𝐓𝐇𝐄 𝐇𝐄𝐀𝐋𝐄𝐑 || JJK ✔️

By _nim_nim_

11.5K 2.9K 464

🌿🌼 ඔබ නැතුව , ඔබ එක්ක 🌼🌿 මට පුලුවන් ඔයාට හොඳ වෙනකන් බලන් ඉන්න.. ඔයාට සුව වෙන්න උදව් ක... More

DISCLAIMER
Preface
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06

Chapter 07 - Finanal Chapter

1.5K 377 129
By _nim_nim_

සෑමවිටම ලොව ප්‍රේමයෙන් හිස් නොවන අතර
ප්‍රේමනීය මිනිසුන්ගෙන් හිස්ව පවතින බව දනිමි
එලෙසෙම ප්‍රේමයට මා නිර්වචනයක්ද නොදනිමි...
නමුත් මා නුඹට ප්‍රේමය ලෙස අමතමි...☘️

_____________________________________________

-" මට බලන් ඉඳලා මහන්සී ජන්ග් මී...... ඉක්මනට ආපහු එන්න..."

ජන්ග්කුක් බැල්කනි එකේ වාඩි වෙලා කිව්වේ තවත් බියර් බෝතලේකට වග කියන ගමන්..
.
.
.

Time passed
Next day
Jungkook pov~

වුෆ් වුෆ්.......

-" ආහ්..... එහාට යන්න සුදු බෝලේ... ඉව්ව්... කෙල ගෑවෙනවා අනේ.. "

💥💥💥💥💥💥

-" ආශ්......... සුදු බෝලේ............................... කෙල්ලත් එකයි මෙ කෙල්ලගේ බල්ලත් එකයි......"

උදේ පාන්දර බැල්කනී එකෙ ඉඳන් ඇතුලට යන්න ගිය මාව බිමට ඇඳන් වැටුනේ සුදු බෝලේගේ ඇඟේ පැටලිලා.. බියර් බෝතලයක් පෑඟිලා ලිස්සලා ගිය පාර කොන්ද ඇනුනා හොඳ පාරක්.. මට හැමවෙලාවකම ජන්ග්මී මතක් වෙනවා... තාම ගෙදර එයාගේ සුවඳයි... ඒ වගේම කැරට් මහත්තයත්...

ඒ එක්කම මට කෝල් එකක් ආවා.. ඒක ජිමින්ගෙන්... දැන් මගේ එලාම් එක ජිමින්... යන්නන් වාලේ හොස්පිටල් යන මාව නැගිට්ටවන්නේ ජිමින්.. මම දැන් මැරුනු මිනිහෙක් ගානයි.. මට දැනෙන්නෙ නිකන් මාව තනි වෙලා වගේ... දන්නේ නැති ලෝකෙක අතරමන් වෙලා වගේ..

ආශ්..... මුගෙන් වදේ.. කෝල් එනවා ඉවරයක් නෑ..

-" ඒයි ගොනෝ...... එන්නෙ නැද්ද මිනිහෝ....!! "

-" ආශ්.... තියෙන වදයක්... මේ එනවා..."

-" මම කිව්වා උබට මාව බැඳපන් කියලා.. එහෙනම් මම ඔහේ නේ....."

-" ජිමිනා................!! "

මම කෑගහද්දි මට ඇහුනා ජිමින් එහා පැත්තේ ඉඳන් හිනා වෙනවා.. ජිමින් ... මහ පුදුම යාලුවෙක්...

ජිමිනගේ ජාතකේ මතක් කර කර මම බාත්රූම් එකට ගියා..

-" පිස්සී..! "

මම බ්‍රශ් එක අතට අරන් හිනා උනේ ජන්ග් මී ඒකෙන් බ්‍රශ් කලා නේද කියලා මතක් උනාම.. මුලු ගෙදරම ජන්ග්මීගේ මතක වලින් පිරිලා.. දවසක් මම පාරේ ඇඳන් ගිහිල්ලා ජන්ග් මී පිටේ ස්ටිකර් එකක් අලවපු ශර්ට් එකක්..
.
.
.
.
.
.
.
.
.
.

@ hospital

-" කුක්ජූ...... ඕක නම් හරියන වැඩක් නෙමේ අහ්... ලෙඩ වෙන්නද යන්නේ? "

-" ම්ම්ම්..නා ආරා... "

-" බලපම් උබේ මූණ ... ඩොක්ටර් හැන්ඩ්සම් නෙමෙයි දැන් ඩොක්ටර් චකබ්ලාස්ට් වගේ මූණ.. ඇස් ඉඳිමිලා.. කලු වෙලා.. උබේ ඇඟම බැහලා මේ සති දෙකට... බලපන් ඉතින්.. මට බලන් ඉන්න බෑ ඔහොම ඉන්නවා... හිතුනොත් මම ලීව් දාලා රට පීරලා හරි ජන්ග්මීව හොයන්න යනවා "

ජිමින් කිව්වේ බැරෑරුම් මූණක් මවාගෙන.. මම ටිකකට මගේ ටේබල් එක උඩ තිබුන ජන්ග් මීගේ ෆොටෝ එකෙන් පේන මගේ ඡායාව බැලුවා.. ඇත්ත.. මගේ කොණ්ඩේ ගොඩක් වැවිලා... රැවුලත් ලාවට වගේ වැවිලා.. මම දැන් නිකන් බේබද්දෙක් වගේ...

-" යන්... මට ඔපරේෂන් එකක් තියෙනවා..."

මම ජිමින් එක්ක අපේ කැබින් එකෙන් එලියට ගියා...
.
.
.
.

Few hours later--------------------

මම ඔපරේෂන් තියෙටර් එකෙන් එලියට ආවේ සතුටෙන්.. මොකද ඔපරේෂන් එක සක්සස්.. මම එහෙම්ම මාස්ක් එකත් පහත් කරලා ග්ලවුස් දෙකත් ගලවන ගමන් ඉස්සරහට ගියා..

-" කුකී........!! "

ජන්ග් මී?? මට ඇහුන කටහඬ නිසා මම ඉස්සරහා බැලුවා... මගේ දිහාවට දුවන් ආවේ ජන්ග් මී... ටේහ්‍යොන් පිටිපස්සෙන් හිටියා..

-" ජන්ග් මී එපා... අහන්නකෝ.. ඔප්පගේ ඇඟේ විසබීජ... මම ඔපරේෂන් එකක් කරලා ආවෙ... අල්ලන්නෙපා මාව.."

ජන්ග් මී මට තුරුල් වෙන්න යද්දි මම අඩියක් පස්සට වෙලා කිව්වා... ඒත් ජන්ග් මී අහන්නේ නැතුව මාව බදාගත්තා..

-" අතාරින්න..... මගේ කුකී....... ඔප්පා අතාරින්න....."

ජන්ග් මී හයියෙන් කෑගහලා අඬන්න ගත්තා.. මට එයාව තුරුල් කරගන්න ඕනේ... ඒත් මට බෑ.. මගේ ඇගේ ලේ තිබුනා.. අත් වලත්..

-" මෙන්න මෙහෙ එනවා ජන්ග් මී... අපි ට්‍රීට්මන්ට් ඉවර උනාම මෙහෙන් යනවා... මිස්ටර් ජියොන් අපිට කරදර නොකර හිටියොත් හොඳයි.."

ටේහ්‍යොන් ජන්ග් මීව එයාගේ ලඟට ඇඳලා ගද්දි ගාඩ්ලා කීපදෙනෙක් එයාලව වට කරගෙන එක්කන් ගියා..

මියානේ ජන්ග් මී... මට ඔයාව තුරුල් කරගන්නවත් බැරි උනා...

මම එහෙම හිතන ගමන් චේන්ජ් කරගන්න ගියා.. මම පැයගානක් බාත්රූම් එකේ ඉඳන් අඬන්න ඇති... මම දන්නේ නෑ කොච්චර වෙලා ඇඬුවද කියලා... මුලු ඇඟම පණ නෑ වගේ... මම කරපු එක වැරැද්දක් නිසා මට ටේහ්‍යොන් ඉස්සරහා හිටගන්න තරම් මගේ හිත හයිය නෑ.. මම දන්නවා ජන්ග් මී සාමාන්‍ය තත්වෙක හිටියා නම් ඒක වැරැද්දක් නෙමෙයි.. ඒත් මේක..... අනේ මන්දා...
.
.
.
.
.
.
.
.
.

Few months later--------------------

ජන්ග් මී දැන් බෙහෙත් කරන්න අරගෙන අවුරුද්දකට කිට්ටුයි... හැමදාම එයාව වට කරන් ගාඩ් එකක් එනවා... මම හොරෙන් ජන්ග් මී දිහා බලලා යන්න යනවා.. එච්චරයි මට කරන්න පුලුවන් උනේ... මුල් සතිකීපයේ එයා මාව දැක්කම ගොඩක් කලබල උනා.. එත් දැන් මාව ගණන් ගන්නෙම නැති තරම්.. එයා මාව දැක්කත් දැන් නොදැක්කා වගේ යනවා... ඉස්සර වගේ නෙමෙයි හැසිරීමත්.. මං හිතන්නේ දැන් එයාට ගොඩක් හොඳයි..

-" ජන්ග්කුකා.....!! "

ජිමින් කලබලෙන් වගේ කැබින් එකට ආවා.. එයාගේ මූණේ නම් හොඳ පෙනුමක් තිබුනේ නෑ.. මට මහ අමුත්තක් දැනුනේ..

-" ඉක්මනට.. ජන්ග් මී යන්න හදන්නේ... "

-" කොහෙද? "

-" මෙහෙන් යනවලු.. රට යනවලු... මට හොඳටම බැන්නා මුල් කාලේ අපි එයාව විහිලුවකට ගත්තලු.."

ජිමින් කියද්දි මගේ ඔලුව ඇතුලේ හෙණයක් වැදුනා වගේ මට දැනුනේ.. මම කලබලෙන් නැගිටලා දුවද්දි ජිමින් මාව ඉස්සර කරගෙන ජන්ග්මී ලඟට එක්කන් ගියා..

-" ජන්ග් මී... නවතින්න..."

මම හති දදා කියද්දි කෙල්ල ඊගහ වගේ හිට්ටා.. හති ඇර ඇරම මම හෙමින් හෙමින් ජන්ග් මී ලඟට ගියා.. එයා වාහනේට නගින්න ලෑස්ති වෙලා හිටියේ එතකොට

-" කොහෙද මාව දාලා යන්න හදන්නේ? මට සතුටුයි ඔයාට දැන් හොඳටම හොඳයි.."

මම කිව්වේ ජන්ග් මීගේ අතෙන් අල්ලන ගමන්..

-" අත අතාරිනවා ජන්ග්කුක්..."

එයා එහෙම කියන ගමන් මගේ අත ගසලා දැම්මා.. මම මොහොතක් එයා දිහා බැලුවා.. හැසිරීම එක කතාවක් කිව්වට ඒ ඇස් කියන්නේ තවත් කතාවක්.. ඒ ඇස් වල තිබුනේ ආදරෙ.. ඒත්.. ඒත් මොකද්ද මේ හැසිරීම..??

-" ජන්ග් මී අපි ආයෙම එකට ඉමු... ටේහ්‍යොන් එක්ක කතා කරමු... කියන්න මට ආදරෙයි නේද ඔයා? මං එක්ක දිගටම ඉන්නවා නේද? "

-" මොන විකාරයක්ද මේ? අතගන්නවා ජන්ග්කුක්.. ඒ දවස් වල මම තමුන් ලඟ හිටියට මට දැන් තමුන්ව පේන්න බෑ.. මගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා ඔහේ.. ආයේ මගේ ඉස්සරහට එන්නෙපා.."

ජන්ග් මී එහෙම කියලා මට ගස්සගෙන වාහනේට නැග්ගා... මට දැනුනේ වටේම බොඳ වෙනවා වගේ... මාව වැටෙන්න යද්දිම ජිමින් මගේ කරට අතක් දාගත්තා.. මම ජන්ග් මී ඈතට යන දිහා බලන් හිටියේ කඳුලු පුරෝගෙන.. එයා ගියා... එයා යන්නම ගියා.. මගෙ පිස්සි මාව දාලා ගියා.. මගෙ අන්තිම බලාපොරොත්තුවත් සුන් උනා

-" කුක්ජු.... මට සමාවෙන්න... "

ජිමින් එහෙම කියලා මාව එක්කන් ගියා හොස්පිටල් එක ඇතුලට.. ඒ මම ජන්ග්මීව දැක්ක අන්තිම වතාව...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

6 months later
@Namsan Tower

අදට අපි මැරි කරලා අවුරුදු එකහාමාරක්.. ජන්ග් මීගේ රින්ග් එකත් මං ලඟ.. එයා ඒක කටේවත් ඔබාගනී කියලා මුලදිම මම ඒක ගලවලා ගත්තා.. පිස්සි.... ඒ මතක හරි ලස්සනයී... මං ඒවට ආදරෙයි.. දන්නවද ලඟ තියෙනකන් අපිට කිසි දේක අගයක් නෑ.. නැති උනාමයි වේදනාව දැනෙන්නේ... මම දන්නේ නෑ ජන්ග් මී මොනවා කරනවද කියලා .. කොහේ ඉන්නවද කියලා.. එදා ජන්ග් මී හොස්පිටල් ඇවිල්ලා තියෙන්නේ ඒ ඩොක්ටර්ට ස්තූති කරන්න.. ජිමින් තමයි මට ඒක කිව්වෙත්... ජිමින්ලා මීට දවස් කීපෙකට කලින් මැරි කලා... අද නත්තල් දවස... සෝල් හරිම ලස්සනයි..

ජන්ග් මී සුභ නත්තලක්..!!

මම කිව්වේ ජන්ග් මීගේ රින්ග් එක අමුණලා මම දාගෙන උන්නු චේන් එක අල්ලන ගමන්.. මෙතනට වටේම හරි ලස්සනට පේනවා.. මම දැන් සිගරට් නොගත්තත් බියර් වලටම ඇබ්බැහි වෙලා.. මගේ තනිය මැකුවේ බියර් බෝතලුත් ගෙදර බිත්ති හතරත් විතරයි.. මම මොන තරම් අඬන්න ඇතිද? හූල්ලන්න ඇතිද? ඒ සේරම දන්නේ ඒ බිත්ති හතර විතරයි

-" යෝබෝසෙයෝ? යෝබෝසෙයෝ? "

මට ඒ එක්කම කෝල් එකක් ආවා.. අඳුරන්නේ නැති නම්බ් එකක්... මම කතා කලත් ඒ කෙනා කතා කලේ නෑ... දැන් මාස ගානක ඉඳන් මෙහෙමයි.. හැමදාම එක එක නම්බර්ස් වලින් කෝල් එනවා සතියකට පාරක්.. මොකෙක් හරි මාව විහිලුවට අරගෙන..

පිටිපස්ස හැරෙන්න..!

ඒ නම්බ් එකෙන්ම එහෙම මැසේජ් එකක් ආවා.. මම හැරිලා බැලුවා.. සෙනඟ ගොඩේ මුකුත් පේන්නෙ නෑ.. ඒ නිසාම මම ආයෙම පහළට බහින්න ගත්තා..
.
.
.

-" ඔයාගේ හස්බන්ඩ්.............!! "

ජන්ග් මී? ආශ්.... මට දැන් මේ කෙල්ලගේ කටහඬ නිකනුත් ඇහෙනෝ ඇහෙනෝ වගේ ... ජන්ග් මී... මගෙ ඔලුව ඇතුලෙන් එලියට එන්න... මට තවත් දරාගන්න බෑ.. ප්ලීස්..!!

මං ආයෙම ලොකු හුස්මක් අරන් හෙමින් හෙමින් අඩිය තිබ්බා.. එකපාරටම මොකක්හරි මගෙ ඇඟේ හැප්පුනා

💥💥💥💥💥💥💥💥💥

හැප්පුන පාර මම බිම.. මූණ ඇනුනා හොඳ පාරක්... මම මාව යට කරන් ඉන්න කෙනාවත් තල්ලු කරලා නැගිට්ටේ ඇඟේ තිබුන හිම පිහිදන ගමන්.. වැටුනු කෙනා මට පිටුපාලා කොන්ඩෙත් වනාගෙන එයාගේ ඇඳුම පිහිදනවා.. ජැකට් ඇඳලා නිසා හොයාගන්න බෑ එයා කවුද කියලා .. ඇරත් ගෝනිබිල්ලෙක් වගේ..

මම ඒ කෙනා දිහත් බලලා යන්න ගත්තා.. මේ වගේ පිස්සොත් ඉන්නවනේ.. මේ ලිස්සන පොළවේ මොකාද දුවන්නේ වෙන..

-" ඒයි මොට්ටයෝ...... කොහෙද මගෙ කුක්කු එක? "

පිටිපස්සෙන් හිටි කෙනා කිව්වා.. මම ඉක්මනටම හැරුනේ හුරුපුරුදු කටහඬට... ඔව් ඒ එයා... මගේ ජන්ග් මී... අදත් මට ඉස්සෙල්ලා එයා මගේ පපුවට තුරුල් උනා... මට කාලෙකට පස්සේ දැනුනා මගේ හදවත වේගෙන් ගැහෙනවා කියලා.. මමත් දෙපාරක් නොහිතම එයාව තුරුල් කරගත්තා

-" මියානේ.. ඔප්පා...... මියානේ... 😭😭😭😭 "

එයා හයියෙන් අඬන්න ගත්තා.. මම තාමත් හිටියේ හීනයක් මැද්දෙන් ඇහැරලා වගේ... මට හිතාගන්න බෑ.. මොකද මේ උනේ.. මේක මගේ හිතලුවක්ද?

-"ජන්ග් මී..... මේ ඔයාමද? මේක හීනයක් නෙවේ නේද? "

මම අහද්දි එයා නෑ කියන්න වගේ ඔලුව වැනුවා...

-" මියානේ... මට එවෙලේ කරන්න දෙයක් තිබුනෙ නෑ... මට ටේහ්‍යොන් ඔප්පට පැහැදිලි කරන්න කාලේ ඕනේ උනා.. ඔයා දන්නවනේ.. එයා කිව්වොත් කිව්වා .. මියානේ මම පරක්කු උනා... මමයි ඔයාට කෝල් කලේ.. මට කටහඬ අහන්න ඕනි උනා.... ටේ ඔප්පා මට ඔයා ගාවට ආයේ එන්න දුන්නා... ඒ නැතත් මම පැනලා හරි එන්න හිටියේ 😪😪😪🤭🤭🤭."

එයා හිනා වෙවී උන දේවල් කිව්වා.. එයා කටර් එකක් වගේ කියවන්න ගත්තා.. කාලෙකට පස්සේ මම හොඳට හිනා උනා.. මම මොහොතකටවත් එයාව මගේ තුරුලෙන් අහක් කලේ නම් නෑ... මොකද මට බය හිතුනා ආයේ එයා මාව දාලා යයි කියලා

-" කමක් නෑ.. ආයේ යන්නෙ නෑ නේද? "

-" අනී.... මගේ ජන්ග්කුකී....."

ජන්ග් මී කඳුලු පිහිදලා එහෙම කියන ගමන් මගේ බෙල්ලෙ තිබුන ස්කාෆ් එකෙන් හොටු පිහිදුවා..

-" යාහ් ජන්ග් මී මෙතන සෙනග ඉන්නවා.. 😩😩😩😩 "

-" සරන්හේ......!! "

-" නාදූ සරන්හේ ජන්ග් මී..... ආයෙම මාව දාලා යන්නෙපා.. මම නොමැරී මැරුන එක විතරයි "

මම ජන්ග් මීට කියන ගමන් එයාගේ නළලට පුංචි හාදුවක් දුන්නා..

-" උල්ජිමා.. මම ආයෙ යන්නේ නෑ... කුමාවෝ මම එනකන් බලන් හිටියට... අනික් එක මම කොහේ යන්නද ඔයා මගේ හීලර් නේ.... කුමාවෝ ඔප්පා... "

ජන්ග් මී කිව්වෙ මගේ කම්මුල් වලට තෙත් හාදූ කීපයක්ම තියන ගමන්..

-" ඒක ඇත්ත.. මම ඔයාගේ හීලර්....."

ඉතින් මම එයා එනකන් බලන් හිටියා.. එයා හොඳ වෙනකන් හිටියා... එයාට හොඳ වෙන්න උදව් කලා.. මොකද මම මගේ ජන්ග්මීගේ හීලර්..!!!
.
.

- නිමි -

කතාවේ ඇති දෙයක් නෑ ඉතින් 🙂 ජන්ග්කුක් කියලා කියන්නේ මට නම් හීලර් කෙනෙක්... ඒ කටහඬට පුලුවන් හිත් නිවන්න.. ඒකයි මම ඒ නම දුන්නේ.. හත් දෙනාම එහෙමයි.. පුලුවන් නම් ඒ හීලර්ස්ලට හානි නොකර ඉන්න.. 🙂

ඔන්න ඔයාලට ඕනේ එන්ඩ් එක දුන්නා මම පලවෙනි පාර කතාවකට 😪😪 බොලඳයි වගේ ඇති 🙂🙂 අන්තිම කොටස හොඳද නැද්ද මන්දා.. වැඩ ගොන්නක් අස්සේ ලිව්වේ.. අනික කම්මැලිකමක් ගහලා මට 😪 මියානේ.. අඩුපාඩු ගොන්නක් ඇති..

කවර් එකට තැන්කූ බබූ..❤️ Jeon_arora

✍ Nim 💜️

Continue Reading

You'll Also Like

150K 20.9K 15
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
3.7K 770 21
"ඇගේ ඉරණම විසින් ඇයට තිළිණ කල වටිනාම වස්තුව නම් ඒ ඔහුයි.." TRUE LOVE IS NEVER END❤️<3
5.5K 984 16
"පොඩ්ඩක් ඉන්න ඇයි මේ මනුස්සයා මට රවන්නේ .............." ex boyfriend බොරු කරපු නිසා ඒ සම්බන්දය නවත්තපු කිම් යූනා , ඒ සම්බන්දය නැති නිසා යුනාට propos...
435K 61.6K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...