කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවේ මම කාටවත් මුහුන දෙන්න බැරි හන්දා. ඒත් මට මන් ගැනම ලැජ්ජවක්. මන් ගැනම පසු තැවීමක් ආවා.
මන් ආයෙමත් ගිහින් නම්ජූන් ගෙන් සේජින් අන්කල් ගෙන් අනිත් 5 දෙනාගෙන සමාව ඉල්ලුවා.
"මට සමාවෙන්න මන් හන්දා ඒ හැමදෙයක්ම."
"නෑ ජින් හ්යුන්ග්. ඔයා සින්ග් කරන්න ඕනේ කියද්දි මමයි නැවැත්තුවේ. හ්යුන්ග් නෙවේ එක නැවත්තුවේ."
නම්ජූන් කියනකොට සේජින් මගේ ලගට ඇවිල්ලා පිටට තට්ටුවක් දාලා ගියා
"එවුරි තින්ග් විල් බී බෙටර් සූන් ජින්."
ජින් අන්කල් මන් පොලිස් ලොකප් එකේ ඉදලා එද්දිත් කිව්වේ එකම තමයි. ඒත් දැන් මාස තුනක් ගිහිල්ලත් තාම මේ ප්‍රශ්නේ විසදුනේ නෑ.
මට තිබ්බ එකම බය කම්පනි එකේ කවුරුත්, ටොප් මැනේජ්මන්ට් කවුරුත් මාත් එක්ක මේ ප්‍රශ්නේ ගැන තාම කතා කරේ නැති එක. සමහර විට ටික කාලයක් බලල එයාලා මට තීරනයක් ගන්න දෙයි. එක්කො අයින් වෙන්න කියයි
දැන්ම ඉදන්ම ඒකට හිත හදා ගන්න එක හොදයි කියල මට හිතුනා. මන් කාමරේට ආවේ මේ දේවල් ඔලුවෙන් අමතක වෙන්න නිදගන්න කියලා.
ඒත් මන් දන්නේ නෑ ඇයි කියලා නිදිමතක් මගේ ලග තිබ්බේම නෑ. පිල්ස් ගත්තත් මට නින්ද යන පාටක් තිබ්බේ නෑ.මන් එහාට මෙහාට පෙරලි පෙරලි හිටියා ගොඩක් වෙලා යනකන්. එලියට යන්න හිතුනත් ජන්ග්කුක් නිදි නැතුව හිටපු හන්දා මන් ඒ අදහස අත් ඇරගත්තා.
අනිද්දා හන්සූ ගේ උපන්දිනය. හන්සූට වයස 25ක් දැන්.
මට හන්සූව හම්බෙනකොට වයස 18යි එයාගේ. කොච්චර කාලයක් එයා අපිත් එක්ක හිටියද කියන එක මට පුදුමයක්.
හොද දේවල් නරක දේවල් හැම්දේම එයා දරාගත්ත හැටි.
ජන්ග්කුක් වෙනස්කම් කරනකොට එව්වා ඉවසපු හැටි. ඒ දේවල් මන් උනා නම් මන් කොහොම කරයිද කියලා මන් කල්පනා කරා. ඒත් හන්සූ කියන්නේ ගොඩාක් ශක්තිමත් කෙනෙක් කියලා විතරක් මට අන්තිමේදි හිතුනා.
-ඊලගෙ ආත්මේ මන් ඔයාට කලින් ඉපදෙනවා ජන්ග්කුක්. ඊලග ආත්මෙදි මන් හන්සූ ව ඔයාට දෙන්නේ නෑ.-
නිදාගෙන ඉදල නැගිටලා මන් ඒක ජර්නල් එකේ අප්ඩේට් කරා. මන් ලැප්ටොප් එකත් අතේ තියාගෙන ඉන්නවා දැක්ක ජ්නග්කුක් මට කතා කරා.
"හ්යුන්ග් නිදි නැද්ද?"
"නෑ. නින්ද යන්නෙ නෑ "
"හ්යුන්ග් දන්නවද මන් සූට මේ බර්ත්ඩේ එකට දෙන දේ ?"
කවුරුත් ඇහුවට ජන්ග්කුක් කිව්වේ නෑ මේ පාර එයා මොකක්ද දෙන්නේ කියලා . ජිමින් හෝසෝක් දෙන්නා බෙට් කරා දෙන දේවල් වලට දැන් මාසෙක විතර ඉදන්..
මන් ඒක කල්පනා කරන ගමන් දනේ නෑ කිව්වා.
"දන්නේ නෑ මොකක්ද ? "
"සාර්ලිස්ට වයිෆ් කෙනෙක්.
සූ හැමදාම කිය කිය ඉන්නේ සාර්ලිස් පව් එයා තනියම සෙල්ලම් කරන්න වත් කෙනෙක් නෑ කියලා. සූ ත් ඉතින් පීඑච්ඩී එකට වැඩ හන්දා රෑට් විතරනේ ගෙදර ඉන්නේ. ඉතින් මන් සාර්ලිස් වයිෆ් කෙනෙක් දෙන්න ඉන්නේ."
මන් හිනා උනා. හිනාව ඇතුලේ තිබ්බේ බයක්. දැන් ගෑනු බල්ලෙකුට නමක් හොයන්න එපැයි. කටට ආව නම ගොන් සාර්ලිස් කියලා කිව්වාට දැන් මගේ ඔලුවට ඒ වගේ නම් එන්නෙත් නෑ
ඒත් මගේ බය ජන්ග්කුක් ඊලගට කිව්ව දේවල් වලින් නැති වෙලා ගියා.
"සූ ට කියනවා නමක් දාන්න කියලා. එතකොට ගිෆ්ට් එක හරිනේ.."
"හ්ම්ම්. සප්‍රයිස් එක හරිද දැන්?"
"ඔව්. සූගේ අපාර්ට්මන්ට් එකේ තියනවා. එයා මේ දවස් වල ඉන්නේ අනිත් ගෙදර. ගොන් සාර්ලිස්ව තියන් ඉන්න විදිහක් නෑ නේ අපාර්ට්මන්ට් එකේ. ඉතින් සූගේ අජුම්මා එක්ක කතා කරලා එහෙ කෝඩ් එක ඉල්ලගත්තා. හෙට ඩෙකරේශන් කරන්න කට්ටිය යනවා. ජින් හ්යුන්ග් දන්නවද මේකට කවුද උදව් කරන්නේ කියලා.?"
මන් ඇත්තටම දැනගෙන හිටියේ. මන් විතරක් නෙවේ. මුලු ගෲප් එකම දැනගෙන හිටියේ. ටෑයුන්ග් ජන්ග්කුක් දෙන්න ඇරෙන්න මුලු බිග් හිට් එකම ඒක දන්නවා. රහසක් විදිහට තියාගන්න ඕනේ නිසා මන් දන්නවා උනත් දන්නේ නෑ කියලා ඔලුව වැනුවා.
"ශින් හා උදව් කරන්නේ. ඒත් ටෑයුන්ග් දන්නේ නෑ. කියන්න එහෙම එපා."
හන් සූ තමයි අඩුම කරදර ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒත් හෝසෝක් යුන්ගීගේ දෙන්නා එෆයාර් එක පබ්ලික් කරන්න ඕනේ කියලා ටිකක් කරදර කරනවා සැරින් සැරේ . හන්සූ ඔහේ ඉන්නවා මොකුත් කරන්නෙ නැතුව. ටෑයුන්ග් ට නම් කොහොමත් ගාන්ක් නෑ. නම්ජූන්ගේ එෆයාර් එක නවත්තන්නත් හැදුවා මේ ප්‍රශ්නේ හන්දා එයා. හැබැයි 6 දෙනාම කොහොම කොහොම හරි එක රූමර් එකක් වත් එලියට යන්නෙ නැතුව ශේප් එකේ එයාලගේ වැඩ ටික කරගත්තා.
ජන්ග්කුක් එක්ක කියව කියව ඉදලා කොහොම හරි පාන්දර මට නින්ද ගියා. පහුවෙනිදා දවල් වෙනකන් නිදාගෙන තිබ්බේ මන් විතරයි. මන් යනකොට හැමෝම ලන්ච් ගන්නවා.
"අහ් හ්යුන්ග්. එන්න කන්න."
මන් දත් මදින්නේත් නැතුව ගිහින් කන්න පටන් ගත්තා. රෑට කෑවෙත් නැති හන්දා බඩගින්නේ හිටියේ මම.
"හෙට දැන් පාර්ටි එක නෙද හන්සූ ගෙ?"
නම්ජූන් කන ගමන් ජන්ග්කුක්ගෙ ඇහුවා.
"ඔව් හ්යුන්ග්. මන් මේ හෙටම ප්‍රපෝස් කරන්න ඉන්නේ. අවුලක් නැද්ද?"
"කොහොම හිටපු කොල්ලෙක්ද දැන් දියුනු වෙලා තියෙන්නේ?"
හෝසොක් කියද්දි ජන්ග්කුක්ගෙ මූන රතු උනා.
"මූරින් හ්යුන්ග් ටත් එන්න කිව්වා මන් . අපිට වෙන යාලුවෝ නෑනේ එන්න කියන්න."
ජින් මගෙන් ඒක ඇහුවේ කමක් නැද්ද කියලා මගෙන් අහන්න. මන් කිව්ව කමක් නෑ කියලා. කොහොමත් බෝතල් සිද්දියෙන් පස්සේ ජන්ග්කුක් එක්ක තමයි මූරින් වැඩිපුරම හිටියේ
එදා රෑත් මන් නිදගන්න ගියාට නිදිමත ආවෙම නෑ අනිත් අය එක්ක හිනා වෙලා හිටියට මන් බයේ හිටියේ ෆෑන් බේස් එක මොකක් හරි කරොත්.... අනිත අයටත් සින්ග් කරන එක නවත්තන්න වෙයි කියලා.
ජන්ග්කුක් හන්සූගේ අපාර්ට්මන්ට් ගියා එහෙ වැඩ හරිද බලන්න. මන් ඒ අවස්තාවෙන් ප්‍රයෝජන අරන් කෝට් එකත් අරගෙන එලියට ආවේ ඇවිදින්න හිතාගෙන.
ඒත් මේ වෙලාවේ සේජින් අන්කල්ගෙන් අහන්නේ නැතුව කාර් එක් ගන්න දෙන්නෙ නෑ කියලා මට මතක් උනා. කාර් එක ගන්න තියා එලියට යන්න වත් දෙන්නේ නෑ
පිටිපස්සෙ ගේට් එකෙන් මන් කාටත් හොරෙන් එලියට ආවා. යන්න තැනක් ඔලුවේ තිබ්බේ නෑ මට. මන් ඔහේ පාර දිගේ ඇවිදගෙන ගියා ඉස්සරහට.
පාරවල් අපිට පුරුදු මදි. අවුරුදු ගානක් තිස්සේ කම්පනි වාහන වල එහේ මෙහේ ගියා. සියොල් ටව්න් එක පුරුදු උනාට ඊට වඩා එහාට යනකොට අපිට මැප් එක දාගෙනමයි යන්න වෙන්නේ. මට ටිකක් හරි පුරුදුයි. ජන්ග්කුක්! අවුරුදු 15 ඉදන් තනියම ගිහින් නෑ කොහෙවත්.
පුරුද්දටද නැත්තන් වෙන මොකකට හරිද කියලා මන් දන්නේ නෑ මන් ඉස්සරහට යනකොට හම්බුනේ රෝස් ගාර්ඩ්න් එක. වෙනදට අපි වටයක් ගහලා ආවට රෝස් ගාර්ඩ්න් එකට පයින් ආවත් විනාඩි 20න් එන්න පුලුවන් පාරක් තියනවා
හන් සූ වෙනදට ඉන්න තැන බෙන්ච් එක තිබ්බත් මන් ඉස්සරහට ගියා. පාර්ක් එකත් නිකන් අපේ ගෙදර පාර වගේ. මන් දැනන් හිටියේ ගෙදර පාර ලගට විතරයි අවුරුදු ගානක් යනකන්. ඊටපස්සේ ටිකක් එහාට ගියාම පාර්ක් එකක් තියනවා කියලා දැනගත්තෙත් මේ වගේ රෑ ඇවිදලා.
රෝස් ගාර්ඩ්න් එකත් වෙනසක් නෑ. මන් හිතුවේ ඇතුලේ රොසස් තියනවා ඇති කියලා. ඒත් රෝසස් තිබ්බේ නෑ.මන් ඇතුලේ හොදට එලිය තිබ්බ තැනක වාඩි උනා. ඇතුලේ කිව්වට මන් ටිකක් වට පිට බලනකොට දැක්කෙ මන් ඇවිල්ලා වාඩි වෙලා තියෙන්නේ කාර් පාර්ක් එක ලගම බෙන්ච් එකක කියලා.
කෝට් එකෙන් හෙඩ් සෙට් එකත් අරන් මන් අහස දිහා බලාගෙන සින්දුවක් ඇහුවා.
ටික වෙලාවකින් ඉස්සරහා බලන්කොට මගේ ඉස්සරහා තිබ්බ බෙන්ච් එකක ගෑනු ලමයෙක් වාඩි වෙලා හිටියා. වයස අවුරුදු 20ක් විතර ඇති. මන් බය උනා එයා මාව අදුර ගනී කියලා ඒත් පස්සේ මතක් උනා මන් මාස්ක් එක දාගෙන නේද ඉන්නෙ කියලා.
මන් ඒ ලමයා දිහා බලාගෙන හිටියා. එයා පේන්ටින්ග් කරනවා. මන් හිතුවේ රෑට ඒ වගේ දේවල් කරන්න අමාරු ඇති කියලා.
ජන්ග්කුක්ට පේන්ටින් කරනකොට ලයිට්ස් ඔක්කොම දාන්න ඕනේ. මන් බලන් හිටියා. මන් ටික වෙලාවක් බලන් හිටියා. නෑ. මන් ගොඩක් වෙලා බලන් හිටියා.
රෑ වෙලා සියොල් වල තනියම ඇවිදින එක මන් ඉස්සර ලොකු දෙයක් කියලා හිතුවට දැන් එහෙම නෑ.
රෝස් ගාර්ඩ්න් එකේ තියන විශේශත්වය තමයි ඒක 7/24 තියන එක. ගොඩක් මිනිස්සු මෙහෙට එන්නේ ගාර්ඩ්න් එක බලන්න නෙවේ. නිදහසේ ඉන්න
මන් කල්පනා කර කර ඉදලා නැගිටලා ගියා. ජන්ග්කුක් ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියේ නෑ. පිජාමා එකක් උඩින් දාගෙන ඇදට ආවමත් මට මතක් උනේ ඒ ගෑනු ලමයව.
කවුද එයා ?
ඇයි මට එයාව දැකලා පුරුදු?
To be continued......
Fiction by Roshell 🍃