RED JASPER | SOPE | COMPLETED

Von cHerRy_MinShi_

30.9K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... Mehr

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ අවවාද...

467 128 28
Von cHerRy_MinShi_

පහුවදා තිබුනෙ හොබී ට වගේම අනිත් අයටත් සටහන් සම්පූර්ණ කරන්න වගේම ලබාදුන් මාතෘකාවක් යටතේ බෙහෙත් පැළ අධ්‍යයනය කරලා සම්පූර්ණ වාර්තාවක් හදල ජින් ට දෙන්න..

උදේ කාටවත් අවදි වුණේ නැති නිසා මේ හත් දෙනාගේ කණ්ඩායම හවස් වෙන්න රෝහල් පුස්තකාලයට ගිහින් කරුණු ගොනු කරන්න පටන් ගත්තා.. ඇට මිදුලු හානියකදි කරන්න ඕන ප්‍රතිකාර වල පියවර ගලප ගලප හිටිය හොබී පොතෙන් මූණ එළියට ගත්තෙ එහා පැත්තෙ හිටිය ජිමී කතාකරන සද්දෙ නිසා..

' හොබී ඔයාට ලොකු හියුන්ග් එන්න කිව්වනෙ හවස.. දැන් මට මතක් වුණේ.. අයියෝ මට බැනුම් අහන්න වෙන්නෙ දැන් කිව්වේ නෑ කියල..'

ජිමී ඔලුවට අතකුත් තියාගෙන කියවන හැටි දැකල හොබී ට හිනා ගියා..

' හරි හරි ජිමී මම දැන් යන්නම් මගේ වැඩ කොහොමත් ඉවරයි.. එහෙනම් ගිහින් එන්නම් හරි ද..? '

හොබී පොත් පත් ටික වහල නැගිටලා යන්න ගියාට පස්සෙ ටිකක් ඈත මේසෙක‍ ඉඳන් හිටිය කුක්, ටේ, යුන්ගි ජිමී ලඟින් ඉඳ ගන්න ආවේ පොඩි කතාබහකට කම්මැලි කම යන්නත් එක්ක..

ජින් ගෙ කාර්යාලයට යන්න කලින් හොබී හොරෙන් ඔලුව දාලා බැලුවේ ජුන් හියුන්ග් ඉන්නවද කියල.. මොකද දවසක් කුක් එක්ක කඩාගෙන බිඳගෙන ඇතුලට ගිහින් අකරතැබ්බයකට මූණ දෙන්න වුණු නිසා..

දොර පැත්තට තල්ලු කරපු හොබී පාවහන් ගලවලා කුටිය ඇතුලට යද්දි ඇතුලේ හිටියේ ජින් විතරයි.. ජින් හරිම සන්සුන්ව වාර්තා එකින් එක අතට අරන් පරික්ෂා කරල පැත්තෙන් තියන ගමන් හිටියා.. දවසේ රෝගීන් එක්ක කොච්චර කාර්යබහුල වුණත් ජින් ගෙ මූණේ නිතර ඇදිලා තිබුණු හිනාව නම් කවදාවත් යටපත් වූණේ නැහැ.. ඒක නිසා ජින් ඉස්සරහ හොබී පොඩි වත් බියක් ඇති කර ගත්තෙ නෑ..

දොර තල්ලු වෙද්දී ලී එකිනෙක ගැටෙන සද්දෙ නිසා වාර්තා වලින් ඇස් දොර දිහාට එල්ල වෙද්දී ජින් දැක්කෙ හොබී ඇවිත් ඉන්න බව..

' සුබ සන්ධ්‍යාවක් හියුන්ග්..'

' අහ්හ් සුබ සන්ධ්‍යාවක් .. අපේ හොබී දැන්ද එන්නෙ ආආආ.. එන්න එන්න මම මේ බලාගෙන හිටියේ.. පුදුම වෙන්න දෙයක් නෑ ජිමී ඔය පණිවිඩේ හෙට කිව්වෙ නැති එක ගැන සතුටුයි.. මේ කොල්ල නම්..'

ජින් කියවන් යන අතරේ හොබී ජින් ඉස්සරහින් ඉඳ ගත්තා.. ටිකකින් බීටා සේවිකාවක් ඇවිත් තේ පෝච්චියක් තියලා ගිය නිසා ජින් දෙන්නටම තේ වක් කරන ගමන් කතා කරන්න පටන් ගත්තා..

' ඉතින් අපිට ආරංචි දැන් ආදරවන්තයෙක් වෙච්ච බව.. ම්ම්ම්..? '

ජින් වක්‍රාකාරව ඇහුවේ ප්‍රශ්නයක් සැක හැර දැනගන්න.. හොබී ටිකක් ලැජ්ජාවෙන් හිනා වෙද්දි ජින් හොබී දිහා බලන් හිනා වෙලා තේ කෝප්පය ලං කරා..

' එහෙම තමයි ජින් හියුන්ග්.. යුන්ගි ඔයා එක්ක කිව්වද..?'

' කිව්වේ නෑ ඒත් ඉතින් බලන්න එපැයි ඊයේ දෙන්නගෙ මුකුළුව.. '' හරි හරි පැටියෝ මම වරදක් දකින්නෙ නෑ ඔය දෙන්නගෙ.. ඒත් ඔයාල සහකාරයො නෙමේ නිසා රැලේ ප්‍රශ්නයක් ඇති වේවිද මට බයයි.. කොහොම උනත් අපි පස් දෙනාම ඔය දෙන්නට ඉන්නව.. ඒක නිසා බය වෙන්න එපා.. '' හරි ද..? '

හොබී' හ්ම් ' කියන්න වගේ හිනාවක් එක්ක ඔලුව නැමුව..

' ඔයා දන්නවද මට ජුන් ව හම්බුනේ අවුරුදු හයේ විතර.. ඒ දවස් වල අපි හුඟක් ළඟ යාළුවෝ.. ඔයා හිතන්න එයා මට ආදරේ කිව්වේ අවුරුදු පහළොවේදි.. කොහොම හරි අපි ආදරේ කරා අතාරින්න බැරි තරමටම.. අපි වයස සම්පූර්ණ කරාට පස්සෙ තමයි අපි සහකාරයො කියලා දැනගත්තේ.. ඇත්තටම එදා මම සතුටට ඇඬුවා.. සමහරවිට ඔයාගෙ ජීවිතේ වුණත් නොහිතන දේවල් වෙන්න පුලුවන් හොබී බලාපොරොත්තු අත් ඇර ගන්න එපා.. යුන්ගි කියන්නෙ මගේ ලොකු මල්ලි.. මම හිතන්නෙ එයා ඔයාව හොඳින් බලා ගනී.. ම්ම්ම්.? හිතන්න එපා හුඟක්, හැමදේම හොඳින් වේවි.. '

ජින් හොබී ගෙ අත් දෙක තදින් අල්ලන් කියද්දී මීට කලින් නොදැනුනු විශ්වාසයක්, සතුටක් හොබී ගෙ හිතේ ඇති වුණා..

' එතකොට ජිමී..? '

' ආආආ... ඒක නම් එහෙම ආදරේ කරපු කතාවක් නෙමේ.. ඒ තුන් දෙනාම අපිට මතක ඇති කාලෙක ඉඳන් හිටියේ එකටම.. ජිමී ඔය වගේ දේවල් හුඟක් දන්නෙ නෑ මම, යුන්ගි හුරතල් කරලම එයාගෙ හිත පොඩි ලමයෙක් වගේ.. එයාල වයස සම්පූර්ණ කරලා ටික කාළයක් යද්දී තමයි සහකාරයෝ කියලා දැන ගත්තෙ.. දැන් නම් තුන්දෙනා හරි ආදරෙන් ඉන්නව.. '

' ම්ම්.. මට හිතුනා.. ඒත් මට ටිකක් බයයි හියුන්ග්.. මට මන් ගැන විශ්වාසයක් නෑ.. '

හොබී තරමක් දුකින් කිව්වා..

' එහෙම තමයි.. මට ඔය අත්දැකීම් තියේනෙ.. ඒත් කාළයක් යද්දි ඔයාලම ඔයාලව හොයා ගනී.. '' එතකන් කලබල නොවී ඉන්න හරි ද..? '

' ම්ම්ම් හරි හියුන්ග්.. '

හොබී තේ උගුරක් බොන ගමන් උත්තර දුන්නා..

' හරි හරි ඒක නෙමේ.. දැන් බොහොම වැදගත් කාරණා ටිකක් කියන්න තියේ.. අහන්නකො එහෙනම්.. '

' ඒ මොනාද හියුන්ග්..? '

' දැන් ඔයා පොඩි ලමයෙක් නෙමේ නේ හොබී.. ඔයාගෙ රැලේ පරිවර්තන කාළය පටන් ගන්නෙ අවුරුද්ද විසි එකෙන්.. ඒ කියන්නෙ දැන් ඔයාට ඔයාගෙ ඔමේගා ස්වරූපය පාළනය කර ගන්න පුරුදු වෙන්න වෙනව.. බය වෙන්න එපා.. ජුන් ඔයාට ඒ ගැන පුරුදු කරයි.. අනිත් දේ තමයි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන.. ඔයාට මද චක්‍රය පටන් ගන්නව.. එතකොට ඔයාගෙ ඇඟේ ඔමේගා ස්වරූපය තමයි හුඟක් වෙලාවට ඔයාව පාළනය කරන්න උත්සහ කරන්නේ.. ඒක නිසා ඇල්ෆලා එක්ක ඒ දවස් වල ටිකක් දුරින් සම්බන්ධතා තියාගන්න.. විශේෂයෙන් කියන්නෙ ඔයා තනියම ඉන්නෙ ඇල්ෆා කෙනෙක් එක්ක නිසා.. මට යුන්ගි ගැන විශ්වාසයි ඒත් හොබී ඔයා දන්නවනෙ ඒ දේවල් වලට දැන්ම අවසර නෑ.. ඔයා මට මගේ දරුවෙක් වගේ.. ඒක නිසා හැම දෙයක්ම මට කියන්න හරිද..? බය වෙන්න එපා.. තේරුණා නේද.? '

ජින් අම්ම කෙනෙක් වගේ හොබී ට අවවාද කරද්දී හොබී ඒ දේවල් පිළිගත්ත බව අඟවන්න වුණා..

' තේරුණා හියුන්ග්... '

' හොඳ ළමයා.. '' ආආ.. අනිත් එක තමයි අපේ එක්කෙනාගෙ සුවඳ ටිකක් වෙනස් වුණු වෙලාවට එයා ළගට යන්න එපා.. තේරුණා නේ.. කාමරේට වෙලා ඉන්න.. '

' හරි හියුන්ග්.. '

' දැන් රෑ වෙන්න කිට්ටුනේ හොබී අනිත් අය එක්ක පරිස්සමින් ගෙදර යන්න දැන්.. '

' ඇයි හියුන්ග්..? '

' නෑ හොබී අද රෑ කරන්න සැත්කම් දෙකක් තියේ.. ජුන් එනවනේ එයා එක්ක තමයි යන්න වෙන්නෙ.. ඔයාල පරිස්සමින් යන්න එහෙනම්.. '

' හරි හියුන්ග් අපි යන්නම්.. '

' පරිස්සමින්.. '

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

' ටේ කෝ අනිත් අය..? '

පුස්තකාල ශාලාවෙ ටේ විතරක් තවම ලියන නිසා හොබී ඇහුවා..

' අහ්.. හොබී එයාල ගියා බඩගිනි කියල කන්න මොනාහරි අරන් එන්න.. දැන් ඒවි.. '

ටේ ඇස් හීනි කරන් හිනා වෙලා ආයේ ලියන වැඩේට අවධානය දුන්නා..

' අහ්.. මම ඉන්නම් ඔයා ලියන්න එහෙනම්..'

හොබී එහෙම කියන් අනිත් අය විසිරුවලා ගියපු පොත් ටික අත් දෙකට එකතු කරන් රාක්ක වලින් තියන්න ගියා...

රාක්ක අස්සේ අතුරුදහන් වුණා විතරයි හොබී අනිත් අය ඇවිල්ලත් තවම ආවේ නැති නිසා යුන්ගි හොබී එක්කන් එන්න ගියා.. උසට උසට රාක්ක නිසා ඇවිද ඇවිද හොබී හෙව්ව යුන්ගි අන්තිමට බිම ඉඳගෙන පොත් වගයක් කලබලෙන් පෙරලන හොබී ව දැක්ක..

' හොබී අපි දැන් යමු නේද..?'

යුන්ගි ගෙ කටහඬ ඇහුන ගමන් හොබී කලබලෙන් පොඩි පොතක් කබාය අස්සේ හංගගත්තා.. ඒත් ඒක යුන්ගි දැක්කෙ නෑ..

' ඔහ්.. යුන්ගි ආවද ඔයාල.. මම මේ බිම වැටිලා තිබුණු පොත් වගයක් හැදුව.. යමු නේද..?'

හොබී යුන්ගි තමන් කරපු වැඩේ දැක්කද කියලා සැක නිසා ගිහින් යුන්ගි ගෙ ඇඟේ දැවටෙන ගමන් යුන්ගි ගෙ තොල් වලින් හාදුවක් තිබ්බ.. එතනින් එහාට යුන්ගි ත‍් හොබී ට අවනත වුණා මිසක් වෙන දේවල් ගැන අහන්න උනන්දු වුණේ නෑ..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

ගෙදර ගිහින් නාල සැහැල්ලු ඇදුමක් ඇඟේ දවටන් හොබී කාමරේට ගිහින් යමක් සටහන් කරගන්න වැඩ වගේක නිරත වුණා.. යුන්ගි වුණත් ඒ ගැන අහන්න ගියේ නැත්තේ සමහර වෙලාවල් වල ජින් ගෙ වැඩ වලින් සමහර කොටස් හොබී ට ඉවර කරන්න පවරන නිසා..

ටික වෙලාවකින් හොබී හුස්මක් පහළ දාන ගමන් පොත් ටිකයි තීන්ත කුප්පියයි වහලා සටහන් කොළ ටික පෙට්ටියක දාලා යතුරු දැම්මා..

හොබී නිදන ඇදුම හද හද පහළට එද්දි යුන්ගි පාඩම් කරනව.. හොබී බාධාවක් නොකර ගිහින් වතුර විදුරුවක් බීල උඩට යන්න ගියත් යුන්ගි කතා කරපු නිසා ඒ ළඟට ගියා..

' හොබී ඔයා හොඳින් නේද..?'

යුන්ගි අතේ තිබුණු පොත වහලා තියලා පුටුව මේසෙන් පිටිපස්සට ඇදගෙන හොබී ගෙ අතකින් අල්ල ගත්තා..

' ම්ම්ම්ම්.. ඔව් යුන්ගි මම හොඳින්..'

හොබී මවාගෙන හිනා වුණත් ඒක යුන්ගි දැක්කා..

' ම්.. නෑ නෑ මගේ ඔමේගා දුකින් වගේ ඉන්නෙ.. කෝ එන්න බලන්න.. '

යුන්ගි හොබී ව තමන්ගෙ උකුලෙන් ඉන්දව ගද්දි හොබී ගෙ අත් ඉබේම යුන්ගි ගෙ කර වටේ එතුන..

' ඔයා බොරුවට හිනා වෙද්දි පේනවනේ ඉතින්.. ම්ම්ම්.. මොකක්හරි ප්‍රශ්නයක් නම් මට කියන්න'

යුන්ගි හුඟක් ආදරෙන් හොබී දිහා බලාගෙන කියද්දි හොබී ඉක්මනින් යුන්ගි ගෙ උරහිසේ මූණ හංග ගත්තා..

' හරි හරි හිතන්න එපා.. ඔයාගෙ හිතට වද දෙන ඕනම දෙයක් තියේ නම් මට කියන්න.. මම අහන් ඉන්නම් හරිද..? ඔයා මම ඔයාගෙ තාත්ත කියලා හිතන්නකො.. '

යුන්ගි හොබී ගෙ ඔලුව හෙමින් පිරිමදින ගමන් කතා කරා.. හොබී වුණත් හැමවෙලේම වගේ යුන්ගි ගෙ උණුසුමට ආසා කරා.. යුන්ගි තුරුලේ ඉද්දි හොබී ට අඩන්න පුළුවන්.. ඉබේටම ඒක වෙනව.. කල්පයක් විතර හිර කරන් ඉන්න දුක දිය කරලා හරින්න තරම් සුව පහසු හැගීමක් හොබී ට ඒ උණුහුම, සුවඳ ගෙනාවා.. අනිත් එක හොබී ට යුන්ගි ව දැනුනෙ පෙම්වතා විඳියට ම නෙමේ.. හරියට වැඩිහිටියෙක්, නැත්නම් යුන්ගිම කිව්ව වගේ තාත්ත කෙනෙක් වගේ.. ඒ හැගීම නිසාම හොබී කිසිම භයක් සැකක් නැතිව යුන්ගි ඉස්සරහ නිදහසේ හැසිරුණා..

' මට දුකයි නේ යුන්ගි... හුඟක්..'

යුන්ගි ගෙ බෙල්ලේ ගෑවෙන තද කළු කොන්ඩේ ඇඟිලි තුඩු වලින් අවුස්සන ගමන් හොබී කතා කරා..

' ඇයි දැන් දුක කියන්න බලන්න..'

' දන්නෙ නෑ.. දන්නව ඒත් කියන්න තේරෙන්නෙ නෑ..'

' ම්ම්ම්ම්... එහෙමද අපි දුක හිතෙන දේවල් තියේ නම් අමතක කරමු හරිද..? ලොකුවට හැමදේම හිතන්න එපා.. අද දවසට මූණ දෙන්න.. දැන් මම ඉන්නවනේ මගේ ඔමේගා ළඟ.. ම්ම්.. මම හැමදාම ඉන්නව.. දුක් නොවී නිදාගන්න.. හරිද..? '

' ඒකත් ඇත්ත නේද..? ම්ම් මම කරන්න උත්සාහ කරන්නම්.. '

'හොඳ ළමය.. '

යුන්ගි තමන්ගේ උරහිසේ මූණ තියන් ඉන්න හොබී ගෙ එක කම්මුලක‍ ආදරේ පිරුණු හාදුවක් තැවරුවා.. ඒකෙන් මූණේ හිනාවක් ඇදුණු හොබී හරිම සන්සුන් විඳියට ඇස් දෙක පියාගෙන හිටියා..

ටික වෙලාවක් යද්දි යුන්ගි හොබී ගෙ පිටට තට්ටු කර කර ඉද්දිම හොබී ට නින්ද ගිහින් තිබුණා.. කකුල් දෙකත් හිරි වැටිලා වගේ තිබ්බ නිසා හොබී අවදි නොවෙන විඳියට කාමරේ තියලා පහන් නිවලා යුන්ගි තමන්ගේ කාමරේට ගිහින් නිදාගන්න ලෑස්ති වුණේ හෙට යුන්ගිට තනියම ජින් එක්ක දවල් වරුවම වැඩ කරන්න තියෙන නිසා.. හැම රැකියාවටම නිවාඩු තිබුණත් ජින් ට වත් අනිත් අයට වත් නිවාඩු නැති වුණේ රෝගීන් ගේ ජීවිත එක්ක දවසකට වෙහෙසෙන එක ලොකු වගකීමක් නිසා..



































































































━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

°°° 💢 අයියෝ ලමයි සමාවෙන්න මට කතාව පටන් ගන්නකොට කියන්න බැරි වුණාට.. මම හිතුවෙ තේරෙනව ඇති කියලා.. ඒත් ටිකක් පැටලෙනව නේද.. ඉන්නකො මම පැහැදිලි කරන්න..

+ මෙහෙමයි මේ සියවසේ රැළවල් නිදහස උපරිමෙන් භුක්ති විඳින බව ඇත්ත.. ඒත් ඒව හරිම සාම්ප්‍රදායිකයි..

තේරුණාද.., 🙃

ඒ කියන්නෙ එයාලගෙ සමහර දේවල් නීතියට අනුව සිද්ධ වෙන දේවල්.. එයාලගෙ සහකරුවන් වෙන වෙන රැළවල් වල ඉන්න පුළුවන් ඒත් අර එයාල අදහන දෙව්දුව මැවීම් මත පදනම් වුණු සහකරු තමයි තමන් බාරගන්න ඕන..

ඒක විනය ගැන වගේම ප්‍රශ්න ඇති නොවෙන්න හදපු දෙයක්..

ජින් ගෙ ජිමී ගෙ ජීවිත වල එහෙම ප්‍රශ්න නෑ මොකද එයාලට හම්බවෙලානෙ තියෙන්නෙ සහකාරයෝ..

ඒත් යුන්ගි, හොබී ලා එහෙම නෙමේ.. එයාල සහකරුවන් විඳියට අදුරගෙන නෑ ..

එකක් හොබී ට අවුරුදු විසි එකක් වුණා විතරයි..

අනිත් එක එයාගෙ ඔමේගා පුහුණු කරවලා නෑ.. හරියට හැගිම් අඳුරගන්න පුළුවන් වුණු කාලෙකට තමයි තමන්ගේ සහකාරයා තමන්ට අදුර ගන්න පුළුවන් වෙන්නෙ..

ඒකයි එයාල කලින් වතාවේ පැනලා යමු කිව්වේ.. හදිස්සියේ වත් එයාලට වෙන සහකාරයෝ හමු වුණොත් එකතු වෙන්න බැරි නිසා..

හී.... 😊තේරුණාද පැහැදිලි නැත්නම් අහන්න හරිද..? 😚

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

එහෙනම් මම යනවා.. 😚😚😚

📌හැමොටම කියන්නෙ මේ දවස්වල පරිස්සමින් ඉන්න...

Love you soooooooooooo much cherries. 🌼🌹
Thanks for votes and comments
Mmwh🌹

Cherry_minshi_
Luv yourself
Stay safe❤️









Weiterlesen

Das wird dir gefallen

179K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
24.2K 1.1K 40
တစ်ပါးသူတစ်ယောက်ကို အမှီပြုပြီးမှရှင်သန်ရတဲ့ဘဝမျိုးကို မင်းသိလား...၊ ခပ်မြင့်မြင့်ရောက်ချင်လွန်းလို့ တွေ့ကရာဖက်တွယ်ပြီး ရှင်သန်ရတဲ့နွယ်မျှင်တွေနဲ့တော...
156K 9.8K 20
ကမ္ဘာပေါ်မှာ လူပေါင်း billion ချီပြီးရှိနေလည်း ကျွန်မအကြည့်တွေက ရှင့်တ​ယောက်အတွက်သာ။
237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...