සේ-ජින් ගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ කරන්න ඕන දෙයක් හිතාගන්න බැරුව..

' මින්-හෝ එයා මොකද මෙහෙ කරන්නෙ.. අනේ ලූනාහ්..'

' ලූනගෙන් අහල හරියන්නේ නෑ සේ-ජින්.. ගිහින් ඇයි ආවේ කියලා අහනව එයාගෙන්..'

සේ-ජින් ගෙ ඔලුවට අනින ගමන් මින්-හෝ තරහින් කතා කරා..

' මෝඩ  කොටලු පැටිය පහළට ගිහින් මම එනකම් එයා එක්කන් වෙන පැත්තකට යනව .. අප්පා දැක්කොත් ඉවරයි.. '

සේ-ජින් මින්-හෝ ව කාමරයෙන් එළියට තල්ලු කරලා දොර වහගන්න වුණා..

' තමුන්ට මම ඉන්න නිසා හොඳයි.. මෝඩය..'

මින්-හෝ බැන බැන පහළට දිව්වා.. ඒ අතරේ සේ-ජින් කලබලෙන් ලෑස්ති වෙලා කූඩාරම් තියන පැත්තෙන් වෙන පැත්තකට ගියේ මින්-හෝ ඈත ඉන්නව පෙනුන නිසා..

' ආ.. සේ-ජින් මම එහෙනම් අරහෙට යන්නම් ඔය දෙන්නා කතා කරන්නකෝ..'

සේ-ජින් එතැනට ආපු නිසා මින්-හෝ ආපු කෙනා එක්ක කතා කරන්න ඉඩ දීලා එහාට ගියා..

දැන් මූණට මූණ බලන් හිටියේ සේ-ජින් එක්ක හදිසියේම ආපු අමුත්තා විතරයි..

' මොකද තමුන් මෙහෙ කරන්නෙ..'

සේ-ජින් මුලින් කතා කරා..

සේ-ජින් ඉස්සර හිටගෙන හිටියේ තරුණියක්.. බොහොම සුන්දර තරුණ ඔමෙගාවෙක්.. තද කළු කෙස් වැටිය ඉණ වෙනකම් දිගට ඝනව වැඩිලා තිබුණා වගේම උඩ මලක් එල්ලෙන කොන්ඩ කටුවකින් කොන්ඩෙ රඳවලා තිබුණා.. දෙපැත්තට වැටෙන කොන්ඩ කෑලි ඒ දීප්තිමත් ඇස් වල ගැටෙනකොට හුඟක් ලස්සනයි.. ඒ තියුණු බැල්මක් තියෙන ඇස් වලින් සේ-ජින් ට එල්ල වෙලා තිබුණේ තරහව දුක පිරුණු හැගිම් ගොඩක්.. බැලූ බැල්මට තද ගති තියන ඔමේගාවෙක්..

' මගෙන් ද අහන්නෙ සේ-ජින් තමුන්.. හහ්.. තමුන් මහ පහත් ජරාවක්.. තමුන් හිතන් ඉන්නෙ මම තමුන් හතර වටේ ඉන්න ඔමේගලා එක්ක නටන විකාර දකින්නෙ නෑ කියල ද..?'

' මේ අහගන්නව සකුරා.. මට දැන් තමුන් එක්ක කිසිම සම්බන්දයක් නෑ.. එහෙව් එකේ මොකටද මන් ගැන හොයන්නේ..අනික අපි අතරේ තිබුණු දේවල් අපි ඉවර කරලා දැන් හුඟක් කල්.. '

' තමුන් ඉවරයි කියලා හිතන් ඉන්නෙ මොනවද සේ-ජින්.. හැමදේම තමුන් නිසා.. කියනව දැන් මම කොහොමද ගෙදරට, ගමට මූණ දෙන්නෙ කියලා.. '

' මොනවද සකුරා තමුන් කියවන්නේ.. කාලෙ කන්නෙ නැතුව යනව යන්න.. තමුන් වගේ උද්ධච්ච ඔමේගාවෙක් එක්ක සම්බන්ධයක් තිබුණා කියන්නත් මට ලැජ්ජයි.. '

' මම මුල ඉඳන් දැනගෙන හිටියා.. මමයි මෝඩ වුණේ තමුන් වගේ පහත් ඇල්ෆාවෙක් විශ්වාස කරන්න තරම්.. '

' සකුරා.. තමුන්ට එහෙම කියන්න බෑ.. මම තමුන්ට ඇත්තටම ආදරේ කරා.. තමන්ම තමයි හැමදේම නැති කර ගත්තෙ.. '

' සේ-ජින්.. '

' ම්ම්ම්..කියන්න.. ? '

ඒ දෙන්නා අතර ටික වෙලාවක නිහඬතාවයක් තිබුණා.. සකුරගෙ ඇස් සේ-ජින් දිහාම දිගටම එල්ල වෙලා තියද්දී සේ-ජින් ට අපහසුතාවක් දැනුන නිසා සේ-ජින් වෙන පැත්තකට අවධානය යොමු කරා..

' සේ-ජින්.. මට - මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ.. '

සකුරා ලොකු හුස්මක් ගන්න ගමන් කිව්වා.. ඒක කියන්න ලේසි වුණත් සේ-ජින් ගෙ නිල් ඇස් ලොකු වුණේ කියන දේ අදහ ගන්න බැරුව..

' ම්ම්-මොකක්.. දරුවෙක්.. සකුරා..? '

සේ-ජින් සකුරා ගෙ උරහිස් වලින් හොලවන ගමන් කතා කරේ වෙව්ලන කටහඬින්..

' ඔව්.. තමුන්ගෙන් මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ.. සේ-ජින්..'

සකුරා ආයේ කියද්දී සේ-ජින් ට තමන් දකින්නෙ හීනයක් නොවෙන බව තේරුම් ගියා.. ඒත්.. ඒත් සේ-ජින් කොහොමද මේ දේට ප්‍රතිචාර දක්වන්නෙ.. සතුටු වෙන්නද.. නෑ.. දුක් වෙන්නද.. නෑ ඒත් නෑ.. මොකක්ද කරන්න ඕන මොකක්ද කියන්න ඕන මොකුත් සේ-ජින් දැනන් හිටියේ නෑ.. සේ-ජින් හොඳින්ම දන්නවා ඒ දරුවා තමන්ගේ බව.. ඒ නිසා සකුරට කිසි දෙයක් කියන්න බෑ.. මේ හැමදේම තමන්ගෙ වැරදි බව විතරයි සේ-ජින් දැනගෙන හිටියේ..

' අහ්.. සකුරා..? මම - මම ....'

' මම දන්නවා තමුන් තවමත් තමුන්ගෙ මහ ලොකු අප්පට බයේ ඉන්නෙ කියල.. ඒත් සේ-ජින් මේ දරුවා ඔයාගෙ.. ඔයා කොහොමද-..'

' සකුරා.. මේ අහගන්නව.. තමුන් එක්ක මට දැන් සම්බන්ධයක් නෑ.. තමුන්ගේ උවමනාවට හදාගත්ත ලමයි බාරගන්න මට බෑ.. මට තවමත් තමුන්ව මහ හිසරදයක්.. '

සේ-ජින් ගෙන් මේ දේවල් බලාපොරොත්තු වුණා වගේ බැල්මක් සකුරා ගෙ තිබුණේ.. සකුරා හඬා වැටෙන ඔමේගාවෙක් නෙමෙයි.. ඒ වගේම වැඳ වැටෙන ඔමේගාවෙකුත‍් නෙමෙයි.. ඒත් තමන්ට කරන අපහාස ඉවසන් ඉන්න තරම් නිවට නෑ සකුරා..

' මම තමුන්ගෙ ඔහොම පහත් වචන බලාපොරොත්තු වුණා සේ-ජින්.. මම දැන් යන්න ඕන.. ඒත් මතක තියාගන්නව තමුන් කරන හැමදේම මම බලාගෙන ඉන්නෙ.. තමුන් හොඳටම දන්නවා ඇති නෙ සකුරා ගැනත‍් .. එහෙම නේ..? ම්හ්ම්.. බලමු..'

' හහ්..'

සකුරා සේ-ජින් ගෙ මූණටම ලං වෙලා තර්ජනය කරද්දී සේ-ජින් කට කොනේන් හිනා වෙලා අහක බලාගත්තා.. සේ-ජින් සකුරා ට වෛර කරා..

' ඔහ්.. තමුන්ගේ අර මලක් වගේ ඔමේගා පරිස්සමට බලාගන්නව එහෙනම්.. බයගුල්ල. '

සකුරා සේ-ජින් ගෙ කන ළඟට නැමීලා කියලා ඉක්මනින් එතනින් ගියා.. ඒ පැත්තට එන්න තහනම් වුණත් සකුරා ආවේ අනතුරු තියාගෙන.. ඒ නිසා ඉක්මනින් සකුරා ආපිට යා යුතු වුණා..

සකුරා ඈත නොපෙනී යනකම් තරහින් බලන් හිටිය සේ-ජින් ගැස්සුණේ මින්-හෝ එතැනට ඇවිත් කතා කරන්න ගත්ත නිසා.. බැලූ බැල්මට මින්-හෝ සිද්ධිය දන්න බවක් තමයි පෙනුනේ..

' අආශ්.. මින්-හෝ මට පිස්සු වගේ.. මම මොකද කරන්නෙ..'

සේ-ජින් එතැන තිබුණු ගහකට වාරු වෙන ගමන් කතා කරේ ලොකු පීඩනයකින් ..

' ඕවා කරන්න කලින් හිතන්න තිබ්බ සේ-ජින්..'

' නෑ මින්-හෝ.. ඔයා හොඳටම දන්නවා අපි කලින් හිටිය හැටි.. ඒත් දැන් මට-..'

' සේ-ජින් තමුන් දැන් මට කියන්න එපා අර ගමේ ඉන්න ඔමේගා ගැන හිතේ අදහසක් තියෙනවා කියලා..'

මින්-හෝ පපුව හරහට අත් බැඳ ගන්න ගමන් කිව්වා. මොකද කලින් දවසේ සේ-ජින් ඔමේගාවෙක් එක්ක ඉන්නව මින්-හෝ දැක්ක නිසා..

' නෑ තියෙනවා.. මම එයාට කැමතියි.. '

සේ-ජින් රළු කටහඬින් උත්තර දෙද්දී මින්-හෝ කට කොනෙන් හිනා වුණා..

' හහ්.. ඔයා ඔය කියන්නෙ මින් යුන්ගි ගෙ ඔමේගා ගැනද..?'

' අහ්.. මොකක්..?'

















































━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

Hi cherries..❤️ කතාව හොඳ නැද්ද.. ඔයාලගේ අදහස් නැතුව මට තේරෙන්නෙ නෑ මේක හොඳද නරකද කියලා.. Comment plz🙂

හෙට හම්බ වෙමු එහෙනම් bye bye.. 💜

Thanks for reading.. Love your votes and comments.. 🌹

🌸STAY SAFE

cherry_minshi
Luv urself💕












Continue Reading

You'll Also Like

19.9K 2.9K 17
ප්‍රසිද්ද model කෙනෙකුයි අලුතින් ක්ශේත්‍රයට ආපු model කෙනෙකුයි අතර ඇතිවෙන ආදර කතාවක්...bl story එකක් . Gay relationship එකක්. එ නිසා කැමති අය විතරක්...
90.5K 15.6K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...
426K 88.8K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...
6.8K 557 25
ආදරය කොයි මොහොතේ මොන විදිහට අපි අතරට එයි ද? එය දිහා අපි බලන්නේ මොන විදිහට ද එය තමන්ට ගැලපෙන විදිහට ලං කරගන්න උත්සහ කරන විදිහ අනුව එය වෙනස් වෙවී...🌸�...