𝒞𝒽𝒶𝓅𝓉ℯ𝓇 01

18 1 0
                                        

මෙහි ලියා ඇති සියල්ල මනඃකල්පිතයි.
══════════════════════

─── ⋆⋅☆⋅⋆ ───

"Fuck! මේක හිතුවට වඩා වෙලා යන වැඩක්නේ."

මම හිටියෙ මගෙ ඇඳුම් මාරු කරන අතරේ.මම ඇඳගෙන හිටපු ඇඳුම් ටික අයින් කරලා කළින් ලෑස්ති කරගත්තු waiter uniform එක ඇඳගන්න මට ඉතුරු වෙලා තිබුණෙ විනාඩි කීපයයි.

"පොර දැන් drink එක ගත්තා.වැඩේ පටන් ගන්න පුළුවන්."

එකපාරටම මට earpiece එකෙන් ඇහුනෙ මගෙ partner in crime,සහිරුගේ කටහ‍ඬ.

"හරි වැඩේ පටන් ගන්න."

එහෙම්මම සහිරුට command එක දීපු මම uniform එක ඇඳගෙන ඉවර වෙලා cctv cameras සේරම turn off වෙලාද කියලා ආපහු check කළා.ඊට පස්සෙ මම හැරුණෙ එතන බිම සිහි නැතිව වැටිලා හිටපු security officer දිහා.දැන්ම සිහිය එන එකක් නෑ කියලා confirm කරගන්න පයිනුත් එකක් ගහලා මාරු කරන්න කළින් ඇඳන් හිටපු ඇඳුම් ටිකත් අරගෙන මම කාමරේ දොර වහගෙන එළියට ආවේ සම්පූර්ණ waiter uniform එක ඇඳගෙන.දැන් බය වෙන්න කිසි දෙයක් නෑ.

පෙනුමෙන් එළියෙ හැමදේම සාමාන්‍ය විදිහට තිබුණා.Hotel එකේ මිනීමැරුමක් සිද්ධ වෙන්න යන බව නොදැන party එකට ආපු හැමෝම හිටියෙ විනෝද වෙවී එයාලගෙ ලෝකවල.මම ඔරලෝසුව දිහා බලාගෙන ආපහු earpiece එකට කතා කළේ වටපිටාව ගැන ඇහැ ගහගෙන.
Drink එකට දාපු sedative එක වැඩ කරන්න අඩුම විනාඩි දහයක්වත් යනවා කියලා මම estimate කරගෙන හිටියේ.

"සහිරු,මිනිහා ඇතුළට ගියාද?"

මම රහසින් වගේ earpiece එකට කො‍ඳුරලා ඇහුවෙ VIP room area එක පැත්තට සාමාන්‍යයෙන් ගමනින් ඇවිදගෙන යන ගමන්.

"ඔව් දැන් ගියා.මම signal එක දුන්න ගමන් switch වෙමු."

සහිරු උත්තර දුන්නා.මගෙ ඔළුව දැන් ටික ටික බර වෙනවා වගේ මට දැනුණා.වෙන contracts වලදි වගේ නෙවෙයි.සමහරවිට මේක මම මෙහෙම යන අන්තිම contract එක නිසා වෙන්න ඇති.මම ටිකක් ලොකු හුස්මක් අරන් VIP room area එකට ගියා.Waitor කෙනෙක් විදිහට ඇඳන් හිටපු නිසා කවුරුත් මාව ගණන් ගත්තෙ නෑ.

මම පඩිපෙළ නැගලා උඩට යද්දි සහිරු අදාළ room එකෙන් එළියට ආවෙ room service uniform එකක් ඇ‍ඳගෙන.Room number 33.මොකුත් නොකියා හෙමින් ඔළුව වනපු මම එයාට outside area එක clear කරලා තියාගන්න කියලා ඇඟෙව්වා.මොකුත් නොවුණු ගාණට මම මගේ අතේ තිබුණු ඇඳුම් ටික සහිරුට පාස් කරගෙන ඒත් එක්කම හෙමින් lock කරලා නොතිබුණු door එක ඇරගෙන ඇතුළට ගියා. මට දකින්න හම්බවුනේ ඇ‍ඳක් උඩ වැතිරිලා හිටපු තව ටිකකින් අවසන් ගමන් යන්න ඉන්න ඒ අහිංසක පිරිමි පරාණය රන්දුල් සමරසිංහ.ඒ කියන්නෙ සමරසිංහ group එකේ එකම උරුමක්කාරයා.ඒ වගේම Graves ලගෙ අංක එකේ ප්‍රතිවාදියෙක්.
අහිංසකයි කිව්වට මිනිහගෙ ඇති අහිංසකකමක් නෑ.කරන තරමක් කරන්නෙ නීතිවිරෝධී වැඩ තමයි.

The Code of Silence Stories to obsess over. Discover now