Kim seo jin 's POV
" ඔහ් හායි ඔයත් කුනු විසික් කරන්න ආවද "
" ඕ ඔයා මේ ලගද ඉන්නේ"
එතනට ඇවිත් හිටියේ ඉස්කෝලෙදි මට හම්බෙච්ච කොට මනුස්සයා.
" ඔව් අපි මේ ලග ඉන්නේ "
" දෙපාරක්ම හම්බුනා. ඒත් නම දැනගන්න බැරි උනා 😁. මේ ඔයාගේ නම මොකද්ද? "
" මම Doh kyungsoo කොහොමද ඔයාට" එයා මට අතක් දික් කරන ගමන් කිව්වා.
" මම Kim seo jin 😁. "
" අද වැටුන වෙලාවෙ ඔයාට මොකුත් Damage එකක් උනේ නෑනෙ "
" නෑ නෑ උන එකම දේ චේන් එක නැති උන එක විතරයි ඒක ඉතින් ඔයා හොයල දුන්නනේ 😁. මම දැන් යන්න ඕන අම්ම බලන් ඇති ."
" ඔව් මමත් යන්න ඕන අර දෙන්නා අරහෙ මොන පිස්සුවක් නටනවද දන්නෑ"
" ඔයාල එකටමද ඉන්නේ "
" ඔව් අපි තුන් දෙනා එකට ඉන්නේ 😁. "
" අහ් හරි මම දැන් යන්නම් බායි "
" හරි බායි "
Doh kyungsoo ඒ නමත් හොදයි . යන යන හැමතැනදිම එයාව හම්බෙනවා. මගේ ආත්මසහකාරයාද 🤔. මොනාද මේ හිතන්නේ එයා ඔයාගෙ ආත්ම සහකාරයා වෙන්නේ කොහොමද. ඒත් එහෙම නොවෙන්න හේතුවකුත් නෑනෙ 🤭.
ඔය වගේ එක එක විකාර මට හිතෙන්න ගත්තා." ඕ ස්යෝ ජිනා ඔයා ආවද? එන්න කන්න "
" හා "
මම ගිහින් කෑම මේසෙන් වාඩි උනා.
" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "
රාමෙන් පිගානක් මේස උඩින් තියන ගමන් අම්මා මගෙන් ඇහුවා.
" මොකුත් නැහ් . " අම්මට ඉතින් මම හැරෙනකොට මොකටද හැරෙන්නෙ කියලා කියන්න පුලුවන්නේ.
" මොකුත් නැ ඔයාට විශ්වාසද 🤨. "
" මොනාද අනේ අහන්නේ මොකුත් නෑ කිව්වනේ. අම්මෝ බඩගිනී මම කනවා "
අමාරුවෙන් මම බේරුනා. අම්ම මට දීපු රාමෙන් පිගානටම වැඩේ දීලා මම මගේ කාමරේට ගියා .
වොල්හගෙන් කෝල එකක් ආවා. අර කොට මනුස්සයා නිසා මෙයාල එක්ක මම තරහ උනා කියලත් අමතක උනා.
VOUS LISEZ
ONLY YOU ( Completed ☑️)
Fanfictionදගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්න වෙන් කරන්න හදන කෙල්ලෙක් . කෙල්ලව ලබාගන්න බැරුව වෛරයෙන් බැදුනු කෙනෙක්. අන්තිමට කොහොමහරි එයාල කරදර වලින් ඈත් වෙලා එකට ජීවත් වෙනවා 💗.