හැදින්වීම

1K 61 56
                                        

හායි ලමයි!

මම වට්පෑඩ් එකට අලුත්ම අලුත්. ඒ කිව්වෙ මේ ඇප් එක කොරෝනා කාලේ ඉදන් දාගෙන තිබ්බට ඇත්තටම උනන්දුවෙන් මේකේ ලියලවත් කතා කියවලවත් තිබුනෙ නෑ. ඒත් ලගකදි ඉදන් මම ආයෙත් මේකේ ලියවෙන කතා කියවන්න ගත්තා. මම සෑහෙන කල් ඉදලා කවි, නිසදැස්, කෙටි කතා වගේ ඒවා ලිව්වට දිගින් දිගට යන කතාවක් ලියලම නෑ. මගේ හිතේ කාලෙක ඉදන් තිබ්බ කතාවක් ලියන්න ඕනෙ කියලා හිතුනත් මට ඒකට වෙලාවක් තිබ්බෙ නෑ.

ඇත්තම කිව්වොත් මේකේ ඉන්න කතා ලියන අය පුදුම විදිහට දක්ෂයි. ඉතිං මමත් හිතුවා මගේ හිතේ තිබ්බ ඒ වැඩේට අත්පොත් තියලා බලන්න. මම දැනට නං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ. ඒත් මේ සමහර කතා කියවද්දි මට මාර නොස්ටැල්ජික් මතක ගොඩක් මතක් වුනා. මගේ ජිවිතේ සමහර සිද්ධි, මිනිස්සුන්ව ආයෙත් මතක් කලා. ඉතිං මම මගේ පලෙවනි BL කතාව ලියන්නයි යන්නෙ. ඕගොල්ලො ආස නං කියවලා බලලා මට කමෙන්ට් එකක් දාන්න.

මේකත් ඉතිං හරිම සරල පාසල් ප්‍රේමයක්. අනික ඉතිං ඉස්කොලෙ කාලෙ කතාවක් නිසා සමහර කතා එක්ක නිකං ගැලපිලා යනවා කියලා හිතෙන්න පුලුවන්. හැම ඉස්කෝලෙකම වෙන්නෙ එකම දේවල් ටිකක්නෙ. මම ඉතිං ඒ දේවල් අඩු කරලා ලියන්න හිතාගෙන ඉන්නවා. වැරදි තියෙනවනං මට අනිවාර්යයෙන් පෙන්නලා දෙන්න. අනික මම දැන් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා සෑහෙන කාලයක් වෙනවා. ඉතිං ලියන සමහර දේවල් ඕගොල්ලන්ට හෙන අවුට්ඩේටඩ් දේවල් වෙන්නත් පුලුවන්. ඒවට හිනා වෙන්න එපා ඉතිං, මම හෙන ඕල්ඩ් ස්කූල් මනුස්සයෙක්.

ඉතිං ලමයි ඕගොල්ලො එහෙනං මගෙ අලුත්ම කතාව "සියපත්" කියවලා හිතට එන දෙයක් කියාගෙන යන්න.

හැමෝටම ආදරෙයි!

- Pani Walalu -

සියපත් (Sinhala - Ongoing)Historias para obsesionarse. Descúbrelo ahora