කඩුපුලේ දාහතරවැනි දිගහැරුම....

97 9 45
                                    

තේජාන් - හා. දැන්ම යන්න එහෙනම්.

නවම් - ඇත්තටමනේ?? සීරියස් නම් කමක් නෑ. හැබැයි විහිළුනම් මට සෙට් නෑ.

තේජාන් - මං මොකටද විහිළු කරන්නෙ??

නවම් -  හරි ඉතින් විහිළු නෙවේනම් කමක් නෑ. මං යනවා.

තේජාන් - කොහෙද යන්නෙ??

නවම් - ඔළුව හැරිච්ච අතේ යනවා.

නවම් එලෙස පවසන්නට වූයේ තේජාන් දෙසට නපුරු බැල්මක් හෙලමිනි.

තේජාන් - එහෙනම් එනවා මං ලගට.

නවම් - මොකටද??

තේජාන් - දැන් ඔළුව හැරිච්ච අතේ යනවා කියලා ඔළුව හරව ගත්තෙ මගෙ පැත්තටනෙ.

නවම් - අනේ නෑ. එයාගෙ පැත්තට ඔළුව හරවගන්න වැඩේමනේ. මං යනවා.

එසේ පැවසූ නවම් පහත මාලයට ගමන් කිරීමට සූදානම් වූ  නමුත් එක්වරම ඔහුගේ ගමන නතර වූයේ පිටුපසින් පැමිණි තේජාන් ඔහුව තදින් වැලදගත් නිසාවෙනි.

තේජාන් - හිතන්නවත් එපා කොහෙවත් යන්න.

නවම් - තේජාන්?? ක් - කෝ අයින් වෙන්න. ඔයාමනේ කිව්වෙ දැන්  මට යන්න කියලා.

තේජාන් - ඔව් කිව්වා. ඒත් යන්න කිව්වෙ මාත් එක්ක  එයාපෝර්ට්.  මං ඉන්නකන් තමුසෙව තනි කරයි කියලා හිතන්නවත් එපා. එකපාර ඔහොම අසරණ කරන්න තරම් මං තිරිසනෙක් නෙවෙයි. ඔයා , කේෂ් මෙහෙන් යන්න ඕනයි කියලා කොච්චර බල කරත් ඒකට මං අවසර දෙයි කියලා හිතන්නවත් එපා. හිමින් සීරුවේ දෙන්නා ඉඩමක් අරගෙන ගෙයක් හදාගත්ත දවසක ඔයාලට යන්න පුලුවන් මෙහෙන්.

නවම් - හිතන තරම් කිසිම දෙයක් කරන්න ලේසි නෑ තේජාන්.

තේජාන් - දන්නවා. මං ලේසියෙන් හිතන්නෙ නෑ. නමුත් බරපතලව හිතලා ලයිෆ් එක අවුල් කර ගන්නෙත් නෑ. මධ්‍යස්ථව ඉදන් ජීවත් වෙන්න බලන්න ඔයත්.

නවම් - ඔයා ඔහොම කීවට ඔයාගේ අප්පච්චි , බාප්පා කැමති වෙන එකක් නෑ තේජාන්. අපිට බෑ ඒ මිනිස්සුන්ට වද දෙන්න. තේරුම් ගන්න මං කියන දේ. සතියක් දෙකක් එහෙමත් නැත්නම් උපරිම මාසයක් , දෙකක්  හිටියත් අවුරුදු ගානක් පිට තැනක ජීවත් වෙලා ඔයාලටත් වදයක් වෙන්න බෑ අපිට.

හිමකර කඩුපුල්....Where stories live. Discover now