09 🌼 Chord

2.5K 389 286
                                    

🌼 සීරුවට තාලෙට වෙනස් වෙන රිද්මයටමටම කියලා වුනු කතාවක තනුවකටමන්මුලාවුන  හදක  පාලු මකන්නටහැකිනම් ඔහුටවත් ලග ඉන්න හැමදාම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌼 සීරුවට තාලෙට වෙනස් වෙන රිද්මයට
මටම කියලා වුනු කතාවක තනුවකට
මන්මුලාවුන  හදක  පාලු මකන්නට
හැකිනම් ඔහුටවත් ලග ඉන්න හැමදාම....

වචන කරන්නට නොදත් පෙරවදන
තෙලි තුඩෙන් පමණක් අරුත් දෙනකල
වැටහීම ඔහුටම විතරක් සීමාව....
තව තවත් බැදුනේය ඔහුටම රහසින්ම .....

පසුවදන පෙම් කවක් වූවොත් යම් දිනක
ආසයි දොඩමලුව කියන්න ඔහු එක්ක
දගකාර සිනහවයි කටකාර කතාවයි ලග
හොරාගත් බව තුන් සිතම මගේ......
     
                ____ නිකේත් ____

Nethu
22/06/24

🌼 RDNSP18 ❤️🌼
.
.
.

ඒඩන් ඉදියෙ දෙවෙනි තට්ටුවෙ සාලෙ ඉදගෙන ටිවී එක දාගෙන..වොශ් එකක් දාගෙන කලින් හදපු බාඕ බන් එකකුත් ගිලලා කරල ඒඩන් බලාගෙන ඉදියෙ නාලා කරල ගෙදරට අදින ඇදුමක් ඇදගෙන කාමරෙන් එලියට එන  අනුක් අයියා දිහා...

නාලා ඉදිය අනුක් අයියගෙ කොණ්ඩ ගස් අස්සෙන් වතුර බිංදු බෙරෙද්දි ඒව පිහමින්ම සාලෙට ආව අනුක් අයියා ඒඩන්ව දැක්කත් නොදැක්කා වගේ ට්‍රවල් එක පඩිපෙලේ වැටෙන් වනා දාලා කිචන් එකට ගියා....

ඒඩන් කොහොමත් බලන් ඉදියෙ අවධානෙ ලැබෙනකන්....කොහෙද හම්බුන්නෑනේ.....

ඔළුවත් කස කස ඒඩන් ටිවි එක වහල දාලා නැගිට්ටෙ උගුර පාදමින් කිචන් එකට එන ගමන්.....

" මොනාද අම්මි උයන්නෙ.... "

".............."

" සපෝර්ට් එකක් ඕනෙද ?"

" .............."

කිසිම කතාවක් නැති තැන ඒඩන් කිචන් අයිල් එක වටෙන් පොඩ්ඩක් අනුක් අයියා දිහාවට එබිකම් කලේ අත් දෙකත් පිටිපස්සට බැදගෙන....

CAROL 🌼Where stories live. Discover now