Jin's pov
මන් කෝල් එකක් ගත්තා සේජින් අන්කල්ට.ඒත් එක්කම දොර ඇරන් ඇතුලට ආවේ.....
"හන්සූ."
"ගෙට් වෙල් සූන් ජින් අයියා."
ඒත් එක්කම මන් කෝල් එකේ ඉන්නවා දැකලා හන්සූ ශ්ශ්ශ් කියලා කටට අත තියාගත්තා. ඒක දැකලා මට හිනා ගියා
"හෙලෝ."
එතකොට ම සේජින් අන්කල් මගේ කෝල් එක ආන්ස්වර් කරා.
"අන්කල්. ඩොක්ටර් කියනවා සති 2ක් ඉන්න කියලා. අපිට තව මාස 5ක් තියන එකේ බැරි වෙයිද මට ලෙන්සස් සර්ජරි එකක් කරගන්න."
"ඔයා දැන්වත් ඕකට කැමති උන එක හොදයි ජින්. මන් ඩොක්ටර් කෙනෙජ් බලල කියන්නම්. ඉක්මනට කරමු"
"ඔකේ. තැන්ක්යූ"
"ජින් "
"අන්කල්."
"කොහොමද දැන්? "
"හොදයි."
"ජන්ග්කුක් එක්ක පරිස්සමින්."
"හරි අන්කල්."
මන් සේජින් අන්කල් එක්ක කතා කරලා ඉවර වෙනකන් හන්සූ මන් ලගට වෙලා බලන් හිටියා. ඊට පස්සේ ක්‍රිශන්තිමම් මල් ටිකක් මට දීලා ගෙට් වෙල් සූන් කිව්වා.
"තැන්ක් යූ හන්සූ."
ඒත් එක්කම ජන්ග්කුක් එලියට ආවා වොශ් රූම් එකෙන් ටවල් එකක් ඇදන්. හන්සූ ව දැක්කා විතරයි ආයෙමත් දිව්වා වොශ් රූම් එක ඇතුලට.
හහ් හහ් හහ්.
"හන්සූ අර බෑග් එකෙන් ඇදුම් ටික අරන් දෙන්න අරයට. නැත්තන් ඇතුලට වෙලා ඉදී ඔයා යනකන්ම."
"එපා එපා. බෑග් එකම අරන් දෙන්න. මන් ගන්නම්"
ජන්ග්කුක් වොශ් රූම් එකේ ඉදන් කෑ ගහනකොට හන්සූ ගිහින් බෑග් එකම වොශ් රූම් එක ඉස්සරහින් තියලා දොරට දෙපාරක් තට්ටු කරා. ජන්ග්කුක්ගේ අතක් විතරක් එලියට දාලා බෑග් එක අරගෙන දොර වැහුවා දඩාස් ගාලා.
"කුකී අයියා අඩ අඩ හිටියේ එයා හන්දා අයියට ඔහොම උනා කියලා."
"නෑ නෑ . එයා මොකුත් කරේ නෑ. මන් වැටුනා."
"මන් හන්සූට ඇත්ත කිව්වා හ්යුන්ග්."
ජන්ග්කුක් ඇදගෙන එලියට එන ගමන් මට කිව්වා.
"සූ ඔයා මෙච්චර ඉක්මනට ආවේ කොහොමද?"
"කෝල් කරනකොට මන් ලග හිටියේ."
"ඔයා මට මල් ගෙනාවේ නෑ සූ."
"ඔයානේ මට මල් ගේන්න ඕනේ කුකී අයියා. මන් ඔයාට ගෙනල්ලා දීලා හරියනවද? "
පොඩි දෙන්නා මෙතනත් රන්ඩු වෙනවා. හන්සූ හිටියා 7 විතර වෙනකන් අපිත් එක්ක. ඉදලා එයා යන්න ගියා
රෑ ඇත්තටම ජන්ග්කුක් අපාර්ට්මන්ට් නොයවපු එක අපරාදෙ කියලා හිතුනා මට. කාලා ඉවර උන ගමන් හොදට නිදා ගත්තා අනිත් බෙඩ් එකට වෙලා එයා.
කටින් හුස්ම ගන්න එක පුරුදු නැති හන්දා මට නින්ද ගියේ නෑ හරියට රෑ එලි වෙනකන්..
පහු වෙනිදා උදේ පාන්දරම 6 වෙද්දි සේජින් අන්කල් ආවා යුන්ගී එක්ක. සේජින් අන්කල්ගේ දැන් තියරි එක.
වරකට එක බැගින්. ..
"යාහ්. ජන්ග්කුක් නැගිටිනවා. මේකා මුලු රෑම මෙහෙමද හිටියේ?"
සේජින් අන්කල් මගෙන් අහද්දි මන් නෑ කියන්න ඔලුව වැනුවා.
"එයා දැන් ටිකකට කලින් නිදා ගත්තේ."
සේජින් අන්කල් මන් කිව්වා දේ පිලිගත්තත් යුන්ගී ගේ මූනේ තිබ්බ හිනාව නම් කිව්වේ එයා ඒක පිලිගන්නේ නැති පාටක්..
"ඩොක්ටර් එක්ක මන් කතා කරා ජින්. අපිට පුලුවන් අයි සර්ජරි එකක් කරන්න."
"මේ එක්කම කරලා තියාගත්තම ලේසි කියල හිතුනා අන්කල්. නැත්තන් ඒකටත් වැඩ පාඩු කරගන්න වෙනවනේ."
"ඔව්. දෙකම එක පාර කරන එක හොදයි. හවසට යන් අපි චෙක් කරගන්න. පුලුවන් උනොත් හෙටම සර්ජරි එක කරමු"
"හ්ම්ම්."
"කෑවද? "
"ඔව්. හන්සූ ආවා. ඊයේ රෑ. අද පාන්දරත් කෑම දීලා ගියා."
"මේ කොල්ලා නම් හොද කෙල්ලෙක් හොයා ගත්තා. ඔයා කවද්ද හොයා ගන්නේ? "
සේජින් අන්කල් අහපු දේට මන් හිනා වෙලා නිකන් හිටියා. මට කියන්න දෙයක් තිබ්බේ නෑ ඇත්තටම. එතකොටම ජන්ග්කුක් නැගිට්ටා.
"ආහ්. ලෙඩ්ඩු බලාගන්නේ ඔහොමද?
දැන් ලෙඩාද ඔයාව බලාගන්න ඕනේ ?"
"ඇයි? ඊයේ රෑ මොකද උනේ?"
ජන්ග්කුක් කතා කරපු වචන 5ට මන් කරපු දේවල් ඔක්කොම ඉවරයි.මන් කිව්ව බොරුව අහු උනා ඒකෙන්.
"ඔයා නම් ජින්....."
සේජින් අන්කල් අපිට බනින්න බැරි කමට කාමරයෙන් එලියට ගියා.යුන්ගි විතරක් ගිහින් සේජින් අන්කල් හවස් වෙනකන්ම හිටියා.
හවස චෙක් කරාට පස්සේ එයාලා කිව්වා සර්ජරි එක ඕනෙ වෙලාවක කරන්න පුලුවන් කියලා.
"එහෙන්ම් ඩොක්ටර් අපිට පුලුවන්ද හෙටම කරන්න."
"ඔව් මිස්ටර් සේජින්. ඔයාලා ලෑස්ති නම් පුලුවන්. හෙට කරනවා නම්..."
.
.
.
.
.
ම්ම්ම්..ඔව්. පුලුවන්. හෙට කරමු."
ඩොක්ටර් එයාගෙ අපොයින්මන්ට් චෙක් කරලා කිව්වා හෙට පුලුවන් කියලා
ඩොක්ටර් කියපු විදිහට මන් ලෙන්සස් රිප්ලෙස්මන්ට් එකට ලෑස්ති උනා.
ඒත් ජොනී ගොව්න් එක ඇදලා කලින් වගේ සර්ජන් ලගට යනකොට මට ඉවසගෙන ඉන්න බැරි උනා. මන් ඉක්මනට වීල්චෙයා එකෙන් පැනලා ආපහු යන්න හැදුවා.
"ජින්."
"මට බෑ. මට මේක කරන්න බෑ. "
"ඇයි ජින්."
"එයාලා මට ඊ.ටී.සී දෙන්න හදන්නේ. මට බෑ."
සේජින් අන්කල් මාව අල්ල ගත්තා. මට හිතුනේ එයත් ඩොක්ටර්ට සපෝර්ට් කරන්න මාව බලෙන් ඊටීසී සෙන්ටර් එකට අරන් යන්න හදනවා කියලා.
"සොක්ජන්ග්. මාව බේරගන්න. මෙයාලා මට ඊටීසී දෙන්න යන්නෙ.."
මන් මගේ මල්ලිට කිව්වා මාව බේරගන්න කියල.
"හ්යුන්ග්. "
"බය වෙන්න එපා."
"හ්යුන්ග්. "
"එයාලා ඔයාට කරදර කරන්න නෙවේ හදන්නේ."
සොක්ජන්ග් කිව්වට එයාගේ මූන ටිකකින් වෙනස් උනා.
ජන්ග්කුක්.....
"අහන්න හ්යුන්ග්.එයාලා ඔයාට අයි සර්ජරි එකක් කරන්න යන්නේ. බය වෙන්න එපා.."
ජන්කුක් මගෙ අත් දෙකෙන් අල්ලන් කියද්දි මට ටිකක් බය අඩු උනා. සේජින් අන්කල් ඇවිල්ලා මාව ආයෙමත් වීල් චෙයා එකෙන් වාඩි කෙරෙව්වා..
ඒත් කොරිඩෝ එකේ යනකොට මගෙ බය වැඩි උනත් මන් ජ්නග්කුක් කිව්ව දේවල් මතක් කරගෙන හිටියා.
සර්ජන් මගේ ප්‍රෙශර් චෙක් කරා.
"මිස්ටර් සේජින්. මිස්ටර් ජින් ප්‍රෙශර් වෙලා ඉන්නේ. අපි කරන්නේ පොඩි සර්ජරි එකක් උනත් ප්‍රෙශර් වැඩි වෙලාවක සර්ජරි කරන එක පේශන්ට රිස්කි.."
අන්තිමට මට සර්ජරි එක කරන් නැතුව ආයෙමත් එන්න උනා රූම් එකට.
"ජින්. ටිකක් නිදා ගන්න. අපි පස්සේ කරමු ඒක.."
සේජින් අන්කල් ජන්ග්කුක් එක්ක මාව රූම් එක එක්කන් ඇවිත් කිව්වා..
මට නිදාගන්න ඕනේකමක් තිබ්බේ නැතත් නිදා ගන්න උනා ඩොක්ටර් ඇවිත් ඉන්ජෙක්ශන් එකක් දුන්න නිසා.
මන් නිදාගෙන ඉන්නකොට එක පාරටම මිනිස්සු 3 දෙනෙක් ඇවිල්ලා මාව නැගිට්ටෙව්වා.
"ඇයි මේ?"
"කොහෙද මාව අරන් යන්නේ."
එයාල මගේ අතේ තිබ්බ කැනියුලා එක අයින් කරලා මාව අරන් ගියා. මන් කොච්චර දැගලුවත් මට යන්න දුන්නේ නෑ
"දගලන්න එපා. අපි ඔයාව අයි සර්ජරි එකට අරන් යන්න හදන්නේ"
"ඒත් ඇයි ඔයාලා ඔහොම ඇදගෙන ?"
ඒ මිනිස්සු ඇදන් හිටියේ සර්ජන්ලා අදින ස්ක්‍රබ් වත් නර්ස් යුනිෆොර්ම් වත් නෙවේ.
වෙන ඇදුමක්..
නෑ වෙන ඇදුමක් නෙවේ.
මට මතක් වෙනවා ඒක.
ඒක සයිකොතෙරපිස්ට්ලගේ ඇදුම..
තනි සුදු ඇදුම එයාගේ..
මන් කොච්චර දැගලුවත් ඒ තුන් දෙනා මාව පොඩි ලමයෙක් ඇදන් යනවා වගේ පඩිපෙල දිගේ පහලට අරන් ආවා.
අපි ගියේ අයි සර්ජන් ගේ රූම් එක ලගට. මගේ බය ටිකක් අඩු උනත් ආයේ බය හිතුනා සර්ජන්ගේ රූම් එකට යන්නේ නැතුව එයාලා දිගටම මාව අරන් යන නිසා .
"සේජින් අන්කල්.."
"ජන්කුක්"
මන් කෑ ගැහුවට කවුරුත් ආවේ නෑ මගේ පස්සේන්. නර්ස්ලා ඩොක්ටර්ස්ලා හැමෝම මන් දිහා බලන් හිටියා විතරයි කවුරුත් උදව් කරේ නෑ මට
"මට යන්න දෙනවා. තමුසෙලා කවුද. මට යන්න දෙනවා."
මන් දැගලුවට ඒ මිනිස්සුන්ට ගානක් වත් නෑ..මරන්න ගෙනියන හරකෙක් වගේ මන් කෑ ගැහුවා. ස්ටේජ් එකේ ආර්මී කියල කෑ ගහනවටත් වඩා හයියෙන් මන් කෑ ගැහුවා. එයාලා මාව දොරක් ඉස්සරහට අරන් ආවා.
ECT CENTRE
"ඇයි මට ඊසීටී දෙන්නේ"
"මට දැන් හොදටම හොදයි."
"මට ඊසීටී එපා."
"සේජින් අන්කල්..මාව බේරගන්න."
"ජන්ග්කුක්."
"මූරින් ට එන්න කියන්න".
"එයා කියයි ඔයාලට මන් හොද වෙලා කියල. "
"මට ඇත්තටම හොදයි."
"මට හොදයි."
"එපා මාව අරන් යන්න එපා.."
මන් කොච්චර කිව්වත් එයාලා මන් කියන දේ ඇහුවේ නෑ. මාව රූම් එකට අරන් ගිහින් බෙඩ් එකට තියල අල්ල ගත්තා.
"එපා මට යන්න දෙන්න."
"සේජින් අන්කල්.."
මන් කෑ ගැහුව එකෙන් උනේ මගේ උගුර රිදෙන එක විතරයි. එලෙක්ට්‍රොඩ්ස් ප්ලේස් කරලා ඩොක්ටර් ආවා මන් ලගට.
"එපා . මට මොකුත් කරන්න එපා. එපා."
ඩොක්ටර් ඇනස්තෙශිය දෙන්නේ නැතුවම මට ශොක් කරන්න යන්නේ.
"මට ඇනස්තෙසිය දෙන්න. එපා ඔහොම කරන්න"
"ජින් හ්යුන්ග්."
"ජින්.."
මට ජන්ග්කුක්ගේ කටහඩ ඇහුනා. සේජින් අන්කල්ගේ කටහඩත් ඇහුනා.
"කුකී මාව බේරගන්න."
"70 වොල්ටේජ්."
එතන හිටපු සයිකොතෙරපිස්ට් කෙනෙක් කිව්වා.
"එපා. එපා."
"හ්යුන්ග්."
"එපා... මට රිදෙයි අනේ මට ඇනස්තෙසියා දෙන්න.."
"ජින්."
"එපා එපා."
මන් එපා කිව්වට වැඩක් නෑ. සයිකොතෙරපිස්ට් මගේ ඔලුවට හෙඩ් පීස් එක තිබ්බා.
'"එපා......."
.....................................................................
3rd person pov
හන්සූ එක්ක ජන්ග්කුක් කතා කර කර ඉන්න අතරේ සේජින් රූම් එකෙන් එලියට ගියේ එයාට කම්පනි චෙයාමන්ගෙන් කෝල් එකක් ආව නිසා.
ඒත් හන්සූ දැක්කා එක පාරටම ජින් එහෙ මෙහෙ හැරෙනවා නින්දෙන්ම.
"අයියා අර."
හන්සූ ඉක්ම්නට ජන්ග්කුක්ට පෙන්නුවා ජින් ව.
"ඉක්මනට මිස්ටර් සේජින්ට කතා කරන්න"
හන්සූව සේජින් හොයන්න යවලා ජන්ග්කුක් ගියා ජින් ලගට. සේජින්ව හොයන්න ලොකු අමාරුවක් උනේ නෑ හන්සූට සේජින් හිටියේ කාමරයෙන් එලියේ දොර ගාවමයි.
"ජින් අයියා...."
හන්සූ බය මූනකින් ජින් ගේ නම කියද්දිම සේජ්න්ට තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. එයා එහා පැත්තේ හිටපු චෙයාමන්ට මොකුත් කියන්නෙවත් නැතුව කෝල් එක කට් කරලා ජින් ගේ ඇද ලගට දුවන් ආවා
"ජින් හ්යුන්ග්."
"ජින්.."
සේජින් ජින් ලගට ඇවිල්ලා කතා කරා. එත් ජින් එහා මෙහා හැරි හැරි දගලනවා. දැක්ක ගමන් තේරුනා ජින් හීනෙකට බය වෙනවා කියලා
කුකී මාව බේරගන්න.
එපා. එපා.
"හ්යුන්ග්."
එපා මට රිදෙයි මට ඇනස්තෙසියා දෙන්න..
"ජින්..."
එපා එපා.
එපා.........
ජින් එපා කියලා කෑ ගහගෙනම එක පාරට නැගිට්ටා.
"ජින් ඒක හීනයක්. බය වෙන්න එපා. හීනයක්.."
සේජින් ජින්ගේ උරිස්සෙන් අත් දෙකම තියලා ජින් ව සන්සුන් කරන්න හැදුවා.
"හ්යුන්ග්"
ජින් ටික වෙලාවක් හයියෙන් හුස්ම ගත්තා. එයා කටින් හුස්ම ගත්ත නිසා හුස්ම ඉහල පහල යන සද්දේ හොදටම ඇහුනා.
ටික වෙලාවක් ඇස් තද කරගෙන ඉදලා එක පාරටම ඇස් ඇරියා. එයා වටේම බැලුවා නිකන් එයා ඉන්නේ කොහෙද කියලා හොයන්න වගේ.. එක පාරටම ඇදෙන් පහලට බැහැල වොශ් රූම් එකට දිහාට යන්න ගියා.
"ජින්.."
අතේ කනියුලා එක ජින්ට යන්න පුලුවන් දුර සීමා කරා. ප්ලාස්ටර් එකයි කැනියුලා එකයි ගලවලා දලා ජින් දිව්වේ වොශ් රූම් එකට.
"ඕක්ක්ක්ක්ක්".
කොමඩ් එක ලගට ගිහින් ජින් වොමිට් කරන්න ගත්තා..සේජින් ඇවිත් ජින්ව අල්ලගත්තේ එයාට සහනයක් වෙන්න.
"ඒක හීනයක් ජින්..ඒක හීනයක්.."
"බය වෙන්න එපා."
ජින් මොකුත් නොකියා වොමිට් කරලා ඉවර උනාම මූන කට හෝදගෙන එලියට ආවා. ජින් ට මොකද උනේ කියලා හිතාගන්න බැරුව හන්සූ බය වෙලා හිටියේ හොදටම.
"කෝ මගේ ෆෝන් එක"
..........................................................
Jin's pov
"කෝ මගේ ෆෝන් එක"
මන් ජන්ග්කුක්ගෙන් ඇහුවම එයා බෙඩ් කබඩ් එක පෙන්නුවා. මන් ඉක්මනට ෆෝන් එක අරන් මූරින්ට ඩයල් කරා..මූරින්ට කතා කරන්න ෆෝන් එක කනේ තියාගත්තත් මට දැනුනා මාව තාම වෙව්ලනවා කියලා.
"හෙලො"
"මූරින් ඉක්මනට එන්න. හදිසියක්"
To be continued....
Fiction by Roshell 🍃