71 🌹

2K 244 335
                                    

"Hello. "

" Hello රන්. "

" මේ.. මම ඊයෙ මගේ බෑග් එක ඔයාගේ කාර් එකේ දාලා ඇවිල්ලා. දැන් නමයයි. ඔයා අද නමයාමාරට කොහෙද යනව කිව්වනෙ. යන ගමන් මගේ බෑග් එක ගෙනත් දීලා යන්න. "

" රන් අද- තිබ්බනේ.. රැස් බස්සන්කෝ මම.. උද්දච්ච ගෙම්බා.. "

Phone එකට රවාගෙන ටෙරාන්ට බැන්න අභිත් Phone එක ඇද උඩට විසි කරලා කොලර් තියන සුදු ටී ෂර්ට් එකට බ්ලැක් ඩෙනිම් එකක් ඇදලා අද ටෙරාන් එක්ක යන්න හිටිය ගමන තනියම යන්න ලෑස්ති වුණා.

ඊයේ රෑ සිද්ධ වුණු දේ එක්ක අභිත් සෑහෙන හිත රිද්දවගෙන ගෙදරට ආවත් හොදින් හරි නරකින් හරි ටෙරාන්ට හෙට අනිද්දා දවස් දෙක ඇතුළත එයා ටෙරාන් වෙනුවෙන් කරපු දේවල් පෙන්නනවා කියන එක අභිත් හිතා ගත්තා. ඒ වගේම එකපාරම ඊයෙ අභිත් එයාලගෙ ගෙදරට එයාව එක්කන් යන්න හදපු එකෙන් ශොක් වුණු ටෙරාන් ගෙදර ආවට පස්සේ අභිත්ව දාලා ආව එක ගැන හිතින් දුක් වෙවී හිටියා.

අභිත් මාසෙකට පාරක් ලංකාවට ආවා කිව්ව නිසා අභිත්ගේ number එක වැඩ කරයිද නැද්ද කියන සැකෙන් උනත් ටෙරාන් land phone එකෙන් අභිත්ට call එකක් ගත්තා. 'Baba Home' නමින් call එක එනකොට ටෙරාන් අද එයත් එක්ක යන් කිව්ව ගමන යන්න හිත වෙනස් කරගෙන ඇති කියලා සතුටින් අභිත් call එක answer කරත් එක තප්පරෙන් අභිත්ගේ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා ගියා.

පැය බාගෙකට විතර පස්සේ ටෙරාන්ගේ ගේ ගාවට ආව අභිත් කාර් එකෙන් නොබැහැම කේන්තියටත් එක්ක හෝර්න් එක ගහගෙන ගහගෙන ගියා. සවීගේ සුදු ටී ෂර්ට් එකකට ලා නිල් ඩෙනිමක් ඇදලා cross body bag එකක් දාගෙන එළියට දුවගෙන ආව ටෙරාන් කාර් එකේ ඉස්සරහ දොර ඇරලා passenger seat එකෙන් වාඩි වුණා.

" කොහෙ යන්නද උඹ ?"

" කොහෙ හරි. "

Seat එකේ ඉදගෙන අත් දෙකෙන් කොණ්ඩෙ හදන ටෙරාන් දිහා ටික වෙලාවක් බලන් හිටිය අභිත් අහද්දි අභිත් දිහා බලලා සුපුරුදු don't care look එකෙන් එළිය බලාගන්න ගමන් ටෙරාන් උත්තර දුන්නා.

" ඔයා ආස තැනකට යන්නේ. "

අහක බලන් ඉන්න ටෙරාන් දිහා බලලා හිනාවුණු අභිත් කාර් එක drive කරන්න ගත්තා. මග දිගට පහුවෙන දන්සල් දිහා ටෙරාන් ඔළුව කරකව කරකව බැලුවත් දැන් නවත්තගෙන ඉන්න ගියොත් වෙලාවට පන්සලට යන්න බැරි වෙයි කියල හිතුව අභිත් කෙලින්ම පන්සලට drive කරා.

✅ අභිරන් 🌹 | Sinhala BLWhere stories live. Discover now