TEARS | Jin Centric | Com...

By Indigojin

42.4K 10.7K 2K

මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජ... More

CHAPTER 1
CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 37
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43
CHAPTER 44
CHAPTER 45
CHAPTER 46
CHAPTER 47
CHAPTER 48
CHAPTER 49
phases of schizophrenia
CHAPTER 50 - Final
Journey of a doctor

CHAPTER 24

688 202 32
By Indigojin

මගේ අවාසනාවකට ,
ඔයාලගේ වාසනාවකට
මට ආපහු ගෙදර එන්න උනා.
.............................................................



Jin's pov

මන් ඉක්මනට ෆෝන් එක අරන් මූරින්ට ඩයල් කරා..මූරින්ට කතා කරන්න ෆෝන් එක කනේ තියාගත්තත් මට දැනුනා මාව තාම වෙව්ලනවා කියලා.

"හෙලො"

"මූරින් ඉක්මනට එන්න. හදිසියක්"

මූරින් එන්න කලින් හන්සූ ගියා එයාට වැඩක් තියනවා කියලා.

"ජින් අයියා. මන් ගිහින් එන්නම්."

හන්සූ මන් ලගට ඇවිල්ලා කියලා ගියත් මන් එයාට මොකුත් කිව්වේ නෑ . මට ඕනේ උනේ මූරින් එක්ක කතා කරන්න. අනිත් අය මොනවා ඇහුවත් මන් කතා කරේම නෑ. මූරින් එනකන් මන් වෙලාව බැලුවා 100+ක්.

මූරින් අන්තිමට ආවා. තනියම නෙවේ. මගේ නහයට ට්‍රීට් කරපු ඩොක්ටර්ත් එක්කම. මන් නැගිටලා ගිහින් මූරින් ව බදාගත්තා.

"මූරින් මට ඉන්න බෑ."

මට මූරින් ලග විතරයි සහනයක් තිබ්බේ. මෙන්ටල් හොස්පිටල් ඉන්න කාලෙත් මූරින් විතරමයි මට උදව් කරන්න හිටියේ. මන් ඒකයි මූරින්ට කෝල් එකක් ගත්තේ ඉක්ම්නට.

"හරි ජින්. බය වෙන්න එපා. ගිහින් ඇදෙන් වාඩි වෙමුකෝ."

මූරින් එක්ක ඇවිල්ලා මම ඇදෙන් වාඩි උනා.

"මූරින් මට ඔයාත් එක්ක කතා කරන්නේ ඕනේ."

"ඊට කලින් ඔය අතට බෙහෙත් දාගෙන ඉන්නකෝ."

මූරින් මට පෙන්නද්දි මන් දැක්කේ අතේ කැනියුලා එක තිබ්බ තැන චූටි තුවාලයක් තියනවා.

"මිස්ටර් ජින් මේක පොඩි තුවාලයක් උනාට ඔයා දන්නවනේ ඔයාගේ වෘත්තියත් එක්ක මේ වගේ පොඩි කැලලක් උනත් ලොකුවට බලපානවා කියලා.ඉතින් ඔයා මීට වඩා පරිස්සම් වෙලා ඔයාගේ වැඩ ගැන හිතන්න ඕනේ"

"හ්ම්ම්"

අන්තිමට ඩොක්ටර් ගියාම මුරින්ටයි මටයි තනියම කතා කරන්න කියලා ජන්ග්කුක් එක්ක සේජින් අන්කල් එලියට ගියා

මම මූරින්ට දැක්ක දේවල් මුල ඉදන් අගටම කියාගෙන ගියා. මගේ අත වෙව්ලනවා දැකලා මූරින් මගේ අත් එයාගේ අත් දෙකෙන්ම අල්ලග්ත්තා.

............................ .... ...............................



3rd person pov


මූරින් ජින්ගේ රූම් එකෙන් එලියට එද්දි සේජින් ජන්ග්කුක් එක්ක වාඩි වෙලා හිටියා කොරිඩෝ බෙන්ච් එකක.

"මුරින්. මොකද ජින්ට."

සේජින් මූරින් ව දැක්ක ගමන් නැගිටලා ඇහුවා.

"අපි වාඩි වෙලා ඉමුකො අන්කල්."

අන්තිමට සේජින් ලගින් වාඩි වෙලා මුරින් ජින්ගේ තත්වය පැහැදිලි කරලා දුන්නා.

"එයාට තියෙන්නේ පරන දේවල් මතක් උන එක අන්කල්..ජොනී එක ඇන්දම එයාට මතක් වෙලා කලින් මෙන්ටල් හොස්පිටල් එකේ සිද්ද උන දේවල්. එයාට ඒකේ බය තියෙන්නේ. "

"එතකොට වොමිට් උනේ."

ජන්ග්කුක් එහා පැත්තේ ඉදන් මූරින්ගෙන් ප්‍රශ්න ඇහුවා.

"ඒක සාමාන්ය දෙයක් ජන්ග්කුක්. බය වැඩි උනාම ඕනේ කෙනෙක්ට ඒක වෙන්න පුලුවන්"

"දැන් අපි මොකක්ද කරන්න ඕනේ."

"මොකුත් නෑ අන්කල්. එයාට ජොනී එක අන්දවන්න එපා. ඒකෙන් එයාට මතක් වෙන්නේ. අනික මෙතනදිම අනස්තෙසියා දීලා එක්කන් යන්න. එතකොට එයාට එච්චර ලොකු ශොක් එකක් එන්නේ නෑ."

"හ්ම්ම්.කොල්ලා හොදින් ඉන්න පටන් ගත්තා විතරයි."

"මටත් ඒක ගැන බයයි අන්කල්."

...............................................................




Jin's pov


මන් අයි සර්ජරි එක කරන්න බෑම කිව්වා. මට ඒක කරන්න ඕනේ උනේ නෑ තව දවසක් ඉදලා මාව ඩොක්ටර් ඩිස්චාර්ජ් කරා. අපාර්ට්මන්ට් එකට ආව ගමන් පාතාල සේජින් අන්කල් එලියට ආවා.

"මේ කොල්ලාගේ නහයට එකෙක් හරි අත තියලා තිබ්බොත් බලාගමු."

ඒක කිව්ව ගමන්ම ජන්ග්කුක් හෝසෝක් එක්ක නම්ජූන්ගේ පිටිපස්සේ හැන්ගුනා

මන් ජන්ග්කුක්ගෙන් වත් හොසෝක් ගෙන් වත් ඇහුවේ නෑ මොකටද රන්ඩු උනේ කියලා. මන් දැක්කා හොස්පිටල් ගිය දවසෙම දෙන්නා ආයෙමත් යාලු වෙලා තියනවා. පරන කුනු අවුස්සලා එයාලව අපහසුතාවය්ට පත් කරනවට වඩා නිකන් ඉන්න එක හොද නිසා මන් කිසි දෙයන් ඒ ගැන කාටවත් කිව්වෙත් නෑ.

එදා නරක හීන දැක්කට ඊට පස්සේ හීන දැක්කේ නෑ. මූරින් එක්ක කතා කරාම මට ඒ දේවල් ඔක්කොම අමතක උනා. හීනයක් අපිට පේන්නේ තප්පර ගානක් උනාට මන් එදා ඒ හීනේ ඇතුලේ පැය ගානක් දුක් වින්දා.. ඒත් පහු වෙනිදා උදේම නරක හීනයකටත් වඩා නරක දෙයක් උනා

"ජින් ට විසිටර් කෙනෙක්."

ඇසිස්ටන්ට් මැනෙජර් කෙනෙක් උදේම මාව නැගිට්ටෙව්වා. පෙරේදා උන දේ හන්දා මූරින් මාව බලන්න ඇවිල්ලා ඇති කියලා මන් ගියේ විසිටින්ග් රූම් එකට හරියට ඇදුමක් වත් ඇදගන්නේ නැතුව

🙋‍♀️"ජින්."

සොන්හා ඇවිත් මගේ අතේ එල්ලුනා.

🙋‍♀️"ගුඩ් මෝනින්ග්."

🙎‍♂️"මෝනින්ග්."

සොන්හා මගේ මෝනින්ග් එක කාලා දැන් ගුඩ් මෝනින්ග් කියනවා..මන් ඕනවට එපාවට මෝනින්ග් කිව්වා.

🙋‍♀️"ඔයා තාම නිදිමතේද ?"

🙎‍♂️"ඔව්. මට නිදාගන්න ඕනේ. මන් යන්නද?"

🙋‍♀️"අනේ ජින්. ඔයා හොස්පිටල් ඇඩ්මිට් උනා කියලා මන් දැනගත්තේ ඊයේ..මන් ඒ වෙලාවෙම ෆ්ලයිට් එකක් අරන් ආවා ඔයාව බලන්න.."

🙎‍♂️"එහෙමද?"

🙋‍♀️"ඔව්. කොහිමද දැන් ඔයාට."

🙎‍♂️"හොදයි."

🙋‍♀️"ජින්. ඔයා එනවද හෙට රෑ අපේ ගෙදර ඩිනර් එකකට."

🙎‍♂️"පිස්සුද?"

🙋‍♀️"පිස්සු නෙවේ අනේ. මට මම් ටයු ඩැඩ් ටයි ඔයාව අදුන්නලා දෙන්න ඕනේ."

🙎‍♂️"ඒ මොකටද?"

🙋‍♀️"අපි දෙන්නානේ මැරි කරන්න ඉන්නේ. "

🙋‍♀️"සොන්හා මන් දන්නෙ නෑ ඔයා ඔය මන්ස් ගාත කොහෙන් ඔලුවට දාගත්තද කියලා. ඒත් මන් කවදවත් ඔයාව මැරි කරන්නෙ නෑ "

සොන්හා තව එක එක ඒවා කිව්වට මන් එයාට බැනලා එන්න ආවා. මට තේරෙන්නේ නෑ එයාට මන් කියන දේවල් තේරුම් යන්න මොන භාශාවෙන් කියන්න ඕනේද කියලා.

................................... ................. ..........

ඊලග දවස් ටික ගෙවුනේ අපේ ඊලට ඇල්බම් එකේ වැඩ වලට. අවෝඩ් සෙරමනි ගොඩකටත් නොමිනේට් උනා අපි. මාස ගානක් මහන්සි වෙලා ඇල්බම් එක රිලීස් කරාට පස්සෙ අපි ටිකක් නිදහසේ හිටියා.

"අපි ජින් හ්යුන්ගේ ගෙදර හදන කිම්චි තියන කඩේට යන්ද?"

හෝසොක් අහනකොට මන් හිතුවේ හැමෝම බෑ කියයි කියලා. මොකද අපි පහුගිය දවස් ටිකේ ගොඩක් මහන්සි උනා ඒත් අනිත් හැමෝම කැමති උනා එහෙ යන්න.

මූරින්ට කෝල් එකක් වත් ගන්න හම්බුනේ නෑ කිව්ව ගමන් කට්ටිය ලෑස්ති වෙන්න පටන් ගත්තා. මන් මූරින්ට ටෙක්ස්ට් එකක් දැම්මා අපි එනවා කියලා ඒත් එයා රිප්ලයි එකක් එව්වේ නෑ .

සේජින් අන්කලුත් අපේ පස්සෙන් ආවා යන යන තැන් වල.

"ඔයාලට කිම්චි කන්න ඕනේ හන්දමද මේ යන්නේ?"

"ඔව්."

සේජින් අන්කල් අහද්දි හෝසෝක් උත්තර දුන්නා.

ගේ ගාවටම ඇවිල්ලා මන් බැහැලා ගියේ ගේට් එක ලගට. ඒත් මට පස්සේ මතක් උනේ පාස්කෝඩ් එක මතක නෑ කියලා.

"ඇයි?"

නම්ජූන් මාගෙන් අහද්දි මන් කිව්වා කෝඩ් එක මතක නෑ කියලා.

"යාහ්. තමුන්ගේ ගෙදර කෝඩ් එක මතක නැති මනුස්සයෙක් මේ ලොකේ ඉන්නවද?"

"ඔව්."

යුන්ගී අපේ පිටිපස්සේ ඉදන් උත්තර දුන්නා.

"කවුද?"

නම්ජූන් හිතුවේ නැති උත්තරයක් යුන්ගී දුන්න හන්දා එයා යුන්ගීගෙන් ඇහුවේ පුදුම වෙලා.

"ජින් හ්යුන්ග්."

හහ හහ් හහ් හහ්.

හැමෝම හිනා වෙලා ඉවර උනාටත් පස්සේ තමයි නම්ජූන්ට ඇයි අනිත් අය හිනා උනේ කියලා තේරුනේ.

"මේකට ඇතුලට පනින්න වෙන විදිහක් නැද්ද? "

මන් මූරින්ට කතා කරත් මූරින් ආන්ස්වර් නොකරන තැන සේජින් අන්කල් ඇහුවා.

"නෑනේ. උස තාප්පයක් ගැහුවේ හොරෙක්ට වත් එන්න බැරි වෙන්න."

"අර ගෙදර වගේ තාප්පයක් ගැහුවා නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනේ."

ජන්ග්කුක් කියද්දි මන් කටවහගෙන හිටියේ එයා පෙන්නුවේ හන්සූගේ ගෙදර හන්දා. අන්තිමට මූරින් ආවා ගෙදර.
මූරින් වාහනෙන් බහින්නත් කලින් මන් ගියේ මූරින් ලගට.

"කොහෙද ගියේ ඇයි ෆෝන් එක ගත්තේ නැත්තේ."

"ෆෝන් එක දාලා ගියේ ජින්.ඒක ගන්න ගෙදර ආවේ? ඇයි මේ හැමෝම ඇවිල්ලා?"

"දන්නේ නෑ. එන්න ඕනේ කිව්වා මන් එක්කන් ආවා."

මූරින් රිමෝට් එකෙන් දොර ඇරියට පස්සේ හැමෝම ඇතුලට ගියා. වෙන පාරක මේ වගේ කැරකි කැරකි හිටියා නම් එහෙම අපෙන් සොසේජස් හදලා තියෙයි මිනිස්සු.

මූරිනුත් හොස්පිටල් එකට කෝල් කරලා ගෙදර හිටියා. රෑ කාලා බීලා ඉවර උනාම කට්ටිය නවතින්න ඕනේ කිව්වා.

"අපි අද මෙහෙ නවතිමුකෝ."

ටෑයුන්ග් අමුතු හිනාවක් දාගෙන සේජින් අන්කල්ට කියද්දි සේජින් අන්කල් බැන්නා.

"දැන්ද ඉන්න ඕනේ කියලා මතක් උනේ? එනකොට ඇදුමක් වත් අරන් ආවද?"

"ජින් හ්යුන්ග් ගේ ඒවා අදිමු අපි."

මන් ආසම නැති එක තමයි අනිත් අය මගේ ඇදුම් අදින එක. ඒත් මට කරන්න දෙයක් නැති හන්දා හා කිව්වා. මට හිතා ගන්න බෑ මේ ගොල්ලෝ මොකටද මෙහෙ ඉන්න හදන්නේ කියලා. ඒත් කොහොම හරි රෑ හිටියා එයාලා.

"ඇයි ඔයා කලින් කිව්වෙ නැත්තේ මෙයාලා එන්නෙ ඉන්න කියලා."

මූරින් මාත් එක්ක එලියට වෙලා කතා කරන ගමන් මගෙන් ඇහුවා.

"මාත් දැනගත්තේ අදනේ"

"දැන් මන් සෝෆා එකේද නිදා ගන්න ඕනේ?"

"නෑ ඔයාට බිම නිදාගන්න වෙන්නේ. ඒකේ සේජින් අන්කල් නිදි."

"යාහ්. බිම ? මන් බිම නිදා ගන්න් ඕනේ කියලද ඔයා කියන්නේ? ඔයා දන්නවද මන් ඉපදුන දවසේ ඉදන් අද වෙනකන් එක පාරක් වත්......"

මන් මූරින්ගේ ඉතුරු ටික අහන්න ඉන්නේ නැතුව ගේ ඇතුලට ආවා. මන් කියන හැමදේම මූරින් අහන් හිටියට එයා කියන දේවල් කවදවත් මන් ඇහුවේ නෑ. මූරින් නම් කියන්නේ මන් හොද ලිස්නර් කෙනෙක් නෙවේ කියලා.

හැමෝම නිදි හන්දා මන් පාර්ක් එකට ගියා මාස්ක් එකත් දාගෙන. අවුරුදු 3ක් විතර වෙනවා මන් අන්තිමට පාර්ක් එකට ඇවිල්ලා.

සාහා
නෑ හන්සූ.
නෑ සාහා. මට තාමත් එයා සාහා. සාහා හැමදාම වාඩි වෙලා ඉන්න ඔන්චිල්ලාව ලගට මන් ගිහින් එතනින් හිට ගත්තා.

"හ්යුන්ග් ඇයි මෙතන. ?"

ජන්කුක්ගේ කටහඩ ඇහුනම මන් ටිකක් ගැස්සුනා. ටිකක් නෙවේ. මන් හොදටම ගැස්සුනා.

"ඔයා?"

"ඔව්. මන් දැක්කා හ්යුන්ග් එනවා..මාත් ආවා. මෙහෙ හරිම නිදහස් නේද ? අපිට මෙහෙම කවදාවත් ඇව්දින්න හම්බෙන්නේ නෑනේ."

"හ්ම්ම්."

"ඇත්තටම ඇයි මෙහෙ ආවේ?"

"තරු බලන්න."

"තරු? කෝ තරු නෑනේ? අහ් තියනවා නේද?"

"හ්ම්ම්."

"ඇයි තරු බලන්නේ? හ්යුන්ග් ට එහෙම ආසාවක් තිබ්බෙ නෑනේ."

"මේ ලෝකේ මැරුන හොද මිනිස්සු ඉන්නේ අහසේ තරු වෙලා."

"එහෙමද?"

ජන්ග්කුක් ඇවිල්ලා සාහා වාඩි වෙන ඔන්චිල්ලවෙන් වාඩි උනා.

"හ්යුන්ග් මේක කඩන් වැටෙයිද ?"

"නෑ ."

ජන්ග්කුක් එක්ක මන් ටිකක් කතා කර කර ඉදලා ගෙදර ගියා. මන් ගෙදර යද්දි මන් දාලා ගිය එලියේ ලයිට්ස් පවා ඕෆ් කරලා තිබ්බේ.

ජන්ග්කුක් ෆෝන් එක අරන් එකේ ටෝච් එකෙන් ආවා.

"හැපි බර්ත්ඩේ ටූ යූ
හැපි බර්ත්ඩේ ටූ යූ
හැපි බර්ත්ඩේ ඩියර් ජින් හ්යුන්ග්
හැපි බර්ත්ඩේ ටූ යූ."

මන් ඇත්තටම අමතක වෙලා තිබ්බේ උපන් දිනය. එක දිගට ආව ප්‍රශ්නත් එක්ක මන් ෆෝන් එකවත් පාවිච්චි කරේ නෑ. නැත්තන් ඉන්ටර්නෙට් එකේ හරි දකිනවා ආර්මිලා මන් වෙනුවෙන් ප්‍රොජෙක්ට්ස් කරන්න ලෑස්ති වෙනවා.

"තැන්ක් යූ."

මූරින් කේක් එකක් උස්සන් ආවා.

"විශ් එකක් කරන්න."

මන් කැන්ඩ්ල්ස් නිව්වට පස්සේ කට්ටිය ඒක කෑවා. ඇත්තටම මන් සප්‍රයිස් උනේ කේක් එක හන්ද නෙවේ. කේක් එක කන්න පොරකන හෝසොක් ජින් හන්දා

එයාලා කේක් එකට පොර කාලා කේක් එක බිම දැම්මා.

"යාහ්. තමුන්ලා දෙන්නා මොන තරම් සුපර් ස්ටාර්ස්ලා උනත් කමක් නෑ ඕක අස් කරන්න ඕනේ.."

මූරින් කෑ ගැහුවා. බේරෙන්න් පුලුවන් වෙයි කියලා ජිමින් හෝසොක් හිතුවත් එයාලා ඒක අස් කරනකන් මූරින් එයාලට මාරු වෙන්න දුන්නෙ නෑ.

"මූරින්"

"අන්කල්"

"පැකේජ් එක කීයක් ඕනේද අපේ කම්පනි එකට වැඩට එන්න."

සේජින් අන්කල් අහන්නේ මොනවද කියලා එයා ඉතුරු ටික අහනකන් මට තේරුනේ නෑ.

"මන් කියන දේවල් එකක් වත් මේ යක්කු හත් දෙනා අහන්නෙ නෑ. ඔයාට පුලුව්න ඇසිස්ටන්ට් වෙන්න මගේ. හොස්පිටල් එකෙන් හම්බෙන ගානට වඩා දෙන්නම්."

"නෑ නෑ අන්කල්..මට මගේ පේශ්න්ට්ලා එක්ක ඉන්න එක මීට වඩා සැපයි."

හහ් හහ් හහ්


.....................................................................

අපි වර්ල්ඩ් ටුවර් එක ගියා. ඇල්බම් එක හොදටම හිට් උන හන්දා වෙනදට වඩා අපිට ශෝස් කරන්න උනා. ඒ හැම එකේදිම අපි ගොඩක් මහන්සි උන නිසා කට්ටිය එකට ඉන්න එච්චර වෙලාවක් හම්බුන්නෙ නෑ. ඒත් ජන්ග්කුක් වෙනදට වඩා වෙනස් කියලා තේරුනා.

"කුකී මොන සිහියෙන්ද ඉන්නේ?"

"නෑ මොකුත් නෑ"

නම්ජූන් මීටින් එක්ක ගනිද්දි ජන්ග්කුක් ෆෝන් එක දිහා බලල හිනා වෙනවා දැකලා නම්ජූන් ජන්ග්කුක්ගෙන් ඇහුවා.

"මොකුත් නෑ හ්යුන්ග්."

"එහෙනම් මේ කියන දේ අහන් ඉන්න.."

ෆ්‍රාන්ස් ආවමත් ජන්ග්කුක් ඉස්සරට වඩා වෙනස් උනා.අපිත් එක්ක කන්න ආවේ නෑ. ෆෝන් එකේමයි හිටියේ.

"හන්සූ එක්ක මේකා මෙච්චර ලව් කරනවද?"

බුෆේ එකෙන් කෑම බෙදාගන්න ගමන් නම්ජූන් මගේන් ඇහුවා.

"අනේ මන්දා."

"හන්සූ එක්ක නෙවේ කතා කරන්නෙ."

නම්ජූන් ඉස්සරහින් හිටපු ජිමින් නම්ජූන් ට කිව්වා.






.
To be continued......
. .



.
Fiction by Roshell 🍃

Continue Reading

You'll Also Like

8.7K 1.8K 21
💕 හීන තියෙන්නෙ දකින්නම නෙවෙයි.... සැබෑ කර ගන්න.....💕 Warning :- හදිසි තීරණ හානිදායක විය හැකියි ⚠️️ Fanfiction only 🚫 ⚠️️D...
44.6K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
81K 4.4K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
64K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...