1

15 3 0
                                        

උදෑසන හිරු එළිය වැටෙන්නත් පෙරම අවදි උන ඇය හිටියේ කාලවර්ණ වූ මේඝයන් රත්ත වර්ණ අඩ සඳ ගිලගෙන යන විදියත් නැවත මේඝයන් අතරින් නැගීගෙන දීප්තිමත් වෙන අයුරුත් බලාගෙන.වෙනදා මෙන් නොව ඇය අද අවදී වූ වහාම තම නිවසෙන් එපිට සාදා තිබූ කුඩා ශවර් එක යට වතුර බිංදු වලට ඔහේ තම සිරුර පුරා ගලා යාමට අවසර දීලයි තිබුනේ.අනෙකුත් දවස් වලට උදේ සීතල වතුර අල්ලන්නවත් අකමැති වූ ඇය අද තම තීරණය දැඩි කරගනිමින් උදෑසනම නාන්න තීරණය කරලා.

අදුර ගිලගෙන ඇති පරිසරයේ නිසොල්මන් බව ඇයට ලොකු සහනයක් ගෙනදුන්නා.කිසිදු හාවක් හූවක් නැති පරිසරයේ සුන්දරත්වය විදිමින් ඇය ඒ මොහොත උපරිම නිදහසින් ගතකලා.පළ වෙනි වතාවට උදේ පාන්දර නාන නිසා වතුර අයිස් කැට මෙන් ඇති කියා සිතුවද එය එලෙස නොවීම පුදුමයක් වුනා. ඒ ගැන වැඩිය හිතන්න නොගිහින් තමන්ගෙම ලොකෙක තනිවුන ඇය වළාකුළු ඈතට පාවී යන විදියත් හිරු රැස් මාලා වළාකුළු අතරට වැටී උදෑසන වන අයුරු බලාගෙනම කල්පනාවක වැටුනා.

"රෑ වෙනවා කියන්නෙ මුළු ලෝකෙම අදුරු වළාකුළු වලින් වැහෙන එක වෙන්න බැරිද?.."

තමන්ගෙම්න අහගෙන නැවත ගේ තුලට ගොස් තම අල්මාරියෙන් සැහැල්ලු ඇදුමක්ද රැගෙන ලෑස්ති වුණා.ඇය නමින් රිවේෂා කාර්ටන් විය.

වසන් වන සඳ වළාකුළ කට
හඩාවැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ

හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..//

මවා දී තරු රටා අහසේ සිනා සී වුන් තරු කිනිත්තෙන් මළානික වූ පුංචි තරුවක් පොලෝතලයට කඩා වැටුනා..

සරා සදකට දරාගන්නට බෑ..
❤️‍🩹

තමන්ගෙ lap එකෙන් සිංදුවක් දාන ගමන් ගෙදර වැඩ ටික එක එක ඉවර කරන්න පටන් ගත්තෙ කිසිම කලබලයක් නැතුව.කුඩා කලදිම තම දෙමාපියන් අහිමි වූ ඇයට පවුලේ අයෙකුට සිටියෙ ඇගේ නැගනිය පමණි.තවම උසස් අද්‍යාපනය ලබන තම කුඩා සහෝදරිය සමග නැවත ලංකාවට පැමිණ තවම ගෙවී ඇත්තේ සති දෙකක් පමණි. නමුදු මේහි පරිසරයට , මිනිසුන්ට තාම හරියට හුරුවෙන්න හැකියාවක්නම් රිවේෂා ට තිබ්බෙනැ.හුගක් වේලාවල් වලට හුදෙකලා වෙලා ඉන්න උත්සාහ කරපු ඇය මිනිසුන් දැක්කෙ කරදරයක් විදියටයි.

_The one chosen by the darkness_Stories to obsess over. Discover now