Chapter 01 තහනම් ආදරයක්

Start from the beginning
                                    

"ඔයාගේ තොල් ස්ට්‍රොබෙරි රසයි.."

සොක්ජින් කියපු දේට හන්සොන්ග් ඇස් ඇරලා දගකාර විදියට හිනා වෙලා එයාගේ පපුව අස්සේ මූන හංගගත්තා..

"හ්‍යොන්ග් ලගත් චෙරි මල් සුවදයි.."

පැය භාගයක් විතර සොක්ජින්ට තුරුල් වෙලා චෙරි ගහ යට හිටිය හන්සොන්ග් නැගිට්ටේ ඈතින් ඇහුන සීනු හඩට..

"හ්‍යොන්ග්.. අපි පරක්කුයි.. පලවෙනි දවසෙම මං ඉවරයි.."

හන්සොන්ග් ආයෙත් මූන ඇබුල් කරගත්තා..

"ආහ්හ්හ් මගේ කොටි පැටියා.. යමු මං ගුරුතුමාට කතා කරන්නම්.."

"චින්චා?? ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආ.."

හන්සොන්ග් සොක්ජින්ගේ රෝස පාට කම්මුල් රතු වෙන්නම හාදුවක් දුන්නා..

හන්සොන්ග්ව හ්වරන්ග් පාසලට දාලා ගුරුතුමාට කතා කරපු සොක්ජින් හන්සොන්ග්ව දඩුවමෙන් බේරලා ආයෙත් මාලිගාවට යන්න අශ්වයා උඩට නැග්ගා..

"හ්‍යොන්ග් පරිස්සමින්.."

හන්සොන්ග් කවුලුවක එල්ලිලා කෑගහගහා අත වනනවා දැකලා සොක්ජින්ට හිනා..

"ඇතුලට යන්න.. කා.."

ජින් අත වනලා වේගෙන් අශ්වයා මාලිගාව පැත්තට හැරෙව්වා.. රාජ සභාව තවමත් පැවැත්වෙන බවක් ඈතට ඇහුන නිසා සොක්ජින් හෙමින් හෙමින් ගියේ පොත් ගුලට..

"ඔබ අද පරක්කුයි.."

දොර අරිනකොටම දැක්ක රෑපෙට සොක්ජින් ගැස්සුනා..

"සේජා..(ඔටුන්න හිමි කුමරු)" (යුන්ගී)

සොක්ජින් ගැස්සුන හැටි දැක්ක කුමරුට ලාවට හිනා ගියා..

"බයවෙන්න එපා මං ගිලින්නේ නෑ.."

"සේජා.. ඔබතුමා මෙහෙ.. මෙච්චර උදෙන්ම?"

"ඇයි මං මගේ ගුරුතුමා එන්න කලින් එන එක වරදක්ද?"

"සේජා.. අනී.. එහෙම නෙමෙයි වෙනදාට මං මාලිගයට එනකම් ඔබ සැතපිලානේ ඉන්නේ.."

සොක්ජින් පොත් ටික කුමරු ඉදිරියේ පිලිවෙලට තියලා, තමන්ගේ තොප්පිය ගලවලා පැත්තකින් තිබ්බා..

Prohibited Love [TaeJin] Where stories live. Discover now