කඩුපුලේ තෙවැනි දිගහැරුම....

192 21 12
                                    

නිවේදක -  තෙවන ස්ථානය හිමිකරගත් ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ලබාදෙන අතර මීලගට  නියමිතව ඇත්තේ 2024_________ විශ්ව විද්‍යාලයේ දෙවන ස්ථානය හිමිකරගත් ඒ කඩවසම් අවුරුදු කුමරාගේ නම් ප්‍රකාශ කිරීමේ අවස්ථාවයි. ඔව්ව්.... ඒ වාසනාවන්තයා ලෙස කිරුළු පලදින්නෙ අංක දා හතරෙන් තරග වැදුණු සිව්වැනි වසරේ ඉගෙනුම ලබන රශ්මිත සඳකැලුම් තරුණයායි. ඔබටත් අපගේ උණුසුම් සුබ පැතුම්..

යසස් - ඒ මොකෙද්ද බං ඒ?? තුන්වෙනියා ලස්සනයි ඊට වැඩිය. මූ කෙට්ටුයි උසයි. ඇති ලස්සනක් නෑනේ

මහිෂ - අනේ මන්දා බං. මොකක්ම හරි ලස්සනක් ඇතිනෙ උගෙත්.මේ මගුල කීයට ඉවර වෙයිද මන්දා බං. කකුල් දෙකත් රිදෙනවා හිටන් ඉදලම.

යසස් - උබ මේකෙන් පස්සෙ තියන  මියුසිකල් එකට ඉන්නව ද??

මහිෂ - බෑ බං මං ගෙදර යනවා. කාලෙකින් නේ මෙහෙම ඇවිදින්න ආවේ. ඇගට පට්ට අමාරුයි ඒ නිසා.

යසස් - හොද වැඩේ. හොදම වැඩේ තොට. මං කිව්වා ඇග ලෙඩ වෙන්න කලින් ජිම් එකකට ගිහින් පොඩ්ඩක් ඇගපත හදාගමු කියලා. කොහෙද ඉතින් මහාචාර්යනේ. කියන දෙයක් අහන එකෙක් ඈ.

මහිෂ - ඔව් ඔව් තියෙන වැඩ කන්දරාව හැටියට ජිම් විතරයි අඩුවකට තියෙන්නෙ. ඕවගෙ ලගින්න කොහෙද යකෝ මට වෙලාවක්??

යසස් - උවමනාව තියනවනම් පාන්දරට නැගිටන් ජිම් යන්න බැරි නෑනේ නේද??

මහිෂ - තෝ හදන්නෙ මං නිදා ගන්න පැය තුන හතරත් මට නැති කරන්නද සතෝ?? යමන් අර ගල උඩටවත්. මගෙ කකුල් රිදෙනවා.

එසේ පවසමින් මහිෂ , යසස් සමග විශාල පර්වතය අසලට ගමන් කිරීමට සූදානම් විය.

නිවේදක - මීලගට අවුරුදු කුමරා ප්‍රථම ස්ථානය ලබාගත් ඒ කඩවසම් , හැඩකාර තරුණයාගේ නම් ප්‍රකාශ කිරීමටයි අප සූදානම් වන්නෙ.දක්ෂතම ඉදිරිපත් කිරීමට හිමි සම්මානය ලබා ගත් අංක තුනෙන් තරග වැදුණු අනුවින්ද කේසර නැතහොත්  "කේෂ්" නම් වූ කඩවසම් තරුණයා තමයි  2024________ විශ්ව විද්‍යාලයේ සිහින කුමරා නැතහොත් අවුරුදු කුමරා ප්‍රථම ස්ථානය ලබා ගනිමින්  කිරුළු පැලදීමට වාසනාවන්ත වී ඇත්තෙ.

හිමකර කඩුපුල්....Where stories live. Discover now