TEARS | Jin Centric | Com...

By Indigojin

42.4K 10.7K 2K

මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජ... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 37
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43
CHAPTER 44
CHAPTER 45
CHAPTER 46
CHAPTER 47
CHAPTER 48
CHAPTER 49
phases of schizophrenia
CHAPTER 50 - Final
Journey of a doctor

CHAPTER 27

584 198 7
By Indigojin

Jin's pov



හන්සූ ගියාට පස්සෙත් මන් වාඩි වෙලා හිටියා ගොඩක් වෙලා . අන්තිමට අපාර්ට්මන්ට් යන්න නැගිටලත් ආයේ මන් බෙන්ච් එකෙන් වාඩි උනේ හන්සූ මට දුන්නේ මොනවද කියලා බලන්න.

වොච් එකක් එක්ක හෑන්ඩ් මේඩ් ස්වීටර් එකක් තිබ්බා. තව ලියුමකුත්. මන් මුලින්ම ලියුම කියවන්න පටන් ගත්තා.

ජින් අයියා,

කුකී අයියා හම්බුන දවසෙ ඉදන් මන් අයියාව දන්නේ. මුලදිත් අයියා මට උදව් කරා. අන්තිමට අගදිත් මට අයියා උදව් කරා.

මගේ අයියා නැති උනාට පස්සේ ජින් අයියාව මන් දැක්කේ මගෙම අයියා වගේ.මට උදව් කරාට, මාව බලාගත්තට ගොඩක් ස්තූතී.

මන් දන්නවා අයියාට ගොඩාක් එක්ස්පෙන්සිව් වොට්ච් කලෙක්ශන් එකක් තියනවා. ඒත් මේකත් අයියගේ කලෙක්ශන් එකට එකතු කරන්න. සාහා හන්සූගේ මතකය තියාගන්න.

ස්වීටර් එක මන් හැදුවේ..ඔය ස්වීටර් එකේ තියෙන්නේ මගේ කදුලු. ජන්ග්කුක් අයියා මාව දාලා ගිය දවසේ ඉදන් අඩන හැම පාරකම මන් කරේ ඔය ස්වීටර් එක හදන එක. හැමදේකටම මගේ පස්සෙන් ඉදලා මට ශක්තියක් දුන්නට ගොඩක් ස්තූතී..

ජන්ග්කුක් අයියාව බලාගන්න. මට එයත් එක්ක තරහක් නෑ. අයියා තමයි ජන්ග්කුක් අයියාවත් ශක්තිමත් කරන්න පුලුවන් එකම කෙනා. ඉතින් මේ අවුරුදු ගානට , අයියා කරපු හැමදේටම ගොඩක් ස්තූති.

නන්ගි.

හන්සූ.

මන් ඒක කියෙව්වා. ස්පෙක්ස් නැතුව ආමාරුවෙන් කියෙව්වා. ඇඩෙයි කියලා හිතුවේ නැති උනාට කදුලු ආවා.

එයා දුන්න වොට්ච් එක අරන් මන් බැලුවා. ඒක අනිත් පැත්තේ එන්ග්රේව් කරලා තිබ්බා

Thank you
~~Han-sue~~

කියලා. මන් ආයෙමත් ඒ හැමදේම බොක්ස් එකට දාලා වාඩි වෙලා කල්පනා කරා. හන්සූගේ ජිවීතේ මොන තරම් දුකක් ඇතිද කියලා.

තාත්තා නෑ
අම්මා නෑ.
අයියා නෑ
අන්තිමට ආදරේ කරපු කොල්ලාත් නෑ.

පවුලේ කවුරුත් නැතුව හැම්දේම එයා තනියම කරගන්නවා.

ෆෝන් එකට මැසේජ් එකක් ආව ටෝන් එක ඇහුන නිසා මන් මගේ කල්පනාවෙන් එලියට ආවේ.

මැසේජ් එක නම්ජූන් ගෙන්.

හ්යුන්ග්. අවුලක්. ඉක්මනට එන්න.

මන් හැමදේම අරන් වාහනයට ගියා. නම්ජූන් මැසේජ් එකක් දාන්නේ ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්නැති කියලා හිතලා මන් ටිකක් වේගෙන් ආවා අපාර්ට්මන්ට් එකට.

මන් යද්දි හැමෝම මගේ කාමරේ ඉස්සරහට වෙලා බලන් ඉන්නවා. ඇතුලේ උන දේ මට පෙනුනේ නෑ

"ජිමින් ."

"අහ් හ්යුන්ග් ආවද? "

ජිමින් එහාට වෙලා මට ඉඩ දුන්නම තමයි මන් දැක්කේ ජන්ග්කුක්ව. විස්කී බෝතලයකුත් අතේ තියාගෙන බිම වාඩි වෙලා අඩ අඩ බොනවා.

"ඇයි එයාව නවත්තන්නේ නැත්තේ?"

මන් ඉස්සරහට යනකොට නම්ජූම් මගේ අතින් අල්ලගත්තා..මන් නම්ජූන්ගේ මූන් බැලුවම දැක්කේ එයාගේ ලිප්ස් ලග තුවාල වෙලා ටිකක් කියලා

"එයා ලගට එන කෙනාට ගහනවා හ්යුන්ග් . යන්න එපා."

මන් හන්සූ දුන්න බෑග් එක මගේ ඇද උඩට දාලා ජන්ග්කුක් ලගට ආවා. එයා අතේ තිබ්බ බෝතලේ අරන් ඒක කොමඩ් එකට හලලා ෆ්ලශ් කරා.
ජන්ග්කුක් මොකුත් කරන්නෙ නැතුව බලන් හිටියා.

අතෙන් අල්ලලා නැගිට්ටවනන් හැදුවත් එයා නැගිටේ නෑ. මන් නම්ජූන් දිහා බැලුවම නම්ජුන් ඉකමනට ඇවිත් මට උදව් කරා ජන්ග්කුක්ව උස්සලා බෙඩ් එකට දාන්න.

"මගේ."

"ජොවානා."

"මාව.."

"දාලා"

"ගිහින්"

"හ්යුන්ග්".

ජන්ග්කුක් වෙරි මතේ කියවද්දි මන් එයාගේ ශූස් දෙක අයින් කරලා ඇදන් හිටපු ලෙදර් ජැකට් එකත් අයින් කරලා දැම්මා..

මන් ජන්ග්කුක්ගේ ඔලුව හරියට පිලෝ එක උඩින් තියද්දි නම්ජූන් ශීට් එකක් පෙරෙව්වා. ඒ කරලා අපි දෙන්නම එලියට ආවා.

"මේ වෙන දේවල් එච්චර හොද නෑ හ්යුන්ග්."

නම්ජූන් සෝෆා එකේ වාඩි වෙන ගමන් කිව්වා. අනිත් අයත් වාඩි උනා ඒ ගමන්ම..

"මන් දන්නේ නෑ එයාට කොහෙන් ඔහොම බොන්න හම්බෙනවද කියලා."

"ක්ලබ් එකකට හරි බාර් එකකට හරි යනවා නම් මේ වෙද්දි වයිරල් යන්න ඕනේ. ඒත් නෑ."

"සේජින් අන්කල් මේ ගැන දන්නවද?" මන් නම්ජූන්ගෙන් අන්තිමට ඇහුවා.

"නෑ. ඒත් දැන් හිතෙනවා කිව්වා නම් හොදයි කියලා."

"එපා. තව දවසක් බලමු."

මන් එහෙම කියාගෙන ආයෙමත් රූම් එකට එද්දි ජන්ග්කුක්ට නින්ද ගිහින් තිබ්බා

මන් උදේ ටිකක් කලින්ම නැගිටුනා.. නැගිට්ට ගමන්ම මන් දැක්කේ හන්සූ දුන්න බෑග් එක මගේ ඇදේ කෙලවරේ තියනවා. මන් ඉස්සරහට නැවිලා ඒක අතර ගත්තා.

බෙඩ් කබඩ් එකෙන් ස්පෙක්ස් දෙකත් අරගෙන මන් ඒ ලෙටර් එක කියෙව්වා ආයෙමත්. කියවලා ඉවර වෙලා මන් අයේමත් කියෙව්වා. එහෙම එහෙම මන් ඒක කට පාඩම් වෙනකන් කියෙව්වා.

වොච් එක අතට අරන් ඒක අතට දාගත්තා. හන්සූට හොද තේරීමේ හැකියාවක් තියනවා. හන්සූ කිව්වට මේකත් ගොඩක් එක්ස්පෙන්සිව් කියලා බ්‍රැන්ඩ් එක දැක්ක ගමන් මන් තේරුම් ගත්තා.

පිටිපස්සේ තියන ක්‍රාවින්ග් එක මන් බැලුවා..ඒකෙ එක අකුරක් අකුරක් ගානේ මගේ ඇගිල්ල ගෙනිච්චා.

කස්ටමයිස් කරලා.....

මට මතක් උනා හන්සූ දුන්න පොත.. ජන්ග්කුක්ගේ ඇද දිහා බැලුවම එයා හිටියා නිදාගෙන

අයියට හිතුනොත් කවද හරි දවසක ඕක ජන්ග්කුක් අයියට්ට දෙන්න ඕනේ කියලා එදාට දෙන්න..

අද උනත්
හෙට උනත්
තව මාසෙකින් උනත්
තව අවුරුදු ගානක් ගිහින් උනත්

කමක් නෑ. අයියට ඔක ජන්ග්කුක් අයියාට දුන්නොත් හොදයි කියලා හිතෙන දවසක දෙන්න."

හන්සූ කිව්වෙ එහෙම. ඒත් ඒක දෙන්න ඕනේ කවද්ද කියලා මට හිතා ගන්න අමාරු උනා.

ටිකක් වෙලා කල්පනා කර කර ඉදලා මන් ක්ලොසට් එකට ගිහින් වොච් එක දැම්මා කල්කෙශන් එකට. ස්වීටර් එකත් දැම්මා එතනට. ලියුම අරගෙන ඇවිල්ලා කබඩ් එකෙන් දැම්මා.

හන්සූගේන් මන් හොරකම් කරපු ස්කාර්ෆ් එක.

හන්සූ මට ගෙනත් දුන්න ෆ්ලවර් බොකී එකේ ගෙට් වෙල් සූන් කාර්ඩ් එක...

අද එතනට අලුතෙන් එකතු වෙනවා

හන්සූගේ ගුඩ් බායි ලෙටර් එක...

මන් ඊයේ අප්ඩේට් කරන්න බැරි උන ජර්නල් එක අප්ඩේට් කරා උදේ ඇදට වෙලා. මන් ඒක කර කර ඉද්දි දැක්කා ජන්ග්කුක් නැගිටිනවා. ඔලුව බදාගෙන නැගිටලා මන් බෙඩ් කබඩ් එකට උඩින් තියන බෙහෙත් පෙති 2 බීලා එයා වොශ් රූම් ගියා.

ඉස්සර වගේ නැගිට්ටවන්න ඕනේ නෑ. ඉස්සර වගේ අතට පයට වැඩ කරලා දෙන්න ඕනේ නෑ. හැම්දේම එයා මන් නැතුව කරන්න පටන් ගත්තා.

දවල් අපි ප්‍රැක්ටිස් කරනකොට සේජින් අන්කල්ගේ වයිෆ් එක්ක එයාලගේ දුව ඇවිල්ලා හිටියා. මන් එහේ ඉන්න කාලේ ඒ පොඩි කෙල්ල මට දුන්න වදය ගැන මන් විතරයි දන්නේ. උදේ ඉදන් රෑ වෙනකන් කියවනවා කියවනවා කියවනවා.

මූරින් හොසෝක් ඇරුනම එච්චර කියවන කෙනෙක්ට දැක්කේ ශින්හා නන්ගි විතරයි මම.

ප්‍රැක්ටිස් වෙලාවේ මන් හිමීට අනිත් අයට හොරෙන් ශින් හා එක්ක කතා කරා..

🙋‍♀️"හායි ලොකූ."

🙎‍♂️"ශින් හා. මොකෝ මෙහෙ"

🙋‍♀️"තාත්තා ගෙදර එන්නේ නෑනේ.ඉතින් අපි ආවා තාත්තා බලන්න. අයියලා නම් සුපර් ස්ටාර්ස් ලා හන්දා ෆැමිලි එකට එන්න වෙනවා අයියලා බලන්න. අපේ තාත්තා සුපර් ස්ටා කෙනෙකුත් නෙවේ ඒත් අපි එන්න ඕනේ එයාව බලන්න."

"ඔයාගේ තාත්තා සුපර් ස්ටාර් නොවුනට එයා සුපර් ස්ටාර්ස් වලට වලට හෙල්ප් කරන මූන්."

ටෑයුන්ග් අපේ කතාව අහන් ඉදලා අපි ගාවින් කියලා ගියා.

🙋‍♀️''ලොකූ."

🙎‍♂️"ම්ම්"

🙋‍♀️"ටෑයුන්ග් අයියා හයිස්කූල් ගිහින් නැද්ද?"

🙎‍♂️"ඇයි එහෙම අහන්නේ?"

🙋‍♀️"ස්ටාර්ස් වලට කවුරුත් හෙල්ප් කරන්න ඕනේ නෑ. එවා ඉට්සෙල්ෆ් ශයින් වෙනවා. ඒක හයිස්කූල් වලදි කියලා දෙනවා."

🙎‍♂️"ඒක ඔයා ටේ ගෙන් පස්සේ අහන්න..මට පොඩි උදව්වක් කරන්න."

🙋‍♀️"මොකක්ද?."

🙎‍♂️"පොඩි දෙයක් ගෙන්න ගන්න ඕනේ. හැබැයි කාටවත් කියන්න එපා."

🙋‍♀️"මිශන් එකක්. වාහ්හ්. නියමයි. මොකක්ද කියන්න...."

මන් ශින්හා ට කතා කරලා ඉවර වෙලා මගේ කාර්ඩ් එක දුන්නා ගිහින් අරන් එන්න කියලා.

....................................................................

හැමදාම රෑ වෙනකන් ප්‍රැක්ටිස් තිබ්බා. හැමදාම ඉවර උනාම ජන්ග්කුක් කොහෙන් හරි බීලා එනවා.

හන්සූ තව දවස් 4කින් රට යනවා. එයා කිව්ව විදිහට සමහර විට ආයේ එන්නෙම නැති වෙයි. මන් ශින් හාට කියලා ගෙන්නගත්ත ගිෆ්ට් එකත් අරන් හන්සූව මීට් වෙන්න ගියා. එයා ගුඩ් බායි ගිෆ්ට් එකක් දුන්නට මන් දුන්නේ නෑනේ.

මන් වාහනේ පාර්කින් එකෙන් දානකොටම මට කෝල් එකක් ආවා මූරින්ගෙන්.

"හෙලෝ.."

"කොහෙද ඉන්නේ? "

"එලියට ඇවිල්ලා "

"මට හම්බෙන්න ඕනේ. අදම. "

"අදම..ම්ම්..කොහෙද ඉන්නේ මන් ඔයාව ගන්නද? "

"හා. ඉන්න තැනකින් යන ගමන් මාව හොස්පිටල් එක ලගින් පික් කරන් යන්න එහෙනම්. "

"හා.."

මූරින්ට කතා කරලා ඉවර වෙලා මන් මාස්ක් එක ගැලෙව්වා. .

මන් හන්සූට මන් තමයි එයාත් එක්ක මාස්ක් එක දාගෙන කතා කරේ කියලා කියනවද?දැන් කොහොමත් එයා යන එකනේ?

නෑ. ඕනේ නෑ.

එයාට හිතෙයි මන් එයාට බිට්‍රේ උනා කියලා.

මන් මාස්ක් එකත් අයින් කරලා ගියා හන්සූ වෙනදට ඉන්න තැනට. එයාගේ වාහනෙත් පාර්ක් කරලා තියනවා දැක්කම මන් හිතුවා හන්සූ ඇවිල්ලා ඇත්තෙ දැනටමත් කියලා.

🙋‍♀️"අයියා. මොකුත් ප්‍රශ්නයක් උනාද?"

🙎‍♂️"නෑ"

🙋‍♀️"මන් බය උනා එක පාරටම එන්න කිව්වාම."

මන් හිටගෙනම හන්සූ එක්ක කතා කරා

🙋‍♀️"අයියා වාඩි වෙන්න "

🙎‍♂️"බෑ මන් ඉක්මනට යන්න ඕනෙ. මන් ආවේ මේක ඔයාට දෙන්න."

මන් පොඩි බොක්ස් එකක් හන්සූට දුන්නම එයා පුදුම වෙලා බලන් හිටියා.

🙎‍♂️"මගේ ගුඩ් බායි ගිෆ්ට් එක. මට ඔයාට දෙයක් දෙන්න බැරි උනානේ. "

🙋‍♀️"අනේ ඒකට මොකද.තැන්ක් යූ"

හන්සූ ඒක අරන් හෙමීට ඇරලා බැලුවා.

🙋‍♀️"මොකක්ද මේකේ තියෙන්නේ"

අරින්න කලින් ඇස් දෙක පුන්චි කරලා හිනා වෙලා මගෙන් ඇහුවා. මම ඒ මාස ගානකට පස්සේ හන්සූ හිනා වෙනවා දැක්කේ.

🙋‍♀️"අහ්නේ. ලස්සනයි. "

මන් හන්සූට දුන්නේ තරු 2ක් එකට තියන පෙන්ඩන්ට් එකක් තියන සිම්පල් නෙක්ලස් එකක්.

🙋‍♀️"හරිම ලස්සනයි. තැන්ක් යූ."

🙋‍♀️"මොකක්ද මේ ලියලා තියෙන්නේ."

හන්සූ පිටිපස්සේ ක්‍රාවින් එක දිහා බලන් ඒක කියවන්න පටන් ගත්තා.

One more moment please

හන්සූ මන් දිහා බලන් හිටියා. එක මොහොතකට මන් බය හිතුනා එයා හැමදේම මතක් කරගත්තා කියලා. මන් දිහා බලන් ඉදලා එයා එක පාරටම ඉස්සරහට ඇවිල්ලා මාව හග් කරා...

🙋‍♀️"තැන්ක් යූ අයියා. තැන්ක් යූ සෝ මච්."

නෑ
එයාට මතක් වෙලා නෑ.
එයාට මොකුත් මතක් වෙලා නෑ.

එයා ඒ වෙලාවෙම තනියම ඒක දාගත්තා.

🙎‍♂️"මට එන්න වෙන්නේ නෑ එයා පෝර්ට් දාන්නවත්. අදින් පස්සේ අපිට ගොඩක් වැඩ හන්සූ. මට කතා කරන්න වත් වෙලාවක් නැති වෙයි.ඔයා පරිස්සමින් යන්න. "

🙋‍♀️"අයියාත් පරිස්සමින් . විශ් කරනවා හැම වැඩකටම..අයියා යූ එස් ආවොත් මන් එන්නම් බලන්න."

🙎‍♂️"හ්ම්ම්."

මන් හන්සූ එක්ක පාර්කින් එකට ආවා. හන්සූ වාහනයට නගිනකොටම මන් ආයෙත් එයාව නැවත්තුවා.

🙎‍♂️"හන්සූ..."




To be continued.....

.

.
Fiction by Roshell 🍃

Continue Reading

You'll Also Like

81.2K 4.4K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
68.6K 8K 28
This's 21+ Fanfic (SINHALA) Do not copy ‼️
7K 1.3K 20
කැනෙරි රාජධානිය අවුරුද්දේ සෑම කල්හිම සශ්‍රිකව පැවති රාජ්‍යක්. මෙම රාජ්‍ය පාලනය කලේ ක්ශත්‍රීය වංශිකයින්. ඊට අමතරව දේව, නාග, හිවල්, පක්ශී ගෝත්‍ර මේ රාජ...
8.7K 1.8K 21
💕 හීන තියෙන්නෙ දකින්නම නෙවෙයි.... සැබෑ කර ගන්න.....💕 Warning :- හදිසි තීරණ හානිදායක විය හැකියි ⚠️️ Fanfiction only 🚫 ⚠️️D...