කඩුපුලේ දහතුන්වැනි දිගහැරුම....

161 16 12
                                    

තනුක - නෑ අයියේ මුන් දැන ගන්න එපැයි ටවුන් ආවනම් මුන්හෙ වැඩේ කරගෙන ගෙදර යන්න. හොරෙන් බලනවනම් ඒත් කමක් නෑ. යකෝ ඉස්සි ඉස්සි කරවල් උඩ නැගගෙනනේ බලන්නෙ.

කේෂ් - යමන් යමන්. මේ මිනිස්සුන්ට බැන්නයි කියලා වැඩක් වෙන්නෙ නෑනේ..අපේනෙ වැරැද්ද.

?? - පුතා ?? මොකක්ද මෙතන උනේ?? කෝ නැගිටිනවා මට ලැජ්ජ නොකර.

කිසියම් පුද්ගලයෙකු පැමිණ පවන්ගේ දෑතින් අල්ලා ගනිමින් ඔහුව ඔසවන්නට වූයේ  ආරක්ෂකයින් දෙදෙනෙකු යැයි අනුමාන කල හැකි තවත් හැඩි දැඩි මිනිසුන් දෙදෙනෙකු සමගයි.

කේෂ් - ඒයිහ් මට මේ නාකි ඩෑල් එකව හොදට දැකලා පුරුදුයිනේ.

තනුක -  අඩෝහ් ඒකනේ බං මටත් ලාවට මීටර්නේ.

නවම් -  මටත් දැකලා පුරුදුයි වගේ.

පවන් - ඩැඩා?? ඩැඩාහ් මට අර කාලකණ්ණියි ටික හොදටම ගැහුවා ඩැඩා. ඕකුන්ට පාඩුවේ ඉන්න දෙන්න එපා.

?? - තමුන් පාඩුවේ ඉන්නවා. මං බලා ගන්නම් උන් ගැන.

එසේ පැවසූ පුද්ගලයා නවම් ඇතුලු පිරිස ඉදිරියට පැමිණෙන්නට විය.

කේෂ් - අඩාහ් මෙයානේ මෙහ්. ඒ තනුකයා මේ අර පොට්ටයා වගේ වාහන පදින ඩෑල් එකනේ. නවා ඔයාට මතක ද?? අක්කවයි , නංගිවයි හප්පන්න ගිය  මනුස්සයනෙ මෙහ්.

තනුක - වට් ද පක් කිව්වලු.   එලෙස කෙලෙස???ඔයැයි ද අර පුත්‍ර රත්නෙගෙ පියාණන්??

කේෂ් - අනෙව්ව් ෂිඩේවි තාත්තයි පුතයි.... ඇස්වහක් කටවහක් නම් වදින්න හොද නැහ්. ඔයාගේ අඩිපාරෙම තමයි  අර පඩත්තරයත් ගිහින් තියෙන්නෙ.

අබේරත්න - තමුන්ලා කොහෙවත් යන්නෙ නෑ..මෙතනට දැන් පොලීසිය එනවා.

තේජාන් - එක්ස්කියුස්මී මිස්ටර්  මං හිතන්නෙ පොලිසිය ගෙන්නන්න තරම් ලොකු දෙයක් මෙතන උනේ නෑ..

නවම් - ඔයාගේ පුතාට අපි හරි විදියට අත ඉස්සුවෙ නෑ මිස්ටර්. පවන් ඔය පණ ගිහින් වගේ ඉන්නෙ හැමෝගෙන්ම අවදානේ ගන්නයි. ඒ නිසා ඒවට අහුනොවී ඉන්න. අපිත් යනවා දැන්.

අබේරත්න - මොකක්ද අවදානේ ගන්නයි කියන්නෙ??  මුළු රටක් ලෝකයක් අදුනන මං වගේ බිස්නස්මන් කෙනෙක්ගෙ එකම පුතා ,ඔයාලා වගෙ දෙකයි පනහෙ මිනිස්සුන්ගෙන් ගුටි කාලා ඔහොම ඉන්න තරම් එයාට ලැජ්ජාවක් නෑ කියලා හිතුවද?? හරි විදියට අත් උස්සලා නැති වග එයාගෙ ලේ පෙරෙන මූණ දැක්කාම පේනවා.

හිමකර කඩුපුල්....Where stories live. Discover now