" ඕ වොල්හායා "

" හම්මෝ මන් හිතුවෙ ගන්න එකක් නෑ කියලා "

" ඇයි ඒ "

" ඇයි ඉතින් අද අපි එක්ක වලි දාගෙන ගස්සගෙන ගියේ "

" ආහ් හිතුවද මම මේ යාලු උන හින්දා ආන්ස්වර් කරේ කියලා. එහෙම හිතුවනම් ඔයාට වැරදිලා ඔයාලා එක්ක මම තරහයි තාම "

" මේකි යකූ. තියපං ෆෝන් එක ඕන නෑ කතා කරන්න."

" මමද දැන් ගත්තේ 😡 "

" සොරි සොරි ගත්තට දැන් තියපං 😑. "

ආපු තරහට මම ෆෝන් එක පොලොවෙ ගැහුවෙ නැති එකවිතරයි.

At the Boy's House

ක්‍යුන්ග්සූ දොර ඇරගෙන ගේ ඇතුලට ආවා .

" මොකද බං පරක්කු ? "     චැන්‍යොල්  කකුලක් පිට කකුලක් දාගන්න ගමන් ඇහුවා.

" මොකද්ද පරක්කු උඹලා ඉතින් කන්නයි බුදියන්නයි විතරනේ දන්නේ මමනේ ඉතින් මෙතන පිලිවලට ඉන්නේ "

" ඔව් ඔව් උඹ තමා අපට කන්න බොන්න දීලා ගේ අස්පස් කරන් එන්න අපේ අම්මා 🤭. "

" අනේ මේ රෑ කෑමට කලින් මට කියලා ගුටි කවාගන්න එපා 😡. "

" එන්න අපි කමු මම මේ ළග තියෙන චිකන් පක් කඩෙන් ෆ්‍රයිඩ් චිකන් ගෙනාවා එන්න කමු "

" කෝ බේඛ්‍යුන් "

" එයා කලින් කාලා නිදාගත්තා "

" ඒ මොකද ඒ "

" උට නිදිමත නිසා එන්න එන්න අපි කමු "

දෙන්නා එක්ක ෆ්‍රයිඩ් චිකන් කාලා දෙන්නත් නිදාගන්න ලෑස්ති උනා.

" චැන්‍යොල් ඔයා බාත්රූම් යනවද මම යන්නද ."

" ඔයා ගිහින් එන්න "

ඒ අස්සේ බේඛ්‍යුන් ට ඇහැරිලා බාත්රූම් යන්න ඕන වෙලා 🤭. චැන්‍යොල් දැක්කා බේඛ්‍යුන් ට ඇහැරිලා කියලා ඒත් වැඩිය ගනන් ගත්තේ නෑ . කොල්ලට තිබ්බ හදිස්සියට ඇතුලෙ කවුරුත් ඉන්නවද කියලා බැලුවෙ නෑ කෙලින්ම දොර ඇරැන් ඇතුලට ගියා .

" ආආආආඅ ඇතුලේ මම ඉන්නවා කියලා දන්නැද්ද පලයන් එලියට . යනවාආආආආආ. "

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now