Jin's POV
"සූ. ඉස්සරහට එන්න. මට ඔයාව පේනවා."
ජන්ග්කුක්ගේ සූ ඉස්සරහට ආවා. ටිකෙන් ටික එයා ලගට එද්දි මන් දැක්කේ එයාව හරියටම..
ඒත්...
ජන්ග්කුක් ඉස්සරහට ගිහින් එයාට ෆ්ලවර්ස් ටික දුන්නා.
"ජින් හ්යුන්ග් . මේ ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සාහා හන්සූ."
සාහා...
මාත් එක්ක සින්දු කිව්වා සාහා...
මාත් එක්ක තරු බලපු සාහා....
ඔව්ව් මේ ඒ සාහාම තමයි....
"හන්සූ මේ ඉන්නේ මගේ අයියා ජින්."
"හෙලෝ."
සාහා ඔලුව පාත් කරලා මට ආචාර කරා
"හෙලෝ."
සාහා මාව අදුරගනී කියලා මන් හිතුවට එයා අදුරගත්තේ නෑ. මන් එයා ඉස්සරහට ගිය හැම වෙලේම ගියේ මාස්ක් එකක් දාගෙන.. එදා සින්ග් කරද්දි මාව පෙනුනෙත් නෑ එයාට හරියට කලුවර හන්දා.
ඔව්..සාහා මාව අදුරගත්තේ නෑ. මට කතා කරන්න උනොත් මගේ වොයිස් එක සාහා අදුරගනී කියලා බයට මන් එතනින් ආවා.
"මන් කාර් එකට වෙලා ඉන්නම්."
මන් ජන්ග්කුක්ට රහසින් කියලා කාර් එකට ආවා. සාහා ව මන් අන්තිමට දැක්කේ එයාගේ අයියාගේ ෆියුනරල් එක දවසේ. දැන් මාස 8කට විතර කලින්... එදා හිටියට වඩා චූටි වෙලාද මන්දා.
මට හිතට එක එක ඒවා ආවා. මට ජන්ග්කුක් ගැන ඉරිසියාවක් ආවාත් මන් ඒක දලුලන්න නොදී අයින් කරගත්තා මොකද ජන්ග්කුක් කියන්නේ මගේ මල්ලි නිසා.
සාහා ඉස්සර කිව්වා එයා සින්ග් කරන්න වගේම පේන්ටින් වලටත් දක්ශයි කියලා. ජන්ග්කුක්ව හම්බෙන්න ඇත්තේ ඒ එක්සිබිශන් එකේදි වෙන්නැති කියලා මට හිතුනා. මන් හොද වෙලාවට ජන්ග්කුක්ට ස්කාර්ෆ් එක ගැන කිව්වේ නැත්තේ.
මට එතකොට මතක් උනේ ජන්ග්කුක් එක්ක එද්දි ස්කාර්ෆ් එකේ කතාව මන් කියන්නම් කියලා පොරොන්දු උනා නේද කියලා.. කමක් නෑ. ඒ පොරොන්දුව අද කඩනවා..
විනාඩි 20ක් විතර ගියාම මන් දැක්කා ජන්ග්කුක් සාහා එක්ක එනවා.. වෙරි ෆස්ට් ඩේට් එක ජන්ග්කුක්ගේ.
ඇත්තටම ඒ දෙන්නා ලස්සන කපල් එකක්. සාහා චූටියි ලස්සනයි.. ජන්ග්කුක් උසයි ලස්සනයි.. ඇත්තටම ලස්සනට මැච් වෙනවා දෙන්නම්.
ජන්ග්කුක් ඇවිල්ලා දොර ඇරලා මට ෆෝටෝ එකක් අරන් දෙන්න පුලුවන්ද ඇහුවා.
"හ්යුන්ග්. ෆොටෝ එකක්.."
මන් වාහනෙන් බැහැලා ගිහින් ෆොටෝ එකක් ගන්න හැදුවත් ෆොටෝ එක ලස්සනට ආවෙ නෑ කලුවර හන්දා.
"අතනට යන්. එතනට හොදට එලියයි.."
මන් කියද්දි සාහා නැවතුනා.
"මට ජින් අයියාගේ වොයිස් එක අහලා පුරුදුයි."
"සූ...මුලු කොරියාවටම ජින් හ්යුන්ග් ගේ වොයිස් එක පුරුදුයි."
සාහා කියද්දි මන් තව කතා කරන එක අඩු කරන්න ඕනේ කියලා මට හිතා ගත්තා. මන් ගිහින් ෆොටෝස් 4ක් අරන් දුන්නා..
"හ්යුන්ග් ඒක නම් ලස්සනයි."
"වාව්"
"තැන්ක් යූ ජින් අයියා."
සාහා කියද්දි මන් වෙල්කම් කිව්වේ නෑ මාව එයාට මතක් වෙයි කියලා. මන් ඔලුව පාත් කරලා ඒයාගේ වෙල්කම් එක දුන්නා.
මන් කතා කරේ නැත්තේ මට බය හිතුනා ජන්ග්කුක් දැනගත්තොත් මන් සාහා ව කලින් දන්නව කියල එයාගේ රියැක්ශන් එක මොනවගේ වෙයිද කියලා. මන් අපි ආපහු අපාර්ට්මන්ට් එකට එද්දි වත් සාහා ගැන ඇහුවේ නෑ.
"සූට පහු ගිය දවස් ටිකේ කරදර ගොඩක් උනා..ඒ හන්දා කතා කරන්න බැරි වෙලා තියෙන්නේ."
"හ්ම්ම්.."
"සූගේ අම්මා ප්‍රොෆෙසර් කෙනෙක්. ප්‍රොෆෙස ශාමා. දන්නවද? "
"ඔව්."
"හ්යුන්ග් සූ හොදයි වගේ නේද? කතා කරනවා හොදට අනික ගොඩක් හොදට ඉගෙන ගන්නත් පුලුවන්. "
"හ්ම්ම්."
"හ්යුන්ග් සූ...."
මන් වෙන මොකුත් ජන්ග්කුක් කියන්න කලින් වාහනය බ්‍රේක් කරා.
"ජන්ග්කුක්."
"ඇයි හ්යුන්ග්"
"ඔයා හන්සූව දවසක අත ඇරියොත් මන් එදාට ඔයාට මොනවා කරයිද දන්නේ නෑ"
"හ්යුන්ග්. මන් එහෙම කරන්නේ නෑ මන් හන්සූට ගොඩක් ආදරෙයි."
මගේ හිතේ දලුලපු පලවෙනි ආදරේ මන් එහෙමම මරල දැම්මා.. ඒත් මට සතුටු වෙන්න පුලුවන් ජන්ග්කුක් කියන්නේ නරක කෙනෙක් නෙවේ නිසා.
එයා සාහා ව හොදින් බලාගනි කියලා විශ්වාසයක් මට තිබ්බා.
අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා ජන්ග්කුක් නිදා ගන්න ගියාට පස්සේ මන් ජර්නල් එක අප්ඩේට් කරන්න පටන් ගත්තා. හොස්පිටල් හිටපු කාලෙන් පස්සේ ඩොක්ටර්ස් ලා කිව්වා ඩයරි එකක් ලියන්න කියලා. ලියන්න තියන කම්මැලිකමට මන් ජර්නල් එකක් අප්ඩේට් කරනවා.
කවදාවත් නැතුව., මේ අවුරුදු 7ටම පලවෙනි පාරට මට ජර්නල් එකේ ලියාගන්න දෙයක් නැති උනා..
මට ලියන්න දෙයක් හිතා ගන්නම බැරි උනා.. අන්තිමට හිතේ තියන දේ අමාරුවෙන් ගලපල ගලපල ලියලා මන් ආවේ නිදා ගන්න. ඒත් මන් හිතන්නේ මන් පැය 3කට වඩා ඇහැරිලා හිටියා නින්ද යන්නේ නැතුව.
.............................................................
"කුකී. ලෑස්ති වෙන්න. "
"ජිමින් නැගිටින්න."
සේජින් අන්කල් හැමෝටම කෑ ගගහ ගියේ පැය 4කින් ෆ්ලයිට් එකට යන්න ඕනේ නිසා. අපි අලුත් ඇල්බම් එකේ වර්ල්ඩ් ටුවර් එක පටන් ගන්න යන්නේ..
ජන්ග්කුක් ලෑස්ති වෙන්න පරක්කු උනා හොදටම එයා ඊයේ රෑ සාහාව , නෑ හන්සූව හම්බෙන්න ගිය නිසා. අන්තිමට අන්තිමට ජන්ග්කුක් ටිකක් තනියම වැඩ කරන්න පටන් ගත්තා මගේ උදව් නැතුවම..
"ජන්ග්කුක් බෑග්ස් ආයෙමත් ඔච් හර අරන් යනවද?"
"මට ජින් හ්යුන්ග් ඉන්නවා."
ආයෙමත් ජන්ග්කුක්ගේ බෑගේජ් වලට රන්ඩු වෙනවා කට්ටිය.
අපි මේ ටුවර් එකෙත් පලවෙනි අබ්‍රෝඩ් ටුවර් එක පටන් ගත්තේ ලොස් ඇන්ජලීස් වලින්.. මන් දන්නේ නෑ මේක දයිවයේ සරදමක්ද කියලා අපිට යන්න උනෙත් ගිය පාර ගිය ෆ්ලයිට් කෲව් එකත් එක්කම තමයි.
"හෙලෝ මිස්ටර් ජින්."
ලීඩ් හොස්ටස් යූරින් ඇවිත් මාත් එක්ක කතා කරා. මාත් සුහදව එයා එක්ක කතා කර කර හිටියා.
"එක්සියුස් මී. අද පයිලට්ස් ලා දෙන්නා පනපිටින් ඉන්නවා නේද ?"
ජන්ග්කුක් මාත් එක්ක කතා කර කර ඉන්න ලීඩ් හොස්ටස් ගෙන් ඇහුවම ඒක ඇහුන ඉස්සරහා වාඩි වෙලා හිටිය ජිමින් ටෑයුන්ග් මුලු ෆ්ලයිට් එකටම ඇහෙන්න කෑ ගහන්න ගත්තා.
ඒ දෙන්නා විතරක් හිනා වෙලා නතර උනේ නෑ. ලීඩ් හොස්ටසුත් හිනා උනා.
"ලමයි. පිස්සුද?"
අන්තිමට සේජින් අන්කල් ඇවිත් ඉස්සරහා ඉන්න යක්ශ පැටව් දෙන්නට බනිනකන් එයාලා හිනා උනා..
මන් පැය 14 නිදා ගත්ත හොදට. මට නිදා ගන්න පුලුවන් උනා. මූරින් නම් කියන්නේ මගේ අසනීපෙට මමම ෆයිට් කරලා හොද කරගත්තා කියලා.
ලොස් ඇන්ජලීස් වලට ආව ගමන් අපි පුරුදු විදිහට රිහර්සල් කරලා පලවෙනි ශෝ එක තිබ්බා. ඒක ඉවර කරලා දවස් 3කින් ඊලග එක තියෙන්න තිබ්බේ.
ශෝ එක ඉවර වෙලා මහන්සියෙන් රෙස්ට් රූම් එකට එද්දි එතන හිටියේ සොන් හා.
සොන් හා දැක්ක ගමන් අනිත් අය මට එයත් එක්ක කතා කරන්න දීලා යන්න ගියා.
🙋♀️"ජින්.."
සොන්හා සුපුරුදු විදිහට මාව ඇවිත් හග් කරා. මාත් සුපුරුදු විදිහටම මොකුත් කරන්නේ නැතුව අත් දෙකම සාක්කුවේ දාගෙන බලන් හිටියා
🙎♂️"ඇයි මෙහෙ?"
🙋♀️"ඇයි කියලා අහන්නේ ඔයාට සතුටු නැද්ද මන් ආව එකට?"
🙎♂️"විශේශයක් නෑ."
🙋♀️"මන් බැලුවා ඔයාගේ පර්ෆෝමන්ස්. ලස්සනයි ජින්."
සොන්හා මගේ අතේ එල්ලිලා කිව්වා.
🙎♂️"තැන්ක් යූ. මට මහන්සී. මන් යන්න ඕනේ."
🙋♀️"අනේ ජින් ටිකක් ඉන්න..අපි කතා කරමුකො."
🙎♂️"මොනවද?"
🙋♀️"මොනවද කියන්න කලින් වාඩි වෙන්නකෝ.."
මන් සෝෆා එකෙන් වාඩි වෙද්දු සොන්හා ත් මන් ලගටම වෙලා වාඩි උනා.
🙎♂️"මොකක්ද කියන්න තියෙන්නේ? "
🙋♀️"හෙට මොකුත් වැඩක් නැද්ද? "
🙎♂️"නෑ. "
🙋♀️"එහෙනම් අපි යන්ද ඇවිදින්න"
🙎♂️"පිස්සුද සොන්හා.."
🙋♀️"ඇයි."
🙎♂️"මට මහන්සි හෙට නිදා ගන්න ඕනේ.."
🙋♀️"එහෙනම් අනිද්දා යන්"
🙎♂️''මට බෑ "
🙋♀️"අනේ ජින්. "
🙎♂️"බෑ."
🙋♀️"අනේ ඇයි බෑ කියන්නේ?"
🙎♂️"මන් කැමති නෑ සොන්හා. මන් ඔයාට කලින්ම කිව්වා මගේ උත්තරේ"
🙋♀️"ඇයි කැමති නැත්තෙ මොකක්ද මගේ අඩුපාඩුව. "
🙎♂️"සොන්හා. මේ අහන්න ඔයාගේ කිසිම වැරැද්දක් නෑ.. මට තියෙන්නෙ මෙතන මට ඔයා ගැන කිසිම හැගීමක් නෑ. ඔයා ඒක තෙරුම් ගන්න. "
🙋♀️"ඒත් ජින් අපිට පුලුවන් කතා කරන්න අපිට පුලුවන් ඩේට් එකකට යන්න.එතකොට අපිට ආශ්‍රය කරන පුලුවන්. ඔයාට මන් ගැන දැනගන්න පුලුවන්. "
🙎♂️"මට ඒ කිසි දෙයක් ඕනේ නෑ සොන්හා. "
🙋♀️"ජින් එක පාරක් එන්න."
🙎♂️"බෑ.."
🙋♀️"කම්පනි එක හන්දද? මන් පර්මිශන් අරන් දෙන්නම්."
🙎♂️"කම්පනි හන්දා නෙවේ..ඇයි මෙච්චර කියලත් ඔයාට තේරෙන්නෙ නැත්තේ සොන්හා.මට ඕනේ තනියම ඉන්න.."
🙋♀️"ඔයා අද රෑට මාව බලන්න එන්නම ඕනේ. මන් ඉන්නවා පාර්ක් එකේ. හොටෙල් එක ගාවම තියන පාර්ක් එකේ. ඔයා ආවේ නැත්තන් බලාගමු."
සොන්හා කියලා යන්න ගියා.
මගේ ඔලුවත් කැක්කුමයි සොන්හා නිසා. කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නෑ.
To be continued..
Fiction by Roshell 🍃