"තමුන්..."

ජිමින්වත් පෙරලගෙන ජන්ග්කුක් ඉක්මනට නිවසේ ප්‍රාකාරයෙන් පැනලා කෑලෑවේ කලුවරේ හැංගුනා..

නම්ජුන් ජිමින් ඈතින් එනවා දැකලා ජන්ග්කුක්ට කියන්න යන්න යනකොට පරක්කු වැඩි ජන්ග්කුක් අතින් අමාත්‍ය පාක් අවසන් හුස්ම හෙලලා අවසන්...

අනෙක් දොරෙන් ජිමින් එනකොට නම්ජුන් අදුරේ සැගවුනා...

මධ්‍යම රාත්‍රිය වෙන්න තිබුනේ සුලු මොහොතක්.. මින් කුමරු ජිමින් බලාපොරොත්තුවෙන් උද්‍යානයේ කුටියට වී බලා සිටියා..

ටිකක් පරක්කු උනත් අඩ අදුරෙ ජිමින් එනවා දැක්ක මින් කුමරුට දැනුනේ සතුටක්.. ඔහු හැමදේටම ජිමින්ට සමාව දෙන්න ඔහු තිරණය කලා.. ඒත් බිම බලාගෙන වාරු නැතුව එන ජිමින් දැක්ක කුමාරයා නැගිට්ටා..

"ජිමිනා.. වේ.. වේ..?? මොකද උනේ?? ඇයි මේ ලේ?? ඔබ හොදින් නේද??"

මින් කුමරු ජිමින්ගේ උරහිසෙන් හොලවන ගමන් අහනකොට ජිමින් හැගිම් විරහිතව මින් කුමරු දෙස බැලුවා...

"ඔබට දැන් සතුටු වෙන්න පුලුවන්.."

ජිමින් කට කොනකින් සිනාසෙන ගමන් කීවා..

"ජිමිනා?? මොනවාද මේ කියන්නේ?? "

"කියන්නේ?? ඇහැට ඇහැක්... ලෙයට ලෙයක්.. මේක ගැනද ඔබ කීවේ??"

ජිමින් කියන මොකුත් මින් කුමරුට තේරුනේ නැ..

"ජිමිනා.."

"ඔබ මට පොරොන්දු උනා ඔහුගේ ජිවිතය බේරන බවට... ඒකයි මං ඔබට උදව් කරේ.. ඒත් ඔබ ඔබ.. ඔහුව මරා දැම්මා.."

ජිමින්ගේ ඇස්වල කදුලු අලුත් උනා.. මින් කුමාරයා ජිමින්ගේ මූන අල්ලන්න හැදුවත් ජිමින් අත් දෙක ගසා දැම්මා..

"අල්ලන්නෙපා මාව.. මට ඔබව පිලිකුල්.. ඔහු මොනවා කරත් මගේ පියා.. ඇයි?? වේ????"

ජිමින් කෑ ගැහලා අහලා බිම ඉදගත්තේ තවත් හිටගෙන ඉන්න පන නැති නිසා...

"ඔබ ඔහුව මරා දැම්මා.. මගේ පියා.."

ජිමින්ගේ වචනවලට මින් කුමාරයා ගැස්සුනා.. ඒ වගේම ඒ ලග හිටිය කුමරුගේ පාලකත් කුමරුත් මූනට මූන බලාගත්තා..

"පාක් අමාත්‍ය ?? මරා දැම්මා??"

ජිමින්ගෙන් ඇහුවත් උත්තරයක් නැති නිසා මින් කුමරු යන්න හැරුනේ මේ ගැන හොයලා බලන්න...

"කුමරුනී.. මේකත් අහන්න.. මීට ටික වෙලාවක් යනකම් මගේ හිතේ තිබුන ආදරය තවත් නැහැ..."

"ජිමිනා..."

මින් කුමාරයා හැරෙනකොට ජිමින් නැගිටලා එතනින් ගියා.. මින් කුමාරයාට දැනුනේ ලෝකේම තමා වටේට කැරකෙනවා වගේ.. ජිමින්ගේ තරහ පිරුනු වචන ඔහුගේ කන්වල දෝන්කාර දුන්නා..

"කුමරුනී.."

අවසානෙට ඇහුනේ පාලකගේ කටහඩ විතරයි.. කුමරු ඇස් අරිනකොට හිටියේ තමන්ගේ මාලිගයේ..

සොක්ජින් වගේම නම්ජුන්ත් ඔහු අසල සිටියා..

"කුමරුනී.. ඔබ අපිව බය කරා.."

සොක්ජින් නොරිස්සුමින් කියනකොට මින් කුමරුගෙ ඇස් හෙව්වේ ජිමින්ව...

"කුමරුනී ඔබ දිගුකාලයක් නිරාහාරව සිටි නිසයි මෙලෙස සිහිසුන් උනේ.."

පාලකත් දුකින් කියනකොට ඔහු සොක්ජින් දෙසත් නම්ජුන් දෙසත් බැලුවේ ඔවුන්ගේ මුහුනවල තියන හැගීම තේරුම් ගන්න බැරිව..

"කුමරුනී.. පාක් අමාත්‍ය.."

"හහ්හ්හ්හ්.. එහෙනම් ඒක ඇත්ත.."

කුමාරයා සුසුමක් ඇරලා මතක් කරේ ජිමින් කියපු දේ..

"ඔබතුමා කොහොමද දන්නේ??"

"මට ඊයේ රාත්‍රියේ ජිමින් පැවසුවා.. ඒත් කවුද එය කලේ??"

කුමරු අහනකොට සොක්ජින් පාලක දෙස බලපු නිසා ඔහු ඔවුන්ට යන්නට සන් කලා.. මින් කුමාරයා හෙමින් නැගිටලා ඉදගත්‍තා..

"දැන් පවසන්න.."

"නම්ජුන් ඔබම පැවසුවොත් නරකද?"

සොක්ජින් නම්ජුන්ට කියනකොට ඔහු කුමරුට ආචාර කර කුමරුට ලං උනා..

"ඒ ජන්ග්කුක්.. ලී යොන්ග් කුමරුගේ ආරක්ෂක.."

"මොකක්?? ඔහු ඒ තරම් මෝඩ උනේ ඇයි?? ලී යොන්ග්ට ඉන්න එකම හතුරා ඔහු නොවේ.. ඔහු එක් ඉත්තෙක් පමනයි.."

මින් කුමරු තරහෙන් කියනකොට නම්ජුන් පස්සට උනා..

"කුමරුනී පාක් අමාත්‍ය ජන්ග්කුක්ට පහර දීලා තියනවා ඒ නිසයි ඔහු පෙරලා පහරදී තිබෙන්නේ.."

මින් කුමරු නම්ජුන් දෙස තප්පර කීපයක් බලන් ඉදලා සොක්ජින් දිහාට හැරුනා..

"හ්වරන්ග්ලා ලෑස්ති කරන්න..."

  - මතුසම්බන්ධයි -

Prohibited Love [TaeJin] Where stories live. Discover now