Time and Place - During Silla Dynasty @ Capital of Silla
"ජින් හ්යොන්ග්..."
කඩ වීදියේ පහලින් හයියෙන් ඇහුන හුරතල් කට හඩ අදුරගන්න සොක්ජින්ට වැඩි වෙලාවක් ගියේ නෑ.. සුදු හා දම් නිල් පැහැයන් මිශ්ර උන ලස්සන හන්බොක් එකක් ඇදගෙන සෙනග අතරින් දුවගෙන ආවේ හන්සොන්ග්(Tae)..
"හන්සොන්ග්.."
"හ්යොන්ග් කොහෙද යන්නේ??"
"යා අද හ්වරන්ග් පුහුණුවේ පලවෙනි දවස නේද? කෝ එන්න මං ගිහින් දාන්න.."
සොක්ජින් පියානන් හම්බෙන්න මාලිගයට යන ගමන නවත්තලා හන්සොන්ග්වත් අශ්වයා උඩට නග්ගගෙන හ්වරන්ග් පාසල පැත්තට වේගෙන් ඇදුනා..
"හ්යොන්ග්.. හෝ හෝ නවත්තන්න.."
"ඒ පාර මොකද?"
සොක්ජින් තරහෙන් අහනකොට හන්සොන්ග් මූන ඇබුල් කරගත්තා..
"මං හ්වරන්ග් පාසලට ගියාම හ්යොන්ග්ව දකින්න වෙන්නේ මාසෙකට එක පාරයි.. මට හ්යොන්ග් නැතිව එච්චර කල් ඉන්න බෑ..."
හන්සොන්ග් අශ්වයාගෙන් බිමට බැහැලා කීවේ එයාගේ අතට වැටුන චෙරි මල් පෙතිත් ගහත් දිහා බල බල.. එයාගේ ඇස්වල තුනී කදුලු පටලයක් තියනවා ජින් දැක්කා..
"ආහ්හ්හ්හ් මගේ හුරුබුහුටි හන්සොන්ග්.."
ජින් අශ්වයාගෙන් පැන්න ගමන් හන්සොන්ග්ව පිටි පස්සෙන් බදාගත්තා.. හන්සොන්ග් සොක්ජින්ගේ මේ උනුසුමට ගොඩක් ආදරය කලා.. එයා සොක්ජින්ගේ අත උඩින් එයාගේ අත පටලගෙන සොක්ජින් දිහාට හැරුනා.. මෙච්චර වෙලා අමාරුවෙන් නවත්තගෙන හිටිය කදුල හන්සොන්ග් ගේ කම්මුල දිගේ ගලාගෙන ගියා..
"අනේ මගේ පැටියා.."
සොක්ජින් හන්සොන්ග් ගේ කදුලු පිහලා එයාගේ නලලට උනුසුම් හාදුවක් දුන්නා.. ඒත් හන්සොන්ග් තාම මූන ඇබුල් කරගෙන.. හන්සොන්ග් ගැන හොදටම දන්න සොක්ජින් වටපිට බැලුවා.. එයාලා හිටියේ කැලැබද පාරක නිසා කවුරුත් නෑ..
මුලින්ම හන්සොන්ග් ගේ කම්මුල් දෙපැත්තෙන් අත යවලා එයාගේ මූන දිහාට හරවගත්ත සොක්ජින් හෙමින් හන්සොන්ග්ගේ රෝස පාට තොල්වලට හාදුවක් දුන්නා... හන්සොන්ග්ට සොක්ජින්ගේ බද වටේට අත ගියේ ඉබේමයි.. ලා රෝස පාට සේද හන්බොක් එක හන්සොන්ග් අල්ලපු නිසා රැලි වැටෙන්නම පොඩි උනා.. හන්සොන්ග් ගේ එක් අතක් සොක්ජින්ගේ බෙල්ල වටේ යවලා එයාව තවත් ලගට ගත්තේ දෙන්නාගේම තොල් තවත් තද කරමින්.. විනාඩියක විතර හාදුවකින් පස්සේ සොක්ජින් හන්සොන්ග් ගේ නලලට තමන්ගේ නලල තියාගෙන හෙමින් ඇස් ඇරියා.. හන්සොන්ග් තවමත් ඇස් පියාගෙන.. හන්සොන්ග් ගේ පිය උන ඇස්, හාදුව නිසා රතු උන තොල් දිහා බැලුව සොක්ජින්ගේ මූනේ ලා හිනාවක් ඇදුනා..
STAI LEGGENDO
Prohibited Love [TaeJin]
Fanfictionවසන්ත කාලේ පිපුන චෙරි මලක් තරම් ලස්සන කිම් සොක්ජින් සිල්ලාවේ අගමැතිතුමාගේ එකම පුතා.. ඔහු දකින ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන්නේ ඉබේමයි.. කඩවසම් බව වගේම ඔහු ඉතාමත් බුද්ධිමත් තරුණයෙක්.. ඒ නිසාම රජතුමා ඔහු ඔටුන්න හිමි කුමරුගේ ගුරුතුමාගේ තනතුර ලබා දුන්නා.. හ...