07 🌼 Chord

2.5K 444 413
                                    

සෑහෙන ලොකු කල්පනාවකින් පස්සෙ ශාන් උළුවස්සෙන් නැගිට්ටෙ අතේ පේපර් බොක්ස් එකත් අරගෙන..... ඒඩන් හිටගෙන බලාගෙන ඉද්දි ශාන් ගැම්මෙන් අඩිය තියාගෙන බාහුබලී වගේ  පඩිපෙල නැගගෙන උඩ තට්ටුවට ආවෙ ඒඩනුත් පියාව අනුගමනය කරද්දි.......

උඩ තට්ටුවට පහල සද්ද ලේසියට නෑහුනත් ශාන් පඩිපෙල නැගගෙන එන සද්දෙ නම් නෑහුනා වෙන්න විදිය නෑ..... සෝපා එකේ ඉදගෙන ඇන්දට අත තියාගෙන ඒ අත ඔලුවට හේත්තු කරන් ඉදිය අනුක් අයියට උනත් ඒක නෑහුනා නොවුනත් එයා ඉදිය ඉරියව්වෙන්ම ඉදියෙ ශාන් උඩ තට්ටුවට ඇවිත් ඒහෙන්මම ඒඩන්ගෙ මූණ දිහා බලද්දි.....

ඒඩනුත් අනුක් අයියා දිහා බලලා ශාන් දිහාත් බැලුවා......

" චූටි අයියේ....."

ඒඩන් තොල් පෙති තද කරගත්තෙ ශාන් මුල් ගල තියපු විදියෙ තිබුන බයාදු ගතියට.....

දැඩි සුසුමක් පිට කරල ඩබලට පිටුපාලා ඉදිය  අනුක් අයියා සෝපාවෙන් නැගිටල ඩබල ඉස්සරහට ආවෙ අනුක් අයියගෙ ඇස් දැකල ඒඩන්ගෙයි ශාන්ගෙයි හදවත් දියවෙලා යද්දි....

ඒ ඇස් ටිකක් අඩලද මන්දා...... ටිකක් නෙමෙයි හොදටම....

ඒඩන්ට දැනුනෙ වරදකාරී හැගීමක්..... ඒඩන් ක්ෂණිකව බිම බලාගත්තෙ ශාන් එක එල්ලේ අනුක් අයියා දිහා බලන් ඉදල සුසුමක් පිට කරද්දි......

චටාස්ස්.....

ඒඩන්ට හිතාගන්නත් වෙලාව මදී...... අනුක් අයියගෙ අත්ල ඇවිත් ශාන්ගෙ කම්මුලක් උඩ නතර උනේ  ශාන් අඩියක් වත් නොසෙල්වී සාක්කු දෙකට අත් දෙක හොවාගෙන අනුක් අයියා දිහා බලන් ඉද්දි....

ශාන්ට ඒ පාර දැනුනෙ වත් නැහැ කියල දන්න අනුක් අයියා කේන්තියෙන් ශාන්ගෙ පපුවට අත ගුටි කරල ගැහුවෙ ඒ පපුව උඩ  තමන්වම සන්සුන් කරගමින්....

" දරුවො ඉස්සරහ ප්‍රශ්න විසදල පුරුද්දක් නැතත් මූත් මේවට සම්බන්ධයිනේ...... "

" .................."

ශාන් දෑස් පියාගෙන සුසුමක් ගත්තෙ අනුක් අයියගෙ දෑස් ඒඩන්ගෙ අතේ තිබුන ට්‍රෝෆි එක ළග නතර වෙද්දි.... අනුක් අයියා අඩියක් ඒඩන් ළගට තියද්දිම ඒඩන් බිම බලාගත්තත් ශාන් ඉස්සර උනේ ඒඩන්ගෙ ඉස්සරහෙන් හිටගන්න ගමන්....

CAROL 🌼Where stories live. Discover now