Jin's pov
මන් මූරින්ගේ මූන බැලුව ගමන් මට තේරුනා මූරින්ට මගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තිබ්බා කියලා.
ඒත් මූරින් ඇහුවේ මන් හිතුවෙ වත් නැති දෙයක්
"කොෆී එකක් බොමුද?"
"මොකක්ද ඇහුවේ?"
මන් හිතුවේ මට ඇහුනේ වැරදියට කියලා. ඒත් මට කලින් ඇහුන දේ තමයි අහලා තියෙන්නේ.
"කොෆී එකක් බොමුද?"
"හා."
"එහෙනම් මෙතනට වෙලා ඉන්න"
මූරින් මාවත් තියලා ගියා කොෆී ගෙන්න. විනාඩි 5ක් යන්න කලින් මූරින් ආවා කොෆී කප් 2ක් අතට අරන්
"උදේම ඇයි?"
"මට නයිට් තිබ්බා. ඉවර වෙලා එහෙමම ආවේ."
"ජන්ග්කුක්ට මොකෝ?"
"ඩිස්ලොකෙට් වෙලා..එච්චර අවුලක් නෑ කියලා කිව්වේ."
"කොහොමද උනේ?"
"ස්ටේජ් එකෙන් වැටුනා. නැගිට්ටම තමයි අහන්න වෙන්නේ.."
"හරි. දැන් මට ඇත්ත උත්තර දෙන්න.. ඇයි ප්‍රොෆෙස ශාමා ගේ දුව එතන ඉන්නේ? මොකක්ද ඔයාට එයා එක්ක තියන සම්බන්දේ?"
මූරින්ට මට ඕනේ දෙයක් කියන්න පුලුවන් උනා මුල ඉදලම. කාට නොකිව්වත් මන් මූරින්ට හැමදේම කිව්වා. එයා විතරයි මට ඉන්න එකම සහනය ප්‍රශ්නයක් උනාම.
ලොස් ඇන්ජලීස් වලින් හම්බුන දවසෙන් පටන් අරන් මන් හැමදේම මූරින්ට කිව්වා.
හන්සූ එක්ක සින්ග් කරන්න ගිය එක ගැන
හන්සූගේ ස්කාර්ෆ් එක තියන් ඉන්න එක ගැන
තරු බලපු එක ගැන
ඒ හැම දෙයක් ගැනම මන් මූරින්ට කිව්වා.මූරින් මුල ඉදන් අගටම හොදට කතාව අහගෙන හිටියා. මන් ඉස්සර කියනවා වගේ මූරින් කියන්නේ හොද සයිකොතෙරපිස්ට් කෙනෙක්.
"එතකොට ඔයා කියන්නේ ඔයාගේ නිහඩ ආදරේ ජන්ග්කුක් වෙනුවෙන් කැප කරා."
"නෑ මූරින්. මන් කැප කරන්න දෙයක් තිබ්බේ නෑ. ජන්ග්කුක් මුල ඉදලම මට වඩා ඉස්සරහින් හිටියේ. සෝ දේ ෂුඩ් බී ටුගදර්
"හ්ම්ම්. ඔයාට දුකක් නැද්ද? හිතේ පොඩ්ඩක් වත් අවුලක් නැද්ද?"
"නෑ මූරින්. ඔයා දන්නවනේ. ජන්ග්කුක් නිකන් මට පෙන්නේ සොක්ජන්ග් වගේ. මට මතක් වෙනවා සොක්ජන්ග් නෙවේ ඒ ජන්ග්කුක් කියලා. ඒත් ඒ වෙලාවට මන් හිත රවට්ට ගන්නවා ඒ සොක්ජන්ග් කියලා. මට ඒ හන්දා දුකක් වත් ඉරිසියාවක් වත් නෑ. අනික ජන්ග්කුක් හන්සූව හිදට බලාගනී කියලත් මට විශ්වාසයි.."
"ග්‍රේට්."
මූරින් මගේ පිටට තට්ටු කරන ගමන් කිව්වා.
මූරින්ට මගේ ඔලුවේ තිබ්බ හැමදේම කිව්වට පස්සේ මට නිකන් හම්බුනේ ලොකු නිදහසක් වගේ දෙයක්. මට කියන්න තේරෙන්නේ නෑ. මගේ ඔලුව ඔක්කොම ප්‍රශ්න වලින් නිදහස් උනා කියලා හිතුනා.
මූරින්ට ගෙදර යන්න කියලා මන් ආයෙමත් ගියේ ජන්ග්කුක්ගේ රූම් එකට. මන් යද්දි හන් සූ නැගිටලා හිටියා.
"ගුඩ් මෝනින්."
"ගුඩ් මෝනින් අයියා. සොරි මන් ඊයේ කරදර කරා නම්.."
"නෑ. කිසි කරදරයක් නෑ."
"කුකී අයියා මට නම්බර් එක දීලා තිබ්බේ අයියාගේ හදිසියක් උනොත් ජින් අයියට කතා කරන්න ඕනේ වෙලාවක කියලා. මට ඒක මතක් වෙලා ගත්තේ."
"මට කරදරයක් නෙවේ හන්සූ ඒක."
"හ්ම්ම්. මන් උදේ වෙනකන් මෙතන හිටියොත් ප්‍රශ්නයක් වෙයිද ? කම්පනි එකේ කට්ටිය ආවොත්?"
"නෑ. එහෙම ගානක් නෑ. ගොඩක් අය එන්නේ නෑ."
ඒත් එක්කම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා ජන්ග්කුක්ගේ අම්මගෙන්. ජන්ග්කුක්ගේ අම්මා දැනගෙන තියෙන්නේ පාන්දර. එයා හොදටම බය වෙලා එන්න අහනවා. මන් පැහැදිලි කරලා දුන්නා එන්න තරම් ලොකු අමාරුවක් ජන්ග්කුක්ට නෑ කියලා.
අන්තිමට මන් කිව්වා දෙයින් සෑහීමට පත් වෙලා ජන්ග්කුක්ගේ අම්මා එන්න ඔනේ නම් කෝල් එක්ක දෙන්න කියලා කිව්වා. මන් ෆෝන් එක ස්ටූල් එක උඩින් තියද්දි දැක්කේ මන් බෙහෙත් බිව්වේ නෑ කියලා.ඒ විතරක් නෙවේ හන්සූ ඒක දැක්කා කියලා දැක්කම මට ලැජ්ජවක් හිතුනා.
"අයියා ඇයි ස්ලීපින් පිල්ස් ගන්නේ?"
"නින්ද යන්න.."
"ඩිප්‍රෙශන්? "
"කොහොමද කිව්වෙ?"
"අම්මත් බිව්වා ඉස්සර ඕවා හැමදාම."
හන්සූ ඇස් වල කදුලු පුරවන් කිව්වා. මන් ප්‍රොෆෙස ශාමා ගැන දන්නවා කියලා ඇගෙව්වේ නෑ හන්සූට මාව මතක් වෙයි කියලා බයට.
හන්සූ පාන්දර 5.30ට විතර ගියා ගෙදරට දුවලා එන්නම් කියලා. උදේ 6 වෙද්දි අපේ කට්ටියම ආවා හොස්පිටල් එකට සේජින් අන්කල් එක්ක..
"ජින් හ්යුන්ග්. තාම නැගිට්ටේ නැද්ද් එයා?"
"නෑ ටේ. නිදි."
"හ්යුන්ග් ට කෑම ගෙනාවා. කුකීට කෑම මෙහෙන් දෙනවා කිව්වා.."
ජිමින් කෑම වාගයක් ස්ටූල් එක උඩින් තියන ගමන් කිව්වා. ටික වෙලාවක් ගියාම කට්ටිය තැන් තැන් වල වාඩි වෙලා කියවන්න පටන් ගත්තා. මන් ලගින් නම්ජූනුයි සේජින් අන්කලුයි වාඩි උනා..
"ඩොක්ටර් ආවෙ නැද්ද?"
"නෑ මූරින් ඇවිල්ලා බලල ගියා. තව හන්සූ ආවා."
"හන්සූ කිව්වේ ජන්ග්කුක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හන්සූ ද."
නම්ජූන් මගෙන් අහද්දි මන් ඔව් කියන්න ඔලුව් වැනුවා.
"ආවට කමක් නෑ නේද සේජින් අන්කල්. ඒ ලමයා පව් බය වෙලා හිටියේ."
"කමක් නෑ ඒත් මීඩියා එහෙම යන්න දෙන වැඩ කරන්න එපා."
"හරි. කවුරුත් එන්නේ නෑ.ගාර්ඩ්ස්ලත් එයාලගේ ඩියුටි එක හරියට කරනවා."
මන් කිව්වම සේජින් අන්කල් ලොකු හුස්මක් ගත්තා.
"දැන් ජින් ගෙදර ගිහින් නිදාගන්න..මන් ඉන්නම් ජන්ග්කුක් ලග."
සේජින් අන්කල් කිව්ව දේට මන් බෑම කිව්වා.
"මට බෑ මට ඕනේ මෙතන ඉන්න."
"ඒත් ජින් ටිකක් නිදන් ඉදලා එන්න."
"මට නිදිමත නෑ..නිදිමත උනොත් මන් කියනම් මට හිටියා ඇති කියලා."
"ආයෙමත් අසනීප වෙන්නද හදන්නේ?"
සේජින් අන්කල් ටිකම් සැරෙන් මට කතා කරේ. ඒත් කවුරු කොහොම කිව්වත් මට ජන්ග්කුක් ලගින් ඈත් වෙන්න ඕනෙකමක් තිබ්බේ නෑ.
"මන් එහෙට වෙලා හිටියොත් අන්කල් අසනීප වෙන්නේ.කුකීට කොහොමහ කියලා හිත හිත ඉන්නකොට මන් අසනීප වෙයි.ඒත් මෙතන එහෙම දෙයක් නෑ "
"ම්ම්."
මාත් එක්ක කතා කරලා තවත් තේරුමක් නැති නිසා සේජින් අන්කල් නම්ජූන් එක්ක කට වහගෙන හිටියා.
අන්තිමට උදේ 8 විතර වෙනකන් ඉදලා එයාලා ගියා. මට ඒත් අමතක උනා ටූත් බ්‍රශ් එකක් ගෙන්නගන්න. කරන්න දෙයක් නැති නිසා හොදට කට හොදගෙන මන් බ්‍රෙක්ෆස්ට් ගත්තා.
කෑම සීතල වෙලා නිසා කන්නත් කම්මැලි . මහන්සියෙන් කවුරු හරි හදපු කෑම එක්කනේ කියල මන් කටවල් 2 3ක් කලා ඒක අයින් කරලා දැම්මා..
උදේ 9ට විතර ඩොක්ටර් ආවා. එයා ජන්ග්කුක්ව චෙක් කරලා කිව්වා බය වෙන්න එපා එයා අද නැගිටී කියලා. ඩොක්ටර් ගියාට පස්සේ රූම් එකේ ඉතුරු උන නර්ස් එක්ක මන් කතා කරා..
"මේ එක්ස්ට්‍රා බෙඩ් එක මෙහාට කරාට කමක් නැද්ද?"
"කමක් නෑ මිස්ටර් ජින්. මිස්ටර් ජින්ට කොහෙටද බෙඩ් එක මූව් කරන්න ඕනේ..?"
"මෙතනට.."
මන් ජන්ග්කුක්ගේ ඇද ලග හරියක් පෙන්නුවා.
"හරි. මන් එවන්නම් කෙනෙක්ව.එයා හදලා දෙයි"
"තැන්ක් යූ."
ඊටපස්සේ ආව මයිනර් වර්කර් කෙනෙක් බෙඩ් එක එහාට කරලා හදල දුන්නා. මන් එයාට තුන් පාරකට වඩා ස්තූති කරා මට මතක විදිහට
ඊට පස්සේ හන්සූ බඩු ගොඩක් උස්සගෙන 10ට විතර ආවා ආයෙමත්. දොර අරින්නවත් බැරුව දොර ඇරලා දීලා තිබ්බෙත් එලියේ හිටපු ගාර්ඩ් කෙනෙක්.
අනුන්ගේ දේවල් අහන එක හරි නැති හන්දා මන් ඇහුවේ නෑ මොනවද උස්සන් ආවේ කියලා..ඒත් එකක තිබ්බේ ඇදුම් කියලා නම් මට හොදටම විශ්වාසයි..
"ජින් අයියා. අහ් මේක කන්න. රස්නේ යන්න කලින් කන්න."
මන් ලගටම ඇවිල්ලා ලන්ච් බොක්ස් එකක් මට හන්සූ දුන්නා.
"මන් බ්‍රෙක්ෆස්ට් ගත්තා හන්සූ.."
"කමක් නෑ ඔතන ටිකයි තියෙන්නේ. බ්‍රෙක්ෆස්ට් ගත්තට ඕක කන්න පුලුවන් අයියට."
"මාත් කෑවේ නෑ මාත් කන්න ඕනේ"
හන් සූ ත් මගේ සෝෆා එකේම එහා කෙලවරෙන් වාඩි වෙලා කන්න පටන් ගත්තා. බලන් ඉන්න එක තේරුමක් නැති හන්දා මන් කෑවා.
"ඩොක්ටර් ආවාද අයියා?"
"ඔව්..නැගිටී කිව්වා අද.."
"එහෙමද?"
"මන් සේජින් අන්කල්ගෙන් ඇහුවා. එයා කිව්වා ඔයා හිටියට කමක් නෑ කියලා..ඒත් අපේ කට්ටිය ඇරෙන්න වෙන කවුර්ත් එන තැන ඉන්න එපා.."
"හරි අයියා. මට කියන්න ඒ වෙලාවට."
"හ්ම්ම්."
කාලා ඉවර වෙලා මට ඕනේ උනේ බ්‍රශ් එකක් ගන්න යන්න. ඒත් ගාර්ඩ්ස්ලා එලියට යන්න දෙන්නේ නැති හන්දා මට කරන්න දෙයක් තිබ්බේ නෑ.
" මන් ඉක්මනට කොලේජ් එකට දුවල එන්නම්. හෑන්ඩ් ඕවර් කරන්න ඩොකියුමන්ට් එකක් තියනවා.අයියට මොනවා හරි එලියෙන් ගන්න තියනවද?"
"ඔව්."
"මොකක්ද?"
"ටූත් බ්‍රශ් එකක්."
"අහ් මන් එන ගමන් ගේන්නද දැන් එකක් ගෙනත් දීලා යන්නද?"
"නෑ එන ගමන් ගේන්න."
හන් සූ ගියාට පස්සේ මන් සෝෆා එකට වෙලා ටිකක් ඇස් වහගත්තා. හොද වෙලාවට ජන්ග්කුක්ට හන්සූ වගේ ගර්ල් කෙනෙක් හම්බුනේ... දෙන්නම හරි හොදයි
...............................................................
3rd person pov
හන්සූ කොලේජ් එකට ගිහින් ආයෙමත් රූම් එකට එද්දි ජින් සෝෆා එකට වෙලා නිදාගෙන හිටියේ. ගෙනාපු ටූත් බ්‍රශ් එක ස්ටූල් එක උඩින් තියලා හන්සූ ජන්ග්කුක් ලගින් වාඩි උනා
ජන්ග්කුක් ලොකු නින්දකට පස්සේ ඇස් අරිනකොට එයා ලග ඉන්න හන්සූව දැකලා මූනේ හිනාවක් ගියා.
"සූ."
"අයියා..දැන් කොහොමද."
"හොදයි..මේ හොස්පිටල් එක නේද?"
"ඔව්.."
"ඔයා කීයටද ආවේ සූ."
"දැන් ටිකක් වෙලා ඇවිල්ලා."
ජන්ග්කුක්ට තිබ්බේ හන්සූගේ සිහිය විතරයි. හන්සූගේ උදව්වෙන් ටිකක් කෙලින් වෙනකොටයි දැක්කේ ඉස්සරහ සෝෆා එකේ නිදන් ඉන්න ජින් ව..
"ජින් හ්යුන්ග්"
"ශ්ශහ්ශ්ශ්..කෑ ගහන්න එපා. ජින් අයියා පව්. ඊයේ රෑම ඇහැරිලා හිටියේ."
හන්සූ කියද්දි ජන්ග්කුක්ට දුක හිතුනා. ජින් ට කරදරයක් උනාම එයා ලග නොහිටියට එයාට කරදරයක් වෙන හැම වෙලාවෙම ජින් එයා ලග ඉන්න එක ගැන එයාටම ලැජ්ජවක් ආවේ
..............................................................
Jin's POV
මන් නැගිටිද්දි ජන්ග්කුක් නැගිටලා හිටියේ. මන් හරියටම පැය 2ක් නිදාගෙන තිබ්බා. මන් බාගෙට නිදිමතේම ජන්ග්කුක් ලගට ගියේ කොහොමද අහන්න..
"ජින් හ්යුන්ග්........"
"ජින් අයියා........."
To be continued.....
.
Fiction by Roshell 🍃