කඩුපුලේ දොලොස්වැනි දිගහැරුම....

170 18 35
                                    

ජගත් - ව්වාහ්.... කොල්ලො දෙන්නා මාර හැන්ඩ්සම්නේ ෆුල් කිට් එකට.

තේජාන් - ඒකනේ අප්පච්චි මාත් මේ කල්පනා කලේ. දැන් නම් වැදගත් පාටට හරි ලස්සනට ඉන්නවා.

මහිෂ - කොහෙද මල්ලි ඔයාලා ක්ලාස් කරන්නෙ??

කේෂ් - ටවුන් එකේ _______ ආයතනේ අයියේ.

ජගත් - ආහ් යමු පුතා මං ඔයාලව ඩ්‍රොප් කරන්නම්..මටත් පොඩි වැඩ වගයකට ටවුන් යන්න තියනවා.

මහිෂ - අප්පච්චි තාම කාලා ඉවරත් නෑනේ. යසස්ට ෆෝන් එකක් බලන්න යන්න ඕන කිව්වා. ඒකත් බලලා මූව ගෙදරට ඇරලවලා එන්නම් මං.

කේෂ් - අයියෝහ් ඔයාලා කරදර වෙන්න ඕන නෑ මහී. අපිට බස් එකේ යන්න පුලුවන්.

තේජාන් - කරදරයක් නෙවෙයිනේ කේෂ් ඉතින්. මෙයාලා කොහොමත් ටවුන් යන එකනෙ. යසස්ගේ ෆෝන් එකට මොකද උනේ ඇයි?? මේ ලගදිනෙ අලුත් ෆෝන් එකක් ගත්තෙ.

යසස් - ආහ් ම් - මේ ඒක මගෙ අතින් වැටුණා අයියේ. ඩිස්ප්ලේ ගියා. වොරන්ටිනම් තියනවා. ඒත් ඩිස්ප්ලේ ගියාට පස්සෙ ෆෝන් එකක් හදලා වැඩක් වෙන්නෙ නෑ අයියේ. ඒ නිසා අලුත් ෆෝන් එකක්ම ගන්නවා.

මහිෂ - යමු නේද යසා එහෙනම්??

යසස් - යමු බං.

මහිෂ - එන්න කේෂ් අපි යමු. තනුක මල්ලි ඔයත් එන්න.

කේෂ් - හ් - හරි අයියේ. නවා අපි ගිහින් එන්නම් එහෙනම්.

තනුක සහ කේෂ් නවම්ගෙ දෙපා නමදින්නට විය.

නවම් - පරිස්සමින් ගිහින් එන්න පැටියෝ. ක්ලාස් ඉවර උන ගමන් මැසේජ් එකක් දාන්න මට.

කේෂ් - හරි නවා. අංකල් අපි ගිහින් එන්නම් එහෙනම්.

නැවත වරක් කේෂ්  සහ තනුක පිලිවෙලින් ජගත්ගේත් , ප්‍රගීත්ගේත් සහ අවසානයේ  තේජාන්ගේත් දෙපා නමදින්නට විය.

ජගත් - පරිස්සමින් ගිහින් එන්න පුතා.

ආශිර්වාදය අවසානයේ  ජගත් , කේෂ්ගේ දෙකම්මුල් ද සිප ගන්නට වූයේ කේෂ්ව සහ එතැන සිටි සියල්ලෝම විමතියට පත් කරමිනි.

මහිෂ - අපි ගිහින් එන්නම් අප්පච්චි.

මහිෂද , ජගත්ගේ දෙපා නැමද ඔහුගෙ උණුසුම් හාදුව මුවෙහි තවරාගෙන පිරිස සමග නිවසින් පිටව යන්නට විය.

හිමකර කඩුපුල්....Donde viven las historias. Descúbrelo ahora