TEARS | Jin Centric | Com...

By Indigojin

42.4K 10.7K 2K

මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජ... More

CHAPTER 2
CHAPTER 3
CHAPTER 4
CHAPTER 5
CHAPTER 6
CHAPTER 7
CHAPTER 8
CHAPTER 9
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 37
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43
CHAPTER 44
CHAPTER 45
CHAPTER 46
CHAPTER 47
CHAPTER 48
CHAPTER 49
phases of schizophrenia
CHAPTER 50 - Final
Journey of a doctor

CHAPTER 1

3.7K 353 99
By Indigojin

Love Yourself World Tour එකේ පලවෙනි කොන්සර්ට් එක තියන්නේ US වල.

Love Yourself LA

ලෝක ප්‍රසිද්ද BTS බොයි බැන්ඩ් එක මේ ලැස්ති වෙන්නෙ එයාලගේ world tour පලවෙනි කොන්සර්ට් එකට යන්න ලොස් ඇන්ජලීස් යන්න.

"ඔච්චර ඇදුම මොකටද?"

නම්ජූන් ජන්කුක්ගේ බෑග් දිහා බලාගෙන කෑ ගහන්න ගත්තේ ජන්කුක් බැගේජ් 3ක් පිරෙන්න ඇදුම් පැක් කරනවා දැකලා.

"ඇයි? මේ ඔක්කොම මට ඕනේ?"

"ඔච්චර ඕනේ නෑ. අපි ගිහින් ආයේ එනවනේ. අනික සතියයි ඉන්නේ"

"ඒත් මට ඕනේ මේ ඔක්කොම.."

"බැගේජ් 3ක් ඔයා තනියම අරන් යන්නේ කොහොමද කියන්න මට. "

නම්ජූන් ජන්කුක් එක්ක ආර්ගිව් කරද්දි ටෑයුන්ග් එතනට ආවේ සද්දේ මොකද බලන්න. ටෑයුන්ග් දැකපු ජන්කුක් ටෑයුන්ග් ගෙන් බැගේජ් ගැන ප්‍රශ්න කරන්න ගත්තා

"ටේ. ඔයා බැගේජ් කීයක් අරන් යනවද?"

"දෙකයි? ඇයි?"

ටේ ජන්කුක්ගේ ප්‍රශ්නේට උත්තර දෙද්දි ජන්කුක්ගේ මූන දෙක උනා..

"ඔයා විතරයි කුකී ඔච්චර අරන් යන්නේ. නිකන් බොරුවට උස්සන් යන්න ඕනේ නෑනේ?"

නම්ජූන් බැලුවෙම කොහොම හරි ජන්කුක්ගේ බැගේජ් ටික අඩු කරන්න.

ඒත් එතන මොකුත් නොකිය වාඩි වෙලා ඉන්න මාව ජන්කුක් දැක්කම ජන්කුක්ගේ මූනේ හිනාවක් ඇදුනා.

"ජින් හ්යුන්ග්.. ඔයා බැගේජ් කීයක් ගත්තද? "

"එකයි."

මන් පුරුදු වෙලා හිටියේ තනි වචනෙන් උත්තර දෙන්න.

"ජින් හ්යුන්ග් උදව් කරනවා මට. හරිනේ. බැගේජ් 3 මගෙ ගෙනියන්න පුලුවන්. ජූනි හ්යුන්ග්. ඔය යන්න. සුගා හ්යුන්ග්  ව නැගිට්ටවන්න. යන්න යන්න"

"ඒත් කුකී..."

නම්ජූන් මගේ දිහා බලද්දි මන් කමක් නෑ කියන්න අත වැනුවා.මොනවා කිව්වත් දැන් කුකීගේ බෑගේජ් අඩු කරන්න බෑ කියලා මන් දන්නවා.

"මතකනේ ජින් හ්යුන්ග් කලිනුත් මෙයා කරපු දේ.මෙයා ස්ටාෆ් එකට දෙන්නත් කැමති නෑ ඒවා. අන්තිමට ගිය පාර වගේ ඔයාට ඔක්කොම අරන් යන්න වෙන්නේ..."

නම්ජූන් මට කොච්චර කිව්වත් මාත් වෙනස් කරේ නෑ අදහස.

"කමක් නෑ."

මගේ දිහා ටික වෙලාවක් පුදුමයෙන් වගේ බලන් ඉදලා ඔලුව වන වන නම්ජූන් එලියට යනවා බලන් ඉදලා මන් අන්තිමට නැගිටලා මගේ රූම් එකට ගියා.

..............................................................

මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්.

• මම මානසික රෝගියෙක්
• මම මගේ හීනේ අත ඇරපු කෙනෙක්
• මම පවුලෙන් අත ඇරපු කෙනෙක්

• ඒත් මන් දැන් ලෝකයක් ආදරේ කරන ගායකයෙක්.....

මන් ලෝකෙට පෙන්නන මූනට වඩා වෙනස් මූනක් මගේ ගෲප් එක මගෙන් දැක්කේ....

මගේ ගෲප් එක මගෙන් දකින මූනට වඩා වෙනස් මූනක් මගෙ රියලිටි එක.....

.................................................................

ෆෝන් එක අරගෙන වෙලාව බැලුවම මට තේරුනා නිදාගන්න වෙලාව හරි කියලා. ෆෝන් එක ආයෙමත් බෙඩ් කබ්ඩ් එක උඩට දාලා නිදා ගන්න කලින් ස්ලීපින් පිල්ස් 2ක් බොනකොටම ජන්කුක් ආවේ ටෑයුන්ග් එක්ක රන්ඩු කර කර.

"මට ඕනේ නෑ. ඔයා කතා කරන්න එපා මාත් එක්ක."

ජන්කුක් එයාගේ පස්සෙන් එන ටෑයුන්ග්ට බැනලා හයියෙන් දොර වැහුවා.

"නිදා ගන්න. උදේම ෆ්ලයිට් එක."

මන් ජන්කුක්ට කියලා මගේ ඇදට ගියේ නිදාගන්න කියලා හිතා ගන්න.

"ජින් හ්යුන්ග්?."

"ම්ම්ම්."

"අපේ අම්මා කතා කරාද ඔයාට?"

"නෑ."

"මට මිස් කෝල් 4ක් තියනවා."

"එහෙමද?"

"ඔව්. මන් ආන්ස්වර් කරේ නැති උනාම වෙනදට ඔයාට ගන්නවනේ. අද ගත්තේ නැද්ද?"

"නෑ."

"හෙටම කතා කරනවා. හදිස්සියක් නෙවේ වෙන්නැති."

"දැන් අරන් ඉන්න කෝල් එකක්."

මන් නිදාගෙන හිටියත් ජන්කුක්ගේ පැත්ත හැරිලා ජන්කුක්ට කිව්වේ මොනවා උනත් අම්මා කෙනෙක් නේ කතා කරේ කියලා හිතලා.

"නෑ ඕනේ නෑ."

ජන්කුක් කිව්වට අහන්නේ නැති නිසා මන් එයා ලගට ගිහින් ෆෝන් එක අරගෙන එයාගේ අම්මට කෝල් එකක් ගන්න යද්දි මන් දැක්කේ එයා පාස් වර්ඩ් එක වෙනස් කරලා කියලා.

"ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න."

මන් ජන්කුක්ට ෆෝන් එක දීලා කිව්වා.

"1997 පාස් වර්ඩ් එක."

"හ්ම්..ආහ් අම්මට කතා කරලා ඉන්න."

මම ජන්කුක්ගේ අම්මට කෝල් එකක් අරන් ජන්කුක්ට ෆෝන් එක දුන්නා.

මට කවදවත් ගෙදරින් කෝල් එකක් එන්නෙ නෑ. ඒ නිසා මන් දන්නවා ඒ කෝල් එකක තියන වටිනාකම. ඒ හන්දම මම ජන්කුක්ට බල කරේ කෝල් එකක් ගන්න කියලා.

"පරිස්සමින් යන්න කියන්න අනේ අරන් තියෙන්නේ. මන් කිව්වනේ ලොකු දෙයක් නෙවේ කියලා."

"එහෙමද."

මන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවත් මට නිදා ගන්න උනේ නෑ. මොකද ජන්කුක් කෑ ගගහා ගේම් ගහන්න පටන් ගත්ත නිසා

"හෙට ෆ්ලයි කරන්න තියනවා. මහන්සි වෙන්නේ නැතුව නිදා ගන්න.."

"පස්සෙ පස්සෙ මේ ගේම් එකේ අන්තිම හරිය."

"අයියෝහ්. මන් පරාදයි."

"හාශ්ශ්ශ්ශ්ශ්ශ්."

"මන් මේක කඩලා දානවා."

උදේ 7ට අපිට එයා පෝර්ට් යන්න තිබ්බේ. පාන්දර 4ටත් ජන්කුක් ගේම ගහනවා. එයාගේ සද්දෙට මට රෑ එලි වෙනකම් නින්ද ගියේ නෑ.

............................................................

ලොස් ඇන්ජලීස් යන්න අපි එයා පෝර්ට් එද්දි එයාපෝර්ට් එක පිරෙන්නම හිටියේ ෆෑන්ස් ලා. ෆොටෝ ගන්න. වීඩියෝ කරන්න එයාලා අපේ පස්සෙන් එද්දි බිග් හිට් ස්ටාෆ් එක පුලුවන් තරන් අපිව කවර් කරා.

" මට වින්ඩො සීට් එක ඕනේ. "

මාවත් තල්ලු කරගෙන ජන්කුක් වින්ඩො සීට් එක ගන්න මගේ එහා පැත්තට ආවා..

"ජන්කුක්. කෑ ගහන්න එපා..."

යුන්ගි ජන්කුක් කෑ ගහන සද්දෙට නැගිටලා ජන්කුක්ට බැනලා නිදා ගත්තා සීට් එක ඇජස්ට් කරගෙන.

"අපි දැන් ලොස් ඇන්ජලීස් දක්වා ගමන් අරඹන්න හදන්නේ. කරුනාකර සියලුම මගීන් ආසන වල වාඩි වෙලා සීට් බෙල්ට් දාගන්න."

"ජින් හ්යුන්ග්...... මේකේ බකල් එක දාගන්න බෑනේ."

මන් නැගිටලා ගිහින් මගේ පිටිපස්සේ හිටපු හෝසෝක්ට බකල් එක දාගන්න උදව් කරා.

"ආහ් එහෙමද දාගන්නේ."

මන් ආයේ වාඩි උනාම ෆ්ලයිට් එක ෆ්ලයි කරන්න පටන් ගත්තා. ටීවී ශෝ එකක් බලන්න වත් ආසාවක් තිබ්බේ නැති නිසා මම හෙඩ් සෙට් එක මගේ බෑග් එකෙන් ගත්තේ සින්දුවක් අහන්න කියලා හිතාගෙන.

"සර්. සීට් එක ඇජස්ට් කරලා බෙඩ් එකක් හදාගන්න පුලුවන් සර් ට ඕනේ නම්..."

එයාර් හොස්ටස් කෙනෙක් මගේ ලගට ඇවිල්ලා කියද්දි ජන්කුක් එයාගේ සීට් එක හදලා ඉල්ලුවා. ඒ විදිහට අනිත් හැමෝම සීට් හදා ගත්තත් මට ඕනේ උනේ නෑ නිදා ගන්න. මොකද මට ප්‍රසිද්දියේ නිදා ගන්න බැරි නිසා.

ඇස් වහගෙන සින්දු අහන ගමන් ඉද්දි මන් නිකමට ඇස් ඇරලා බැලුවා. එහාට මෙහාට කලබලෙන් යන එයා හොස්ටස්ලා..මන් ටික වෙලාවක් බලන් හිටියා ඇයි මෙයාලා මෙච්චර කලබලෙන් එහාට මෙහාට ඇවිදින්නේ කියලා.

කාට හරි අසනීප වෙලා ඇති.....

"සර්"

"සර්.."

මන් හෙඩ් සෙට් එක දාගෙන හියපු නිසා එයා හොස්ටස් කතා කරා කියලා දැනුනේ නෑ.

"සර්.."

"අහ්. මට සමාවෙන්න . මට ඇහුනේ නෑ ඔයා කතා කරනවා. "

"සර් හදිසි අවස්තාවක්..කරුනාකරලා සීට් බෙල්ට් එක දාගන්න පුලුවද? "

"අහ්. ශුවර්."

මන් ශීට් බෙල්ට් දාගත්තට එහා පැත්තේ හිටපු ජන්ග්කුක්ව නැගිටවන්න එයා හොස්ටස්ට ගොඩක් අමාරු උනා.

අන්තිමට එයාට යන්න කියලා මන් ජන්ග්කුක්ව නැගිට්ටුවා.

"කුකී."

"නැගිටින්න."

"කුකී"

"කුකී"

මන් කොච්චර කතා කරත් වැඩක් උනේ නෑ ජන්ග්කුක් නිදාගෙන හිටියේ හොදට.

"කුකී."

"ජන්ග්කූක්."

"ඇහ්?"

"නැගිටින්න."

"අපි මෙච්චර ඉක්මනට ආවද? "

"නෑ. හදිසි අවස්තාවක් . නැගිටලා සීට් බෙල්ට් දාගන්න."

මන් කියලා ඉවර වෙනකොටම ෆ්ලයිට් එක ගැස්සුනා. ඒකට බය උහ ජන්ග්කුක්ට නිදිමත එක ක්ශනිකයෙන් නැති උනා.

"කඩන් වැටෙන්නද යන්නේ?"

ජන්ග්කුක් ඉක්මනට සීට් එක හදාගෙන සීට් බෙල්ට් එක දාගත්තා. මුලු ෆ්ලයිට් එකේම හිටපු මිනිස්සු කලබල වෙලා හිටියේ වෙන දේ ගැන.

"එක්සියුස් මී. එනි ප්‍රොබ්ලම්?"

හෝසෝක් එතනින් යන ගමන් හිටපු එයා හොස්ටස්ව නවත්තලා ඇහුවා..

"මගීන් අතර ඩොක්ටර් කෙනෙක් ඉන්නවද?"

"මගීන් අතර ඩොක්ටර් කෙනෙක් ඉන්නවද?"

එයා හොස්ටස් කෙනෙක් අනවුන්ස්මන්ට් එකක් දෙද්දි මන් හිතුව දේ හරි කියලා තේරුනා. ලෙඩෙක් වෙන්නැති...

අපේ ගෲප් එකේ පර්සනල් ඩොක්ටර් ගියෙත් අපිත් එක්ක බිස්නස් ක්ලාස් එකේ. එයා නැගිටලා ගියා එයා හොස්ටස් කෙනෙක් එක්ක.

"මගීන් අතර වෘත්තීය ගුවන් නියමුවෙක් ඉන්නවද? "

"මගීන් අතර වෘත්තීය ගුවන් නියමුවෙක් ඉන්නවද? "

ආයෙත් අනවුන්ස්මන්ට් එකක්..ඒත් එක්කම ෆ්ලයිට් එක ආයෙ දෙපාරක් එක ලග ගැස්සුනා.

"වට් හැපන්ඩ් ටු පයිලට්?"

එතන හිටපු එයා හොස්ටස් ගෙන් මන් ඇහුවේ මේ වගේ අනවුන්ස්මන්ට් එකක් එන්නේ මොන වෙලාවලටද කියලා හොදට දන්න නිසා.

"හී ඉස් සික්.."

"මගීන් අතර ගුවන් නියමුවෙක් ඉන්නවද?"

මන් කතා කරපු එයා හොස්ටස් මට උත්තර දෙනවත් එක්කම ආයෙමත් අනවුන්ස්මන්ට් එකක් කරා.

....................................................................

3rd part POV

"සර් නැගිටලා යන්න එපා."

සියොක්ජින් එක පාරටම බකල් එක ගලවල ඉස්සරහට යද්දි එයාහොස්ටස් එයාගේ පස්සෙන් ගියා.

"ජින් හ්යුන්ග්කොහෙද ඒ යන්නේ ?"

නම්ජූන් ජින් කඩා බිදගෙන යන දිහා බලන් ඉස්සරහ සීට් එකේ ඉන්න ජන්ග්කුක් ගෙන් ඇහුවා.

"වොශ් රූම් වෙන්නැති. වෙන කොහේ යන්නද?"

ජන්ග්කුක් ඕනාවට එපා වට කිව්වත් ජන්ග්කුක් හිටියේ ෆ්ලයිට් එක කඩන් වැටෙයි කියලා බයෙන්..

"වොශ් රූම් යන්න ඉස්සරහට යන්න ඕනේ නෑනේ. පිටිපස්සටනේ යන්න ඕනේ."

ජිමින් ජන්ග්කුක්ගේ ඉස්සරහ ඉදන් ජන්ග්කුක්ට කිව්වා.

...................................................................

Jin's POV


"මිස්ටර් සියොක්ජින්. කොහෙද යන්නෙ?
ගිහින් වාඩි වෙන්න. "

මගෙ පිටිපස්සෙන් එන එයා හොස්ටස් ව ගන ගන්නේ නැතුව මන් ගියේ ලීඩ් එයා හොස්ටස් ව හොයාගෙන . යුනිෆෝර්ම් එකෙන්ම මන් දැනගත්තා පයිලට් කැබින් එක ලග ඉන්නේ ලීඩ් එයා හොස්ටස් කියලා.

"එක්සියුස් මී මිස්ටර් සියොක් ජින් . ඔයා සීට් එකට යන්න."

මගෙ පිටිපස්සෙන් එන එයා හොස්ටස් නැවතුනේම නෑ.

"එක්සියුස් මී. මන් ප්‍රොෆෙශනල් පයිලට් කෙනෙක් නොවුනට මට ට්‍රේනින් එක තියනවා."

"මිස්ටර් සියොක්ජින් ? "

මන් කිව්ව දේ විශ්වාස කරනවද නැද්ද කියලා හිතා ගන්න බැරුව ලීඩ් හොස්ටස් මන් දිහා බලාගෙන හිටියා.

"මිස්ටර් සියොක්ජින්. වාඩි වෙන්න." පිටිපස්සෙ ඉදන් තාමත් එයා හොස්ටස් මට වාඩි වෙන්න කියලා කියලා කියනවා.

"ඔයාට හොදටම විශ්වාසද ඔයාට ට්‍රෙනින් එක තියනවා කියලා?"

"ඔව්."

"එත් මිස් යෝනා. අපිට බෑ...."

"අපිට වෙන කරන්න දෙයක් නෑ යූරි"

මගේ පිටිපස්සෙ හිටපු හොස්ටස් නවත්තන්න හදද්දි ලීඩ් හොස්ටස් yoonaa මට කැබින් එකේ දොර ඇරලා දුන්නා.

එක පයිලට් කෙනෙක් හිටියා සීට් එකේ ඒත් එයා හිටියේ හොද සනීපයෙන් නෙවේ කියලා මට දැක්ක ගමන් තේරුනා. හොදටම දාඩිය දාගෙන පොඩි බකට් එකකට වොමිට් කර කර ඉන්න පයිලට් මාව දැක්කම පුදුම උනා.

"BTS ජින් නේද?"

"හ්ම්ම්"

මන් ඉක්මනට සීට් එකෙන් වාඩි වෙලා සීට් බෙල්ට් එකේ බකල් එක දාගත්තා.

"ඔයා ඇයි මෙතන ?"

අමාරුවෙන් හිටියත් අනිත් පයිලට් මගෙන් ප්‍රශ්න අහනවා.

"දැන් ඒවා කියන්න වෙලාව නෑ."

මන් හෙව්වේ පයිලට් ගයිඩ් එක. අවුරුදු 5කට පස්සේ මන්  cockpit ( කන්ට්‍රොල් යුනිට් ) එකේ වාඩි උනේ.

"මිස් යෝනා. මගේ ස්පෙක්ස් දෙක අරන් එන්න පුලුවන් ද ඉක්මනට ? ජන්ග්කුක්ට මෙහා පැත්තේ සීට් එකේ පොකට් එකේ ඇති.."

මන් කැබින් එකේ ඇතුලේ ඉදන් අපි දිහා බලන් ඉන්න ලීඩ් හොස්ටස්ට කිව්වම එයා එතන හිටපු හොස්ටස්
කෙනෙක් යැව්වා.

"මේ කොයි හරියද? ලගම එයා පෝර්ට් එක කන්ටෑට් කරගත්තද?"

"ඔව්. ටියුනින් කරලා තියෙන්නේ"

✈මේඩේ. මේඩේ....එයාර් බස් 220. ඉමර්ජන්සි ලෑන්ඩ්. ප්ලිස් ඇපෘව්
අයි රිපීට්. එයා බස් 220. ඉමර්ජන්සි ලෑන්ඩ්. ප්ලිස් ඇපෘව්

මන් වෝකී ටෝකි එක අරන් කතා කරා.

"මේ කොයි හරියෙද?:

" පර්සියන් සී . ඕමාන් බේ."

"ලගම එයාපොර්ට් එක?"

දෝහා එයාපොර්ට්.

✈ මේඩේ..මේඩේ.

මන් කතා කරලා අවස්ථාව පැහැදිලි කරලා ඉවර වෙනවාත් එක්කම මගේ ස්පෙක්ස් දෙක ගෙනත් දුන්නා..මට ස්පෙක්ස් නැතුව කිසිම අකුරක් කියවන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.

උඩින් උඩින් ගයිඩ් එක බලල මන් ස්විචස් ටික වෙනස් කරගෙන ගියා. ඒත් එක්කම මගේ එහා පැත්තේ හිටපු පයිලට් ෆේන්ට් උනා.

"මෙයාව ඉක්මනට නැගිට්ටවන්න."
මන් හොස්ටස් ට කෑ ගහද්දි එතන ලොකු කාලගෝට්ටියක් තිබ්බේ.

✈ මේඩෙ මේඩේ

🗼 දොහා ටවර්

✈ ඉමර්ජන්සි ලෑන්ඩ්. ප්ලිස් ඇපෘව්

🗼 හව් මච් ටයිම්?

✈ 110 මයිල්ස් ටු වෙස්ට්.

🗼 එයා බස් ටූ ට්වෙන්ටි.සේ සෝල්ස්
ඔන් බෝර්ඩ් ඇන්ඩ් ෆුවල් රිමේනින්?

✈ 326 සෝල්ස් ඔන් බෝර්ඩ් ඇන්ඩ්
ෆුවල් රිමේනින් 34200 පවුන්ඩ්ස්.

🗼 එයාබස් ටූ ට්වෙන්ටි ටර්න් රයිට්
හෙඩින්ග් 180

✈ නීඩ් ඇසිස්ටන්ට් .

✈ වින්ඩ් 15 ගස්ටින්ග් 25

🗼 රොජර්.. ක්ලියර් ටු ලෑන්ඩ් . රන්වේ
ඉන් සයිට්

✈ අයි විල් නීඩ් ඇසිස්ටන්ට් .

🗼 වි ගොට් අ කන්ඩිශන් ෆෝ ඔන් ටූ
නයිනර්.

✈ රෝජර්.

🗼 එයාර් ට්‍රැෆික් ඉන් ටූ මිනිට්ස්.

විනාඩි 2ක් ගත උනේ නිකන් අවුරුදු 2ක් වගේ. වෙලාවට ලීඩ් හොස්ටස් ට දෙයක් කිව්වම ඉක්මනට තේරුම් අරන් වැඩ කරා. මට තාමත් පුදුමයි අවුරුදු 5කට පස්සේ මේ දේවල් තාමත් මට මතක එක ගැන.

"ඔය කොල ස්විට්ච් එක දාන්න."

පයිලට් ඉන්නේ හරි හමන් සිහියක නොවන හන්දා මන් ලීඩ් හොස්ටස්ට කිව්වම එයා දැම්මා..

🗼 දොහා ටවර්. ක්ලියර් ටු ටේක් ඕෆ්ෆ්
අයි රිපීට් ක්ලියර් ටු ටේක් ඕෆ්

✈ ස්ටාර්ට් ටර්න් ඔන් ෆයිනල්

ගොඩ්. 326ක් ජීවිත මගේ අතේ. ප්ලීස්ස් අපිව බේරලා දෙන්න.........

තව විනාඩි කිහිපයකින් එක්කො අපි යහතින් ඉදී.... එක්කො අපි හැමෝම ස්වර්ගස්ත වෙලා ඉදී.....

මන් ටේක් ඕෆ් කරන්න හිතුවට මට හරියට ට්‍රැක් එක පෙනුනේ නෑ. මගේ පෙනීමේ දුර්වලතාවය හන්දද? නැත්තන් ස්නෝවින් හන්දද කියලා මට හිතා ගන්න බැරි උනා...
  
  
  
 

To be continued....
  
  
  

Fiction by Roshell 🍃

Continue Reading

You'll Also Like

3.5K 727 32
Always taste like you !
68.6K 8K 28
This's 21+ Fanfic (SINHALA) Do not copy ‼️
3K 948 8
"යුන්ගියා මන් ඔයාට ලොකූඌඌඌඌම ලොකු උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
4.7K 1.1K 20
Don't Copy My Work 🚫 Sinhala Fanfication BL BL - YoonMin Seosen 2 ♡︎ Ranking First #01 #1 SG දුශ්ථ ඕතරී 😈