නොක් නොක්..
පහුවෙනිදා උදේ පාන්දරම දොරට තට්ටු කරන සද්දෙට මන් නැගිටුනා.
"ගුඩ් මෝනින්."
"ගුඩ් මෝනින්. ලෑස්ති වෙලා එන්න 9ට ෆිල්මින්ග්.."
"ඔකේ.."
සේජින් යන්නේ නැතුව දොර ගාවට වෙලා ඉන්නකොට තේරුනා මට තව මොකක් හරි අව්ලක් තියනවා කියලා
"මොකද උනේ?"
"ජන්ග්කුක්ව නැගිට්ටවන්න බෑනේ..පොඩ්ඩක් බලන්නකෝ.."
"හ්ම්"
"දැන් අවුරුදු 5ක් තිස්සේ මට තේරෙනෙනෙ නෑ මෙයාව ඔයා කොහොම නැගිට්ටනවද කියලා.."
"කී කාර්ඩ් එක ඇතුලෙනේ?"
"නෑ. එක්ස්ට්‍රා එක්ක ගෙන්නගත්තා."
මන් සේජින් අන්කල් දොර ඇරලා දුන්නම ඇතුලට ගියා..
"ජන්ග්කුක්.."
"නැගිටින්න."
"කුකී."
"3 පාරක් කතා කරලා නැගිට්ටේ නැත්තන් බෙඩ් ශීට් එක අයින් කරන්න.."
මන් ජන්කුක් ව නැගිට්ටන විදිහ ස්ටෙප් බය් ස්ටෙප් ඔක්කොම කරලා පෙන්නුව සේජින් ට. ශීට් එක අයින් කරාම ජන්ග්කුක් 3ට 4ට ගුලි වෙලා පිලෝව් එකක් බදාගත්තා.
"ජන්කුක්."
මන් පිලෝ එක අරන් සෝෆා එකට දැම්මා. ඊට පස්සේ ඔලුව තියන් ඉන්න පිලෝ එක ජන්ග්කුක් බදා ගත්තා.
මන් ඒකත් අරන් සෝෆා එකට වීසී කරා.
ඒත් නැගිටින්නේ නැති නිසා මම එයාව ඇදලා අරන් බිමට දාලා එන්න ආවා. කරන්න දෙයක් නැතිම උනාම ජන්ග්කුක්ව ඇහරවන්න තියන එකම විදිහ ඒක.
මන් ජන්ග්කුක්ගේ රූම් එකෙන් එලියට යනකොටම මට ඇහුනා ජන්ග්කුක් කෑ ගහන සද්දේ.
"ජින් හ්යුන්ග්. මන් ඔයාට මොකක්ද කරේ ඔයා ඇයි මට මෙහෙම කරන්නේ.."
එයාව නැගිට්ටවන්න පුලුවන් එකම විදිහ ඒක. මන් මගේ රූම් එක ඇරගෙන ඇතුලට ආව ගමන් මන් තද කරන් හිටපු හිනාව එලියට ආවා..
"හහ් හහ් හහ්."
අපි ලොස් ඇන්ජලීස් ආව එක ෆිල්මින් කරා.ස්ට්‍රීට් ෆුඩ්ස්, මිනිස්සු, ලොස් ඇන්ජලීස් වල පාරවල්.... මේ හැමදේම ෆිල්මින් කරලා එද්දි හවස 3 විතර උනා. ඒ ඇවිල්ලා හැමෝම කලේ ලන්ච් ගන්න එක. හොද වෙලාවට ලන්ච් එක ෆිල්මින් කරේ නෑ..
මට හිතාගන්න බෑ හෝසෝක් එහෙම දවස තිස්සේ කොහොම කියවනවද කියලා. දැනටමත් මගේ කට රිදෙනවා.
මන් ඉස්සෙල්ලම ගිහින් බුෆේ එකෙන් කෑම අරන් වාඩි උනා..
"යාහ් මට ඩ්‍රම්ස්ටික් නෑ.."
අන්තිමටම කෑම බෙදාගත්ත ජන්ග්කුක්ට එයා ආසම කෑම නැති උනා..
"හහ් හහ්."
"ජන්ග්කුක් ඒකට තමයි කියන්නේ ඉක්මනට එන්න කියලා."
ජිමින් ජන්ග්කුක්ට කෑ ගහලා කියද්දි එයා චිකන් ගන්නෙත් නැතුව මගේ ඉස්සරහින් ඇවිල්ලා වාඩි උනා.
"ඇයි ඩ්‍රම්ස්ටික් ම.?"
"අනිත් ඒවත් ඒ වගේම කුකුලාගෙන් තමයි එන්නේ."
යුන්ගී ජන්කුක්ට විහිලු කරාම ජන්කුක් යුන්ගිට ඇද කරලා කන්න ගත්තා..
මන් මගේ එකේ තිබ්බ ඩ්‍රම්ස්ටික් එක ජන්කුක්ගේ ප්ලේට් එකට දැම්මා..
කවුරුත් දැක්කේ නෑ කියලා හිතුවට හැමෝම කන එක නවත්තලා මන් දිහා බලන් ඉද්දි මන් ඇයි කියලා අහන් මූඩ් එකකින් එයාලා දිහා බලන් හිටියා
"යාහ්හ්හ්හ්.ඔයා ඇයි කුකියට ඔච්චර ආදරේ. ඔයා හැමදේම දෙන්නේ එයාට විතරයිනේ."
ටෑයුන්ග් කෑ ගැහුවා මුලු හෝල් එකටම ඇහෙන්න. හොද වෙලාවට හෝල් එකේ කොරියන් දන්න අය ඇත්තෙම නැති තරම්.
"ඔයාට මට ඉරිසියා කරන්නේ නැතුව ඉන්න ටේ."
ජන්කුක්ට කියාගන්නත් බෑ කටේ පුරවන් ඉන්න කෑම ගොඩ හන්දා ඒත් එයා කෑ ගැහුවා..
"ඇත්ත ජින් හ්යුන්ග්. ඔයා අපිට තමයි මොකුත් කරන්නේ නැත්තේ."
මට කතා කරන්න කම්මැලිකමට කට වහගෙන ඉන්නවා මිසක් මට මුල ඉදල අග වෙනකන් 100කට වඩා දේවල් කියන්න පුලුවන් මන් ජිමින්ට උදව් කරපුවා. කට අරින්න කම්මැලී නිසා හිනා වෙලා කන්න පටන් ගත්තා..
"ඔයාලට ඉරිසියයි. හ්යුන්ග් මට ආදරෙයි ගොඩක්..නේද?"
ජන්කුක් මගේන් අහද්දි මන් මොකුත් නොකියා ආයෙත් කන්න පටන් ගත්තා.
"හහ් හහ් හහ්."
"ජින් හ්යුන්ග් මොකුත් කිව්වෙ නෑ"
"හහ් හහ් හහ්."
හැමෝම හයියෙන් හිනා වෙද්දි මට තේරුනේ නෑ මොකක්ද ඒකේ හිනා වෙන්න තිබ්බ දේ කියලා. ඒ හන්දා මන් කෑම එක බලාගෙනම කන්න ගත්තා..
"මේක ඉවර වෙලා මොකද කරන්නේ?"
නම්ජූන් අහද්දි කවුරුත් කිව්වෙ නිදා ගමු කියලා. මන් මොකුත් නොකියා වෙනදා වගේම හිටියා.
හෙටයි අනිද්දයි දෙකම රෑට ෆිල්මින් නිසා අන්තිම පාරට ආයෙත් මන් පාර්ක් එකට ගියා රෑ.මන් යනකොට පාර අයිනේ ස්ට්‍රීට් සින්ගර් කෙනෙක් සින්ග් කරනවා. මිනිස්සු 10කටත් අඩු ගානක් එතන වට වෙලා හිටියේ..මන් එතනට වෙලා බලන් හිටියා.
Clouds. අවුරුදු ගානකට කලින්
iTunes number 1 උන කැන්සර් ඩයොග්නස් උන බෝයි කෙනෙක් කිව්ව ලස්සන සින්දුවක්...
හරිම ලස්සන සින්දුවක් ඒක...
මන් හරි ආසාවෙන් ඒක අහන් හිටියේ ඒක...
අපේ කොන්සර් එකකට ඩොලර්ස් සිය ගානක් දීලා එනවා මිනිස්සු බලන්න. පාරේ සින්දු කියන අයට ශත ගානක් ඩොලර් එකක් දෙකක් වගේ දීලා යනවා. ඒත් සමහර වෙලාවට පාරෙ සින්ග් කරන අය අපිට වඩා ලස්සනට සින්ග් කරනවා..
ඇයි එයාලට අපි වගේ සින්ග් කරන්න බැරි?
අපි වගේ පොපියුලර් වෙන්න බැරි?
අපි වගේ ෆේමස් වෙන්න බැරි?
මන් එහෙම හිත හිත එහා පැත්ත බලද්දි හිටියේ මන් කවදාවත් හිතුවේ නැති කෙනෙක්..
..............................................................
Saaha's pov
"අයියා අදත් යන්කෝ"
"බෑ"
"අනේ අනේ යන්කෝ"
"ඔයාට මෙහෙ එන හැමපාරම එතනට යන්න ඕනේද? "
"ඔව්. අනේ යන්කෝ."
"බෑ බෑ."
"අනෙ අනේ."
සාහා අතේ එල්ලිලා නහයෙන් අඩද්දි ජුවන් ට තව බෑ කියන්න බැරි උනා.
"අම්ම ආවම ඔයා බැනුම් අහන්න ඕනේ? හරිද?"
"හරි. මන් කියන්නම් මන් එක්කන් ගියේ කියලා"
"ඔව්. ඔයා තමයි එකන් ගියේ. එතන සින්ග් කරන මනුස්සයා ඔයාව තියාගනි. හැම අවුරුද්දෙම ඇවිල්ලා සින්ග් කරන නිසා."
"මන් ඉතින් ආස හන්දා කරන්නේ. ඇයි ලස්සන නැද්ද?"
"ලස්සනයි."
"ඉතින් මන් විතරද? ඔයත් සින්ග් කරන්නේ.."
"අද නම් මට කතා කරන්න එපා. මන් එන්නේ නෑ."
"හරි ඊට කලින් එතනට යන්කෝ."
.............................................................
Jin's POV
"අපි ෆික්ස් මි අප් කියමු..අනේ අයියා. අනේ."
මගේ එහා පැත්තේ හිටියේ ප්‍රොෆෙසර් ශාමාගේ දුව සාහා. අයියා එක්ක මොකකට හරි රන්ඩු වෙනවා.
"බෑ බෑ . මන් කිව්වන්නේ බලන්න විතරයි මන් එන්නෙ කියලා"
"ඒත් අයියා. අනේ"
"බෑ මට බෑ."
"අනේ අනේ. ඒක ලස්සනට කියන්න පුලුවන්."
නන්ගි අයියට කොච්චර කිව්වත් අයියා කිව්වෙම බෑ කියලා. ඒත් ඒ දිහා මන් බලන් ඉන්නවා කියලා තේරුන අයියා මන් දිහා බැලුවා.
"ඔයා? මෙතන?"
මන් හිනා උනා. ඒත් මට මතක් උනා හිනා උනාට මාස්ක් එක හන්දා හිනාව පෙන්නේ නෑ කියලා. මන් ඉතින් ඔලුව පහත් කරලා ආචාර කරා...
අයියායි නන්ගී දෙන්නම මට ආචාර කරා
🙎♂️"ඔයාට සින්ග් කරන්න ඕනේ fixed me up ද? "
🙋♀️"ඔව්ව්."
🙎♂️"දෙන් ශැල් වී?"
🙋♀️"ඔයාට සින්ග් කරන්න පුලුවන්ද?"
🙎♂️"ටිකක්..ඒත් fixed me up මගේ ආසම එක. ඒ හන්ද ඒක හොදට පුලුවන්"
🙋♀️"මගේත් ආසම එක. එහෙනම් මේක ඉවර උනාම යන්ද? "
🙎♂️"ශුවර්. ඒත් මට පුලුවන් වෙයිද ස්කාර්ෆ් එකක් ටිකකට ගන්න."
මන් කරන්න යන වැඩේ කොච්චර බරපතලද කියල දැන දැනත් මන් ඒක කරා
මන් මාස්ක් එක අයින් කරලා සාහා දුන්න ස්කාර්ෆ් එක දාගත්තා. අයිස් කැප් එකෙන් තව ටිකක් මූන වහගෙන ස්කාර්ෆ් එකත් පුලුවන් තරම් මූන වැහෙන විදිහට ඔතාගෙන ස්පෙක්ස් දෙකත් දාගෙන මන් ගියා සාහා එක්ක ඉස්සරහට.
"Hello princess Diana."
සාහා සින්ග් කරපු කෙනාව හග් කරා..
"I miss you big boss."
"Do you wanna sing again ? "
"Yeah."
"This is your brother, right?"
"Nope. One of my friend."
සාහා එක්ක එයා කතා කරන විදිහට මට තේරුනා මේක අද ඊයේ දෙයක් නෙවේ සාහා කාලයක් තිස්සේ කරන දෙයක් කියලා.
සාහා ගිටාර් එක මගේ අතට දීලා බිම වාඩි උනා. එයා දිහා බලන් හිටපු මාත් බිම වාඩි වෙලා ප්ලේ කරන්න පටන් ගත්තා
Tell me something you never told
before before
I walk through the door,
I adore you, I adore you
I do, I do
Smile with me and cry with me
I won't ever tell a soul
Hold my hand
I'll squeeze it back
And I'll never let go
සාහා එක්ක සින්ග් කරන්න ලේසියි. කලින් එක වචනයක් දෙකක් කතා කරලා අපි මෙතනට ආවත් එයාගේ සපොර්ට් එක නිසා ලස්සනට සින්ග් කරා.
Don't you lose hope the sky's not falling
Please just listen 'cause I'll be calling
Stay with me just one more moment
I know you're in pain just please don't show it
One more moment, please
It's too late I'm afraid I have to leave
One more moment, please
It's too late I'm afraid I have to leave......
ඔරිජිනල් සින්ගර් කියනවා වගේම ලස්සනට එයා One more moment, please හයි නෝට්ස් ගත්තා..ඇත්තටම ලස්සනයි.
සින්ග් කරද්දි බිම වාඩි උන නිසා කට්ටිය වීඩියෝ කරත් මාව හරියට කැප්චර් වෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි. මන් ගිටාර් එක දිහාම බලන් හිටපු නිසා ( ඔලුව ඉස්සුවේ නැති නිසා) කාටවත් මාව අදුරගන්න බෑ කියලාත් මට විශ්වාසයි.
එයාගේ ප්‍රොනවුන්සියේශන් උනත් ගොඩක් ක්ලියර්. අහන පමාවට තේරුනා එයාට හොදට ඉන්ග්ලිශ් පුලුවම් වගේම සින්ග් කරන්න දක්ශතාවෙත් තියනවා කියලා..
සින්දුව ඉවර වෙලා හැමෝම ක්ලැප් කරද්දි මන් දැක්කා දැකලා පුරුදු ශූස් 2ක්. ශූස් දෙකේ ඉදන් හිමින් උඩට බලන් යද්දි හිටියේ මන් දකී කියලා හිතුවේ නැති කෙනෙක්. මන් ගිටාර් එක සාහාගේ ඔඩොක්කුවෙන් තියලා ඉක්මනට නැගිටලා ආවා.
.............................................................
Saaha's pov
මන් අයියා එක්ක තිබ්බ තරහට හා කිව්වට සින්ග් කරනකන් මන් බයෙන් හිටියේ කවුද දන්නේ හරියට කියන්න බැරුව මාව චාටර් වෙයිද කියලා. ඒත් ඒ අයියා ලස්සනට සින්ග් කරා. Zach Sobieck වගේම ලස්ස්නට සින්ග් කරා. සින්දුව කියලා ඉවර වෙලා කට්ටියට තෑන්ක් කරන්න කලින් එයා එක පාරටම නැගිටලා ගියා. අඩුම තරමේ යනවා කියන්නෙ වත් නැතුව එක පාරටම නැගිට්ටා.
"හේයි. මයි ස්කාර්ෆ්? ?"
To be continued....
Fiction by Roshell 🍃
Note :
පෞද්ගලිකව මන් කැමති නෑ කිසි දෙයක් ප්‍රොමෝට් කරන්න මේ ෆික්ශන් එක ඇතුලේ. ඒත් මට හිතට ආව සෝන්ග් එක CLOUDS ෆිල්ම් එකේ FIXED ME UP MY DARLING song
එක.
කවුරු හරි ඒකට කැමති නැත්තන් මට සමාවෙන්න 🙏