" වාව් ඒක නම් මරු... " Meki මං චිත්‍ර අදිමින් හිටපු Art Room එකට එන ගමන් කිව්වා.මං එයා දිහා නොබලාම
" හ්ම් " කිව්වා.මටත් පුදුම හිතුණා ඒ චිත්‍රය ඇන්දේ මං කියලා හිතුවම.ඒක ඒ තරම් ලස්සනයි.මට Meki දිහා බලන්නවත් ඇස් ගන්න බැරි තරම් ඒක ලස්සනයි.
" ඒ ඉන්නේ BTS එකේ Jimin නේද? " Meki මං ළඟට ඇවිත් මගේ උරහිසින් අත තියලා ඇහුවා.
" ඔව් " මට තාමත් මගේ ඇස් එයාගෙන් ඉවතට ගන්න බෑ.එයා ඒ තරම් ලස්සනයි.ඒ ඇස් මාත් එක්ක හිනා වෙනවා වගේ.මට මාව පාලනය නෑ.මං ඒ ඇස් එක්ක හිනා වුණා.හරියට එයත් මාත් එක්ක හිනා වෙනවා වගේ.
" මොකෝ... Hinami තනියම හිනා වෙන්නේ " Meki මගේ මූණට එබුණා.හීන ලෝකෙක හිටපු මම බය වුණ පාර පුටුවත් පෙරල ගෙන බිම වැටුණා.
Meki: " මේ... මොකෝ... ඇයි? ඔච්චර බය වෙලා.මං හොල්මනක් වගේ පේනවද? "
Hinami: " නෑ... නෑ... " Meki කොහොමත් හොල්මනක් වගේ නෑ කියලා මං දන්නවා.එයා ගොඩක් ලස්සන කෙනෙක්.මට පුදුමයි එයා මං වගේ කැත කෙල්ලෙක් එක්ක යාලු වුණ එක ගැන.එයා ටිකක් දගයි හැබැයි එයාගෙ හිත හොඳයි.මට කවුරු කැතයි කියලා විහිලු කරත් එයා මට විහිලු කරන්නෙ නෑ.ඒක මට විශ්වාසයි.ඒ නිසා කවුරු මට විහිලුකරත් ප්‍රශ්නයක් නෑ.එක්කෙනෙක් හරි මගේ පෙනුම ගැන වදවෙන්නෙ නෑනෙ.ඒක මගේ හිතට සැනසිල්ලක්.
Meki: " මේ... ඔයාට Jimin ගේ චිත්‍ර ඇදලම එපා වෙන්නෙ නැද්ද? " Meki Art Room එක පුරා ඇස් යවමින් ඇහුවා.මාත් පුටුවෙන් නැගිටලා Art Room එක පුරාම තිබුණ Jimin ගේ චිත්‍ර දිහා බැලුවා.
Hinami: " නෑ... Meki මට තව එයාගෙ චිත්‍ර බිලියන ගාණක් වුණත් අදින්න පුලුවන් " මං Jimin ගේ චිත්‍රය අනිත් චිත්‍ර ළගින් තිබ්බා.
Meki: " ඔයාට නම් පිස්සු අනේ... මං යනවා කන්න ඔයත් එනව ද? " Meki දොර ළඟට ගිහින් ඇහුවා.
Hinami: " මං තව ටිකකින් එන්නම් මේ ටික අස් කරන්න ඕනි "
Meki: " හ්ම්... එහෙනම් මම ඔයා එනකම් canteen එකට වෙලා ඉන්නම් හරිද? " Meki Art Room එකෙන් එළියට ගියා.
මං Art Room එක අස් කරලා ආපහු Jimin ගේ චිත්‍රය ළඟට ගියා.මට ඒ චිත්‍රය දකින්නෙ නැතිව ඉන්න බෑ වගේ දැනෙන්න ගත්තා.මං ඒ මූණ දිහාම බලන් හිටියා.'මෙච්චර ලස්සන කෙනෙක්.ඇත්තටම මං මේ චිත්‍රය ඇන්ද ද?මට හිතාගන්නවත් බෑ.එයා මගේ ඉස්සරහා ඉන්නවා වගේ.ඒ ඇස් මාත් එක්ක හිනා වෙනවා.මට පිස්සු හැදීගෙන එනව ද මන්දා' මං මටත් හොරෙන් ඒ ඇස් වලට ආදරේ කරන්න පටන් අරන්.මං දැක්ක ලස්සනම හීනෙ එයා මගේ වෙනවා.ඒත් මං වගේ කෙල්ලෙක්ට කවුද කැමති වෙන්නේ.මං කොච්චර කැත ද? බොරු හීන මවනවා.මම Art Room එකේ දොර ළඟට ගියා.'මට එයා දිහා බලන් ඉන්න ඕනි.එයත් එක්ක හිනා වෙන්න ඕනි' මං ආපහු ඒ චිත්‍රය ළඟට ගිහින් ඒකෙ photo එකක් ගත්තා.මම canteen එකට යද්දී Meki හිටියේ boy කෙනෙක් එක්ක කතාවක.Meki මාව දැක්ක ගමන් එයාව එතනින් යැව්වා.මං Meki ළගින් වාඩි වුණා.Meki ගෙ මූණ අඳුරු වෙලා.එයා අඩන්න ලෑස්ති වෙලා වගේ හිටියේ.මං ඉක්මනින් Meki ගෙ අත අල්ල ගත්තා.එයා එකපාරටම අඩන්න පටන් ගත්තා.මං Meki ව තුරුලු කර ගත්තා.
YOU ARE READING
Even If You Are Ugly 🔴 COMPLETED 🔴
Fanfictionආදරය ලබන්න ලස්සන අවශ්‍ය ද? හැමදේම පෙනුම මත රඳා පවතීද? මැයව jimin ප්‍රතික්ශේප කරයිද?
