01.කාසි භූතයා

2.4K 78 15
                                        

පළමු පරිච්ඡේදය.

"ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජා චරණ සම්පන්නෝ සුගතො ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති...."

ගොම්මන් හය හත වේලාවේ පළිඟු විදුලි පහනක්වත් පත්තු නොකරපු කට්ට කරුවල පටු පාර දිගේ මඟක් දුරට ඇදෙනවත් එක්කම මේ වෙලාවේ මතක් වෙන්න ඕනෙම නැති ඉස්කෝලේ සිද්ධියක් එක පාරට ඔළුවට කඩා වැටුණා..

කොල්ලගේ උගුර කටත් වේලිලා ඉතිපිසෝ ගාථාව තුන් ගුණයක් වේගෙන් මැතිරෙන්න ගත්තේ නිරාගමිකයි කියලා නළල මැද්දෙ ගහන් ඉ‍‍‍‍ඳපු පට්ටමත් අමතක කරලා දාලා

මීට අවුරුදු තුනකට විතර කලින් මම හිතන්නේ, කොහොම හරි පළිඟු හිච්චිකාලේ වෙච්ච සිද්ධියක් ඕක.

කොලු ඇම්බැට්ටයෝ සෙල්ලක්කාර කමට කාලච්ඡේද ගානක්ම පුටු වල පුකවල් රත් කොර කොර ඉඳලා කම්මැලි හිතුණු වෙලාවක "කේසර උඹ එනවද සෙල්ලමක් කරන්න"  කියලා හරිම ඉන්ටරෙස්ටින් පාටට ඇරයුමක් ලැබුණාම පලිඟුත් ගියා උඩ පැනගෙන....

අනේ! ඔක්කෝඕම එකතු වෙලා කාසි භූතයා සෙල්ලමක් කොරන්න හදනවා අහිංසක පලිඟුවවත් වට කරගෙන.,

පොඩ්ඩක් අදි මදි කරොත් හරි බයයි කිව්වොත් හරි හත්පොලම ඉවරයි. රෙදි නැතිව ගෙදරයාමක් තමා.....

ඉතින් පලිඟු උන්නා කටයි අහවල් එකයි වහගෙන.... ඕන හත්තිලව්වක් කියලා...

කට්ටියගෙම පසුම්බි අනිත් පැත්ත ගස්සෝලා දෙකේ කාසියක් කොහොමෙන් කොහොම හරි හොයාගත් නසාරානියෝ ටික කාසියට ලේ බිංදුවකුත් දැම්මා.

ඒ අතරේ දෙතුන් දෙනෙක් කාසිභූතයා සෙල්ලමට සම්බන්ධ ජනප්‍රවාධ ගැන කියෝනවත් පලිඟුට එහෙන් මෙහෙන් ඇහෙනවා.

කට්ටියම තොල කට තෙමාගෙන වැඩේට ලෑස්ති වෙන්න  හදනකොටම වගේ ඉස්කෝලේ අවසන් වෙන්න සීනුව ගැහුවා.

පලිඟු කාටත් හොරෙන්ම හිර කරන් උන්නු හුස්මක් ෆූහ්හ්හ්හ් ගාලා අතෑරලා දැම්මා. ඇතියාන්තන් කියලා.

රන් කෙහිය [THE GOLDEN KEY]Stories to obsess over. Discover now