හහ් හහ් හහ් හහ් හහ් හහ්.
මන් හයියෙන් හිනා උනා.
මන් පිස්සෙක් වගේ හයියෙන් හිනා උනා.
මන් කෑ ගහලා හිනා උනා..
මන් බිම වාඩි වෙලා හිනා උනා.
මට වෙන කරන්න දෙයක් නැති හන්ද මන් හිනා උනා.
කෑ ගගහ මන් හිනා උනා.
ඒත් අම්මගේ වචන මට මතක් උනා. තාත්තායි මල්ලි මරාගෙන මන් ජොලි කරනවා කිව්වා
මන් ගැන ආඩම්බර නෑ කිව්වා.
මන් හිනා වෙන එක නැවත්තුවා..ඒ හිනා වෙන්න හේතු නෙවේ. ඒ වගේ හේතු වලට අඩන්න ඕනේ.
මන් ඉක්මනට නැගිටලා අපේ රූම්ස් වලට ආවා. මන් එද්දි මට කෙලින් එන්නත් බැරි උනා. දෙපාරක් වැටුනම නම්ජූන් මාව නැගිට්ටෙව්වෙ. මන් ලිවින් රූම් එකෙන් මගේ රූම් එකට යනකොට හැමෝම මන් දිහා බලන් හිටියා. ජන්ග්කුක් අඩලා කියලා දැක්ක ගමන් තේරුනා.
නම්ජූන් මගේ පස්සෙන් ආවත් මන් ඉක්මනට රූම් එකට ඇවිල්ල දොර වහගත්තා එයා ඇතුලට එන්න කලින. දොර ලොක් කරලා මන් ගියේ මගේ බෙහෙත් දාන ලාච්චුවට. තිබ්බ බෙහෙත් ටික ඔක්කොම අතට ගත්තේ බොනවා කියලා හිතාගෙන
ඒත් මට මැරෙන්න තරම් හයියක් තිබ්බේ නෑ. මට මැරුන නම් හොදයි කියලා හිතුනත් මැරෙන්න තරම් කොන්ද පන තිබ්බේ නෑ මට. මන් අතට ගත්ත බෙහෙත් පෙති ටික වීසී කරේ කාමරේ සීසීකඩ යන්න..
එහෙමම බිම වාඩි වෙලා මන් මුල ඉදන් අගට හිතන්න පටන් ගත්තා.
තාත්තා එක්ක තිබ්බ ලස්සන දවස්.
මල්ලි එක්ක රන්ඩු උන දවස්.
අම්මා එක්ක සතුටින් හිටපු දවස්...
මන් ඒ දේවල් හිත හිත මගේ හිතේ තියන තුවාලට තවත් පෑරෙව්වා.
"ජින් හ්යුන්ග්"
"දොර අරින්න. "
"හ්යුන්ග්"
"දොර අරින්න."
එලියේ ඉදන් හැමෝම දොරට තට්ටු කර කර ඉන්නේ දොර අරින්න කියලා. ඒත් මන් ඒක ඇහෙන්නේ නෑ කියලා හිතලා තව තව දුක හිතෙන දේවල් හිතන්න පටන් ගත්තා.
මන් දන්නේ නෑ මන් කොච්චර වෙලාවක්
එක විදිහට බිම වාඩි වෙලා හිටියද කියලා. ඒත් මන් නැගිටලා ගිහින් දොර ඇරියා.. මන් දොර අරිද්දිත් හැමෝම කලින් වගේම එතන හිටගෙන හිටියා.
"ටෑයුන්ග්. කන්න මොනවා හරි හදමු කිව්වා නේද? කබොනාරා හදමුද?"
මන් ටෑයුන්ග් ගෙන් ඇහුවේ එයා ප්‍රෙස් කොන්ෆරන්ස් එක ඉවර වෙලා ආවම කන්න මොනවා හරි හදමු කිව්ව හන්දා
හැමෝම උත්තරයක් දෙන්නෙ නැතුව පුදුම වෙලා බලන් ඉන්න නිසා මන් ටෑයුන්ග් ගේ අත අල්ලන් කිචන් එකට අරන් ඇවිත් කබඩ් එකෙන් පැස්ටා පැකට් එකක් අරන් දුන්නා.
"ඕක බොයිල් කරන්න"
"කුකී එන්න.."
කුකී කිචන් එකේ දොර ලග ඉන්නවා දැකලා මන් කුකීවත් එක්කන් ආවා.
"මේ ටික කපන්න."
මන් කුකීට පිහියක් අතට දුන්නම එයා මන් දිහා අමුතු විදිහට බලන් හිටියා.
"හ්යුන්ග්."
"ඇයි? අපි කබොනාරා හදමු කුකී."
මන් කුකී දිහා බලන් ඉද්දි එයා ඇස් වල කදුලු පුරවන් මන් දිහා බලන් ඉන්නවා.
"හ්යුන්ග් ඔහොම කරන්න එපා."
ජන්ග්කුක් අතේ තිබ්බ පිහිය මේසේ උඩට වීසී කරලා මාව හග් කරන් අඩන්න ගත්තා.
"ඔහොම කරන්න එපා. අපිට බලන් ඉන්න බෑ."
මන් අවුරුදු 5කට පස්සේ පලවෙනි වතාවට අපේ ගෲප් එක ඉස්සරහ ඇඩුවා. ඔව්. පලවෙනි අවෝඩ් එක ගද්දි වත් කදුලු බිනදුවක් වැටෙන්න දුන්නේ නැති මන් පලවෙනි පාරට ඇඩුවා මූරින් වත් සෙමෙට්‍රි එකවත් නැතුව වෙන අය ඉස්සරහා..
ජන්ග්කුක් මාව හග් කරන් ඉද්දි ටෑයුන්ග් ත් ආවා.
"ජින් හ්යුන්ග්."
"මට මෙහෙම ඉන්න දෙන්න ටේ. මට ඕනේ ඒ දේවල් අමතක කරන්න. මට ඕනේ හැමදේම අමතක කරලා ඉන්න.මට ඕනේ හැමදේම අමතක කරලා ඉන්න."
...........................................................
3rd person pov
ජින් පොඩි දෙන්නා එක්ක අඩ අඩ ඉද්දි නම්ජූනට කරගන්න දෙයක් නැති උනා. සේජින් කිව්ව දේවල් එකින් එක එයාට මතක් උනා.
"ජින් කියන්නේ මගේ වයිෆ් ගේ අයියගේ පුතා. ස්කයි ඩයිවින් කරන්න ගිහින් අයියයි අයියගේ පොඩි පුතායි දෙන්නම නැති උනා. ජින්ගේ ග්‍රැජුඒශන් එකට ඔන්න මෙන්න ඕක උනේ. එයා උන දේට එයාටම වැරද්ද පටව ගත්තා.. ෆයිනල් රයිට්ස් දවසේ තමයි ජින් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගත්තේ.....
අක්කා බැලුවේ නෑ ලමයා දිහා. අන්තිමට ජින් මාස ගානක් හිටියා මෙන්ටල් හොස්පිටල් එකේ. ඊසීටී දුන්නා..ඒ දීලා තමයි හොද කරගත්තේ..."
"ඊට පස්සේ? "
"ජින්ව යැව්වා අක්ක ලගට. මන් බලල ලයිසන් ගන්න වැඩ ටික කරලා දුන්නා. ලයිසන් එක්සෑම් එකට කලින් අක්කා මොනවා හරි කියලා ජින් ආයෙමත් ටිකක් වෙනස් උනා.
ලයිසන් ගන්න ගියාම මෙඩිකල් ෆේල් උනා. හොදටම හොද කරන් හිටියත් අක්කා ගාව හිටපු මාසෙට ජින් ආයෙමත් වෙනස් උනා. මන් වයිෆ් එක්ක කතා කරලා ජින් ව අපේ ගෙදර නවත්තගත්තා.."
"හ්ම්ම්ම්. කොහොමද එයා මෙච්චර දේවල් ඔලුවේ තියන් හිටියේ"
"අක්කා ඉන්ටවිව් එකට ජින් ෆන් එකේ ඉන්නවා කිව්වට අපි විතරයි දන්නේ ජින් හිටපු විදිහ."
ජින්ගේ අමුතු හැසිරීම දිහා බලන් ඉදලා නම්ජූන් සේජින් ගෙන් ඇහුවා ජින් ව ආයෙමත් කවුන්සලින් අරන් යන්න වෙයිද කියලා.
"ආයෙමත් කවුන්සලින් යන්න වෙයිද? "
"නෑ. ඕනේ නෑ..ජින්ගේ ඩොක්ටර් ඉන්නවා එයා බලාගනී. "
"ඒත් ඒකත් මීඩියා ගියොත්."
"නෑ ජින් ඉන්නේ ඩොක්ටර් එක්ක එක ගෙදර.."
තියන තත්ත්වෙත් එක්ක ජින්ව අපාර්ට්මන්ට් එකේ තියන් ඉන්න එක හොද නැති හන්දා එයාව මූරින්ගේ ගෙදර යැව්වා.
හිතුවේ නැති ප්‍රශ්නයක් එලියට ආව නිසා බිග් හිට් එකට තාවකාලිකව වැඩ ඔක්කොම නවත්තන්න උනා.
ජින් මුරින්ගේ ගෙදර ඉදන් සයිකොතෙරපි ගත්තා. මූරින් ලග හිටියේ නැත්තන් ජින් කලබල වෙන්න ගත්තා. ඒ හන්දා උදේ ඉදන් රෑ වෙනකන් මූරින්ට උනේ ජින් ලග ඉන්න.
..............................................................
3rd person pov
ලමයිගේ තාත්තගේ මල ගෙදර ඉවර වෙලා දවස් 3ක් ගියත් ශාමා හිටියේ දුකින්. ලමයි ඉස්සරහා ශක්තිමත් විදිහට හිටියට සාහා ජුවාන් උනත් තේරුම් අරන් හිටියේ අම්මා දුකින් ඉන්නේ කියලා..
"අම්මා."
"බබා"
"අම්මා දුකින්ද ඉන්නෙ?"
"නෑ බබා."
"හ්ම්ම්."
"අයියා කෝ. "
"එලියේ ඉන්නවා."
"අයියා එක්ක ඉන්න ටිකක්.."
ශාමා හැම වෙලේම ලමයි දෙන්නගෙන් තනි වෙලා ඉන්න බැලුවේ.
"අයියා."
"ම්ම්ම්."
"අම්මා දුකින්."
"හ්ම්ම්."
අයියත් ඉන්නේ දුකින් හන්දා සාහාට කරන්න දෙයක් තිබ්බේ නෑ.
දින ගෙවිලා ගියා.
ජින් මුල දවස් වල තරම් අවුලෙන් නොහිටියත් ජින් ලග මූරින් ට ඉන්නම උනා.
..............................................................
Jin's POV
"කොහෙද යන්න හදන්නේ?"
මන් නැගිටිද්දි මූරින් කොහේ හරි යන්න ලෑස්ති වෙනවා දැකලා මන් මූරින් ගෙන් ඇහුවා.
"ඉස්සරහා ගෙදර මල ගෙයක්. මන් ගිහින් එන්නම් ඉක්මනට."
"මාත් එන්නම්."
"එපා ජින්. ඔයා ගෙදර ඉන්න. මන් විනාඩියෙන් එන්නම්."
"හ්ම්ම්ම්."
මූරින් ෆියුනරල් පාලර් එකට ගියාම මන් ගෙදර තනි උනා
මගේ ෆෝන් එකත් මූරින් මට දුන්නේ නෑ මන් ඉන්ටනෙට් එකේ රූමර්ස් බලයි කියලා. ගේ ඇතුලේ ලැප්ටොප් අයි පෑඩ් මොකුත් නෑ.
කම්මැලි හන්දා ටීවී එක දාන්න බැලුවම ටීවී එකෙත් කේබල් එක මූරින් ගලවලා දාලා..
මන් එලියට ඇවිල්ලා ගාර්ඩ්න් එකේ ඇවිද ඇවිද හිටියා. තාප්ප වලින් වට වෙලා අහල පහල ගෙයක් වත් පෙන්නේ නැතුව මූරින් කොහොම වටේ තියන ගෙවල් එක්ක කතා කරනවද කියලා මට තිබ්බේ පුදුමයක්..
මන් ස්ලිපර්ස් දෙක අයින් කරලා තනකොල වල නිකන් ඇවිද්දා.
මගේ ජීවිතේ මන් ආස උන දේවල් මට කරන්න හම්බුනේ නෑ.මන් දැන් කරන දේ කරන්නෙත් ආසාවකට නෙවේ. මතක අමතක කරන්න ඕනේ හන්දා.
ඒත් අමතක කරන්න ඕනේ මතක සැරින් සැරේ ඔලුවට ඇවිල්ලා වද දෙන එකට මන් කැමති නෑ. මට ඒ මතක වලින් පැනලා යන්න විදිහකුත් නෑ
මට තියෙන්නේ මතක එක්ක ජීවත් වෙන්න විදිහක් හොයා ගන්න. අමතක කරන්න ඕනේ මතක එක්ක ජීවත් වෙන්න විදිහක් හොයා ගන්න එක.
මන් හන්දා අනිත් අයට කිසි කරදරයක් වෙන්න ඕනේ නෑ කියලා මට හිතුනා.
දවස් ගානක් තිස්සේ මට සැරින් සැරේ කෝල් කරලා කොහොමද කියලා අහන නම්ජූන් ව මතක් උනා.
එන්නේ කවද්ද එන්නේ කවදද කියලා අහන ජන්ග්කුක්ව මතක් උනා.
මූරින් ආව ගමන් මන් කිව්වේ මට බිග් හිට් එකට යන්න ඕනේ කියලා. මූරින් සේජින් අන්කල්ට කතා කරාම සේජින් අන්කල් කිව්වේ තව දවස් 3ක් ඉදලම එන්න කියලා.
දවස් 3ක් මොකුත් නොකර මූරින් එක්ක කතා කර කර ඉන්න විදිහ මතක් උනාම මට හිතුනා ඒකත් කමක් නෑ කියලා.
අන්තිම දවසේ රෑ මන් ආයෙ ගෙනියන්න ඕනේ බඩු ටිකක් ලෑස්ති කරද්දි මට හම්බුනා මන් සාහාගෙන් හොරකම් කරපු ස්කාර්ෆ් එක..
මේක දිහා බල බල ඉන්නේ මන් සාහාට ආදරේ නිසාද කියලා මන් මගෙන්ම ඇහුවත් මට උත්තරයක් හම්බුනේ නෑ.
මන් රෑ මූරින් නිදා ගත්තම එලියට ඇවිත් පාර්ක් එකට ගියේ සාහා එයි කියලා හිතලා
මන් හිතුවා වගෙම සාහා හිටියා ඔන්චිල්ලාවක පැද්දි පැද්දි..
"අදත් තරු බලනවද?"
මන් සාහාගේ අනිත් පැත්තේ ඔන්චිල්ලාවෙන් වාඩි වෙන ගමන් ඇහුවා. සාහා වචනයක් වත් කතා කරේ නෑ. මන් ආයෙමත් ආයෙමත් ඒක ඇහුවට සාහා වචනයක් තියා අත පයක් වත් හෙලෙව්වේ නෑ.
අන්තිමට මන් නැගිටලා ගිහින් සාහා ගේ ඔන්චිල්ලව ඉස්සරහා බිම වාඩි වෙලා සාහාගේ මූනට එබුනා..
එයා අඩනවා....
To be continued...
Fiction by Roshell 🍃