ලා ඉර එළියක් මූණට වැටෙන නිසා හොබී දිගහැර ගත්තු අවාන මූණට ඉහලින් ඇල්ලුවේ ඇස් වලට අමාරු නිසා..
' මොනා කරනවද මන්දා..'
හොබී මුමුණන ගමන් ළඟ තිබ්බ ගලකට කකුලෙන් තට්ටුවක් දැම්මා..
තද නිල් පාට හැන්බොක් එක කළු පාට ඉරි වලින් පින්තාරු කරල ඇඟේ ගාණට මහල තිබුණ නිසා හරිම ලස්සනයි.. කොහොමත් මොන ඇදුමට වුණත් හොබී ලස්සනයි..
'සමාවෙන්න හොබී ටිකක් විතර පරක්කු වුණා.. '
එළියට වෙලා බලන් ඉන්න හොබී ඔලුව උස්සල ඉස්සරහ දොර දිහා බැලුවේ යුන්ගි දොර වහන් එළියට ආපු නිසා.. තද කළු පාට ඇදුම එක්ක යුන්ගි හුඟක් කඩවසම් තරුණයෙක් වුණා.. හොබී ගෙ කන වැකුණු තරුණ ඔමෙගලා වර්ණනා කරන යුන්ගි ගෙ පෙනුම නම් ඇත්තටම හිත් ඇදගන්න එකක් වුණා..
' ඒකට කමක් නෑ..'
හොබී යුන්ගි ගෙ ඇස් වලින් ඇස් අහකට ගන්නෙ නැතුවම කිව්ව..
'අපි යමු..'
• . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . • . •
තැනිතලාව දිගේ ඔහේ අරමුණක් කතාබහක් නැතුව ඇවිද ගෙනගිය යුන්ගි හිටියේ දැඩි නිශ්ශබ්දතාවය එක්ක හෙම්බත් වෙලා.. ඒත් හොබී නම් හිටියේ කැරකි කැරකි හැමතැනම තිබුණු ලස්සන දේවල් එක්ක වෙනමම ලෝකෙක.. මේ දිහා බලන් හිටපු යුන්ගිට හිතුනෙ,
'මේ මොන මගුලක් ද' කියලා විතරයි..
හොබී යුන්ගි ගෙ උදාසීන මුහුන තේරුම් ගත්ත නිසාම නිශ්ශබ්දතාව බිඳින්න මුල පිරුවා..
' ඔයා නිතරම මෙහෙට එනවද යුන්ගි..'
හොබී අහපු ප්‍රශ්නෙට උත්තර විඳියට යුන්ගි ඔලුව දෙපැත්තට වැනුවා..
' එහෙනම්..?'
' නිතරම එන්න වෙන්නෙ නෑ ඒත් අපි මාසෙකට සැරයක් විතර එනව.. හැමොටම විවේක වෙලාවල් හොයාගන්න අමාරුයි....'
හොබී ඒ උත්තරෙන් සෑහීමකට පත් වුණා..
' මම මීට කලින් කවදාවත්ම තනියම ඇල්ෆා කෙනෙක් එක්ක ඇවිදින්න ඇවිත් නෑ.. මේක තමයි පලවෙනි වතාව..'
ඒ කතාවට යුන්ගි ටිකක් පුදුම වුණා..
' ඇයි ඒ..? '
' එහෙම තමයි ඉතින්.. හැමෝම විශ්වාස කරන පුරුද්දක් මන් ළඟ නෑ.. '
' ඔයා හරි වෙනස් හොබී.. මටනම් තේරුම් ගන්න අමාරුයි.. '
' ඒ කියන්නෙ මාව තේරුම් ගන්න උත්සාහ කරලා..? එහෙම නේ.. '
හොබී හිනාවෙන ගමන් යුන්ගි ගෙන් අහද්දී යුන්ගි ටිකක් විතර කලබල වුණා..
' එහෙම නෑ.. ඒත් නැත්තෙමත් නෑ.. '
යුන්ගි කන අතගාන ගමන් උත්තර දුන්නෙ කටහඩ බාල කරලා..
' ඒ කියන්නෙ කරල තියේ.. '
හොබී ටිකක් සද්දෙන් හිනා වෙන ගමන් යුන්ගිගෙ අතක එල්ලුනා..
' ඒත් මම මෙහෙට හුඟක් කැමති.. ඉක්මනටම යන්න දුකයි..'
හොබී අන්තිමට ටික කියද්දි කටහඬ ටිකක් බර වුණා..
' ඒ කියන්නෙ ඔයා යනවද..?'
' සමහරවිට..'
ඒ උත්තරේ යුන්ගිගෙ හිතට දුකක් ගෙනාවා..
' ඇයි ඔයා මං එක්ක වැඩිය නැත්තෙ..?'
යුන්ගි කතාව වෙන පැත්තකට හැරෙව්වා...
' වැඩිය නෑ කියන්නෙ කොහොමද මේ දැනුත් ඔයා එක්කනේ ඉන්නෙ..'
හොබී සෙල්ලක්කාර කටහඬින් උත්තර දීලා ඉස්සරහට දුවන් ගියා..
'' ' පුදුම අහංකාරකම.. ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බෑ..' ''
යුන්ගි තනියම හිතමින් සාමාන්‍ය ගමනින්ම ඇවිදන් ගියා..
'ඒ දුවලා වැටෙන්න එපා...'
කියලා යුන්ගි කටින් කිව්වත්.. හිත නම් කිව්වේ,
'' ' වැටුනත් මට මොකෝ අහංකාර ඔමේගා' ''
කියලලු ..
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
'ඇත්තටම අද දවස ඔයාට ගාණක් නැද්ද හොබී.?'
මලක් අතේ තියන් ඒකට පිඹ පිඹ වෙනම ලෝකෙක හිටිය හොබී ගෙන් යුන්ගි ඇහුවේ අද දවස ගැන එපා වුණු ගතියක් හිතේ තියාගෙන..
' එහෙම විශේෂයක් නෑ.. ඇයි අද මොකක්හරි තියෙද..?' 'සමාවෙන්න ඒත් මට මතක නෑනෙ යුන්ගි.. '
'ආ.. නෑ නෑ එහෙම නෙමේ මම මේ කිව්වෙ අද ආපු එකේ අපි දෙන්නට තෙමෙන්න වේවිද කියලා.. අර බලන්න දැනටමත් වැහි වලාකුළු පිරිලා.. '
යුන්ගි වලාකුළු පිරුණු අහස දිහාට ඇස් වලින් ඉඟි කරලා තණ කොළ බිමේ අත් දෙක ඔලුවට තියන් හාන්සි වුණා..
හොබී යුන්ගිට ටිකක් ඈතින් බිම ඉඳන් හිටියා.. හිතට ආපු පොඩි සෙල්ලක්කාර අදහසක් නිසා හොබී මල් පෙති ටිකක් අත් දෙකට එකතු කරන් ගිහින් ඇස් පියන් ඉන්න යුන්ගිගෙ මූණ උඩට අතෑරිය පාර යුන්ගි ගෙ කටේ එක්ක මල්..
' ඊව්.. යාආආආආහ්.. හොබී තමුන්ට අද මම.. ඔහොම නවතිනවා අහංකාර ඔමේගා.. අහුවුණොත් අද මම ඉතුරු කරන්නෙ නෑ..'
යුන්ගි කෑ ගහන දිහා හිනා වෙවී බලන් හිටිය හොබී ගෙ මූණ වෙනස් වුණේ යුන්ගි හිටිය තැනින් නැගිටලා කෝටුවක් අරගෙන හොබී දිහාට එන්න ගත්තම..
අද ඉවරයි..
හොබී එතැන තිබ්බ ගහ වටේ දුවන්න ගත්තෙ යුන්ගි මරණවා කිය කිය පස්සෙන් පන්නන ගත්තු නිසා..
' යාආආහ්.. ඔහොම ඉන්නවා... තුප් මේ මල ජරාව කටේ යනවත් එක්ක.. අහුවුණොත් ඉතුරු කරන්නෙ නෑ..'
' අනෙහ්හහ හරි හරි සමාවෙන්න යුන්ගි.. ආයේ කරන්නෙ නෑ.. අනේ.. ආව්.. හහ.. ඔය වැටෙයි..'
හොබී හිනාවෙවී අඩ අඩ දුවද්දී පොද ගහන්න ගත්තා.. පොද ගහද්දි ටිකක් විතර බය වුණු හොබී එහෙමම නවතිද්දි යුන්ගි හොබී වත් ඇදගෙන තෙමෙන්නෙ නැති තැනකට ඉක්මනින් ගියේ දෙන්නම අසනීප වුණොත් ගෙදර ගිහින් ජින් ජිමී එක්ක ඉඳලා හමාර නිසා..
පොද වැස්ස මහා හයියෙන් වැටෙන්න ගත්ත නිසා දෙන්නම හොඳහැටි නාල හිටියේ.. ගම දිහාට යන්න වෙලාවක් නැති නිසා ඉස්සරහට ගිහින් ඒ හරියේ තිබුණු පොඩි ගුහාවක් වගේ තැනකට ආවේ එතැන තෙමෙන්නෙ නැති නිසා..
' මදැයි ඉතින් ඇවිදින්න ආව..'
යුන්ගි තමන්ටම කියාගන්න ගමන් පිටිපස්ස හැරිලා බැලුවෙ හොබී සද්දයක්වත් නැති නිසා..
අහසේ විදුලි කොටන දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න අතරේ හොබී ගෙ ඇස් වල ඒ විදුලි රේඛා ඇදෙන හැටි යුන්ගි දැක්ක.. කඳුළු නිසා ඇස් පිය ගහද්දිම කඳුලක් පහළට ගලාගෙන ගියා..
' හොබී මොකද මේ ඔයා බයද.. ම්ම්ම්..?'
හොබී ඔව් කියන්න ඔලුව වනලා ආයේ නෑ කියන්න ඔලුව වැනුවා.. ඒකට යුන්ගි ට පොඩි හිනාවක් ගියා..
' හරි හරි මම මොකුත් කියන්නේ නෑ.. බයයි නම් කියන්න හංගන්න එපා අපේ ජිමීත‍් හරි බයයි අකුණු ගහනවට..'
යුන්ගි හොබී ගෙ හිත හැදෙන්න එහෙම කියද්දී අකුණක් පුපුරලා ගිය නිසා හොබී යුන්ගි ට තුරුල් වුණා.. යුන්ගි ත‍් හොබී වටේ අත් යවන ගමන් තමන්ට හොබී ව හොඳට තුරුල් කරගත්තා..
' මේ බලන්න හොබී අපි දෙන්නම තෙමිලා හොඳටම.. ඔයාට සීතලයි නේද.. '
යුන්ගි කරන්න දෙයක් කල්පනා කරා.. වැස්ස දැන්ම අඩු වෙන පාටක් තිබ්බෙ නැති නිසා ඇදුම් ටික වේලගන්න විඳියක් තිබ්බෙ නෑ ඇරත් ගිනි මැලයක් ගහගන්න වත් දර ටිකක් තිබ්බේ නෑ..
කරන්නම දෙයක් කල්පනා වුණේ නැති නිසා යුන්ගි වාඩිවෙලා උඩ ඇදුම ගලවලා පැත්තකින් දැම්මා..
' ඕක ගලවන්න හොබී ඔහොම හිටියොත් දෙන්නටම වෙන්නෙ ලෙඩ වෙන්න..'
යුන්ගි කියපු දෙයින් හොබී රතු වුණා.. ඒ මොන විකාර කතාවක්ද.. ඇදුම් ගලවන්න අනික ඇල්ෆා කෙනෙක් ඉස්සරහ.. අපොයි...
' අයියෝ හොබී හිත හිත ඉන්න දෙයක් නෑ මම විතරයි මෙතැන ඉන්නෙ ඉක්මනට ඕක අයින් කරන්න..'
' ඔයා විතරයි ඉන්නෙ කියන්නෙ ඔයා මගේ කව්ද ඔයා ඉස්සරහ ඇදුම් ගලවන්න කියන්න හහ්.. මට මෙහෙම හොඳයි..'
හොබී අහක බලාගෙන කිව්වේ යුන්ගි යටින් ඇඳපු සුදු පාට විනිවිද පේන ඇදුම ඇගට ඇලිලා පේන නිසා හොබී ට අපහසුතාවයක් දැනුන නිසා..
' විකාර නොකිය මෙහෙ එනව ඔය විකාර ඇදුම ගලවලා අයින් කරන්න.. කියවිල්ල නම් තියනව අහස උසට.. '
යුන්ගි බලෙන්ම ඇවිත් හොබී ගෙ ඇදුමෙ පටි වලින් ඇදලා දාල උඩ ඇදුම අයින් කරලා දැම්මා..
' ඕක කරගන්නනෙ ඔච්චර දැඟලුවෙ..'
' යාආආආහ්.. මමද කිව්වේ මෙතැන ඇවිදින්න එන්න ඕන කියල ආආආආ.. ඒ මදිවට ලජ්ජ නැතුව මගේ ඇදුම් ගලවලත‍් දාලා ඉන්නවකො ගෙදර ගිහින් මේ සේරම ජින් හෙයොන් ට කියනව මම..'
හොබී ඇදුම් අතරින් පේන තමන්ගෙ පපුව අත් දෙකින් වහගන්න උත්සාහ කරන ගමන් යුන්ගි ට බැන වදින්න ගත්තා..
' හරි ඉතින් සමාවෙන්න අපේ හෙයොන්
ට කියන්න ඕන නෑ හහ් .. උදව්වක් කරේ මම '
යුන්ගි නපුරු ඒත් දුක හිතෙන මූණක් හදාගෙන කියල අහක බලාගත්තා..
' මට සීතලයි පුළුවන් නම් මන් ළඟට එනව ද..?'
ටික වෙලාවක් නිහඩව ඉඳලා හොබී කිව්වේ සීතල හුලං වලට අත් සීතල වෙලා ගැහෙන්න ගන්නව වගේ දැනුන නිසා.. ඒත් හොබී කියපු දෙයින් යුන්ගි වුණේ පුදුම වුණු එක.. ඇයි දැන් අල්ලන්න එපා කිය කිය රණ්ඩු වෙලා ආයේ කියනව ළඟට එන්නලු..
' කමක් නැද්ද..? '
යුන්ගි ඇහුනු දේ හරිද කියලා බලන්න ආයේ කතා කරා..
' හ්ම්ම්..'
හොබී කියනවත‍් එක්කම යුන්ගි හොබී ගෙ උරහිස් වටේ අතක් යවල තමන්ට හෙත්තු කර ගත්තා.. යුන්ගි ලඟින් සීතලේ වුණත් දැනෙන උණුසුමට හොබී ඇබ්බැහි වෙනව වගෙ එයාට දැනුනෙ.. යුන්ගි ගාවට තුරුල් වෙන හැම සැරේම හොබී ට ලොකු ආරක්ෂාවක් වගේම ආදරණීය හැගීමක් ඇති වුණා..
යුන්ගි කොන්ඩෙ තිබ්බ වතුර අතින් ගසන ගමන් වහින එක අඩු වෙනකම් අහස දිහා බලන් ඉද්දි අද දවසෙ එළියට ආපු කාරණාව මතක් වුණේ..
එක්කෝ මෙහෙම වුණ එක තව හොඳයි.. හරි යුන්ගි හෙමින් සැරේ අපි ජවනිකාවට එමු.. ඒකත් මරු නවකතා වල වගේ වැස්සේ තුරුල් වෙලා, ඔය තියෙන්නෙ ගාණට..
ඉබේම යුන්ගි ගෙ මූණේ හිනාවක් ඇදුනා..
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
Hi bubs.. ❤️
හී.. හරි හරි ආයේ daily දෙනව 🙂මේකයි කතාව ඉතින් මටම හිතෙනව මේ story එක හෙන බොළඳ එකක් කියලා..😐 හරි කම්මැලි ඉතින් එහෙම වෙද්දි.. 😗
අනේ ලමයි මට හිත හැදෙන්න නෙමේ හරියට කියන්න මෙහෙම ලියද්දි නිකම් boring වගේද. ❤️
එහෙනම් මම යන්නම් ලමයි... 🍃
Love you soooooooooo much mmwh🐌💕
Thanks for votes and comments.. 🌵
🌵🌵🌵❤️
Cherry_minshi_
Luv urself
Stay safe💕
#namjin awwwww🍭❤️