Doh kyungsoo 's POV
At the police station :-
අපි බලාගෙන හිටියෙ chanwook sir ගෙන් මොනා හරි දැනගන්න ලැබෙනකන්. ටික වෙලාවකින් එයා මේ පැත්තටට ආවා.
" සර් මොනාහරි හොයාගත්තද ? " ( වොල්හා )
" සොරි , අපට මේකෙන් මොකුත් හොයාගන්න බෑ. මට හිතෙන්නෙ ඒ ෆෝන් එකට ඩැමේජ් වෙලා . සොරි "
" මොකුත්ම හොයාගත්තෙ නැද්ද ? "
" සොරි , ඒත් බය වෙන්න එපා. අපි එයාව හොයාගන්න උපරිම උත්සාහ දරනවා. "
" හැමදාම ඕක්නෙ කියන්නෙ . ඔයාට එයාව හොයාගන්න බෑ. "
" ක්යුන්ග්සූ කලබල වෙන්න එපා " ( වොල්හා )
" තේරුම්ගන්න. අපට මිනිස්සු හොයන්න විශේෂ බලයක් එහෙම නෑනෙ. අපිත් මිනිස්සු . "
" තේරෙනව සර් . " ( වොල්හා )
" ඒකනෙ . ඔයාල උත්සාහය අත අරින්න එපා. අපි අත අරින්නෙත් නෑ. "
" හරි . සොරි කලින් කලබල උනාට "
"ඒකට කමක් නෑ . මට තේරෙනව ඔයා ඉන්න situation එක "
අපි එතන ඉන්නකොට තව entry එකක් දාන්නද කොහෙද ගෑනු කෙනෙක් ආවා. මම එයාට වැඩිය අවදානයක් දුන්නෙ නෑ. ඒත් මට එයා කියපු දේ ඇහුනා.
" සර් මට දෙයක් කියන්න තියෙනව " (unknown women )
" ඔව් කියන්න "
" අපේ ගෙවල් හරියෙ ඉස්සර වහල දාපු ගෙයක් තිබුනා. ඒකට කවුරුත් මේ වෙනකන් ආවෙ නෑ. ඒත් මේ ලගකදි ඉදන් ඒකට කවුද එන්න ගත්තා. ඒක ඇතුලෙන් එක එක සද්ද ආවා. හැබැයි එයා එතන නවතින්නෑ. දවසට දෙතුන් වතාවක් ඇවිල්ලා යනව. මට සැක හිතුනෙ මේකයි. එයා හැමදාම කලු ඇදුමක් ඇදගෙන මාස්ක් එකකුත් දාගෙන තමයි එන්නෙ "
" ඉතින් දැන් ඔයා එයාව සැක කරන්න මොනා හරි සාක්ෂි තියෙද "
" එහෙම සාක්ෂියක් නම් නෑ. හැබැයි මම අද දැක්කා එයා කවුද ගෑනු ලමයෙක්ව අරගෙන කාර් එකෙන් යනවා. ඒ ගෑනු ලමයට සිහිය තිබ්බෙ නෑ මට හිතෙන්නෙ. එයා උස්සගෙන තමයි ගියෙ "
" ක්යුන්ග්සුයා ඒ ස්යෝ ජින් වෙන්න බැරිද 😥" ( වොල්හා )
ESTÁS LEYENDO
ONLY YOU ( Completed ☑️)
Fanficදගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්න වෙන් කරන්න හදන කෙල්ලෙක් . කෙල්ලව ලබාගන්න බැරුව වෛරයෙන් බැදුනු කෙනෙක්. අන්තිමට කොහොමහරි එයාල කරදර වලින් ඈත් වෙලා එකට ජීවත් වෙනවා 💗.