TEARS | Jin Centric | Com...

By Indigojin

42.4K 10.7K 2K

මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජ... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 37
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43
CHAPTER 44
CHAPTER 45
CHAPTER 46
CHAPTER 47
CHAPTER 48
CHAPTER 49
phases of schizophrenia
CHAPTER 50 - Final
Journey of a doctor

CHAPTER 32

591 196 7
By Indigojin

නිදා ගන්න ඕනේ හන්දා මන් පිල්ස් දෙකක් අරන් ඇදට ගිහින් ඇස් වහගත්තා

සොන්හා ... ඔය මොනවද මට මේ කරේ...

මන් නිදාගෙන නැගිටිද්දි හවස් වෙලා. නැගිටපු ගමන් මොකුත් මතක නැති උනාට ටික වෙලාවක් යද්දි මට හැම්දේම මතක් වෙන්න පටන් ගත්තා .

කන්න වත් යන්නෙ නැතුව මන් ආයෙමත් නිදා ගත්තේ මට මගේ මතකයෙන් බේරෙන්න බැරි නිසා.

පහු වෙනිද උදේම සේජින් අන්කල් නැගිට්ටෙව්වා මාව.

"පරක්කුයි ජින්. ලෑස්ති වෙන්න. මෙච්චර වෙලා නිදාගන්නවද?"

"ජන්ග්කුක්..නැගිටිනවා. කොච්චර කිව්වත් වැඩක් නෑ. එක්කෙනෙක් එලාර්ම් එකක් තියාගෙන නෑනේ."

සේජින් අන්කල් උදේ පානදරම එයාගේ එලාර්ම් එක ප්ලේ කරා. කාලා බීලා ලෑස්ති වෙලා අපි ස්ටූඩියෝ එකට ආවා. ස්ටූඩියෝ එකේ ඉන්නකොට මට කිසි දෙයක් වැඩිය මතක් උනේ නෑ

වෙන පාරවල් වල අපි මේ වගේ ප්‍රශ්නයක් උනාම මාසයක් දෙකක් යනකන් එලියට යන්නේ නැතුව කිසි දෙයක් කරන්නෙ නැතුව ඉන්නවා ඒත් මට එහෙම ඉන්න බැරි උනා මොකද මට මතක මතක් නොකර ඉන්න එක ගොඩක් අමාරු උන නිසා. අපි පුරුදු විදිහට ප්‍රැක්ටිස් කරා.

ඒ ඉන්නකොට සේජින් අන්කල් දොර ඇරන් ඇවිත් මට කතා කරලා ගියා..

"ජින් එන්න."

මන් දොරෙන් එලියට යනකොට එතන හිටියා පොලිස්මන්ස් ලා. මට ටිකක් බය හිතුනත් මන් කිසි ප්‍රශ්නයක් නෑ වගේ හිටියා.

"අන්කල්?"

"ඉන්ක්වයරි එකක් කරන්න ඕනෙලු ජින්."

මට පොලීසිය ගැන කිසි අදහසක් තිබ්බේ නෑ. මගේ ඔලුවේ තිබ්බේ ෆැන්ස්ලා කොහොම රියැක්ට් කරයිද කියන දේ විතරයි.ඒත් පොලීසිය අන්තිමට මේ ප්‍රශ්නයට ආවා

"මිස්ටර් ජින් ට අපිත් එක්ක එන්න වෙනවා. "

මන් සේජින් අන්කල් දිහා බැලුවේ මාව බේරගන්න කියන්න.ඒත් අන්ක්ල්ගේ ඇස් දෙක තිබ්බේ පොලිස්මන් දිහාට.

"චීෆ් , හැන්ඩ්කෆ්ස් ඕනේ නෑනේ ?තාම ජින් වැරද්දක් කරා කියලා ඔප්පු උනේ නෑනේ. ?"

සේජින් අන්කල් කියලා ඉවර වෙනවත් එක්කම ජන්ග්කුක් ටෑයුන්ග් කට්ටිය ආවා දොර ඇරගෙන.

"හ්යුන්ග්"

"ජින් හ්යුන්ග්"

මට ලැජ්ජාව ඉවසගන්න බැරි උනා
මම පොලිසියක පස් පාගලා වත් නෑ. අපි මියුසික් වීඩීයෝ වලට උනත් පොලීසියක වීඩියෝ එකක් කරන්න උනාම අපි කරන්නේ රූම් එකක් ඩිසයින් කරලා ගන්නවා පොලිස් ස්ටේශන් එකක් වගේ

මට මේ වගේ දේවල් පුරුදු නෑ.මන් බයටම එතන තිබ්බ පුටුවකින් වාඩි උනා

"චීෆ්..ජින් කැමත්තෙන් එනවා..එයාට ඕවා මොකුත් ඕනේ නෑ."

"ජින්..පුතා අපි යන්."

සේජින් අන්කල් මාව නැගිටේව්වා. මන් ඇවිද්දට ඇවිද්දා. අපි ස්ටූඩියෝ එකෙන් එලියට එද්දි මීඩියා වලින් පොලිස් කාර් එක වට කරගෙන හිටියා.

මන් ඉස්සරහා බලන්නේ නැතුව මගේ ශූස් දිහා බලන් ගියා.

මගෙ ශූ එක කැත වෙලා.

ලේස් එකත් ගැලවෙන්න ඔන්න මෙන්න.

අලුත් දෙකක් ගන්න ඕනේ.

මේ දෙක දැන් අවුරුදු කීයක් දැම්මාද කියලා මතක නෑ.

අඩි දෙකයි තුනයි ස්ටූඩියෝ එකේ ඉදන් පොලිස් කාර් එකට තිබ්බේ. ඒත් මන් ඒ ටික වෙලාවේ මගේ ශූස් වල අතීතයම හිත හිත ආවා.

පොලිස් කාර් එකටසේජින් අන්කල් මාව නග්ගලා ගියා.

"අන්කල්.?"

"මන් එන්නම් පිටිපස්සෙන් බය වෙන්න එපා.."

මීඩියා එකේ කට්ටිය කෑ ගැහුවත් එක එක ඒවා කියලා මන් ඒවා ඇහෙන්නේ නෑ වගේ හිටියා. පොලිසියට එන්න විනාඩි 10ක් ගියේ නෑ. ඒත් ඒ වෙලාව පැය 10ක් වගේ මට දැනුනේ..මගේ එහා පැත්තේ හැන්ඩ්කෆ්ස් තියාගෙන චීෆ් ඔෆිසර් ඉන්නවා දකින කොට මට ආව බය මන් විතරයි දන්නේ

මන් පොලිසියට යනකොට සේජින් අන්කල් දොර ලග ඉන්නවා. එතනත් මීඩියා එකෙන් හිටියා. සේජින් අන්කල් මාව අමාරුවෙන් මීඩියා රිපොර්ටර්ස්ලා මැදින් පොලිස් ස්ටේශන් එක ඇතුලට අරන් ගියා.. මන් දොරෙන් ඇතුලට ගිය ගමන් එලියේ මීඩියා වල සද්දේ නැතුව ගියා. චීෆ් අපිව එයාගේ ඔෆිස් එකට අරන් ගියා.

"මිස්ටර් ජින්. ඔයාගේ ලෝයර් ආවද? ඔයා කන්සල්ටේශන් ගත්තද ?"

මන් සේජින් අන්කල් දිහා බැලුවා.
මන් ඒ මොකුත් කරේ නෑ
මන් දන්නේත් නෑ එහෙම දේවල් කරන්න ඕනේ කියලා.
මට කොහෙන් ආව ප්‍රශ්නද මේවා.

"නෑ මන් ගත්තේ නෑ."

"ලෝයර් එනවා තව ටිකකින්.."

මන් කියලා ඉවර වෙනවත් එක්කම සේජින් අන්කල් කිව්වා. පොලිස් ඉන්ක්වයරි එක පුරාම ඇහුවේ මන් සොන්හා ට කරදර කරාද කියලා විතරයි..

මගේ උත්තරේ උනෙත් නෑ කියන එක විතරයි

පැය කීයක් ඒක ඇහුවද කියලා මන් දන්නේ නෑ. මට වෙලාව ගැන අයිඩියා එකක් තිබ්බෙත් නෑ. රූම් එකේ ජනේලයක් වත් තිබ්බේ නෑ එලිය බලන්න.

ඒත් අන්තිමට සොන්හා ආවා එයාගේ තාත්තා එක්ක

එයාලා එක්ක ආව අනිත් අය ලෝයර්ස්ලා 3 දෙනෙක් කියලා එයාලගේ හැසිරීමෙන් කියන්න පුලුවන්. මන් සොන්හා දිහා බැලුවම එයා මට සමච්චලේට හිනාවක් දැම්මා.

අන්තිමට අපි දෙන්නම තියලා ප්‍රශ්න කරා. සොන්හා කිව්ව දේවල් එයා කිව්වේ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.

කිසි දවසක කිසිම වෙලාවක උනේ නැති දෙයක් සොන්හා කොහොමද කියන්නේ ඇත්ත වගේ. ?

"මිස්ටර් ජින් මගෙන් කැමත්ත අහ අහ ආවේ. මන් කැමති උනේ නෑ මුල ඉදලම. ඊට පස්සේ සැරින් සැරේ එයා මට කරදර කරා එයාට කැමති වෙන්න කියලා. එයාගේ කරදරය ඉවසගන්න බැරි තැන මන් එයාට කැමතී කිව්වා."

සොන්හා හැමදේම කියාගෙන ගියා උනා වගේ. මන් තාමත් දන්නේ නෑ එයාට එහෙම හැකියාවක් තියෙන්නෙ කොහොමද කියලා

සොන්හා කියන දේවල් ඔක්කොම මන් අහන් ඉදලා මන් අන්තිමට කිව්වේ මම ඒ කිසි දෙයක් කරේ නෑ කියල විතරයි.

වැරැද්දක් නොකලත්

මන් මේ නුපුරුදු පරිසරයට ,
සොන්හාගේ බොරු වලට ,
සොන්හා ගේ ලෝයර්ස්ලා කියන වචන වලට මන් බය උනා.

"අපිට එවිඩන්ස් තියනවා චීෆ් ඔෆිසර්"

සොන්හාගේ ලොයර් කෙනෙක් කියනකොට මන් බය උනා.එයා අපේම කම්පනි එකේ ක්ලීනින් කරන ලේඩි කෙනෙක් එවිඩන්ස් විදිහට අරන් ඇවිල්ලා.

මන් එදා සොන්හාට කෑ ගහපු එක වෙනස් කරලා එයා කිව්වේ. එයා කිව්වේ මන් සොන්හට ගහන්න හැදුවා කියලා. මන් සොන්හාට අතක් වත් තිබ්බේ නෑ මුල ඉදලම.

තව තව දේවල් එයාලා කිව්වා. සොන්හාට ෆිසිකල් ටෝචර් කරලා තියනවා කියලා එයාලා හොස්පිටල් රිපෝර්ට් එකක් ගෙනත් තිබ්බා. හැමදේම උනේ මගේ අවාසියට.

"මිස්ටර් ජින් ව අද ලොකප් එකේ තියාගන්න වෙනවා."

මට ඇහුන දේ වැරදිද කියල දැන්ගන්න සේජින් අන්කල්ගෙන් මන් ඇහුවා ආයෙමත් ඒක.

"මොකක්ද අන්කල් කිව්වේ? මට ඇහුනේ නෑ ඒක."

"මිස්ටර් ජින් ව ලොකප් එකේ තියාගන්න වෙනවා අපිට."

සේජින් අන්කල් වෙනුවට උත්තර දුන්නේ චීෆ් ඔෆිසර්.

"තමුසේ මොකක්ද මට මේ කරේ.?
මන් තමුසෙට අතක් වත් තියලා තියනවද.?
කියනවා සොන්හා
කියනවා."

මන් නැගිටලා ගිහින් සොන්හාගේ පුටුව මගේ පැත්තට හරවලා සොන්හාගේ මූනටම කෑ ගැහුවා.

"ජින්"

"නවත්තන්න"

සේජින් අන්කල් අපේ ලෝයර් එක්ක මාව නැවත්තුවා.

අන්තිමට මාව ලොකප් එකට දැම්මට පස්සේයි මට කතා කරන්න දුන්නේ සේජින් අන්කල් එක්ක.

"ඔයා කරපු වැඩෙන් ඔයාව බෙල්ල ලගටම හිර උනා."

ලෝයර් මට කියනකොට මට මොකුත් ප්‍රති උත්තරයක් තිබ්බෙ නෑ.මාත් දැනගත්තා මන් කරපු වැඩෙන් වැරැද්දක් නොකරත් මාව හිර උනා කියලා.

සේජින් අන්කල් මන් ලග ගොඩක් වෙලා හිටියා. පොලිසියෙන් 10 පාරකට වඩා කිව්වා සේජින් අන්කල්ට යන්න කියලා. ඒත් එයා මාත් එක්කම හිටියා.

අන්තිමට සේජින් අන්කල් හොදටම බැනුම් ඇහුවට පස්සේ එයා යන්න හැදුවා.

"ජින්. බය වෙන්න එපා."

"හ්ම්"

"මොකුත් කියන්න යන්නත් එපා"

"හ්ම්"

"මන් හෙට උදේම එන්නම්"

"හ්ම්."

"මන් එහෙනම් යනවා."

"අන්කල්."

"ජින්."

"මට බෙහෙත් ටික ගෙනත් දෙන්න පුලුවන්ද?"

"හරි. මන් ගෙන්නම්."

"මට අන්කල්ගේ ඔරලොසුව දීලා යනවද."

සෙජින් අන්කල් මන් දිහා ටිකක් බලන් ඉදලා එයාගේ ඔරලොසුව ගලවල මගෙ අතට දුන්නා.

.............................................................

"අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මිස්ටර් සේජින්?"

"මන් තාම බලනවා. ජින් අර කෙල්ලට කෑ ගැහුව හන්දා ඔක්කොම අනිත් පැත්ත හැරුනා. නැත්තන් ජින් ව අදම එලියට ගන්න තිබ්බා."

නම්ජූන් ප්‍රශ්න කරනකොට සේජින් උත්තර දුන්නේ කාමරේ එහාට මෙහාට ඇවිදින ගමන්.

"අපි ගිහින් ස්ටේට්මන්ට් දෙමු එදා උන දේ ගැන. ජින් සොන්හාව තල්ලු කරේ නෑ කියලා. අපි හැමෝම දැක්කනේ. "

"බෑ ජිමින්. ඒක ප්‍රශ්න වෙනවා ඔයාලටත්. ඒ හන්දා ඒක කරන්න බෑ "

මූරිනුත් ඒ එක්කම සේජින් ගේ රූම් එකට ආවා.

"මොකද උනේ? "

"එලියට ගන්න බැරි උනා මූරින්. ජින් කලබල කරා පොලිසියෙදි. අපි තවත් හිර උනා. "

"අපිට එයාව ඇතුලේ තියන්න බෑ එලියට ගන්න වෙනවා."

මූරින් කියද්දි සේජින් අන්කල් මූරින් දිහා බැලුවා.

"ඇයි?"

"එයා ඕක හිතලා ඩිප්‍රෙශන් උනොත්. ඊලගට වෙන දේවල් ගැන මට වගකියන්න බෑ."

"අපිට එයාගේ මෙඩිකල් එකක් දීලා එලියට ගන්න බැරිද ?"

"බෑ ජන්ග්කුක්. මේ වෙලාවේ ඒක හරියනේ නෑ. ජින් වැරැද්දක් කරේ නෑ. අපි මේ වෙලාවේ ගන්න හැම තීරනේම එයාගේ අනාගෙතේට බලපානවා. එයා වැරැද්දක් කරේ නෑ කියලා නිදහස් වෙලා එලියට එනකොට එයාව මානසික රෝගියෙක් කියලා ලෝකෙම කියයි ආයෙමත්."

.............................................................. .

මන් රෑ එලි වෙනකන් වෙලාව බල බල හිටියා. මට නිදාගන්න බය හිතුනා. සේජින් අන්කල් මගේ බෙහෙත් අරන් එනවා කිව්වත් එයා ආවේ නෑ.

මීට කලින් කාටවත් මේ වගේ දෙයක් වෙලා නෑ. මේ වගේ වෙලාවක කම්පනි එක කොහොම රියැක්ට් කරනවද කියලා මන් දන්නේ නෑ. එකක් ඉවර වෙනක්කොට එකක්.

මම කල්පනා කරකර ඉන්නකොට
උදේම සේජින් අන්කල් ආවා. එයා දොර ගාවින් එලියට එනවා දකිද්දිම මන් නැගිට්ටා.

"අන්කල්."

"ජින්, බය වෙන්න එපා. අද අපි ඔයාව එලියට ගන්නවා."

සේජින් අන්කල් මට එච්චරයි කිව්වේ.එයා එහෙම කියලා ඊයේ ආව ලෝයර් එක්ක තව ලෝයර් කෙනෙක් එක්ක චීෆ් ඔෆිසර් ගේ ඔෆිස් රූම් එකට යනවා මන් දැක්කා.

To be continued......

Fiction by Roshell 🍃

Continue Reading

You'll Also Like

292K 50.1K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
109K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
6.4K 1.8K 9
"තමුසේ..." "මිස්..ටර්..මින්..!" "අප්පා..!අප්පා..ඔයා මොකක්ද ඔය කරන්නේ!!??ඔය මගේ සොන්ග්සෙන්නිම්!!" ______ "ආහ්.. මේ.. මේ.. මිස්ටර් පාර්ක්.. ම්ම්...ඔයාට...
4.7K 1.1K 20
Don't Copy My Work 🚫 Sinhala Fanfication BL BL - YoonMin Seosen 2 ♡︎ Ranking First #01 #1 SG දුශ්ථ ඕතරී 😈