හන්සොන්ග් මින් කුමාරයා ඉදිරියේ දණ නමා කියනකොට ඔහු සොක්ජින් දිහා බැලුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන්..

"හන්සොන්ග් ආආ.. නැගිටින්න.. මේක අහන්න මේක ඔයා හිතනවට වඩා දරුණුයි.. කරුණාකරලා කුමාරයා කියන දේ අහන්න.. අනික ඔබ කැමති නෑ නේද සටන් වලට??"

"අනී.. මට හ්‍යොන්ග් ලග ඉන්න ඕනී... මං මගේ බය නැති කරගන්න ඕනී.. සමාවෙන්න කුමරුනී.. මියානේ හ්‍යොන්ග්.."

"හන්සොන්ග් ආ..."

සොක්ජින් වචනයක් කියන්නත් කලින් හන්සොන්ග් එලියට ගියා.. මින් කුමාරයා බර හුස්මක් ඇරලා ඉදගත්තේ හන්සොන්ග් දුන්න ලිපිය දිග හරින ගමන්..  එය හ්වරන්ග්ලා ස්ථානගත කරන විදිය පිලිබද ලියමනක්.. ඔහු එය කියවා දල්වා තිබු ඉටි පන්දමට අල්ලලා පුලුස්සා දැමුවා..

"සොක්ජින් ඔබ ගිහින් ඔහුට තේරුම් කරන්න.."

සොක්ජින් කුමාරයාට ආචාර කරලා එලියට ආවේ හන්සොන්ග් හොයාගෙන.. ඒත් ඔහු පේන්න හිටියේ නෑ.. සුහෝ කියපු විදියට හන්සොන්ග් නම්ජුන් එක්ක මාලිගාවට පිටත් වෙලා..

සොක්ජින් ඉක්මනින් අසු පිටට නැගලා තමන්ගේ නිවස දෙසට ගියා..

"උතුමානනී.."

"පියානන් කොහෙද?"

"එතුමා මාලිගයට යන්න පිටත් උනා.. දැනට හෝරා කාලකට කලින්.."

"හරි.. මට වහාම අපේ පෞද්ගලික හමුදාව එක් රැස් කරලා ඕනී.. ඒ වගේම මට "#ඔහුව" අනිවාර්යයෙන්ම ඕනී.. මේක ඔහුට දෙන්න.."

"එහෙමයි උතුමානනී.."

සොක්ජින් සේවකයාට හසුනක් අත තබා මාලිගයට පිටත් උනා.. ඔහු යනකොටත් නම්ජුන් හ්වරන්ග්ලා ස්ථානගත කරනවා..

"නම්ජුනා.. ඔහු කොහෙද?"

"මං හිතන්නේ ඔහු ලී යොන්ග් කුමරු ලගට ගියා.."

ඒ සැනින් සොක්ජින් ලීයොන්ග් සිටින මාලිගය වෙත ගියා.. ඒ යනකොටත් හන්සොන්ග් ලීයොන්ග් කුමරුගේ කුටියට පිටත ආරක්ෂාවට සිටගෙන සිටියා...

"හන්සොන්ග් ආහ්හ්හ්... කියන දේ අහන්න.. වහාම මාලිගයෙන් පිට වෙන්න.. චෙබල්..."

"හ්‍යොන්ග්.. සමාවෙන්න මට බැහැ.. අඩුම තරමේ මට මිතුරෙක් විදියට හරි උදව්වක් වෙන්න දෙන්න.."

"හන්සොන්ග් ආ.."

සොක්ජින් හන්සොන්ග්ව බලෙන්ම අතින් ඇදගෙන මාලිගයේ පසෙක තිබුන මිටි සයිප්‍රස් ගස් අතරට ආවා..

"චෙබල්.. හන්සොන්ග් ආ... තේරුම් ගන්න.. ඔබට මොනවහරි උනොත් මට දරාගන්න බැරි වේවී.. කරුණාකරලා මේකෙන් අයින් වෙන්න.. මේ තත්වය පහ වෙනකම් ජේජු වෙත යන්න.."

"හ්‍යොන්ග්.. මට පොඩි ලමයෙක්ට වගේ සලකන එක නතර කරන්න.."

හන්සොන්ග් තරහෙන් කියනකොට සොක්ජින් ගැස්සුනා..

"හ්‍යොන්ග් හැමදාම හිතන්නේ මං පොඩි ලමයෙක් කියලා.. ඒත් එහෙම නෑ.. මටත් යමක් කරන්න පුලුවන්.. ඔබට වගේම කඩු ශිල්පය දුණු ශිල්පය මටත් හුරුයි... හ්‍යොන්ග් කරුණාකරලා මට මේක කරන්න දෙන්න.."

හන්සොන්ග් සොක්ජින්ගේ අත ගසා දාලා තරහෙන් ආයෙත් මාලිගයේ දොරටුව ලගට ගියා.. අහිංසක හන්සොන්ග්ට මේ තරම් තරහා ගිය පලවෙනි පාර.. සොක්ජින්ගේ ඇස්වලට කදුලක් ආවේ ඉබේමයි.. ගස් අතරින් හිටගෙන ඉන්න හන්සොන්ග් දිහා බලපු සොක්ජින් කදුලු පිහදාගෙන ඉක්මනට එතනින් එලියට ආවා.. මාලිගයේ ද්වාරය ලගට ගිහින් ආයෙත් හැරිලා බලලා සොක්ජින් ඉක්මනින් මින් කුමරුගේ මාලිගයට ගියා..

"සොක්ජින් ඔක්කොම ලෑස්තිද?"

"ඔව් කුමරුනී.. ඔබ ඉල්ලු ලෙසටම සියල්ල ලෑස්ති.."

"සොක්ජින්.. මේ සටනෙන් ඔවුන් සියලු දෙනා නැසිය යුතුයි.. ඒ මැදට කවුරු ආවත් ඔහුගේ හිස කදින් වෙන් කරන්න දෙවරක් සිතන්න එපා..."

ඒ එක්කම කලබලෙන් දුවගෙන ආවේ නම්ජුන්.. ඒ පිටි පස්සෙන් ආව රුව දැකලා සොක්ජින්ගේ මුහුනට මද සිනාවක් පහල උනා..

"හෝසොකා.."

  - මතුසම්බන්ධයි -

Prohibited Love [TaeJin] Where stories live. Discover now