Son of Satan!?🔖

63 9 18
                                    

සටහන. 02


ලුවී මෙන්ඩෝසා
09:05:2019

සිර ගත ව පැමිණි දින සිට ඉදිරියට...

[සිරගත වු දිනය 02:17
නිදහස ලැබූ දිනය  03:23]

මා නැවත මෙහි පැමිණෙන විට
ලයිට් කණු පාසා..දැන්වීම් පුවරු පුරාවට ජූලියානා සැන්ඩ්‍රසන්ගෙ " අතුරුදහන් වීම !" සම්බන්ධයෙන් අවධාරණය කරන ලද අත් පත්‍රිකා රාශියක් පළ කර තිබිනි. ඉන් මා සත්‍ය වශයෙන්ම කම්පනය වූයේ  ඇය ඇය අතුරුදන්ව ඇත්තෙ මා සිරගත වූ දිනයේම බව සැලවීමත්  නිවසට ගොස් මගෙ ජංගම දුරකථනය  පරීක්ෂා කිරීමේදි ජූලියානා එදිනම එවා තිබූ කෙටි පණිවිඩයත් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

( එවූ කෙටි පණිවිඩය එලෙසම මෙහි සටහන් කරන්නම්)

Julie >

01:08  AM :  byr

"Bye " ඇය එවන්නට උත්සහ කර
ඇත්තෙ එයයි .
කැපිටල් සිම්පල් භේදය හෝ නිවැරදි අක්ෂර ගැනවත් නොතකා ඇය එම පණිවුඩය එවා තිබුනෙ ඉතාම නොසැලකිලිමත්ව බව පැහැදිලි කරුණකි.

මේ සියලු සිද්ධි දාමයන් විටින් විට මට සිහිපත් කළේ මා තැබෑරුම් හල් ගබඩාවේදී මුණුණ දුන් සිද්ධිය වුවත් එය තහවුරු කරගන්නා තුරු විශ්වාස කිරීමට මැලි වු  නමුත් ඇය අතුරුදන් වූවා යැයි පවසන දින ඇය තැබෑරුම් හලට නොපැමිනි බව මා මතකයේ පැවැති අතර ඇගේ නිවැසියන් පවසා තිබෙන්නේ ජූලි එදින එහි පැමිණි බවයි ...

නගරයේ සිට තැබෑරුම් හලට පැමිණෙන අතුරු පාරට ඇගේ රථය පැමිණීම එහි ආරක්ෂිත කැමරා වලට හසුව තිබී ඇති බව පොලිසියේ ආරන්චි මාර්ග මගින් දැනගැනීමත්  මගින් මා තහවුරු කරගත්තේ ඒ හිස් කබල ඇයගේම වූ බවයි.

නමුත් මාසයක පමණ කාලයක් ගත වන තුරුත් තැබෑරුම් හල පසුපස තිබුනු හිස් කබල පොලිසිය සොයා නොගන්නේ කෙසේද යන ප්‍රශ්නය මා තුළ පැන නැගුනු නමුත්  එහි පරික්ෂා කිරීමට තරම් යමක් නොතිබු බවත්( එය ඉතා කුඩා ගබඩාවක් වූ බැවින් )  තැබැරුම් හලේ සේවකයන් නිතරම එහි යන එන බවත් මා හට ඉන් පසු මතකයට පැමිණියා එසේ නම් මෙහි අපරාධකරු  කවුරුන් වුව ඔහු එදිනම එය ඉන් ඉවත් කරන්නට ඇතිවාට සැකයක් නැත!

අනෙක් අතට නිලධාරීන් පරීක්ෂන සිදු කළේ හිස් කබලක් සොයන වග නොදැන වීමත් මෙය මෙතරම්  කල් දියත් වීමට හේතු වන්නට ඇත.
ඇය මිය ගිය බව මා දැන සිටියත් ඊට කට උත්තර දීමට යාම අහකට විසිවෙමින් තිබූ බාල්දියක් බලෙන්ම ගෙන ඔළුවෙ නමාගැනීමක් බව තේරුම් ගැනීමට තරම් මොළයක් තිබූ නිසාවෙන් මා නිහඬවම සිටීමට තිරණය කළෙමි.

කිමද යත් එහිදි මා සෘජුවම මරණයේ සැකකරු වීමට ඕනාවටත් වඩා හේතු කාරණා තිබූ බැවිනි.

[ දැනට සොයමින් සිටින සාධක සොයාගත්  පසු
සටහන සම්පූර්ණ කරමි.]

________________________________

සටහන එසේ අවසන් කළ මා පුටු ඇන්දට බරව කල්පනා කරන්නට වූයේ
ජූලියානා වැනි අහින්සක තරුණියකට මෙවැනි අපරාධයක් සිදු වන්නට හේතු වන්නට ඇත්තෙ කෙබඳු කාරණාවක්ද යන්නයි.

තරකාරයෙක්වත්ද? දන්න තරමින් ජූලියානා කියන්නෙ තමන්ගෙම ඔළුවට අතහෝදලා ගියත් ' අනේ ඒකට කමන්නැ ' කියලා හිනාවෙන ජාතියෙ කෙනෙක්.එහෙම එකේ......?
ම්ම් හිටපු පෙම්වතෙක් වෙන්නත් බැරි නෑ.....
ජූලිගෙ තාත්තා මොන වගේ කෙනෙක්ද දන්නෙ නැ...ගැරී වගේ තාත්තෙක් වුනොත් එහෙම-- ච්හ් නෑ නෑ .....
කාමාතුරයෙක්වත්ද? නැත්නම් හොරෙක්?  පිස්සෙක්?

ඇත්තටම කවුද ඒ ....!?

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


කතෘ කෝණය තුළින්

විටින් විට ඇසුනු බෝදිලිමෙකුගෙ හඬක් හෝ රැහැයියෙකුගෙ කෑ ගැසීමක් හැරුණු විට ඒ අඳුරු කැලෑ මාර්ගය දෙසින් දෝංකාර නැගුනෙ ඇගේ විලාප හඬ පමණකි.
" උදව් කරන්න !!! බේරගන්න !! ආආආආආආහ් !!!! අනේ.....!!!!! "
  ඈ පසු පස හඹා ආ යක්ෂයා හැරුණු විට කිසිවෙකුත්  එහි නොමැති බවද ඇය හොඳින්ම දැන සිටි නමුත් නහර පෑදි උගුරට ලේ රහ දැනෙන තෙක්ම ඈ මර හඬ නැගුවාය.

යක්ෂයා ඒ හුරුබුහුටි තරුණියට ඇති තරමක් දිවීමට හැර  ඒ දෙස බලාසිටියෙ ඇයට දිවි ගලවා ගැනීමට අවස්ථාවක් ඇතැයි ඒත්තු ගැන්වීමටය.ඔහු තෘප්තිමත් දෑසින් යුක්තව කට කොණේ ඇඳි සිනහවද සහිතව එය ඇගේ මර බිය රසවිඳිමින් සිටියේ මී කතුරකට හසු වුණු මීයෙකු ඉන් ගැලවීමට උත්සහා කරද්දි සිදුවන දෙය ඇයට ද දැන්
සිදුවෙමින් පැවති බව දත් නිසාවෙනි.

.
.
.

" එපා..........!!!!! එප්-එපා.........!!!!... ආආආආආහ්හ්හ්!!!"


ගස් මත නිදමින් සිටි කුරුල්ලන්  ඇගේ මර හඬත් සමග ඒ මේ අත පියඹා යද්දි ලේ තැවරුනු මුවින් පිටවුනු ඔහුගේ වියරු හිනාව එහි  වා තලය පවා භීතියට පත් කරමින් රැව් පිළිරැව් නැගුවා.





To be continued...







FoxY

ත්‍රිමාණ حيث تعيش القصص. اكتشف الآن