Hinami: " අඩන්න එපා Meki ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද? "
Meki: " අනේ... Hinami මට තවත් ඉවසන්න බෑ "
Hinami: " ඇයි? මොකක්ද ප්‍රශ්නේ... මට කියන්න "
Meki: " එයා වෙන කෙනෙක්ට කැමතියි "
'මොකක් අර මෙතන කලින් කතා කර කර හිටපු boy ගැන ද මේ කියන්නෙ මං කොහොමද Meki ගේ හිත හදන්නේ'
Hinami: " හරි හරි Meki ඒක ගැන හිතන්න එපා "
Meki: " ඔයා එහෙම කියන්නෙ එයා ඔයාට කැමති නිසානෙ " Meki මාව තල්ලු කරලා canteen එකෙන් එළියට දිව්වා.
'අනේ... දෙයියනේ... මේ මොකක්ද වෙන්නේ මට මොකුත් තේරෙන්නෙ නෑ'
Hinami: " Meki ටිකක් ඉන්න මං එහෙම දෙයක් දන්නෙ නෑ " මං Meki ගේ පස්සෙන් ගියා.
Hinami: " Meki අනේ... ඉන්නකෝ මට මොකුත් තේරෙන්නෙ නෑ.ඇයි? මේ... මොකක්ද ප්‍රශ්නේ " මට Meki ව නැති කරගන්න ඕනි නෑ.මං Meki වෙනුවෙන් ඕනි දෙයක් අතාරින්න ලෑස්තියි කියන එක එයා දන්නවා.ඒත් ඇයි? මේ එක පාරටම.එයා කවදාවත් මට එයා boy කෙනෙක්ට කැමති කියලවත් කියලා තිබුණේ නෑ.මට Meki ව නැති කරගන්න ඕනි නෑ.එයා තමයි මගේ එකම යාලුවා.ඉතිං මට එයාව නැති කරගන්න කොහෙත්ම ඕනි නෑ. Meki එක පාරටම නැවතුණා.මං ඇගේ ඉස්සරහට ගියා. Meki අඩලා අඩලා රතු වෙලා.
Hinami: " අනේ... Meki මොකද මේ... ඒ boy කවුරු වුණත් මට කමක් නෑ.මං එයාට කැමති නෑ එයාව අයිති ඔයාට plz... අඩන්න එපා " මම Meki ව තුරුලු කර ගත්තා.ඇය මගේ උරහිසට ඔලුව තියාගෙන ඇඩුවා.
~Meki~
'හ්ම්, Hinami ඔයා හැමෝටම අහිංසක මූණ පෙන්නලා ඒ හැමෝම රවට්ට ගත්ත නේද'
~Hinami~
'අනේ... දෙයියනේ... මේ කෙල්ල හොදටම අඩනවා නේද පව්, අනේ... මං ඒ boy ව හම්බවෙලා මේ ගැන කතා කරන්න ඕනි'
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
'අහ් පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ ඇගට ඊයෙ හවස හරියට වැඩනේ' මං ලෑස්තිවෙලා university යන්න bus holt එකට ගියා.එක පාරටම හීතල සුළඟක් හැමුවා.මාව වෙව්ලලා ගියා.'ආහ්, හීතල.හරියට ඉස්සර වගේ'
මම ගමක හැදුන කෙනෙක්.මායි,අම්මයි,තාත්තයි,අයියයි තමයි මගේ පුන්චි පවුල.ඒත් කාලය හැමදේම වෙනස් කලා.අයියගේ නම Jun Jhea.මගේ අම්මා teacher කෙනෙක්.තාත්තා army එකේ.අයියා ඉගෙන ගන්න පැත්තට ගොඩක් බර කෙනෙක්.එයාට ශිෂ්‍යත්වයක් ලැබිලා රට ගියා.මාත් university යන්න නගරෙට ආවා.ඒ විදිහට අපි හැමෝම වෙන් වුණා.අම්මා කියනවා තාත්තටත් ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් කියලා.මටත් තාත්තා වගේ චිත්‍ර අදින්න පුලුවන්ලු.මං ඇත්තටම මගේ ඒ හැකියාව ගැන ආඩම්බර වෙනවා.මං මගේ හැඟීම් චිත්‍ර වලට පරිවර්තනය කලා.කොච්චර ලස්සන චිත්‍ර ඇන්දත් මං ලස්සන කෙනෙක් නෙවෙයි.පොඩි කාලෙ ඉදන්ම යාලුවො මට ඒ ගැන විහිලු කලා.ඉතිං කොහමත් මට ඒ ගමෙන් යන්න ඕනි වෙලා තිබුණේ.මං university ආපු පලවෙනි දවසේ දැක්කා Meki තනියම ඉන්නවා.මං එයා දිහා ඈත ඉදන් බලන් හිටියා.'එයා කොච්චර ලස්සන ද ඒත් ඇයි එයා තනියම ඉන්නේ' Meki මං දිහා බලලා හිනා වෙලා ඇය මගේ ළඟට ආවා.
YOU ARE READING
Even If You Are Ugly 🔴 COMPLETED 🔴
Fanfictionආදරය ලබන්න ලස්සන අවශ්‍ය ද? හැමදේම පෙනුම මත රඳා පවතීද? මැයව jimin ප්‍රතික්ශේප කරයිද?
Even If You Are Ugly episode 1
Start from the beginning
